Thursday, October 19, 2017

කැලේ පැත්තක තබා ගස සෙවීම ; ලංකාවේ රුපවාහිනී කලාව








මේ ලඟකදී අප හිරු චැනලයේ රාත්‍රී ප්‍රවෘති බලද්දී ඉතාමත් ශෝඛනිය ප්‍රවෘති වාර්තාවක් බලන්නට ලැබුණි. ඒ වයස  70ක පමණ අම්මා කෙනෙකු සිය දිවි නසා ගන්නට රත්මලාන පැත්තේ මුහුදු වෙරළට ආ කතාවයි. 
පුතුන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට දරුවන් කරදර කරන බව කියා ඈ මෙලෙස ජීවිතය නැතිකරගැනීමට පැමිණියද මුහුද අසලට ගියපසු තම ජීවිතය නැතිකර ගැනීම ආගමේ හැටියට ඉමහත් පවක් බව මතක් වී වෙරළෙන් ඉවත්වූ පසු ඒ අසල ලෑලි ගෙදරක ජිවත්වන කාන්තාවකට මුණ ගැසී ඇත.

මෙම කාන්තාව ඇයගේ කතාව අසා ඇය තම නිවසට රැගෙන විත් ඇයට සලකා තම නිවසේ නිදාගන්නටද සලස්වා පසුදින ඇය පිළිබඳව පොලිසියට දන්වා ඇත. පොලිසියෙන් පැමිණ ඇය පොලිසියට රැගෙන ගොස් මෙම කාන්තාවගේ බාල පුතාට දන්වා ඔහු පොලිසියට ගෙන්වා ඔහුට ඔහුගේ මව ගෙදරට ගෙන ගොස් බලාගැනීමට බාරදී ඇත. ඒ බාරදී ඇත්තේ ඇය ජිවිත් නැති කරගැනීමට කටයුතු සැලවූ පුතෙකු වෙතය.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ හද්ද පිටිසර ගම්මානයක නොවේ, මේ අපි මෙගා පොලිස් හදන්නට යන අප අගනුවර ආසන්නයේ වීම මේ ප්‍රශ්නයේ බැරෑරුම් කෑම  තවත් වැඩි කරයි.

මෙවැනි ඛේදවාචනිය මව්පියන් බලාගැනීමේ ප්‍රශ්න අපට TV වල නිතරම දක්නට ලැබේ. සමහර චැනල් ප්‍රවෘති වල අග හරියට යන නරඹන්නන් ගේ හදවතට කතාකරන ප්‍රවෘති සඳහා මේවා පාවිච්චි කරනු ලැබේ. දුප්පත් එහෙත් හොඳට ඉගෙන ගන්නට පුළුවන් ළමයින්, කැලේ අයිනේ ටකරන් නිවෙස් හදා ගෙන ජිවත් වන අම්මල සහ දියණියන්, රියදුරුට නින්දගොස් පෙරලුනු වාහන, යනාදිය මේ කැටගරියේ ප්‍රවෘති වෙයි. අපිට මේ ප්‍රවෘති පෙන්නා මේවා සිදුවුයේ කෙසේදැයි කියනු ලැබේ. අපි ඒවා බලා කනගාටු වී දරුවනට, ස්වාමිපුරුෂයාට , රියදුරුට රජයට බැනවැදී නින්දට යන්නෙමු.

මෙය චක්‍රයකි, අකාරුණික චක්‍රයකි. මෙය අවසන් වන්නේ කවදාද? අපිට මෙය අවසන් කල හැක්කේ කෙසේද? මෙලෙස TV එකේ සිද්ධිය පෙන්වීමෙන් හා අප හදවත් ශෝකාකුල කිරීමෙන් මෙම ප්‍රශ්නය විසදේද ? මම නම් හිතන්නේ නැත? එසේනම් කලයුත්තේ කුමක්ද?
වාහනයේ රියදුරුට නින්ද ගොස් සිටිබව පොලිසිය දන ගත්තේ කෙසේද ? සොයාබැලිය යුතුය, සමහර විට මෙම ස්ථානයේ වංගුවක  ප්‍රශ්නයක් නිසා රාත්‍රියට වාහන එලවද්දී රියදුරුට දිශාවක් වරදිනවා වන්නට පුළුවන. මේ පිළිබඳව කලකට පෙර මා විසින් ලියන ලද බ්ලොග් එකක මෙය මෙලෙස පැහැදිලි කර ඇත.

