Thursday, November 3, 2016

සපත්තු ගලවා තබනවාද? දාගෙනම ඇතුලට යනවාද?








සපත්තු ගලවා තබනවාද? දාගෙනම ඇතුලට යනවාද?

අප ගෙදරකට හෝ වෙනත් තැනකට ගිය විට ගේ ඇතුලට සපත්තු දාගෙනම යනවාද? එසේත් නැත්නම් දොර ගාව එළියේ ඒවා ගලවා තබා යනවාද? යනුවෙන් බොහෝ විට අවිනිශ්චිත හැඟීමක් පැන නගී.
මම මේ දවස්වල කියවන Jens Lapidus නැමති ස්ව්ඩන් ජාතික ලේඛකයාගේ (මොහු ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ප්රeසිද්ධ අපරාධ නීතිඥයෙකුද වෙයි.)  EASY MONEY නැමති පොතෙහි මේ සපත්තු ගැලවීම/නොගැලවීම පිළිබඳව සිත් ගන්නා සුළු වර්ග කිරීමක් දැක්කෙමි. එම පරිච්ඡේදය උද්ධෘත කර සියලු දෙනාගේ දැන ගැනීම පිණිස මෙහි ඇතුලත් කරන්නට තීරණය කළෙමි.  

“Everyone wore their shoes inside – classic. The shoe question divided the Swedish indoor world. There are three types of people. The type who always walks in with shoes on and has the right attitude – is there anything worse than walking around in party attire and socks? The second type of person in the one who becomes insecure and checks out what everyone else is doing, who might keep them on if everyone else does. Wishy – washy, a turncoat. Finally, there’s the third type, who thinks you should always take your shoes off, who walks around soundlessly in sweaty socks, who only has himself to blame”.

ඵහි සිංහල පරිවර්තනය

අතීතයේ සියලු දෙන නිවෙස් ඇතුලත පාවහන් පැළඳූහ. එහෙත් දැන් ස්විඩනයේ ගෘහස්ත ජීවිතය, සපත්තු ප්ර ශ්නය විසින් කොටස් වලට බෙදා තිබේ. දැන් ලෝකයේ වර්ග තුනක මිනිසුන් සිටී; හරි ආකල්ප ඇති පුද්ගලයින් සපත්තු නොගලවා කෙලින්ම ඇතුලට ගමන් කරති - සාදයකට අඳින ඇඳුමක් ඇඳගෙන සපත්තු දෙකක් නොමැතිව සාදයේ මේස් දෙකෙන් පමණක් එහාට මෙහාට යාමට වඩා, ජුගුප්සාජනක දර්ශනයක් තවත් තිබේද? දෙවෙනි වර්ගයේ මිනිසුන් ආත්ම විශ්වාසයක් නොමැතිව පැමිණි අනෙක් පුද්ගලයන් කුමක් කරන්නේදැයි වට පිට බලා විපරම් කර අනෙක් අය කරන දේ කරන වර්ගයයි. අනෙකුන් සපත්තු දාගෙනම ඇතුලට යන්නේ නම් ඔවූහුද එසේ කරති. ආත්ම විශ්වාසයක් නොමැති පිල් මාරු කරන්නන්. අවසානයේ, තමන් සෑම විටම තැනකට ඇතුල් වන විට පාවහන් ගලවා ඇතුල්විය යුතු යැයි සිතන්නෝ තුන්වෙනි කණ්ඩායමට අන්තර් ගත වෙති. ඔවූහු තමන්ගේ දහඬිය මුසු වූ මේස් මත නිශ්ශබ්දව සාදයේ එහාට මෙහාට ගමන් කරති. ඔවුනට දොස් පවරා ගන්නට ඇත්තේ තමන්ටම පමණි.  
 

අපට නිතරම ස්විඩන් සාහිත්යායේ පොත පත කියවන්නට ලැබෙන්නේ නැත. මෙම පොත පිටපත් මිලියනයකට වඩා විකුණුනු ජනප්රියය වූ පොතක් හෙයින් එය ඉංග්රීනසියට පරිවර්තනය කර තිබූ නිසා කියවන්නට අපට ඉඩ ලැබී ඇත. එසේ නොමැති නම් ස්විඩිෂ් භාෂාවෙන් ලියවුනු පොත පත අපට රස විඳින්නට ලැබෙන්නේම නැත. මේ කුඩා පරිච්ඡේදයෙන් වුවද ඒ සාහිත්යඳයේ සිත් ගන්නා සුළු බාවය මනා ලෙස පෙන්වා දෙයි.

6 comments:

  1. හරිම ලස්සනට කැටගරියිස් කරලා.. අපේ උන්ගේ තියෙන අවුල නං.. අර සපත්තු දාගෙන ඉන්න එකාට ඇගිල්ලෙන් ඇන ඇන ඕක ගලවපං කව්රුත් ගලවලා කියල කියන එක තමා.. හැක්..

    ReplyDelete
  2. yes, thats another category here, we can find many more I suppose

    ReplyDelete
  3. මම නම් සපත්තු ගලවන්නෙ Server Room යන්නයි. ආගමික සිද්ස්ථාධනයකට යන්නයි විතරයි.

    ReplyDelete
  4. මට අවුලක් නැ සපත්තු දාන්නෙ නැති හන්දා

    ReplyDelete
  5. සපත්තු ගලවන තැන් වලට සපත්තු නැතිව ගිහින් එතන තියෙන දෙකක් දාගෙන එන කැටගරියකුත් ඉන්නවා. ස්වීඩනයේ නෙමේ ලංකාවේ

    ReplyDelete

වකුගඩු වසංගතය ට හේතුව කුමක්ද ?

අපි දැන් මාස කිහිපයකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු. නැරඹිය යුතු ප්‍රධාන දේශීය සංචාරක ස්ථාන වලට අමතරව අපත් සමග ගිය පවුල කල...