Saturday, November 26, 2016

අපි අරාජික වෙමුද? අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටස








අපි අරාජික වෙමුද? අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටස





ඊයේ රාත්‍රියට කෑම කන්නේ මොනවාදැයි සාකච්චා කර අවසානයේ ආප්ප කන්නට තීරණය කළෙමු. නමුත් නිවස අසල ආප්ප තිබෙන කඩේ හැමදාම ආප්ප හදන්නේ නැති නිසා ආප්ප තිබේදැයි හරියටම දැන ගැනීමට අවශය විය. ඒ සඳහා ඔවුන්ට දුරකථන ඇමතුමක් දී විමසන්නට උත්සාහ නලද ඔවුන් පිළිතුරු දෙන්නේ නැත. ව්‍යාපාරය දියුණු කර ගන්නට ඕනෑ නම්; අඩු තරමින් පවත්වා ගෙන යන්නටවත් ඕනෑ නම් ඔවුන් මීට වඩා උනන්දුවෙන් වැඩකල යුතුය. ඒත් අනික් පැත්තෙන් ඔවුන්ට වැරැද්දක් කිව නොහැක්කේ ඔවුන්ගේ රට වැඩ කරන්නේත් ඒ අයුරෙන් නිසාය.

ඒ ආප්ප කඩය අසල මහනුවර නගරයට යන බස් නවත්තන ප්‍රධාන හන්දියකි. සතියේ දවසක උදේ 6.00 සිට රාත්‍රී 8.00 දක්වා පමණ ඕනෑම වේලාවක හන්දිය දෙස බැලුවහොත් වාහන 5/6 ක් දකින්නට පුලුවන. මෙතනින් යන්නේ එකම රූට් නොම්මරයක බස් වේ. එහෙත් මෙතනට බස් පැමිණෙන වේලාවල් සටහන් කරන ලද කාලසටහනක් එතන නැත්තේය. බස් රියදුරන් කරන්නේ හන්දියට මීටර් 300/400 තිබියදී හෝන් ගන්නට පටන් ගැනීමය. ඒ බස් එක එනවා යැයි අවට සිටින මගීන්ට දන්වා ඔවුන් හැකි තරම් හන්දියට ගෙන්වා ගැනීමටය.

ලංකාවේ හෝඩියේ පන්තියක බැඳෙන‍ෙ ළමුන් ප්‍රමාණයෙන් 5% ක් පමණ අ.පො.ස.උසස් පෙල විභාගයෙන් විශ්ව විද්‍යාල වලට තේරෙති. ඉතිරි 95% නොයෙකුත් තැන් වලින් අධ්‍යාපනයෙන් ඉවත් වී විවිධ රැකියාවල නිරත වෙති. විශ්ව විද්‍යාල වලට යන මේ ශිෂ්‍යයන්ට නොමිළේ අධ්‍යාපනය දී ඒ අවුරුදු 3,4,5, තුල මාසික දීමනාවකුත් ගෙවනු ලැබේ. ඒවා ගෙවන්නේ නොපැමිණි 95% සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගෙවන බඳු වලිනි. උපාධි ලබා විශ්ව විද්‍යාල වලින් පිටවල ශිෂ්‍යයෝ අර බඳු මුදලෙන්ම ගෙවා ජීවිතාන්තය දක්වා රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙළපාලි යති.

විශ්ව විද්‍යාල වලට නොගිය 95% න් වැඩි දෙනෙකු ඉන්පසු කරන රැකියාවල් පහත පරිදිය.

ත්‍රීවිලර් රැකියාව
ලංකාවේ සහ පිටරට ඇදුම් කර්මාන්ත ශාලාවල රැකියාව
මැදපෙරදිග ගෘහ සේවිකා

මෙවැනි රැකියාවල් කිරීමට බහුතරයකට සිදුවන බව දන්නවා නම් සිංහල, තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, භූගෝලය වැනි විෂයයන් පාසැලේදීත් උගන්වා මෙතරම් ටියුෂන් පන්තිත් පවත්වන්නේ ඇයි?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිහින් ගුවන් සේවය වැනි සුදු අලි කෝටි ගණන් ජාතියේ සංවර්ධන වැඩ වලට යෙදවිය හැකි මුදල් නාස්ති කරති. මේවා වසා දමන්නට යැයි කවුරුත් ඉල්ලා සිටිනු නොපෙනේ.

රජය කරන ව්‍යාපාර, ලංගම, දුම්රිය, තෙල් පිරිපහදුව වැනි බොහෝ ආයතන වලින් අවුරුද්දකට හයිවේ පහක් පමණ සාදන්නට පුලුවන් ජනතාවගේ මුදල් නාස්ති කරති. මේවා පෞද්ගලික කරණය කරන ලෙස කවුරුත් ඉල්ලා සිටින්නේ නැත්තේ ඇයි?

ජනප්‍රිය පාසැල් වලට ළමයින් මුලු ළමා ජනගහනයෙන් 5% ක් පමණ තෝරා ගෙන මුලු රටේම ජනතාවගේ මුදලෙන් ඒ 5% ට දෙන්නට පුලුවන් සියලුම පහසුකම් දෙති. අඩු තරමෙන් සියලු දෙනාගේ මුදලෙන් ලබාදෙන ඒ පහසුකම් වලට යම් අය කිරීමක් කර එම මුදල දුප්පත් පාසැල් වලට පහසුකම් වැඩි කිරිමට යොදවන ලෙසට ඉල්ලා මිනිසුන් පාරට බසින්නේ නැත්තේ ඇයි?   

