අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කලකට පෙර පොළොන්නරුවේ රැකියා කරද්දී ඔවුන් දැන අඳුනාගත් පවුල් කිහිපයක් බැලීමටද ඔවුන් සමග ගියෙමු. ඔවුන් සමග කතාකරද්දී මේ ප්‍රදේශ වල දැන් පවතින වකුගඩු වසංගතය ගැන මා ඔවුන්ගෙන් අසන්නට උත්සුක වුනෙමි.
විශේෂයෙන් මෙම වසංගත තත්වය නිසා එහි ජන ජිවිතයේ බොහෝ වෙනස්කම් පිටතින් පැමිණ දවසක් දෙකක් ගතකරන කෙනෙකුට හෝ පැහැදිලිව පෙනෙන්නට තිබේ. වතුර පෙරා විකුණන කඩ බොහෝ තැන්වල ඇතිවී ඇත. අප සෝමාවතිය කිට්ටුව නිවසකට ගිය පසු මම ඒ නිවසේ අය ගෙන් මේ පිළිබඳව විමසුවිට ඔවුන් එම ව්‍යාධිය ඒ අවට නොමැති බව පෙන්නන්නට විශේෂ උනන්දුවක් ගන්නා හැටියක් ද මට හැඟුනි. ඒ එවැනි රෝගයක් තිබෙන ප්‍රදේශයක ජිවත් වීම ලැජ්ජාවට කරුණක් නිසාද එසේත් නැත්නම් අප ඒ ගෙදරින් තේ බිමට අදිමදි කරයිදෝ යන සැකයෙන්ද දන්නේ නැත.
නමුත් ලංකාවේ මෙම වකුගඩු වසංගතය ඔඩු දුවන තත්වයකට පත්ව තිබේ. සෞඛය අමාත්‍යංශයට අනුව මේ වනවිට රෝගීන් 400000 පමණ අප අතර සිටිති. ගණනට වඩා භයානක කාරණය මේ රෝගයට කාරකය තවම සොයාගෙන නොමැති වීමයි. අනෙක් සැම ප්‍රශ්නයකදීම මෙන් අපේ විසේසඥයන් නොයෙකුත් හේතු ගෙනහැර පාති. එහෙත් තවමත් හරි හේතුවක් විද්‍යාත්මකව පෙන්නාදී නැත්තේය.
බොහෝ දෙන මෙම වසංගත තත්වය ඇතිවී ඇත්තේ ගොවිතැනට රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා යයි කියති. මේ හේතුව නිසා ග්ලයිපොසේට නමැති වල් නාශකය ලංකාවට ගෙන්වීමද තහනම් කෙරින. ඇමෙරිකාවේ නිපදවන මෙම වල් නාශකය තවමත් ලෝකයේම තහනම් කර ඇත්තේ රටවල් හතරක පමණි. ඒ මෝල්ටාව, ලංකාව, නෙදර්ලන්තය සහ ආජන්ටිනාවයි. අප හැරෙන්නට මේ ඒක රටකවත් මෙය තහනම් කර ඇත්තේ වකුගඩු අසනීප වලට මෙය හේතු වන බව නිසා නොවේ, වෙනත් හේතුන් මතය.
යුරෝපයේ හා බටහිර බොහෝ දියුණු රටවල් කෘෂිකාර්මික කටයුතු වලට පමණක් නොව දුම්රිය හා මහාමාර්ග දෙපස වල් පාලනය කිරීමට යොදාගන්නේද මෙවැනි වල් නාශකය. එසේනම් එම නාශක වලින් මෙවැනි වකුගඩු වසංගතයක් ඇතිවන්නේ නම් ඔවුනට අපට පෙර එම වසංගත ඇති විය යුතුය. එසේනම් ප්‍රංශය වැනි දියුණු, පරිසර පක්ෂ බලගතු එමෙන්ම ලිබරල් රටවල් මෙවැනි වල් නාශක පාවිච්චිය නැවත්වීමට වහා පියවර ගනු ඇත.ඔවුන් තවමත් එවන් පියවරක් ගෙන නැත්තේය.
