Tuesday, March 6, 2018

නිව්ටන් සහ අයින්ස්ටයින් , වරද කාගේද ?



අප පාසල් යනවිට ගුරුත්වාකර්ෂණ බලය ගැන ඉගෙන ගතිමු. ඒ වස්තුන් දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලය ලෙසය. නමුත් ඒ වන විටත් අයින්ස්ටයින් එම අදහස නිවැරිදි නොවන බව පෙන්වා ගුරුත්ව බලයේ ඇත්ත තත්වය පැහැදිලි කරදී ඔස්ට්‍රේලියාවේදී එය ඔප්පු කර ඒ සඳහා නොබෙල් තෑග්ගත් දිනාගෙන අවුරුදු 50 කටත් වඩා ගතවී තිබුණි.


නිව්ටන් සහ අයින්ස්ටයින් ගේ න්‍යායන්හි ප්‍රධානතම වෙනස ඇත්තේ ගුරුත්ව බලය පැහැදිලි කරන ආකාරය මතය. නිව්ටන් එය පැහැදිලි කලේ වස්තුන් දෙකක් අතර ඇතිවන ආකර්ෂණ බලයක් ලෙසය. අයින්ස්ටයින් ගේ කාලය වනතෙක් ; එලෙස නිව්ටන් ගේ අදහස ලොව සියලු විද්‍යාඥයන්  පාහේ පිළිගෙන සිටියහ. එහෙත් මේ බලය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පැහැදිලි ලෙස පෙන්වීමට කිසිවෙකුට හැකියාවක් තිබුනේ නැත. නමුත් අයින්ස්ටයින් ගේ වාදයේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට හැකියාව තිබේ.
ඒ මාන 4 ක විශ්වයක් විස්තර කිරීමෙනි. නිව්ටන් විශ්වය විග්‍රහ කලේ ත්‍රිමාන ආකාරයටය. එම ත්‍රිමාන අවකාශයේ වස්තුන් අතර ආකර්ෂණය ගුරුත්ව බලය ලෙස නිව්ටන් කියා සිටියේය.උදාහරණයකට අප පෘතුවිය සුර්යා වටා භ්‍රමණය වන්නේ සුර්යා විසින් පෘතුවිය ඇද  තබාගන්නා නිසාය. නමුත් එම ඇද තබාගන්න යාන්ත්‍රනය කෙසේ කෙරෙන්නේදැයි පැහැදිලි කිරීමක් නොවිය.
 අයින්ස්ටයින් මෙම ත්‍රිමාන අවකාශයට කාලයද මානයක් ලෙස එකතු කළේය. මෙම චතුර්මාන විශ්වය පවතින්නේ දැලක් එසේත් නැත්නම් රෙද්දක් විලසටය. යම් විශාල වස්තුවක් ,ස්කන්ධයක් මෙම රෙද්දේ තිබෙන විට මෙම රෙද්ද පහලට එල්ලෙයි. එවිට එය අසල වලක් වැනි පහතට ඇදීමක් සැදෙයි.එවිට ඒ අසල තිබෙන වස්තුන් හෝ එම ඇදය  අසලින් ගමන්කරන වස්තුන් මත   එම ඇදය බලපෑමක් ඇති කරයි. ඇත්තෙන්ම ගුරුත්වාකර්ෂණ බලය ලෙස අප හඳුන්වන්නේ මේ සංසිද්දිය බව අයින්ස්ටයින් පෙන්වා දුන්නේය
එසේම ගුරුත්වාකර්ෂණ බලය කොපමණ වේගයෙන් ගමන් කරන්නේදැයි පැහැදිලි නොවුණු අතර එය ක්ෂණිකව  ; වෙලාව ගත නොවන ලෙස, ගමන් කරන බව නිව්ටන්ගේ වාදයේ අදහස විය.
එහෙත් අයින්ස්ටයින් ඔහුගේ වාදයෙන් කියා සිටියේ ආලෝකයේ වේගය වන තත්පරයට සැතපුම් 186000 වේගයට වඩා මෙම විශ්වයේ කිසිම බලයකට ගමන් කල නොහැකි බවයි.එසේනම් ගුරුත්ව බලය ගමන් කරන වේගය එයට සමාන හෝ  අඩුවිය යුතුය.
මෙයට හොඳම උදාහරණය සුර්යා එක්වරම විනාශ වී හෝ නොපෙනී ගියහොත් සිදුවන්නේ කුමක්ද යන බවයි. නිව්ටන් නියමය අනුව එසැනින්ම සෞර්ය ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහයන් එක්වරම එම ක්ෂ්නයේම කක්ෂ වලින් ගැලවී විශ්වයට විසිවී යා යුතුය. ආලෝකය සුර්යාගේ සිට අප වෙතට පැමිණීමට විනාඩි 8 ක් ගතවන නිසා අප සුර්ය විනාශය සිදුවුබව දකින්නටත් විනාඩි 8 කට පෙර අපි කක්ෂ වලින් එලියට විසිවන්නට පටන්ගත යුතුය.
එහෙත් මේ සංසිද්ධියම අයින්ස්ටයින් වාදයෙන් විස්තර කෙරෙන්නේ මෙලෙසය. සුර්යා නොපෙනී ගිය විගසම එයින් මෙතෙක් කල් චතුර්මාන විශ්ව අම්බරයේ එසේත් නැත්නම් දැලේ ඇතිව තිබූ බැස්ම නැතිව යයි. මෙයින් සුර්යා තිබූ ස්ථානයෙන් කුඩා රැල්ලක් ; පොකුණකට ගලක් ගසුවිට ඇති වන්නාසේ, වෘතාකාරව වටේට විහිදී යයි. එම රැල්ල අප වෙත පැමිණි විට අපද කක්ෂයෙන් ගැලවී ග්‍රහ මණ්ඩලයෙන් එලියට ගමන් කරයි. මෙම රැල්ල ඇත්තෙන්ම ගමන් කරන්නේද ආලෝකයේ වේගයෙනි. ඒ නිසා අප සුර්යා නොපෙනී යන බව පෙනෙන විටම පෘතුවිය කක්ෂයෙන් එලියට යන්නට පටන් ගනී. නිව්ටන් ගේ වාදයේ මෙන් විනාඩි 8 කට කලින් නොවේ. අපිට අඩු ගනනේ  කුමක් සිදුවන්නේ දැයි දැනගෙන මැරෙන්නට පුළුවන.
මෙසේ ගුරුත්ව බලය වෙනත් ආකාරයකට පැහැදිලි කර තිබියදී අපට එය මුලින් තිබූ ආකාරයට පාසලේදී  ඉගැන්වූයේ ඇයි,තවමත් එය උගන්වන්නේ ඒ ආකාරයටමද?

