Wednesday, February 11, 2026

මාතලේ රිළා උයන



 අක්කර 150ක් වන මේ භූමියේ ලොකුම ප්‍රශ්නය වන්නේ රිලවුන්ට ඇති තරම් කෑම සොයා ගැනීමයි. 

මොවුන්ට කෑම සොයා ගැනීමට පහසු ක්‍රමයක් මට යෝජනා කළ හැක. 

ලංකාව මන්ත්‍ර අපල බලි තොවිල් තවමත් ඉතාමත් ඉහළින් පිළිගන්නා එසේම ප්‍රායෝගිකව කරන්නා වූ රටකි. 

මිනිසුන්ගේ අපල උපද්‍රව වලින් ගැලවීම සඳහා රිලවුන්ට කෑම දීමෙන් පිටුවහලක් ලැබෙන බව උදේ ටීවී එකේ ජෝතිශාස්ත්‍රවරුන් ලවා කියවීමට පුළුවන. එසේම රිළා උද්‍යානයේ එක කෙළවරක, ප්‍රධාන පාරකට පේන තැනක, හනුමාන් සඳහා කුඩා  දේවාලයක් සෑදීමට පුළුවන. දවස් කීපයක් කවුරු හරි යොදවා දේවාලයේ පුදසුන මත පාරට පේන්නට නොයෙකුත් කෑම වර්ග පුද පූජා තබන බව පෙනෙන්නට ඇරියොත් තවත් බොහෝ මිනිසුන් එලෙස ගෙනැවිත් තබනු ඇත. ඒවා යම් යාන්ත්‍රික ක්‍රමයකින් උද්‍යානය ඇතුලට යැවීමට සෑදුවහොත් රිලවුන්ට ඇති තරම් කෑම ලැබෙනවා පමණක් නොව ෙයි ඔවුන් අධික තරබාරු තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබේ. 


අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි සත්තයි!

No comments:

Post a Comment

1895 ලංකාව

 අත්දැකීම් බහුල සංචාරකයින්ගේ දෑසින් විදේශීය රටවල් දෙස බැලීමෙන් බොහෝ පාඨකයින්  තෘප්තියක් ලබන බව හොඳින් පෙනේ. මෙම ලිපි  ඔවුන් කතුවරයාගේ පෙර කෘ...