රටක පවත්නා
සංස්කෘතිය ගැන කතා කිරීමට පෙර සංස්තෘතිය යනු කුමක්දැයි මුලින්ම අප පරීක්ෂා කර
බැලිය යුතුය. සංස්කෘතිය යනු යම් සමාජයක කරන කියන දෑ සහ එම සමාජය තුල දැකිය හැකි ප්‍රධාන
ලක්ෂණ වේ. එසේත් නැත්නම් යම් විෂයගත සමාජයක හෝ කණ්ඩායමක යම් කාල වකවානුවක් හා
ස්ථානයක් තුල තිබූ හෝ තිබෙන විශ්වාස, පුරුදු, කලාවන්, චාරිත්‍ර සහ සම්ප්‍රදායන්
වෙයි.
පෙරද සදහන් කල පරිදි මෙවැනි සංස්කෘතියන් කාලයක් සමග වෙනස් වෙයි. විශේෂයෙන්ම දැන් පවතින වේගවත් ගෝලීය කරණය
නිසා මෙම සංස්කෘතියේ වෙනස්වීම්ද ඉතාමත් වේගයෙන් වෙනස් වෙයි. අන්තර් ජාලය සහ ඒ හා
සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා මෙම ගෝලීයකරණය තව දුරටත් ඉක්මන් කරන නිසා නොයෙකුත් කුඩා
කණ්ඩායම් තුල පවතින සංස්කෘතියන් ක්‍රමයෙන් තනුක වී වැඩි දෙනෙකුට ගැලපෙන වැඩි
දෙනෙකු පිලි ගන්නා සංස්කෘතියන් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වීම තවත් සීඝ්‍ර කරයි.
මේ හේතුවෙන්
ජාතියක සංස්කෘතිය ඉතා වේගයෙන් වෙනස් වන පසුබිමක නොයෙකුත් සංස්කෘතික ලක්ෂණයන්ට
ගැලපෙන ලෙස ජාතික ආරක්ෂාව සැලසුම් කිරීම එතරම් නුවනක්කාර කටයුත්තක් නොවේ. සමහර විට
මෙම අදහසට අනුකූල නොවන රාජ්‍යයන් කිහිපයක් තැනින් තැන තිබිය හැක. උදාහරණයක් වශයෙන්
කාන්තාවන්ගේ කාර්ය භාරය පිළිබඳව බොහෝ ගතානු ගතිකව සිතන රටක සමහර විට එම කාරණය
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී සිත්හි තබාගත යුතුවේ.
එහෙත්
සංස්කෘතියම නොවූවත් රටක ජන සහ ආගමික වශයෙන් සංයුතිය ජාතික ආරක්ෂාව සැලසුම්
කිරීමේදී ඉතාමත් වැදගත් කාරණයක් වෙයි. විශේසයෙන්ම ජන සංයුතියේ යම් එක් සුලු
ජාතියක් හෝ ආගම් අදහන්නන් පිරිසක් සිටින්නේ නම් එම සාධකය බොහෝ විට ආරක්ෂක ප්‍රශ්න
වලට මුල් වන බව ලෝක ඉතිහාසයෙන් පෙනේ. මෙවැනි ජන සංයුතියන් ඇති එසේම දීර්ඝ
ඉතිහාසයක්ද ඇති රටවල මෙම ප්‍රශ්නය සැමවිටම පාහේ මතුවන බව පෙනේ.
අප රටෙහිද අවුරුදු
30 ක ඉතාම විනාශකාරී යුද්ධයකට මුල පිරුනේද මෙවැනි පසුබිමක් නිසාය. ඉන්දියාවේ, බංගලාදේශයේ,
පකිස්තානයේ, තායිලන්තයේ මියන්මාරයේ වැනි බොහෝ රටවල මෙවැනි ජන සංයුතිය නිසා ඇති වන
ආරක්ෂක ප්‍රශ්න වරින් වර හිස ඔසවයි.
මේ හේතූන් නිසා
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කරන්නන් මෙම සාධකය ඉතාමත් සංවේදීව පරීක්ෂා කර බලා
එවැනි ප්‍රශ්න වලට මුහුණදීමට අවැසි ලෙස ජාතික ආරක්ෂාව සැලසුම්කල යුතුය.
\
ඉතිහාසය
වර්තමානයේදී රටෙහි
ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී එතරම් වැදගත්කමක්
උසුලන්නේ යැයි එක්වරම කිව නොහැක. ලෝකයේ වරෙක බොහෝ බලගතු අධිරාජ්‍යයන් ලෙස තිබූ
රටවල් හෝ ජාතීන් වර්තමානය වන විට ඉතාමත් සාමාන්‍ය ජාතීන් බවට පත්ව ඇත්තේය. ලෝකයේ
සෑම මාර්ගයක්ම එදෙසට යනවා යැයි කලෙක
විස්තර කල රෝම අධිරාජ්‍යය දැන්
සාමාන්‍ය දෙවෙනි පෙල රටක් බවට පත්ව ජීවත් වෙයි. 16 වන ශත වර්ෂයේ ලෝක අධිරාජ්‍යයක්
ගොඩ නැගූ පෘතුගාලයද වැටි ඇත්තේ ඒ තත්වයටමය. චීනයද අල්වා ගෙන ජපානයද ආක්‍රමණය කල
මොංගෝලියානුවන් දැන් කොහි සිටින්නේදැයි බොහෝ දෙනෙකු දන්නේත් නැත.