ලංකාවේ මෙම වසංගත තත්වය ඇතිව ඇත්තේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලය. මේ දෙකම ලංකාවේ අනෙක් ගොවිතැන් කරන දිස්ත්‍රික්ක වලට වඩා උෂ්නාධිකය, විවෘත අවකාශයේ මහන්සිවී වැඩකරන්නන් අධික ලෙස විජලනයට ලක්වේ. මේ ලෙස නිතර විජලනය වීම වකුගඩු රෝග වලට නියත හේතුවකි. අපේ ගොවියන් ; වෙනත් බොහෝ මහන්සිවී වැඩකරන්නන් මෙන්ම, වැඩ කරනවිට ලඟින් ජලය බෝතලයක් තබාගෙන පානය කිරීමක් සිදුවන්නේද නැත.
මම මේ ලඟකදී චීනයේ සංචාරයක් කලෙමි. එහි එකල උෂ්නත්වය මෙහි තරම් නොවුවද සැම මිනිසෙකුම පාහේ වතුර බෝතලයක් අතේ තබාගෙන සිටි බව මම දුටිමි. මම චීනයේ දවසකට කොතරම් ප්ලාස්ටික් බෝතල් පාවිච්චි වෙනවා ඇද්දැයි ඒ වෙලාවේ කල්පනා කලෙමි. සමහරවිට මෙය රජය විසින් ධෛර්යමත් කරන්නක් විය හැක.
ලෝකයේ දැනට වකුගඩු වසංගත තත්වයට පත්ව ඇත්තේ ප්‍රදේශ කිහිපයක් පමණි. ඒවා නම් අප උතුරු මැද , දකුණු ඉන්දියාවේ ඔඩිෂා සහ අන්ද්‍රා ප්‍රදේශය, ඉහල ඊජිප්තුවේ අල් මිනියා ප්‍රදේශය, එල් සැල්වදෝර්, නිකරගුආ සහ මැක්සිකෝ සමහර ප්‍රදේශය. මෙම ප්‍රදේශ භූගෝලීය පිහිටීමේ යම් විශේෂයක් ඇත. එනම් ඒවා සමකයට රළු වශයෙන් සමාන දුරකින් සමකයට උතුරින් පිහිටා තිබීමය. මේවායින් ඊජිප්තුව හැරෙන්නට අනෙක් සියලුම තැන් වල මෙම වසංගතයට අසුවී සිටින්නේ ගොවියන්ය. අප අර්ධද්වීපයේ වී ගොවියන්ය, මධ්‍යම ඇමෙරිකාවේ උක් වගා වල කම්කරුවන්ය.
මේ ගොවියන් හෝ කම්කරුවන් දහවල අව්වේ වැඩ කරති. වතුර බෝතලයක් වත් දවසකට පානය නොකරති. බොහෝ දෙනෙකු හැන්දෑවට කසිප්පු බොති. http://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post.html
මේ ලඟකදී නිකරගුවාවේ උක් වගාවල කම්කරුවන් යොදා ගෙන කරන ලද පරීක්ෂණයකදී හේතුව මේ පැත්තට යොමුකරන නිරීක්ෂණයන් ලැබී තිබේ. උක් වගාවක නොයෙකුත් වර්ග වල රැකියාවන් කරන පිරිස් උක් කපන වාරය අවසන් වූ පසු වකුගඩු පරීක්ෂණයකට භාජනය කල පසු දහවල කට්ට අව්වේ මහන්සියෙන් වැඩ කරන්නන් ගේ වකුගඩු අසනීප වීමට වඩා ප්‍රවනතාවයක් ඇතිවී ඇති බව නිරීක්ෂණය වී ඇත.
අප රටේද කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීම බොහෝ පිරිමින් හා සසඳනවිට බොහෝ අඩු බව පෙනේ. මෙයත් ඉහත නිරීක්ෂණය ශක්තිමත් කරන බව පෙනේ.
එසේම උතුරු මැද ගොවියන් මෙයට ගොදුරු වීමටත් එවැනිම දේශ ගුණික තත්වයන් තුල ගොවිතැන් කරන උතුරේ ගොවියන්ට මෙයට ගොදුරු වීම අඩු වීමටත් හේතුව කුමක් විය හැකිද?
