Wednesday, June 29, 2016

තුන්හෙලයේ අකුරු කරනය, හෙලයට, හොද මදි වද්ද?

තුන්හෙලයේ අකුරු කරනය, හෙලයට, හොද මදි වද්ද?


පහුගිය ඉරිදා, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ, කටින් එජ් ඇඟලුම් කර්මාන්තයෙහි යෙදෙන ආයතනයක, දැන්වීම් දෙකක් දමා තිබුණි. එක් පිටු දෙකක දැන්වීමක, පිටරට ඇඟලුම් කර්මාන්ත ශාලාවක, රැකියා සදහා ඇබෑර්තුද, අනික එම ආයතනයේ, ඉතාමත් දක්ෂ සහ මනා නවීන අධ්‍යාපනයක් ලත්, කලමනාකරුවන් පිරිසක් සේවය කරන බව පෙන්වීමට, තරුණ තරුණියන් 12 ස් දෙනෙකුගේ ඡායාරූප සහිත, දුටු සෑම කෙනෙකුගේ සිත් ගන්නා දැන්වීමක් විය. මෙලෙස තෝරා ගත් ‘තරු‘, තරුණ කලමනාකරුවන් පිරිසක් උලුප්පා පෙන්වීමට, හේතුව වන්නට ඇත්තේ,
1.මෙම ආයතනය, අති නවීන මනා අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන්ට, හොද අනාගතයක් ගොඩ නගා ගැනීමට, තෝ තැන්නක් බව පෙන්වා, එවැනි තවත් තරුණ තරුණියන්, ආකර්ශණය කර ගැනීමට.
2.මෙවැනි දක්ෂ තරුණ තරුණියන්, සේවය කරන මෙම ආයතනය, ඔවුන්ගේ ක්ෂේත්‍රයේ, ඉදිරියෙන්ම සිටිනා ආයතනයක් බව පෙන්වීමට,
විය යුතුය.
මෙම දෙවැනි දැන්වීම, එහි ඇති සිත් ඇද ගන්නා භාවය නිසාම, මම හොදින් කියවා බැලුවෙමි. එහිදී  කල එක් නිරීක්ෂණයක්, මා පුදුමයට පත් කලේය. එය නම්, මෙම තරුණ තරුණියන් 12 ස් දෙනාගෙන්, 10 දෙනෙකුම, බටහිර රටවල සරසවි අධ්‍යාපනය හැදෑරූ අය වීමය. අනෙක් දෙදෙනා, දක්ෂ ක්‍රීඩකයන්ය. තවද මෙම 12 ස් දෙනා ගෙන් කිසිවෙකු, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක, අධ්‍යාපනය හදාරා නැත්තේය. මෙලෙස රටෙහි ජීවනාලිකාව බදු, එමෙන්ම එහි ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගන්නා, රටෙහි තරුණියන් ගෙන්, වැඩිම ප්‍රතිශතයක් සේවයේ යොදවන ක්ෂේත්‍රයක, ඉදිරියෙන්ම සිටිනා ආයතනයක, ඔවුන්ගේ ‘තරු‘ කලමනාකරුවන්, මේ යැයි පෙන්වන දැන්වීමක, අපේ රටේ පොදු ජනයා, නොකා නොබී, හරියට බෙහෙත් නොගෙන, එම මුදල් ආයෝජනය කරන, අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බදු වූ විශ්ව විද්‍යාල පද්ධතියෙන්, අඩු තරමින් එක්කෙනෙකුට හෝ ඉඩක් ලැබුනේ නැත්තේ ඇයි?
මෙම දැන්වීම අහම්භයක් විය නොහැක. අඩු තරමින් මෙයින් දෙදෙනෙකු වත්, ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වූවා නම්, එම සිද්ධිය අහඹුවක් ලෙස, සිතන්නට පුලුවන. එහෙත් 12 ක් ඇතුලත, එක් උපාධිධාරියෙකු හෝ නොමැති වීමට නම්, යම් විශේෂ හේතුවක් තිබිය යුත්තේමය.
මෙයට හේතු භූත වී ඇත්තේ, කුමන කරුනක් දැයි, අපට අනුමාන කල හැක. අප එක් එක්කෙනාගේ අනුමානයන්, සුලුවෙන් වෙනස් විය හැකි වුවද, ඒවායේ ලොකු වෙනසක් තිබෙන්නට, තර්කය ඉඩ නොදේ.
ඒ අනුමාන මොනවාද?
1.ජාතික විශ්ව විද්‍යාල වල සිසුන්, පුද්ගලික අංශයේ රැකියා කරන්නට, අකමැති වීම.
2.ජාතික විශ්ව විද්‍යාල සිසුන්ගේ, යම් අඩුපාඩුවක් නිසා, මෙවැනි නවීන ආයතන, ඔවුන් මෙවැනි රැකියා වලට, බදවා නොගැනීම.
3.ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට නොහැකි වීම නිසා, මෙවැනි ආයතන වල රැකියාවලට, ඔවුන් ඉල්ලුම් නොකිරීම.
4.රජයේ රැකියාවල, එතරම් දක්ෂ ලෙස වැඩ නොකලත්, ජාම බේරාගෙන, නිසි කලට විශ්‍රාම වැටුපකුත් ලබාගෙන, විශ්‍රාම ගැනිමට හැකිවීම.
5.අපගේ උපාධි, නූතන තරගකාරී රැකියා වෙළඳපලට ගැලපෙන ලෙස, සකස්කර නොතිබීම.
6.රජයේ රැකියා වඩා සුරක්ෂිත යැයි කියන, ගතානු ගතික අදහස.
7.අවුරුදු ගණනාවක්, සමාජවාදය කරපින්නා ගෙන කටයුතු කිරීමෙන් පසු, ධනවාදී පෞද්ගලික ආයතනවල රැකියාව කිරීමට ඇති, අකමැත්ත නිසා අයදුම් නොකිරීම.
8.විශ්ව විද්‍යාලවල ඉංග්‍රීසි භාෂාව මඳ ලෙස භාවිතා කිරීම නිසා, මෙවැනි රැකියා වලට ඉල්ලුම් කිරීමට පැකලීම.
හරි උපකල්පනය තෝරා ගැනීමේදී, අප සිත්හි තබාගත යුතු කරුණක් වන්නේ, මේ දැන්වීමෙහි ඇති රැකියාවල, සාමාන්‍ය වැටුප, රුපියල් ලක්ෂ දෙක ඉක්මවනු ඇති අතර, රජයේ සේවය කරන, උපාධිධාරියෙකුගේ වැටුප, සංසන්දනාත්මකව එයින් ¼ ක් පමණ වන බවය.  

