Sunday, August 7, 2016

10 + 1; නොසෑදුනු ටෙලි නාට්‍යය, පලවෙනි කොටස





                                               10+1

photo credit Chinthana Gallage



මම මීට අවුරුදු කිහිපයකට පෙර ටෙලි නාට්‍යයක් හදන්නට අදහස් කර, ඒ සදහා ස්ක්‍රිප්ට් එකක් ලිව්වෙමි. එහෙත් ලියා අවසන මට මේ සදහා වෙහෙස වීමට කම්මැලි සිතුන නිසා, ස්ක්‍රිප්ට් එක හමස්  පෙට්ටියට ගියේය. ලඟකදී මා බ්ලොග් එකක් ලිවීම ආරම්භ කලෙමි. දැන් ස්ක්‍රිප්ට් එක කිසිම ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි නිසා, එය කොටස් වශයෙන් බ්ලොග් එකේ දැමීමට තීරණය කලෙමි.

මගේ බ්ලොග් එක කියවන ආදරණීය හිත මිතුරන් ගෙන්, මෙම කොටස් වශයෙන් පලවන කථාව රසවිදින ලෙසට හදපිරි සතුටින් ඉල්ලා සිටිමි.
මුලදී ඒ වාගේ පෙනුනාට ලගාන් හා කිසිම සම්බන්ධයක් නොමැති බවද දන්වා සිටිමි.

This has some relevancy to my earlier blog on the state of Srilankan cricket

 http://lakshmanillangakoon.blogspot.com/2016/06/blog-post_17.html






                                                     

                                             10+1


Kingsbury විද්‍යාලය.
සුදු පැහැ full suit  එකකින්  සැරසුණු  විදුහල්පති  ඉඳගෙන  සිටී. වයස  30 ක පමණ එතරම් උස නැති සුදු කලිසමක් සහ සුදු අත්කොට කමිසයක් ඇඳසිටින ක්‍රිකට් බාර  ගුරුවරයා  විදුහල්පති  කාමරයේ  ගෞරවයෙන්  සිටගෙන  සිටී.

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා

වීරසේකර,  ඇවිල්ලා  ඉදගන්න .

වීරසේකර
නෑ  සර්  මෙහෙම  හොදයී .

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
මං  වීරසේකර  එන්න කීව්වේ වැදගත් කාරණාවකට, ක්‍රිකට්‌ සම්බන්ධව, කථා කරන්න .
වීරසේකර
සර්  දැන්  ක්‍රිකට් team එක හොදම  තත්වයකට ඇවිල්ලා තියෙන්නේ.  ම‍ට  සෑහෙන්න විශ්වාසයක්  තියෙනවා අපිට මේ පාර all  island tournament  එක  දිනන්න පුලුවන් කියලා.Bowling, Bating හොදටම හොදයි fielding ටිකක්  improve ක‍රගන්න ඔනෑ. මීට කලින්  අවුරුද්දේ අපි පැරදුනු කොළඹ team දෙකක්ම අපි මේ season එකේ පරද්දනවා............ වීරසේකර දිගටම කියාගෙන යාමට  සැරසෙයි.
විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
මම  දන්නවා ඔයා හොදට  වැඩේ  කරනවා කියලා. මම අවුරුදු 10ක් මේ ඉස්කෝලේ විදුහල්පති වෙලා හිටියා .තව අවුරුදු දෙකකින් මම retire වෙන්න ඕන. මගේ තියෙන ලොකුම හීනයක් තමයි මම retire වෙන්න ඉස්සර වෙලා, අපේ team එක All Island Champion වෙන එක. ඔයා මගේ හතරවැනි master in charge මට සැහෙන විශ්වාසයක් තියෙනවා. ඔයා දන්නවා ඇතිනේ, මාවත් මේ ඉස්කොලේ ක්‍රිකට් team එකේ captain කරලා තියෙනවා. අපිට තාමත් බැරි වුනා all island champion වෙන්න
වීරසේකර
ඒක ඇත්ත සර් අපි ඔක්කොම දන්නවා. සර් තමයි මේ college එකේ මුලින්ම Big match එකක double century එකක් ගැහුවේ. නමුත් හොද players ලා තුන් දෙනෙක් ඉදලා All Island champion වෙන්ට බැහැ. මුළු team එකම එක machine එකක් වගේ නියම combination එකක් ඇතිකරගන්න, ඕන හරියට rolex ඔරලෝසුවක් වගේ
විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
combination කියද්දී මට මතක් වුනේ, අපේ අර දිසානායක ඇමති තුමාගේ පුතාගේ standard එක වීරසේකර  -- ඔව්  සර්  මිනිහා හොද batsman, batting වලින් නම් team එකේ ඉන්න පුළුවන්. නමුත් fielding අන්තිමයි. පහුගිය matches දෙකේම මම මිනිහව try කරා. නමුත් catches තුනක් drop කලා. බොහොම ලේසි catches. මිනිහා තරම්ම batting හොද, තව දෙන්නෙක්‌ reserve එකේ  ඉන්නවා. මම එයින් එක්කෙනෙක් අරගෙන දිසානායකව drop කරා.
විදුහල්පතිගේ මුහුණ අදුරු වