Friday, February 24, 2017

සැබෑවින්ම ජාතියට ද්‍රෝහි වන්නන් කවරහුද?








දේශප්‍රේමය හා දේශයට ද්‍රෝහි වීම බොහෝ විට අපට අසන්නට ලැබේ. දේශප්‍රේමය යැයි කියන විට දේශය කියන්නේ කුමක්ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එහි රටෙහි ජීවත්වන ජනතාව ප්‍රධාන තැනක් ගන්නා අතර රටෙහි භූමිය සහ භූමියෙහි සහ ජනතාවට සතුටෙන් ජීවත්වීමට අවශ්‍ය දෑ මෙයට අයත් වෙයි. දේශප්‍රේමියෙකු නම් ජාතියේ සෑම සාමාජිකයෙකුටම, දේශයේ සෑම පුරවැසියෙකුටම අනෙකුත් තම සහෝදර සාමාජිකයිනට කරදරයක් පාඩුවක් නොවන ලෙසට සතුට සොයා යාමට ඉඩ ලබා දිමට සැමවිටම උත්සාහ කල යුතුය. 

මිනිසෙකුට සතුට සොයා යාමට කුමන දෑ තිබිය යුතුද? ඔහුට හෝ ඇයට මුලින්ම නිදහසේ, කාගේවත් පීඩනයකට ලක් නොවී ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් යනාදී  මූලික අවශ්‍යතා ලබා ගැනීමට ඉඩ තිබිය යුතුය. ඔවුන් ඒවා ලබා ගැනීමට උත්සුක වද්දී ඔවුනට සැනසිල්ලේ ඒවා සොයා ගැනීමට නීිතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුය. තමන්ට යම් අසාධාරණයක් හෝ වරදක් සිදු වුවහොත් යම් රාජ්‍ය යාන්ත්‍රණයක පිලිසරන පතන්නට හා ඉක්මනින් යුක්තිය පසදා ගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. 

තමනට කැමති, තමනට හැකි යැයි සිතෙන රැකියාවකට පුහුණු වී එම පුහුණුවට ගැලපෙන රැකියාවක යෙදීමටද එසේත් නැත්නම් තමන් කැමති ව්‍යාපාරයක් කර ආදායම් උපදවීමට ඔහුට නිදහස තිබිය යුතුය. 

රටේ සියලු දෙනාටම එක තැනකට එකතු වී ජාතිය වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි නිසා තමන්ට කැමති නියෝජිතයන් කණ්ඩායමක් තෝරා ගෙන එම නියෝජිතයින් කණ්ඩායම යම් කාල පරිච්ඡේදයක් තුල ජනතාව වෙනුවෙන් ජාතියේ කටයුතු කලමනාකරණය කිරීමද මෙහි අත්‍යන්ත කොටසක් වෙයි. එනමුදු මෙම නියෝජිතයින් කටයුතු කරන ආකාරය පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඔවුන්ගේ කටයුතු විවේචනය කිරීමට හා වරද පෙන්වා දීමට ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. එසේම කලා කටයුතු, ලිපි ලේඛන යනාදී .... සදහාද ජනතාවට සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ජාතියේ ආරක්ෂාව ජනතාව විසින් පත්කරගත් නියෝජිතයින් මත පැවරෙන වගකීමක් වන අතර, එය මනා ලෙස කලමනාකරණය කිරීමද ඔවුන්ගේ ප්‍රධාන වගකීම් වලින් එකක් වෙයි.    

යම් ජාතියක් දියුණු වන්නේ මේ සියලු කාරනා සම්පූර්ණ වූ කල්හිය. ලෝකයේ ඉහත දැක්වූ විධි විධාන නොමැතිව දියුණු වූ රටක් නැත්තේය. ඒවායින් සමහරක් පමණක් ඇතිව දියුණු වන රටවල්ද ක්‍රමයෙන් මේ සියලු කාරණා සම්පූර්ණ වන පාලනයක් දෙසට ගමන් කරයි. 