 http://lakshmanillangakoon.blogspot.com/2016/08/blog-post_40.html

දැන් මේ දරුවන් විසින් අතහැර දමන ලද දෙමව්පියන් ගේ ප්‍රශ්නය පිළිබඳව ප්‍රවෘති පෙන්වද්දී ඕනෑම පුද්ගලයෙකුගේ හිතට එන සිතිවිල්ලක් තිබේ. ඒ, මේ දෙමව්පියන්ට මෙවැනි අවස්තාවක් උදා වූ විට යාමට වැඩිහිටි නිවාස  නැද්ද යන ප්‍රශ්නයයි. වයස්ගත වූ කෙනෙකුට සරණක් නැත්නම් නොමිලේ  නැවතීමට සමාජයෙන් තැනක් ලබාදී නැත්නම් ඒ සමාජයෙන් ඇති වැඩය  කුමක්ද? සැම දෙයම නොමිලේ දෙන රටකට තමන්ගේ අසරණ වූ අහිංසක දෙමව්පියන්ට නැවතීමට තැනක් දීමට බැරිනම් එම ජාතියෙන් ඇති වැඩය කුමක්ද?

TV චැනල් එවැනි ප්‍රවෘති පෙන්නන විට තව ටිකක් ගැඹුරට ගොස් මේවා සාකච්චා නොකරන්නේ මන්ද?

ජාතියක ප්‍රධානතම වගකීම එහි නොතේරෙන කුඩා දරුවන් සහ අසරණ වූ වැඩිහිටියන් බලා ගැනීම නොවන්නේද? අනෙක් නොමිලේ දෙන දේවලට පෙර මේ වගකීම් දෙක අප සපුරාලිය යුතු නේද ?


සමාජයට වියදම් නොවන පුද්ගලික අධ්‍යාපනයට දිවි නොතකා විරුද්ද වන වෘතිය සමිති සහ දේශපාලන පක්ෂ වලට ඇත්තෙන්ම සමාජයට තිබෙන මෙවැනි මුලික වගකීම් නොපෙනීම අප රටේ ජනතාවගේ ලොකුම අවාසනාවකි.

4 comments:

  1. ඔබතුමා කියන දේ 100% අනුමත කරමි. අද ප්‍රවෘර්ති කියා පෙන්වන්නේ දවසේ රිය අනතුරු හා තවත් කුණු දේශපාලන කතා, පැහැරර ගැනීම්, මංකොල්ල කෑම්, ළමා අපයෝජන , දෙමාපිය හරයාම් වේ. ඒවා පවසන්නේද ඔබ ලිපියේ සඳහා කර ඇති පරිදිය. මුද්‍රිත මාධ්‍ය අනුගමනය කරන්නේද මේ පිළිවෙතම බව කිව යුතුය. මාධ්‍ය සදාචාරය නැවත උගැන්වීමට සිදුව ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
  2. අලි වැටවල් සකස් කිරීම, ඩෙංගු මර්දනය, පරෙස්සමෙන් ගිහින් එන්න වැනි ඉතාමත් කාලෝචිත වැඩ සටහන් කිහිපයක්ද රුපවාහිනි චැනල මගින් කරන බව අමතක නොකළ යුතුයි. මෙම යෝජනාවටත් රුපවාහිනි ආයතනයක අවධානය යොමුවේවායි පතමු.

    ReplyDelete
  3. dayawee, ඔබ කියන දෙය පිලිගනිමි, නමුත් මගේ අදහස විනොදාශ්වක වැඩසටහන් වල අන්තර්ගතය පිලිබඳවය , විනෝදයද දෙමින් සමාජය වෙනස් කල හැකි දේවල් ඇතුළු කිරීමය

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...