මෙවැනි
ඓතිහාසික කරුණු සලකා බැලූ කල යම් ජාතියක ඉතිහාසය හෝ සංස්කෘතිය ජාතික ආරක්ෂාව
සැලසුම් කිරීමේදී එතරම් වැදගත් කාරණයක් දැයි කෙනෙකුට සිතන්නට අපහසුය.
බොහෝ යුධකාමී
ජාතීන් ශත වර්ෂ කිහිපයකින් සම්පූර්ණයෙන්ම වෙනස් වී සාමකාමී පිරිස් බවට පත්ව සිටී.
පෙර කල යුරෝපය බිය වැද්දූ වයිකිං වරුන්ගෙන් පැවත එන්නන් දැන් ඩෙන්මාර්ක ජාතිකයින්
දැයි සිතන්නටත් අපහසුය.
ඒ අතරම
නොයෙකුත් දුර බැහැර රටේ සිට අලුතින් සොයාගත් රටකට නැව් නැග ගොස් සම්පූර්ණයෙන්ම
වෙනස් පරිසරයක ජීවත් වන්නට තරම් එඩිතර වූ පුද්ගලයන් ගෙන් සැදුම්ලත් ඇමරිකා එක්සත්
ජනපදය ලෝකයේ සුපිරි බලවතා බවට පත්විය. ඒ මෙතෙක් ලොව ඉතිහාසයේ විශාලතම එමෙන් බලගතුම
ආර්ථිකයත් යුධ බලයත් නතුකර ගනිමිනි.
ඒ නිසා රටක
ඉතිහාසය වර්තමානයේ එම රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී විශාල
වැදගත්කමක් උසුලන බවක් නොපෙනේ. මේ සදහා වඩා වැදගත් වන්නේ විෂයගත රාජ්‍යයේ
වර්තමානයේ ඉරියව්ව එසේත් නැත්නම් අංග වින්‍යාසය බව පෙනේ. අන්තර් ජාතික සම්බන්ධතා
සහ ලෝක ආර්ථිකය සීඝ්‍රයෙන් වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවක් විය යුතුය. ලෝක ආර්ථිකය
පසුගිය දශක කිහිපයේ කොතරම් වෙනස් වී ඇත්ද යත් ලෝකයේ විශාලතම ආදායම් ලබන ආර්ථික ඒකක
100 අතරින් 69 ක්ම ව්‍යාපාරික ආයතන වෙයි. ඒ අනුව ඒ 100 යේ කණ්ඩායමේ ඒකක ලෙස රටවල් තිබෙන්නේ 31 ක් පමණි.පහතින් දක්වා ඇත්තේ එම ලයිස්තුවේ මුල් දහයයි.
. ඇමරිකා එක්සත් ජනපදය
1.
චීනය
2.
ජර්මනිය
3.
ජපානය
4.
ප්‍රංශය
5.
එක්සත් රාජධානිය
6.
ඉතාලිය
7.
බ්‍රසීලය
8.
කැනඩාව
9.
වෝල්මාට් සුපිරි වෙළඳසැල් ආයතනය
මෙලෙස ලෝකයේ
ආර්ථික ඒකක අතර 10 වෙනි තැනට පැමිණීමෙන් වෝල්මාට් ආයතනය ආදායමෙන් ඔස්ට්‍රෙලියාව,
දකුණු කොරියාව හෝ ඉන්දියාවේ රාජ්‍යයන්ට වඩා විශාල බව පෙන්නුම් කරයි. මින් පසු 14, 15,
16, 18, 21, 22, 23, 25 සහ 27 යන ස්ථානවල සිටින්නේද පුද්ගලික වානිජ ආයතනයි. ටොයෝටා
ආයතනය හෝ වොක්ස්වගන් ආයතනහි ආදායම ඉන්දියානු රජයේ ආදායමට වඩා වැඩිය. මෙවැනි ආර්ථික
භුමි දර්ශනයකින් පෙනෙන්නේ ලෝකය දැන්
කොතරම් වෙනස් වී ඇත්ද යන බවයි. එහෙයින් මෙයට අවුරුදු 50 කට හෝ 100 කට පෙර යම් රටක
හැසිරීම හෝ යම් සිදුවීම් වලට මුහුණු දුන් ආකාරය අනුව වර්තමානයේ ජාතික ආරක්ෂාව
සැලසුම් කරන්නට යාම එතරම් නුවනට හුරු නොවන බව පෙනේ.
No comments:
Post a Comment