9 comments:

  1. ?
    ඔස්ට්‍රේලියාවේ දී ??
    ඔහු ඒ කාලේ හිටියේ Switzerland හි නේද?

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රායෝගිකව ඔප්පු කරේ ඔස්ට්‍රේලියාවේදී රසික , chrismas island to be precise

      Delete
  2. මං හිතන්නේ මෙතැන ප්‍රශ්නය නිව්ටෝනියානු නියමයන් සහ විශේෂයෙන් ගුරුත්වාකර්ෂණය ඉගැන්වීම නොවේ අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය නිවැරදිව උගන්වන්නේ නැති එකයි!

    ReplyDelete
    Replies
    1. අපිට ගුරුත්වාකර්ෂණය ඉගැන්නුවේ වැරදි විදිහටනේ

      Delete
  3. අද උදේ (මාර්තු 7 දා) ශ්‍රී ලංකා රූපවාහිනියේ ITN සේවයේ 'තක්ෂලාව' අධ්‍යාපන සේවයේ මේ ගැන සාකච්ඡාවක් තිබුණා. මෙහෙයවුයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඔහු මේ ගැන සඳහන් කළා. දැනට වසර 50 කට පමණ ඉහතදී භෞතික විද්‍යාව AL විෂයයක් ලෙස ඉගෙනගත් මට, ඔහු කල ගණනය කිරීම් නම් තේරුණේ නැහැ.
    මේ සංකල්ප දැන් AL පන්ති වල උගන්වනවා ඇති බවට අනුමාන කල හැකියි.

    ReplyDelete
  4. Thank you sir, Ape Sri Lankan eken Physics and Mathematics improve karanda one, mata idea eka thiyanawa, Sinhala youtube channel eka karanda.


    Ahmed Thahir - One of you FB follower :)

    ReplyDelete
  5. good idea , pl let me know if you need any support in that respect

    ReplyDelete
  6. තවමත් උගන්වන්නේ ඒ ආකාරයටම තමයි - අප්ඩේට් නොවීමේ ප්‍රශ්නේ තමයි!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...