Monday, November 21, 2016

ට්‍රම්ප් බලයට පැමිණීම කෙලෙස අපට බලපායිද?










අපි පසුගිය වකවානුවේ ජනාධිපතිවරණ ගැන බොහෝ දේ කතා කළෙමු. ඒ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතරය. බොහෝ පණ්ඩිතයන් ඒ අනාවැකි බොරු කරමින් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ධූරයට තේරී පත්විය. ඇත්තෙන්ම ජනප්‍රිය ඡන්ද වලින් තේරී පත්වූයේ නම් ඒ සදහා තේරී පත්විය යුත්තේ හිලරි ක්ලින්ටන්ය. එහෙත් රටෙහි ජනගහනයෙන් අඩු ප්‍රාන්ත වලටත් පැහැදිලි නියෝජනයක් ලබාදීම සදහා සකස් කර ඇති electoral college, ප්‍රාන්ත නියෝජිත කණ්ඩායම් ක්‍රමය නිසා ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. (ලංකාවේ සමහර රූපවාහිනී නාලිකා මෙම පාඨය ඡන්ද විද්‍යාල නමින් ඉතාමත් වැරදි සහගත ලෙස පරිවර්තනය කරන්නට එකල පෙලඹුනේ ශබ්දකෝෂයේ පලවෙනියටම දකින තේරුම, එසේත් නැත්නම් වචනයක තමන් දන්නා තේරුම යෙදීම නිසාය).

ඇමරිකාවේ ජනාධිපති පත්වීම මුළු ලෝකයටම වැදගත් බව කිව යුත්තක් නොවේ. ඒ මක්නිසාද යත් ආර්ථිකව, දේශපාලනිකව, යුධ බලය, අධ්‍යාපනය, කලාව, විද්‍යාව, යනාදී මෙකී නොකී සියල්ලෙන්ම ලෝකයේ මුල් තැන ගන්නේ ඇමරිකාව නිසාය. මේ සියල්ලටම වඩා අලුත් දේ සොයා ගැනීම සහ ඒවාට ඇති කැමැත්ත ඇමරිකාව ලොව ප්‍රධාන රාජ්‍ය බවට පත් කරයි. විශේෂයෙන්ම අපට ඇමරිකාව වැදගත් වන්නේ අපෙන් වැඩිම වටිනාකමකට රාජ්‍යයක් වශයෙන් මිළදී ගන්නා රට ඇමරිකාව නිසාය. එහි දශම එකක ආර්ථික වර්ධනයේ වැඩිවීමක් වුවද අපේ ආර්ථිකයට මහත් සේ බලපෑමක් ඇති කරයි.

වෙනත් ජනාධිපති ඡන්ද මෙන් නොව ඇමරිකාවේ මෙවර ජනාධිපතිවරණය විශේෂ වැදගත් කමක් ගනී. ඒ බලයේ සිටින ජනාධිපතිවරයා සහ අලුතෙන් එන ජනාධිපතිවරයාගේ ඇති වෙනසයි. එම වෙනස ඡවි වර්ණයෙන් බොහෝ ඔබ්බට විහිදෙයි. බැරැක් ඔබාමා නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. එහි වමට බරවූ ලිබරල් එසේත් නැත්නම් ප්‍රගතශීලී (progressive) කොටසයි. මොවුන් සහනාධාර වැඩිකර රජය විශාල කරන්නට උත්සාහ කරති. හමුදා වියදම් අඩු කරති. ත්‍රස්තවාදීන්ට අනුකම්පා කරති. කුඩා රාජ්‍යයක ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇති වුවහොත් ඔවුන් බොහෝ විට ගන්නට ඉඩ ඇත්තේ ත්‍රස්තවාදීන්ගේ පැත්තය; බෙලහීන බල්ලාගේ පැත්තය.