මෙතරම් රටේ මාළු මුදලාලිවරුන්, මාළු කඩ සහ හෝම් ඩිලිවරි මාළුකාරයන් සිටියදී මහජන මුදලින් ධීවර සංස්ථාවක් දමා රට පුරා මාළු කඩ දමා මහජන මුදල් නාස්ති කරති. දැන් පාඩු නිසා වසා දමන්නට යන විට 700 ක් දෙනා රැකියා නැතිවන නිසා  නොවසා දිගටම ඔවුනට මහජන මුදලින් පඩි ගෙවන්නට කියති. 

සෑම දේකටම සංස්ථාවක් දමා රජය ව්‍යාපාර කරන්නට ගොස් ඇන ගනිති. තුනී ලෑලි වලටත් සංස්ථාවක් දමන්නට තරම් මෙය දුර දිග ගියේය.

 රටෙහි ප්‍රධානතම නගරයක ප්‍රධානතම මහා මාර්ගය කිසිම හේතුවක් නැතුව වසා දමා සමහර විට පෘතුවිය උෂ්නත්වය වැඩි වීමෙන් පසුව මිනිසා විසින් මෑත කාලයේ කරන ලද ලොකුම වැලැක්විය හැකි පරිසර විනාශය සිදු කරති. 

තරඟකාරී මට්ටමකට පැමිණි නැති ක්‍රීඩකයන් 9 දෙනෙකු රැගෙන නිලධාරීන් 40 ක් කෝටි ගණන් මුදල් වියදම් කර ලෝකයේ අනික් පැත්තේ ඇති ඔලිම්පික් තරගයට යති. 

දුප්පත් මහජන මුදලින් වෛද්‍යවරු හදන්නේ නැතිව ඔවුන්තේ මුදලෙන් වෛද්‍යවරු වීමට කැමැත්තන්ට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරේ. එය වසා දමන ලෙසට රජයට බලකෙරේ. පොදු ජනතාවගේ ඕනෑ එපාකම් බලා ගන්නට පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයනුත් එයට විරුද්ධ වෙයි. අඩු තරමින් මෙය හා මින් ඉදිරියට එන පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල කලමණාකරනය වන පරිදි not for profit ආකාරයටවත් කරන්නට කිසිවෙකු යෝජනා කරන්නේ නැත. 

මම ජීවත්වන්නේ මහනුවර නගැයට කිලෝ මීටර් දෙකක් පමන දුරින් නාගරික/ග්‍රාමීය පරිසරයකය. අපි කුඩා කාලයේ අලකොළ අල බතල මිනිසුන් ගොඩ ඉඩම්වල පමණක් නොව ඉඩෝරයට කුඹුරු වලත් වැවූහ. දැන් ගෙවත්තේ පොල් පැලයක් වත් සිටුවන්නේ නැත්තේ ඌරන් සහ ඉත්තෑවන් පැමිණ විනාශ කර දමන නිසාය. තව අවුරුදු 10/15 ක් යන විට මේ සතුන්ගේ ජනගහනයත් 3/4 ගුනයකින් වැඩිවී ඉතිරී වී තිබෙන පැරණි පොල් ගසුත් පෙරලා දමන්නට පටන් ගතහොත් පුදුම විය යුතු නැත. 

මේ අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටසේ අංශූ මාත්‍රයක් පමණි. රටක් මෙලෙස පවත්වා ගැනීමට මෙතරම් වියදම් කර රජයක් පවත්වා ගත යුතුද?  

8 comments:

  1. ලක්ෂ්මන් මහතා........ අදයි මේ පැත්තට ආවේ...... බ්ලොගය අගෙයි... සින්ඩියට දා ගත්තා.... දැන් දිගට ම එන්නම්..... ජයවේවා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  2. මේ රට හදන්න නම්...ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර...සරත් විමලසුරිය...අගමැති කලයුතුය !

    ReplyDelete
  3. Really good writing Lakshman, I really enjoying reading your artickes. Please keep on writing!

    ReplyDelete
  4. සරත් එහෙම නැතුව අපි දෙන්නා ඒ තැන් මාරු කරගමු, මම කැමති කට්ටියත් එක්ක පොඩි ජෝක් එකක් එහෙම දාගෙන පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ලාබෙට කාලා සැපට ඉන්ට.
    සරත්ට පුලුවන් හැමදාම පන්සලක් ගානේ ගිහිල්ලා කතා පවත්වන්ට.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරල බලමු සර්...ප්ලාස්ටික් වාලම්පූරි ටිකක් බෙදලා...ගණදෙවි පුජාවක් කරලා වැඩේ පටන්ගමු !

      Delete
  5. \\ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර...සරත් විමලසුරිය...අගමැති \\

    මාත් කැමතියි අම්මප.

    සිරාවටම මේක කරන්න බැරිද?

    ReplyDelete
  6. බොහෝ දේ ගැන එකඟයි. මම දන්නා තරමට වි.වි. සිසුන්ගේ ඉල්ලීම සයිටම්, ස්ලිට්, NSBM වැනී ඒවා රජයට පවරා ගැනීම මිස වසා දැමීම නොවේ.

    not for profit කරන්නනම් එහි දැන් අයිතිකරුට පුලුවන්. නමුත් මම හිතන්නේ GMOA වැනි ඉල්ලීමත් එය රජයට පවරා ගැනීම මිස වසා දැමීම නොවේ.

    not for profit කරන්න ඉල්ලීමක් නොකරන්නේ ඇයිද කියන එකට නම් මම හිතන්නේ බොහෝ රජයේ හෝ අනිත් ආයතන වල සිසුන් දන්නේ නෑ ඔහොම වර්ගීකරනයක් තිබෙනවා කියා.

    උදාහරන ලෙස ස්ලිට්, NSBM වැනි සිසුන් හිතන්නේ ඔවුන් private university වල සිසුන් කියා.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...