6 comments:

  1. ඔය ඔක්කොම හේතු බලපානවා මට හිතෙන්නේ.. අපේ විශ්ව විද්‍යාල දරුවන්ගෙ ආකල්ප දියුණු කරන්න කටයුතු කල යුතුමයි.

    ReplyDelete
  2. ඔක්කොටම ඉස්සර වෙලා ජෙප්පො සහ පෙරටුගාමියෝ ටික එකතුවලා කරන පාඩම කිරීමට,පුස්තකාලය පරිහණය කිරීමට කරන බාධා නැවැත්විය යුතුය.

    ReplyDelete
  3. Ape Ingreesi Danuma Madikamath, Patu aakalpath Balapanawa. Boho denekuge Tawamath Kalpanawa Rajysewaye Yedila Indala Awasanaye Pension Eka Ganeemai.

    ReplyDelete
  4. ලංකාවේ සරසවි වල වෛදය්,ඉංජිනේරු,නීති,වගේ දේවල් ඉගෙනගන්න ලමයි හැර වැඩි හරියක් කරන්නේ කලා සහ වානිජ උපාදි.තව මේකට ඇතුල් වෙනවා බාහිරව උපාදිය ගන්න අයත්. ඉතින් මේ අයට අලුතින් හිතලා දෙයක් කරන්න තරම් නිර්මානශීලි හැකියාවක් ලංකාවේ සරසවි වල ඉගැන්වීම්ව්න් ලැබෙන්නේ නෑ.සටහන් ටික කියවලා විභාගේ පාස් වුනහම උපාදිය ලැබෙනවා.ඉතින් මේ අයට මේ වගේ ලොකු ආයතනයක වැඩ කරන්න හැකියාවක් නෑ. ඉංග්‍රීසි දැනීමත් තව අඩුවක්.ලොකුම දේ මේ වගේ තැනක ‍රැකියාවකට ගියොත් නිකම් ඉඳලා පඩි ගන්න බෑ.ඔය ගෙවන පඩියට මහන්සි වෙන්න ඕනෑ.ඒ වගෙද ආන්ඩුවේ කන්තෝරුවක රස්සාවක් හොයාගත්තොත්. වැඩ කලත් නැතත් මාසේ අන්තිමට පඩිය හම්බ වෙනවා.පෙන්ශන් එකත් හොඳටම ෂුවර්.තව වැඩ කරන කාලය අතරතුර තමන්ගේ වැඩත් කරගන්න පුලුවන්.හිතලා බලන්න ලංකාවේ කවුරුවත් මහන්සි වෙලා කරන රස්සා කරන්න කැමති නෑ.ඔ‍ෆිස් ජොබ් තමයි හොයන්නේ. විශේශයෙන්ම උපාදියක් තියන අය හිතන්නේ අපි සියල්ල දත් අපි ඉන්නේ අනුන්ගේ වැඩ බලන්න කියලයි.නිකමටද ඔය ‍රැකියා විරහිත උපාදිදාරීන් අපිට රජයේ ‍රැකියාවල්ම දෙන්න කියලා පෙලපාලි යන්නෙයි උද්ගෝශන කරන්නෙයි.

    මෙතන ඔබ කියනව වගේ හිතන්න දෙයක් තියනවා.සරසවි කීපයකම මැනෙජ්මන්ට් ඩිග්‍රි දෙනවනේ ලංකාවේ.ඇයි අඩුම ගානේ එයින් එක්කෙනෙක්වත්මේ දොලොස් දෙනා අතර නැත්තේ?

    ReplyDelete
    Replies
    1. උන්ට තේරෙන්නේ නැති එකම විෂය කළමනාකරණයයි.

      Delete
  5. නිදහස් අජ්ජාපනය සුරැකීම, ප්‍රතිගාමී බලවේග පැරදවීම, සිසු අයිතීන් ලබා ගැනීම අරකට විරුද්ධවීම මේක සුරැකීම, රැග් කිරීම වෙනුවෙන් සටන් කොරන එවුන් පාඨමාලා හා උපාධිවල කොලිටි එක වැඩි දියුණු කිරීම, රැකියාවලට සුදුසුලෙස උපාධි සැකසීම, ඉන්ග්‍රීසි දැණුම වැඩි කිරීම වගේ දේවල් ගැන කතා කරන්නෙවත් නෑ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...