අනික් අතට රිපබිලිකන් පක්ෂය සහනාධාර අඩුකර රජය කුඩා කර එම වියදම්ද අඩුකර පුද්ගලික ව්‍යාපාර වලට වැඩිපුර අවස්ථාව ලබාදේ. හමුදාද ශක්තිමත් කරයි. මෙවැනි ප්‍රතිපත්ති සමූහයක් ඉදිරියට ගෙන ගිය හොත් ලැබෙන ප්‍රතිපල කුමන ආකාරයේ විය හැකිද?

  • මැදපෙරදිග දැන් පවතින ආරවුල් ඉක්මනින්ම අවසන් වනු ඇත. රුසියාව සහ ඇමරිකාව එකතු වී ඔවුන්ට ඇති යුධ බලය සහ මිත්‍ර රටවල් මත ඇති බලය පාවිච්චි කල විට මූලධර්මවාදීන්ට සහ අනෙකුත් ත්‍රස්තවාදීන්ට කිසිඳු ඉඩක් නැත්තේය. මේ ලඟකදී රුසියාවේ ඩූමාහි අන්තර්ජාතික කටයුතු පිළිබඳ ප්‍රධානියා CNN සමග කල සාකච්ඡාවකදී මේ බලාපොරොත්තුව පැහැදිලිව පෙනුනි.  
  • ඇමරිකාව තුල පුද්ගලික ව්‍යාපාර වලට වැඩි පහසුකම් ලබාදීම. බොහෝ නව නිපයුම් ඇති වී සියලු ජනයාට එයින් මහත් ප්‍රයෝජන ලැබෙනු ඇත. 
  • ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය ඉහල යනු ඇත. මෙයින් අප වැනි ඇමරිකාවට අපනයනය කරන්නන්ට, විශේෂයෙන්ම ඇඟලුම් වැනි පාරිභෝගික ද්‍රව්‍යයන්, මහත් වාසි ගෙන දෙනු ඇත. 
  • ඇමරිකාව මැක්සිකෝව වැනි අසල්වැසි රාජ්‍යයන් සමග ඇතිකර ගෙන තිබූ ද්වී පාක්ෂික සහ බහු පාක්ෂික වෙළෙඳ ගිවිසුම් නිසා එම තදාසන්න රාජ්‍ය වලට ගිය ආයෝජන කොටසක් ආසියාවටත් එන්නට ඉඩ තිබේ. 
  • ඇමරිකාවේ රාජ්‍ය වියදම් අඩු වීමෙන් සහ බඳු අඩු වීමෙන් මධ්‍යම පන්තියට වැඩිපුර පාරිභෝගික ද්‍රව්‍ය සදහා වියදම් කිරීමට මුදල් අත ගැවසෙනු ඇත. මෙයත්අප වැනි රටවලට වාසිදායක වනු ඇත. 
  • අපට ඇතිවිය හැකිව තිබූ ජිනීවා ගැටලුව අහන්නට වත් නොලැබෙනු ඇත. මක්නිසාද ඒවාට උල් පන්දම් දෙන ඊනියා bleeding heart ලිබරල් වාදීන් දැන් බලයේ නැති හෙයිනි. 
  • තවමත් විනාශ වුනු එල්.ටී.ටී.ඊ. යට කෙසේ හො පණ දිය යුතු යැයි සැලසුම් කරන ඩයස්පෝරා කොටස් නිශ්ශබ්ද වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ආතපාලුවන් ගෙන් මුදල් ආධාර ලබා ගත්තේ නැත. 
  • ඇමරිකාවට ඇතුල්වීමට මීට වඩා පැහැදිලි එමෙන්ම ක්‍රමවත් පද්ධතියක් ඇති කිරීමෙන් ඇත්තෙන්ම යම් අවශ්‍යතාවයකට ඇමරිකාවට යන අයට පහසු වනු ඇත. 
  • හාවාත් දඩයම් බල්ලාත් යන දෙදෙනාම සමග දුවන මැදපෙරදිග රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුට එය කිරීම අපහසු වනු ඇත. 
  • ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන තෙක් ට්‍රම්ප් ඇමරිකාවේ කිසිම දේශපාලන අත්දැකීමක් ලබා නැත්තේය. මොහුගේ මෙම සාර්ථක අත්හදා බැලීමෙන් වෙන බොහෝ රටවල මෙවැනි පුද්ගලයින් දේශපාලනයට ඒමට  ධෛර්යයක් ලැබීමට හේතු විය හැක.
  • මේ සියල්ලටම වඩා මේ අන්තවාදී ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් වූ විට සපත්තු මේස් නොගලවා අපට ගුවන් යානාවකට ගොඩ වන්නට ඉඩ ලැබෙනු ඇත. 




