මුලින් මම කථාව ලියාගෙන යන ආකාරයට කොටස් වශයෙන් ලියා පල කල මුත් දැන් ලියා අවසන් වූ හෙයින් සම්පූර්ණ කථාවම මෙසේ පල කිරීමට අදහස් කලේ කියවීමේ පහසුව සදහාය.
මීගමුවේ මහා රාළ හෙවත් මාරිසල්ස් බොෂුවර්.
17 වන හා 18 වන ශතවර්ෂයන්හි මහනුවර කන්ද උඩරට රාජධානිය, ශ්‍රී ලංකාවේ එකම ලාංකික රාජධානිය විය. 1696 න් පසු නොයෙකුත් යුරෝපීයයන් එම රාජධානියෙහි වාසය කලහ. එකල අන්තර් ජාතික බලවතුන් වූ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයින් බලවත් මුහුදු අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටි අතර, ඉංග්‍රීසීන්ද පසු කලෙක මෙම තරගයට ඇතුලු වූහ.
මෙම විදේශික සම්බන්ධතාවයන් නිසා කන්ද උඩරට වාසය කල බොහෝ යුරෝපීයයන් අතර, යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද සිටියහ.
මෙම යුරෝපීයන් අතර කන්ද උඩරට රාජධානිය තුල රාජ්‍ය සේවයේ යෙදුනු මැනුවෙල් ඩයස්, දස්කොන් අධිකාරම සහ මාරියල්ස් බොෂුවර් ( Marcelis Boschouwer) කන්ද උඩරට රාජ්‍ය සභාවේ ඉහලම තනතුරු වලට පැමිණි යුරෝපීයන් තිදෙනෙක් විය.
මැනුවෙල් ඩයස් :- විමලධර්මසූරිය රජු (1592 – 1604) ගේ රාජ්‍ය කාලයේ රජු විසින් පෘතුගීසීන් හා යුද්ධයේදී සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසු, රාජ පාක්ෂිකභාවය සහ දක්ෂකම් නිසා ඉතා කෙටි කලකින් රජුගේ විශ්වාසය දිනා ගනිමින්, මහාධීකාරම තනතුරට උසස් විය.
දස්කොන් අධීකාරම :- යුරෝපිකයෙකු වූ දස්කොන් අධිකාරම, අන්තිම සිංහල රජු වූ කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම විය.
මීගමුවේ මහා රාළ :- මේ දෙදෙනාටම වඩා මීගමුවේ මහා රාළ යැයි අනුවර්ත නාමයෙන් හදුන්වනු ලැබූ නෙදර්ලන්ත ජාතික මාරියල්ස් බොෂුවර්, සෙනරත් රජුගේ (1604 – 1636) රාජ්‍ය පරිපාලනයේදී ඉතා බලවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.
1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ. මෙම ලිපිය කණීෂ්ඨ වෙළෙන්දෙකු වූ (එකල තිබූ රැකියා නාමයක්) මාරියල්ස් බොෂුවර් අත ඕලන්ද නෞකාවක් මගින් ත්‍රීකුණාමලයට එවන ලදි.
1612 මාර්තු මස මහනුවරට පැමිණි මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් මහා රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර දුන්නේය. එම ලිපිය සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව තැබීමෙන් පසු රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
මෙම සාකච්ඡා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණියහ. මෙම ගිවිසුමට යුධ කටයුතු, වෙළදාම් හා වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීම, ගබඩා කිරීම හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් විය.
මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතු අතර, එම එකගතාවය සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට රජු සමග නෙදර්ලන්ත තානාපතිවරයෙකු සිටිය යුතු බවය.
