Saturday, June 18, 2016

බෝගම්බර සිරගෙදරට කල හැක්කක් කිරීම; ලෝකෙට ණය වී ඇටිහෝම් කෑම.




photo credit prison photo Charith Gunarathna




බෝගම්බර සිරගෙදරට කල හැක්කක් කිරීම; ලෝකෙට ණය වී ඇටිහෝම් කෑම.

බෝගම්බර හිරගෙදර, දකින හැම විටම මට J.R.R.Tolkie ගේ The Hobbit නවකථාව මතක් වේ. එහි සිටින Smaug නමැති විශාල ගිනි පිඹින පක්ෂයා, ඇතුල් ලෝකයේ තිබෙන සියලුම ආභරණ මුතු, මැණික් ඇතුලු වටිනා දෑ, එක් තැනකට එක්රැස් කර, කිසිවෙකුට නොදී ආරක්සා කර ගනී. එහෙත් ඔහුද ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැත.  

1876 සුද්දන් විසින් ගොඩනගන ලද බෝගම්බර හිර ගෙදර, අක්කර 13 ඉඩමක පිහිටා තිබූ අතර, එය ප්‍රංශයේ ප්‍රකට බැස්ටීල් සිර කඳවුරට සමාන සැලසුමකට, සාදා ඇතැයි කියනු ලැබේ. එවකට බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුවෙහි, පොලිස් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු වල ඉන්ස්පෙක්ටර් ජනරාල් වූ, එන්.ආර්.සෝන්ඩර්ස් මහත්මයා, මෙම ගොඩනැගිල්ල සෑදීමට මුල් වී ඇත.
 මෙම පරිශ්‍රය 2014 ජනවාරි මස සිට, බන්ධනාගාරයක් වශයෙන් වසා දැමුණු අතර, තවමත් කිසිම ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබේ. මෙම අක්කර 13 සාමාන්‍යයෙන් මහනුවර නගරයේ, ඉඩම් විකිණෙන මිල ගණන් අනුව, පර්චසයක අවම මිල මිලියන් 3 පමණ විය යුතුය. එවිට මෙම මුළු භූමියේ වටිනාකම, රුපියල් බිලියන 6 ඉක්මවයි, කෝටි 62 වෙයි.
 මෙම දේපලේ අයිතිකරුවන් ශ්‍රී ලාංකීය ජනතාවය; එහෙයින්, එම දේපලෙන් ලැබෙන ආදායම, භුක්ති විදිය යුත්තේද ජනතාවය.
මෙම බෝගම්බර පරිශ්‍රය, සංචාරක ව්‍යාපෟතියක් ලෙස දියුණු කරන බව, ලඟකදී අගමැති තුමා ප්‍රකාශ කරනවා, මා රූපවාහිනියෙන් දෑක්කෙමි. නගරයේ හඳවත බඳු වූ මෙතරම් දේපලක්, මෙවැනි සංචාරක ව්‍යාපාරයකට යට කිරීම, පුදුම සහගතය. ඇත්තෙන්ම මෙම දේපල යෙදවිය යුතු වන්නේ, නගරයේ වසන්නන් හා පිටතින් පැමිනෙන්නන්ගේ සුභ සාදනය සහ ඔවුන්ගේ නගරය තුල කරනා වැඩ කටයුතු, කාර්යක්ෂවම කරගෙන යෑමට උදව් කිරීමය. ඒ අතරම එම ජනතාවට අයිති දේපලෙන්, ප්‍රතිලාභයක් මුලු රටෙහිම ජනතාවට ලැබිය යුතුය. 
දැන් මෙවැනි ව්‍යාපෟතියක් රජය මගින් කරන්නට ගිය හොත්, මෙතරම් වටිනා දේපල සම්පූර්ණයෙන්ම එයට යටවේ, ඒ අතරම ව්‍යාපෟතිය රජයෙන් ගොඩ නැගීම සදහා, තවත් අති විශාල මුදලක් ජනතාවට වැය කරන්නට සිදු වේ. මෙවැනි විශාල පරිමානයේ ව්‍යාපෟති ක්‍රියාවට නන්වන විට, සාමාන්‍යයෙන් රජය මෙවැනි දෑ කරනවිට, ඇති අකාර්යක්ෂමතාවය මෙම ව්‍යාපෟතියේදී පමණක් නැතිවේදැයි, අපට අනුමාන කරන්නටත් නොහැකිය. ඒ අතරම රජයට මෙවන් සංචාරක ව්‍යාපෟතියක අවශ්‍යතාවයක් පෙනෙන්නේ නම්, නගරයට නුදුරින් තිබෙන රජයේ ඉඩමක් මේ සදහා යොදා ගන්නට පුලුවන.