මම කලකට පෙර යාපනේ රාජකාරි කරද්දී හදිසි පරික්ෂාවකට කණ්ඩායමක් සමග ගියෙමි. යම් සැකයක් නිසා නිවාස කිහිපයක් වටකර නිවෙස් එකින් එක පරීක්ෂා කරද්දී එම ගමේ තැපැල් ස්ථානාධිපති වරයා ඔහුගේ වත්තේ පැලවලට වතුර දමමින් සිටියේය.
" ඔබ රෑත් වැඩද ?"
" ඔව් අපි හඳ එලියෙමුත් වැඩක් ගන්න ඕනෑ ( යර්ස් , වී මස්ට් මේක් යුස් ඔෆ් ද මුන් ලයිට් ටු " ඔහු පෙරලා පිළිතුරු දුන්නේය.
මෙය මට මතක් වුනේ යාපනේ ගොවියන්ගේ වැඩ කරන ආකාරය අපේ ගොවියන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි කල්පනා කරන විටය. මම එකල උදේ පාන්දර ඇවිදින්නට යනවිට ගොවියෝ තම කෙත්වතු වලට දැමීමට පාරේ වැටි ඇති ගොම එකතු කරති.
මට හැඟෙන විදිහට ඔවුන් උදේ පාන්දර සහ හවස වැඩ කර පට්ට දවාලට වැඩ කිරීම මඟ අරිති. එයි විජලනය වැළකෙයි. මා දන්නා හැටියට උතුරේ ගොවියෝ අපේ ගොවියන් තරම් හැන්දෑවට බොන්නෙත් නැත. ඒකටත් එක්ක බොන්නේ ධිවරයන්ය.
මේ සියල්ල දෙස බැලුවිට මේ වකුගඩු ප්‍රශ්නය විසදන්නට ජිවත්වන ක්‍රම වේද වෙනස්කිරීම බොහෝ ප්‍රයෝජනවත් විය හැකි යයි පෙනේ. එයින් මෙයට ගොදුරු වුන අපේ සහෝදර ලාංකිකයනට එයින් එතරම් ප්‍රයෝජනයක් නොවුනද තවත් පරම්පරාවක් එයින් බේරාගැනීමට අපට හැකි විය හැක.

/අප අර්ධද්වීපයේ වී ගොවියන්ය/ රජරට රජයේ රැකියාවක් නැති ඕනෑම කෙනෙක් ගොවියෙක් :), ඔහු වී ගොවියෙක් වෙන්නේ රජරට අපේ සහල් නැලිය කියා කියන නිසයි, එහෙම නැතුව ඔහුගේ රෝග නිධාන විස්තරයේ ඔහු වී වගා කරන ගොවියෙක් බව සඳහන් වෙන නිසා නම් නොවෙයි.
ReplyDeleteහඳුනා නොගත් වකුගඩු රෝගීන් වී ගොවිතැනේ කොපමණ කාලයක් යෙදී ඇත්ද යන්න ගැන රජරට විශ්වවිද්‍යාලයේ මගොඩිස් පර්යේෂණ හැර වෙනත් ස්වාධින පර්යේෂණ සිදු කර නැති බව සලකන්න.
මා දන්නා පරිදි දිගු කාලින ඖෂධ අවභාවිතය නිසා වකුගඩු අසාධන රෝගී වුවන් බොහොමයක් ඩ මේ ගණයට අයත්වන අතර ඔවුන් වෙනම වර්ග කිරීමක් නොකරනවා සේම ඒ ගැන සොයා බලන්න උනන්දුවක් දක්වන්නේද නෑ. මෙම දිගුකාලීන ඖෂධ අවභාවිතයට වැරදී රෝග විනිශ්චයන් සහ දිනපතා වෙදනා නාශක අවභාවිතයද අයත් වෙනවා. පෞද්ලලික සයන වලින් නියම කරන ඖෂධ ගැන වාර්තා නැතුව වගේම දිගුකාලීන වේදනා නාශක අවභාවිතය වයිද්යවරුනට වර්තවෙන්නෙත් නෑ.
සම්පුර්ණයෙන්ම ඇත්ත , පිළිවෙලක් නැත අධ්‍යයන සහ පරීක්ෂණ
ReplyDeleteමේ වකුගඩු ප්‍රශ්නය විසදන්නට ජිවත්වන ක්‍රම වේද වෙනස්කිරීම බොහෝ ප්‍රයෝජනවත් විය හැකිය///////////////++++++++++++++++++
ReplyDelete