මෙවැනි සමාජ ක්‍රමයක් ඇතිකර ගැනීමට අකුල් හෙලන්නෝ ඇත්තෙන්ම ජාතියේ සත්‍ය ද්‍රෝහීන් යැයි හැදින්විය හැක. උහු, ජාතියට මෙලෙස ස්වාධීනව සාර්ථක රටක් ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් ඉදිරියේ නැගී සිටින්නට ඉඩ නොදී ජාතියේ කකුල්වල එල්ලී ජාතිය මඩවලේම තබාගන්නට උත්සාහ කරති. 

මොවුන්ට මෙලෙස කටයුතු කරන්නට හේතු කිහිපයක් තිබෙන්නට පුලුවන. 
  • හරි දෙය නොපෙනීම. 
  • තමන්ගේ සමාජ තත්වයට යම් තර්ජනයක් වේයැයි කල්පනා කිරීම. 
  • තමන් කරන ව්‍යාපාරයන්ට තරඟය වැඩිවේයැයි බියවීම. 
  • යම් ගතානු ගතික අදහස්වල මුරන්ඩු ලෙස එල්බ සිටීම. 
  • තමන් දරන දේශපාලන මති මතාන්තර නිරවද්‍ය බව පෙන්වීමට. 
  • සමාජයේ යම් කොටසක් තුල ජනප්‍රිය වීමට ඇති කැමැත්ත. 

එසේ නම් ජාතියක ද්‍රෝහීන් වන්නේ කුමන ආකාරයේ තැනැත්තන්ද? 

  • පොදු දේපල, ජනතාවගේ දේපල, අවභාවිත කරන්නන්. 
  • රාජ්‍ය බලයෙන් ජනතා සම්පත් දූෂිතව හා වංචනිකව පාවිච්චි කරන්නන්. 
  • රටෙහි විදේශ විනිමය අනවශ්‍ය ලෙස රටින් පිටවීමට ඉඩ අරින්නන් සහ ඒ තත්වයට රට පත් කරන්නන්. 
  • රටෙහි පුරවැසියන්ට තමන්ට කැමති දෙයක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙන්නන්. 
  • ජාතික ආරක්ෂාව පිළිබදව තමන්ට ලැබුනු වගකීම හරිහැටි ඉටු නොකරන්නන්. 
  • පොදු සම්පත් සියලු ජනයාට සමාන ලෙස බෙදා හැරීම වැලැක්වීමට කටයුතු කරන්නන්. 
  • මාධ්‍ය සහ කලා කටයුතු නිදහසට අකුල් හෙලන්නන්. 
  • ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු නොකරන රාජ්‍ය සේවකයන්. 
  • ලෝකයේ දියුණු රටවල් වැඩ කරන ආකාරයට අප ජාතියට වැඩ කිරීමට ඉඩ නොතබා එම දියුණුවට ඇට්ටර ලෙස අකුල් හෙලන කණ්ඩායම්. 
  • පුරවැසියනට තමනට රිසි අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීමට අකුල් හෙලන්නන්. 

තවත් මෙවැනි ද්‍රෝහීන් වර්ග කිරීම් තිබිය හැකිද? 
   



2 comments:

  1. ගෙදර දොරේ දී ‘ජාතිය‘කියන වචනේ යොදගන්නේ අර ජාතිය එව්ව, මේ ජාතිය එව්ව, වෙන් කර හඳුනගන්නනේ, ඒ හින්ද ඉස්සෙල්ලම nation කියන එකට හොද අනන්‍යතාවක් ඇති සිංහල වචනයක් හඳුන්වාදෙන්න වෙනව. වල් අලි, වන අලි කරන්න පුළුවන් වෙච්ච එකේ ඒක කරන්න බැරි වෙන එකක් නෑ.

    ReplyDelete

ටයර් යුද්දය - අවසාන කොටස

http://lakshmanillangakoon.blogspot.com/2017/08/3.html  පසු ඊළඟ සහ අවසාන කොටස  පෝයට දින තුනක් තිබියදී රණසිංහගේ බසයක් නුවර සිට ආපසු එද්දී...