ඇත්තෙන්ම මෙම පරිශ්‍රය සදහා, රජය විසින් කල යුතු වන්නේ, එය පාවිච්චි කල යුත්තේ, කුමන පහසුකම් ඇති කිරීමට දැයි මුලින් තීරණය කිරීමය. මහනුවර ජනතාවගේද අදහස් ලබාගෙන මේ සදහා සැලසුමක් සකස් කර, ඉන් පසු රජයේ මුදල් වියදම් නොකර,එම සැලසුම සංවර්ධනය කර, එයින් ලැබෙන ආදායමෙන්, තමන් ආයෝජනය කල මුදල ආපසු ලබා ගැනීමට, පුද්ගලික අංශය වෙත මෙම සංවර්ධන කටයුත්ත භාරදීමය.
එලෙස ක්‍රියා කිරීමෙන්, ජනතාවගේ මුදල් සතයකුදු වියදම් නොකර, අපේක්ෂිත පහසුකම් ජනතාවට ලැබෙන අතර, තවදු දේපලෙහි වටිනාකම එම පුද්ගලික ආයතන වලින්, රජයට එකතු කර ගන්නට පුලුවන. රජයේ මූලික වගකීම, ජනතාවගේ මුදල් මෙවැනි සුදු අලි ව්‍යාපෟති වලට නාස්ති කිරීම නොව, එම මුදල් ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටි තල පහසුකම් දියුණු කිරීමට යෙදවීමයි.
අප රට ණය බරින් මිරිකී, ඒවා ගෙවා ගන්නට බැරුව, අන්තර් ජාතික මූල්‍ය ආයතන සහ මිතුරු රට වලින්, ණය ඉල්ලමින් සිටින රටකි. ඒක පුද්ගල භාහිර ණය ප්‍රමාණය රුපියල් 360,000 කි. මේ තරම් ණය බරින් මිරිකී සිටින ජනතාවගේ මුදල් සහ මුදල් කර ගැනීමට හැකියාව තිබෙන දේපල, එම දේපල හිස් වූ නිසා, යමක් කරන්නට ඕනෑ යැයි සිතා, කුමක් හෝ කිරීම ඉතාමත් අසාධාරණය. දැන්වත් මෙවැනි ව්‍යාපෟති කරද්දී, හැකි සෑම තැනකදීම රජය මුදල් පාවිච්චි නොකර, පුද්ගලික අංශයෙන් එම ආයෝජන ලබා ගැනීම කල යුතුය.

මේ සදහා අනගි උදාහරණයක් බෝගම්බර හිර ගෙදර බැම්ම උඩට නැග්ගොත්, කෙනෙකුට බලා ගන්නට පුලුවන. ඒ කැන්ඩි සිටි සෙන්ටර් එකය; රජය සතයක්වත් වියදම් කරන්නේ නැතිව, ජනතාවට පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයයි.     

5 comments:

  1. That is a good proposal to get income for the people of this country without spending more tax money. When the proposal given publicity private sector even foreign investment would come forward for it. Very timely proposal for the government that lack of funds for development projects.

    ReplyDelete
  2. That is a good proposal to get income for the people of this country without spending more tax money. When the proposal given publicity private sector even foreign investment would come forward for it. Very timely proposal for the government that lack of funds for development projects.

    ReplyDelete
  3. රජය සතයක්වත් වියදම් කරන්නේ නැතිව, ජනතාවට පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයයි

    ReplyDelete
  4. ඔතෙන්ට දළදාව ගෙනාවොත්?

    ReplyDelete
  5. This space can be developed to reduce the heavy traffic jam in the city. All private and public bus stands can be taken into one location. As a result higher air pollution can be reduced.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...