        

13 comments:

  1. ඇමරිකාව බංගවේවා කියන අපේ වහේලාට නොතේරෙන එකම දේ තමයි ඇමරිකා ආර්තිකයට කෙළ වුනොත් මුලින්ම කෙලවෙන්නේ අපිට බව.

    ReplyDelete
  2. අපට කෙසේ වෙතත් මුළු ලෝකයම උඩු යටිකුරු වෙයි කියලා නම් හිතෙනවා. ඇමරිකාවෙත් සෑහෙන වෙනස් කම් තියෙයි. එහෙත් රෙජීමයක් ඇති වන ළකුණු දැනටම පේනවා.

    අපේ අපනයන වලින් 40% යන්නේ ඇමරිකාවට.

    ඒ කෙසේ වෙතත් ට්‍රම්ප් නම් ලංකාව ගැන දන්නවද කියන එකත් ප්‍රශ්ණයක්.

    ReplyDelete
  3. බෙදුම්වාදින්ට සහ මුස්ලිම් අන්තවාදීන්ටනං සැපට කෑම ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් ,

    අනිත් පැත්තෙන් පූටින් ඉන්නවා

    මරේ මරු

    ReplyDelete
  4. ඔය කියන තරම් ට්‍රම්ප් යකා කළු නොවෙන්නත් පුළුවන්.

    ReplyDelete
  5. // මක්නිසාද ඒවාට උල් පන්දම් දෙන ඊනියා bleeding heart ලිබරල් වාදීන් දැන් බලයේ නැති හෙයිනි //

    පවු අපේ ඇන් ජී ඕ කුලීකාරයෝ සැට් එක හිටන්!

    ReplyDelete
  6. මට තේරුණ හැටියට නම් ට්‍රම්ප් කිවුවේ නියම ඇත්ත. ඔහු දේශපාලකයෙක් නොවන නිසා එය පොලිටිකලි කරෙක්ට් විදියට කියන්න ඔහුට දැනීමක් තිබුනේ නෑ. හිලරි ඒකෙ අනිත් පැත්ත.
    ට්‍රම්ප්ට හොඳ උපදේශකයෝ ටිකක් ලැබුනොත් හොඳයි. නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාවට කෙල වෙලා ගියොත් කවුද ඊළඟට ලෝකේ පොලිස් කාරය වෙන්නේ කියන එක. චීනා අවොත් ඉතින් ලෝකෙටම අබ සරණ තමා.

    ReplyDelete
  7. අන්තවාදී ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් වූ විට සපත්තු මේස් නොගලවා අපට ගුවන් යානාවකට ගොඩ වන්නට ඉඩ ලැබෙනු ඇත.
    ////// +++++++++++

    ReplyDelete
  8. එච්චර ලොකු ව්‍යාපාරයක් හදපු මිනිහට කරන්න බැරි වැඩක් නෑ මට හිතෙන විදියට.

    ReplyDelete
  9. ලොකු දේශපාලන තනතුරුවලට දේශපාලනය ගැන නොදන්න කෙනෙක් ආවාම ලැබෙන බලයත් එක්ක උද්දච්ච වෙනවා. පස්සේ වැඩ අනාගන්නවා. ඒ මොනවා උණත් ට්‍රම්ෆ් දිනපු එකට මම කැමතියි. මම ඇමරිකාවේ හිටියානම් මමත් ඡන්දෙ දෙන්නේ ට්‍රම්ෆ්ට.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...