මේ අතර රජතුමා විසින් මොහුව මීගමුව ප්‍රදේශයේ පාලකයා ලෙස පත්කල හෙයින්, ඔහු මීගමුවේ මහා රාළ යන පටබැඳි නමින් ප්‍රසිද්ධ විය. මෙයට අමතරව සත්කෝරළයේ අනුරාධපුර හා මීපිටිගල මහා රාළ ලෙසද, යුධ සංවිධානයේ සම ප්‍රධානියා ලෙසද, නාවික හමුදාවේ ප්‍රධාන අද්මිරාල්වරයා ලෙසද, ඔහුව පත් කෙරිණ.
මෙලෙස මොහු කන්ද උඩරට රාජ්‍යයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදි. මේ අතර මොහු සමග පැමිණි අනෙකුත් ඹ්ලන්ද ජාතිකයන් ත්‍රීකුණාමලයේ බලකොටුවක් සෑදිමට සුදානම් වුහ. මේ බව ආරංචි වු කොළඹ සිටි පෘතුගීසිහු කන්ද උඩරටට උතුරු දෙසින් වටරවුමෙන් ත්‍රීකුණාමලය බලා පෘතුගීසීහූ දහසක් හා සිංහල හමුදා භටයින් තුන්දහසකින් සමන්විත වු හමුදාවක් යවා, ත්‍රීකුණාමලයේ සිටි ඕලන්ද ජාතිකයින්ට පහරදී ඔවුන් මරණයට පත් කර ප්‍රදේශය කොල්ලකෑහ.
මෙම ආරංචිය ලද විගස කන්ද උඩරට සෙනරත් රජතුමා විසින් මාරසිංහ ආරච්චි නැමැති සෙන්පතියෙකු යටතේ 5000 ක සිංහල හමුදාවක් මහනුවරින් යවා කුරුණෑගල ප්‍රදේශයේදී ආපසු කොළඹ බලා යන පෘතුගීසීන් වටකර පහරදී ඔවුන් බලවත් පරාජයකට පත් කලේය.
කෙටි කලකදීම මීගමුවේ මහා රාළ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා හා උපදේශකවරයා බවට පත්විය. කන්ද උඩරට රාජ්‍ය සභාවේ මොහු කොතරම් බලගතු වූයේද යත්, රජු පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද විශාලතම සටනේ සම නායකත්වය මීගමුවේ මහා රාළට පිරිනැමීය. මෙම යුද්ධය සදහා භටයන් 50,000 ක හමුදාවක් රැස් කරන ලදි. එම හමුදාව පිහිටුවීම සදහා පවත්වන ලද යුධ සාකච්ඡාවට කන්ද උඩරට රජු යටතේ සිටි සියලුම ප්‍රාදේශීය පාලකයන් සහභාගි වූහ.
මෙලෙස රජු සිය හමුදාව සකස් කරමින් සිටින අවස්ථාවේදී, පෘතුගීසී හමුදාව යාපනයට පහර දීමට ගමන් කරන බව ඔහුට ආරංචි විය. වහාම තම හමුදාවේ කොටසක් එම පෘතුගීසී හමුදාවට පහර දීමට යැවීය. ඔහු පෘතුගීසී හමුදාවට පහරදී ඔවුන් පරාජය කලහ. මෙයින් කුපිත වූ පෘතුගීසී හමුදාව පලා යන අතරතුර මීගමුවේ මහා රාළගේ පාලන ප්‍රදේශය වූ මීගමුව අල්ලා ගෙන බලවත් විනාශයක් සිදු කලහ.
සෙනරත් රජුගේ ඥාති සහෝදරයා වූ, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ පුත් ඔටුන්න හිමි මහස්ථානේ කුමරු මේ කාලයේ මිය ගියේය. සෙනරත් රජු තම පුත් කුමරුට රාජ්‍ය බලය ලබා දීමට, මොහුට වස දී මරා දැමූ බවට සැක කල බැවින් රට වැසියන් රජුට විරුද්ධව නැගී සිටිමට සූදානම් වන විට, ඔවුන්ට කරුනු පහදා දී එම තත්වය පාලනය කරන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ විසිනි. මහස්ථානේ කුමරුගේ අවමඟුල් උත්සවයේ දරසෑයේ ගිණි දැල්වීමට සෙනරත් රජු විසින් පත් කරන ලද්දේ මීගමුවේ මහා රාළ බව කියවේ.
