Wednesday, February 8, 2017

Auschwitz සමාන අත්දැකීමක් සෙන්කඩගලපුරයෙන් ලබාගන්න.









ලංකාවේ මිනිසා විසින් සිදුකෙරෙන වැළක්විය හැකි විශාලතම පරිසර හානිය සිදුවන්නේ කොතැනකදැයි මේ දිනවල ඇසුවොත් 99% ගේ පමණ පිළිතුර වනුයේ  විල්පත්තු වනය කැපීම  යන්නය. තවත් කිහිප දෙනෙකු කුඩා ජලවිදුලි බලාගාර, ගංගා වලින් වැලි ගොඩ දැමීම, වැනි පිළිතුරු ලබා දෙනු ඇත. ඇත්තෙන්ම ඒවා හරි පිළිතුරු නොවේ. 

මෙයට හරි පිළිතුර සොයා ගැනීමට පෙර අපි පරිසර හානි යනු කුමක්දැයි සොයා බැලිය යුතුය. 

        පරිසර විනාශය යනු ස්වභාවික පරිසරය අයහපත් ලෙස වෙනස් කරන දුෂක පරිසරය වෙත මුදා හැරීමයි. මෙම දුෂක රසායනික හෝ ශක්තිය මුල් කොට ගත් ඒවා විය හැක්කේය. ශක්තියේ ප්‍රභේදයන් ශබ්දය තාපය හෝ ආලෝකය විය හැක්කේය. 


මෙයින් පරිසරයට අහිතකර දුෂක වැඩියෙන්ම එකතු කරන මිනිස් ක්‍රියාකාරකම් වාහන පාව්ච්චි කිරීමයි. වාහනයක් ක්‍රියා කරන විට අනික්වාට අමතරව පහත දුෂක පරිසරයට එක්වෙයි. 

1. යකඩ සහ දැලි අංශු -  හිසකේ ගසක විෂ්කම්බයේ 1/10 ටත් වඩා ප්‍රමාණයෙන් අඩු මෙම අංශු කෙලින්ම පෙනහළු ඇතුලට යා හැකි හෙයින් අවට ජීවත් වන්නන්ගේ සෞඛ්‍යට වඩාත්ම අහිතකරය. 
2.  හයිඩ්රෝකබන් - මේවා වාතයේ නෛට්‍රජන් ඔක්සයිඩ් සමග එකතු වී භූමිය අසල  ඕසෝන් සැදේ. මේවයින් ශ්වසන  පද්දතිය දුර්වල කර පෙනහළුවල ධාරිතාවය අඩු කරයි. 
3.  නයිට්‍රජන් ඔක්සයිඩ්  - මේවා ශරීරයේ ස්වසන පද්ධ්තියේ  ආරක්ෂාව අඩපන කර නිව්මෝනියා සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. 
4.  කාබන් මොනොක්සය්දේ - මෙයින් මොලයට ඔක්සිජන් යාම වලක්වයි. ඉපදීමට සිටින දරුවන්, කුඩා දරුවන්ට මෙය වඩාත් භයානයකය. 
5.  සල්ෆර් ඩයොක්සයිඩ් - කුඩා දරුවන්ට සහ ඇදුම රෝගීන්ට ඉතාමත් භයානයකය. 
6.  බෙන්සීන්, බුටඩීන් වැනි දුෂක - අංගවිකල ඉපදීම්, පිළිකා සහ වෙනත් නොයෙකුත් භයානක රෝග වලට හේතු වන බව කියවේ. 
7.  හරිතාගාර වායු - මේවායින් පෘතුවිය උණුසුම් වීම ඉක්මන් කරයි. 

මෙම විස්තර අනුව සලකා බලන විට දිනකට වාහන 10,000 ක් පමණ ශ්‍රී  දළදාමාලිගය අසල A 26 මාර්ගය වසා තැබීම නිසා කිලෝ මීටර් තුන හමාරක් පමණ අමතරව ගමන් කරන අතර උදේ සහ හවස බ්ලොක් එකට අසු වී එන්ජෙන් දහස් ගණනක් රේස් කරමින් ඉබි ගමනෙන් ඉදිරියට ඇදේ. මෙහි මුළු ප්‍රමාණය වාහන කිලෝ මීටර් 50,000 ක පමණ හානියක් වනු ඇත. 

දහවල් වන විට, තේ කෝප්පයක හැඩය ඇති මහනුවර නගරයේ පතුල,  මේ විෂ වායුවෙන් සහ ලෝහ කුඩු වලින්  පිරුණු ඝන බුබුලක් බවට පත් වන්නේය. ඇතුල්වන සහ ජිවත්වන සියලු  දෙනා හිට්ලර්ගේ පෝලන්තයේ  Auschwitz කදවුරට ඇතුළුවනවා හා සමානය. 

මේ ප්‍රදේශයේ සිටින්නෝ කවරහුද? 