මෙකල පලුගම ප්‍රදේශයේ පාලකයා රජුට විරුද්ධව පෘතුගීසී සමග කුමන්ත්‍රණය කරන බව දැන ගන්නට ලැබී, ඔහුට රජු වෙත පැමිණෙන ලෙස රජු විසින් අණ කරන ලදි. ඔහු රාජ අණට අනුව නොපැමිණි හෙයින් මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ යටතේ විශාල හමුදාවක් එම ප්‍රදේශයට යවන ලදි. රාජ්‍ය හමුදාව පලුගම ප්‍රදේශයට පැමිණි පසු එම යුව රජු හමුදාවට යටත් වී, හමුදාවට වන්දි වශයෙන් විශාල මුදලක්ද ගෙවා පසුව කන්ද උඩරට මහා රජු බැහැ දැකිමට පැමිණියේය.
මෙහිදී බොහෝමයක් ප්‍රාදේශීය පාලකයන් ගෙන් සැදුම් ලත් විනිශ්චය සභාවකදී ඔහුට විරුද්ධව ඇති චෝදනා පරීක්ෂා කරන ලදි. එම චෝදනාව වූයේ පෘතුගීසී සමග කන්ද උඩරට රජු මරන්නට කුමන්ත්‍රණය කිරීම, එයට ත්‍යාග වශයෙන්ද කන්ද උඩරට රජුගේ දූ කුමරිය විවාහ කර ගැනීමට පෘතුගීසීන් ගෙන් උදව් ඉල්ලා සිටීම හා කන්ද උඩරට රාජ්‍යයේ කොටසක් මඩකලපුව හා පලුගම එකතු කර ස්වාධීන රාජ්‍යයක් ඇති කර එහි පාලකයා බවට පත්වීමට පෘතුගීසීන් කුමන්ත්‍රණය කිරීමය.
මෙම විනිශ්චය සභාව විසින් චෝදනා විභාග කර ඔහු වැරදිකරු බව තීරණය කලෙන්, ඔහුට මරණ දඬුවම නියම කරන ලද අතර, එම මරණ දඬුවමින් පසු පලුගම ප්‍රදේශයේ පාලකයා ලෙස එම ප්‍රදේශයේ හිටපු පාලකයාගේ ඥාතියෙකු වූ සෙනරත් රජුට හිතවත් නායකයෙකු පත් කරන ලදි.
මේ අතර නාවික බලයක් කන්ද උඩරට රාජ්‍ය සදහා ස්ථාපිත කිරිමට සැලසුම් කල සෙනරත් රජතුමා, මීගමුවේ මහා රාළ තම නාවික හමුදාවේ අද්මිරාල්වරයා ලෙස පත්කර මූලික පියවරක් ලෙස යුධ නැව් 03 ක් සහ අවශේෂ යාත්‍රා 03 ක් තැනීමට කටයුතු සම්පාදනය කලේය. 1711 මැයි මස 16 වන දින මෙලෙස තනන ලද විශේෂ නෞකා ඉන්දියාවේ කොමරින් තුඩුව හා ශ්‍රී ලංකාව අතර යාත්‍රා කරන සතුරු නැව් විනාශ කිරීමට නියෝග සහිතව පහත කපිතාන්වරු යටතේ ත්‍රීකුණාමලයේ වරායෙන් පිටත් විය.
1. ‘කැන්ඩි‘ යුධ නෞකාව - කපිතාන් සුන්දර අප්පු
2. ‘ඕලන්ද‘ යුධ නෞකාව - කපිතාන් ක්‍රිස්ටිනා
3. ‘මීගමුව‘ යුධ නෞකාව - කපිතාන් දිංගප්පා
4. ‘ෆෝචූන්‘ යාත්‍රාව - කපිතාන් ඕදියා
5. ‘ගෙලුක්‘ යාත්‍රාව - කපිතාන් මාරසිංහ
6. ‘ඩී ට්ර වාවේ‘ යාත්‍රාව - කපිතාන් සුන්දරප්පා
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කල අතර, උප අද්මිරාල්වරයා වූයේ වණ්ඩිගේ නේ හැන්නි නැමැත්තෙකි. මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවරට පැමිණි සෙනරත් රජු බැහැ දුටු පසු, ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.
1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඔවූහූ එම තරමටම එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටියහ.
මින් ටික දිනකට පසු සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක (දැන් හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස් රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් බොහෝ කල් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු බොහෝමයක් පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා විසිනි.
මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට විරුද්ධව කැරලි ගැසූ කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් විය. උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කලහ. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.
1614 දී පෘතුගීසීන් විශාල කණ්ඩායමක් ඔවුනට පක්ෂපාතී සිංහල හමුදාවකද සහාය ඇතිව මහනුවර ආක්‍රමණය කිරීමට කොළඹ සිට ගමන් ඇරඹූහ. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී උඩරට රජුගේ හමුදාව මෙම පෘතුගීසී හමුදාවට මුහුණ දුන් අතර, දරුණු සටන් වලින් පසුව පෘතුගීසීන් අන්ත පරාජයට පත්විය. පෘතුගීසී හමුදාවේ සිටි සිංහල භටයන්ගෙන්ද 2500 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඉතිරි පෘතුගීසී භටයන් වනයට රිංගා ගෙන තම ජීවිත බේරා ගත්හ. මෙම සටන දක්ෂ ලෙස මෙහෙයවූ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ සටන් ජයග්‍රණයෙන් පසුව, ඉතා හරසරින් මහනුවරින් පිළිගනු ලැබූහ.
මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.
මීගමුවේ මහා රාළට සෙනරත් රජු විසින් දුන් ලිපියේ මෙසේ සදහන් වේ.
"ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වූද, මහනුවර සීතාවක ත්‍රීකුණාමලය, යාපා පටුන, සත්කෝරලය, මන්නාරම, මඩකලපුව, පලුගම සහ යාල රාජ වූද, වඩමාරච්චි සහ පස්දුන් කෝරලයේ කුමාරයාද, බෙලිගම සහ ගාල්ලේ ඩියුක්වරයා වූද, කුරුවිට බටු ගෙදර සහ සතර කෝරලයේ කවුන්ට්වරයා වූද, සෙනරත් අදසින් විසින් මෙලෙසින් ලියා දන්වමි.
ඔබගේ මාර්තු 13 වන දින ලිපිය ලදිමි. එහි සියලු කරුණු හොඳින් තේරුම් ගතිමි. අප ඇති කර ගත් ගිවිසුම් සහ පොරොන්දු ඔබේ පැමිණීමෙන් හොඳින් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරමි. අපට මෙතෙක් කල් දුන් පොරොන්දු වසර 03 ක් ගත වීමෙන් පසුවත්, ඉටු වී නොමැති බව ප්‍රකාශ කරමි. මීගමුවේ මහා රාළ ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන විට, ඕලන්ද රජයෙන් ඔහු අත එවා තිබූ ලිපිවල සඳහන් පොරොන්දු ඉක්මනින් ඉටුකරනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමි. ඔබේ පොරොන්දු එලෙසම ඉටුකරන්නේ නම්, මම පෘතුගීසින් සමග සටන් දිගටම කරගෙන යන්නෙමි.