ධර්මරාජ, ඩී එස් සේනානායක, මහමායා, කැප්පෙටිපොල, සිල්වෙස්ටර්, ට්‍රිනිටි, පුෂ්පදාන, හිල්වුඩ් වැනි විද්‍යාල වල 40000 ක් පමණ වන සිසුන් 
මල්වත්තේ මහා නාහිමි ඇතුළු මල්වත්තේ හාමුදුරුවරුන්, 
නගරයේ වියපරිකයින් සහ රජයේ සේවකයන්, 
නගරයට පැමිණෙන්නන්, 
මහනුවර අරෝගියෂලව,කැන්ඩි නර්සින් හෝම් සහ ලේක්සයිඩ් ආරෝග්‍ය ශාලාවේ නේවාසික ලෙඩුන් 
මාලිගාවට එන බැතිමතුන්  

සිසුන් 40,000 කට පමණ මෙතරම් රෝගකාරක වන හිට්ලර්ගේ ගෑස් වධකාගාරයක් වැනි මෙම පරිසර හානියටත් වඩා පහසුවෙන්ම වැළක්විය හැකි පරිසර හානියක් මේ ලංකාවේ තවත් තිබිය හැකිද? ආසියාවේම?

විල්පත්තුව ගැන කෑ මොර දෙති, කුඩා දිය ඇලි වෙනුවෙන් සමිති හදාගෙන සිටිති. එහෙත් මේ මහා විනාශය ගැන කතා කරන පරිසරවේදියෙක් හෝ දේශපාලඥයෙක් පෙනෙන්නට නැත්තේ කුමන  ඛේදවාචකයක් නිසාදැයි මට නම් තේරෙන්නේ නැත. 

12 comments:

  1. ඔන්න කල් ඇතුවම කිව්වා. දළදා හාමුදරුවන්ව හරි අස්ගිරියේ හාමුරුවන්ව හරි ගාව ගන්න බැහැ. අස්ගරියේ අනු නායක තැන කිව්වා ඒවා කොහෙද අපිත් එක්ක.

    ReplyDelete
  2. මාතෘකාව පරිසර දුෂණය- තහනම් වචනය දළදා මාළිගාව

    ReplyDelete
  3. මේව්වා තනිකර තෙල් වෙලෙන්දන්ගේ මාෆියා වසර සිය ගණනක් තිස්සේ එන..

    ReplyDelete
  4. +++++++++++++.
    None so blind as religious blind.

    ReplyDelete
  5. +++++++++++++.
    None so blind as religious blind.

    ReplyDelete
  6. ආගම් තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් ද ? මිනිස්සු ඉන්නේ ආගම් වෙනුවෙන් ද ?

    ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාව !!

    ReplyDelete
  7. මහනුවර නගරයේ පරිසර විනාශය ගැන ඔබ සඳහන් කර තිබෙන කරුණු ටික හරිම වැදගත්. 'කෝප්පයක හැඩය' ඇති නගරයට සියලුම විෂ වායු සහ විෂ අංශු එකතු වීම ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට මේ ලිපිය මහනුවර නගරාධිපතිට යැව්වොත් නරකද? පාසල් දරුවන් දැනුවත් කර මේ ගැන අවබොධයක් ඇති කරවීමට වැඩ පිළිවෙලක් සකස් කරගත හැකිනම් හරි වටිනවා. පරිසර සංවිධාන මගින් හෝ පරිසර දූෂක පිළිබඳව සහ කාබන් පිය සටහන (carbon foot print) ජල පිය සටහන (water foot print) වැනි පරිසර විද්‍යාත්මක නව සංකල්ප ගැන අඩු තරමින් අපොස උසස් පෙළ විද්‍යා සිසුන්ට වත් දැනුමක් ලබාදීමට සුදුසු කාලය එළඹ තිබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අපිනං පිකටිනුත් කලා, පොදුබලෙයි, මාලිගාවේ කපුවොයි, හිරු එකයි අපිට අල්ලං ගැහුවා.

      Delete
  8. එක්කෝ temple of the tooth එතැනම තනිකර නව නගරයක් තැනිය යුතුයි. නැතිනම් temple of the tooth නගරයෙන් එපිටට ගෙන යා යුතුයි!

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඔය පාරේ වහන ගියා. වැහුවෙ යුද්දෙ නිසා. දැන් යුද්දයක්
      නෑනෙ.

      Delete
  9. ආගමික සිද්ධස්ථාන නගරයෙන් පිටතයි පිහිටුවන්න ඕනේ. දළදා මාළිගාව මහනුවර නාගරික කේන්ද්‍රස්ථානයෙන් පිටත වඩා ඉඩකඩ ඇති පරිසරයක පිහිටෙව්වොත් පෙරහැර කාලෙට වුණත් මිනිස්සුන්ට කරදරයක් නැතිවෙයි. ඇයි කවුරුත් ගෞරවනීය විදිහට මේ යෝජනාව නොකරන්නෙ.

    ReplyDelete

ස්කිනර් සහ කිරිබණ්ඩා - 3

" මම කීප දෙනෙක් ගෙන්ම ඇහුව සමනල කන්ද මුදුනට මගෙත් එක්ක තරඟෙට නගින්න පුළුවන් කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියල, කාටවත් එහෙම කෙනෙක් ගැන...