ඔබ විසින් ඔබේ ලිපියෙහි ඉල්ලා සිටි පරිදි මගේ රාජ්‍යයේ සහ මා පිළිබඳව කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මීගමුවේ මහා රාළ මේ සමග එවන්නෙමි. අපගේ රාජ්‍ය සභාවේ ඔහුගේ ස්ථානය ගැනීමට ඔබ විසින් එවන ලද ග්‍රිස්බ්රෙඩ් වෑන් සූලන්ඩ් (Grisbread Van Zoolend) පිළිබඳව මගේ අකමැත්තක් නැති වුවද, මීගමුවේ මහා රාළ මගේ රාජ්‍යයෙන් පිට වී යාම පිළිබඳව මම මහත් දුකට සහ අසහනයටත් පත්වුනෙමි. නමුත් ඔහුද ගමනට කැමති වූ නිසාත්, ඔහු විසින් පෘතුගීසීන්ට විරුද්ධව උදව් රැගෙන පැමිණෙන බව පොරොන්දු වූ නිසා අකමැත්තෙන් වුවද මම ඔහු ඔබ වෙත එවමි.
ඔබගේ ලිපියේ පෘතුගීසීන් පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න අසා තිබුණි. මහා රාළට ඒ පිළිබඳව මගේ දැනුම සමානම දැනුමක් ඇත. රාජපාක්ෂිකභාවය පිළිබඳව ඔහු මට දිව්රා පොරොන්දු වී ඇති හෙයින්ද, ඔහු ඕලන්ද ජාතිකයෙකු නිසාවෙන්ද, දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි මීගමුවේ මහා රාළ කටයුතු කරන බව මට හොදටම විශ්වාසය.
දැනටමත් මෙම ලිපිය සටන් බිමේ සිට ලියන නිසා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට අපහසුය. මීගමුවේ මහා රාළ විසින් මේ පිළිබව පවසන බවට කරුණාවෙන් සලකන්න.
මම මේ සමග තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඔබ වෙත එවමි. ඔවුන් කරදරයක් නොමැතිව ඔබ වෙත පැමිණෙන බවටත්, ඔවුන් නිසා ඔබ සතුටට පත්වන බවටත් මා හට සැකයක් නොමැත. 2000 ක පමණ හමුදාවක් යුධ නැව් සමග ලබාදීමට ඔබට හැකිනම් ඔවුන්ගේ උදව්වෙන් මට පෘතුගීසීන් ලංකාවෙන්ම සහමුලින්ම උපුටා දමන්නට හැකිය. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
1615 මාර්තු 14 වන දින වේඬරුවේදී හදිසියෙන් මෙම ලිපිය ලීවෙමි.“
එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.
මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලයටද වඩා තමා වැදගතෙකු බව කල්පනා කර, උඬගු ලෙස හැසිරීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිවිසුම් ඇතිකර ගැනිමට අපහසු තත්වයක් උදාකර ගත්තේය.
පසුව මීගමුවේ මහා රාළ නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිෙස්ටියන් රජු ( Christian 04 th) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට පැමිණියේය.
මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මිගමුවේ මහා රාළ මෙම ගමනට තමන්ගේ නෙදර්ලන්ත බිරිඳද, ඔවුන්ගේ දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.
මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට කණ්ඩායමේ අනික් අයට බල කිරීම නිසා, එම පවුල කණ්ඩායමේ අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟා වූහ.
ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය. ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් එක්රැස් කර, ඔහුගේ හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව්වේය. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට කැමති නොවිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටියේය. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.
සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූ හෙයින්, නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කරන ලදි.
ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කරන ලදි. එසේ කරන ලද්දේ එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසාය.
මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර, ඉන්පසු ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යවන ලදහ.

Thank you
ReplyDelete++++++++++++++++++++
ReplyDeleteManuel Dias, Kandy's1st maha-adigar was possibly not entirely European, but mixed race as he was promised the Kandyan kingdom by the Portuguese for betraying Vimaladharmasuriya I. even puppet kings are local at least in part.
ReplyDeleteMigamu maharala (Marcelis Boschouwer) and Uve maharala (Kuruvita rala / Antonio Baretto) were Regents. The latter was a relation of Kusumasena Devi (Dona Catherina).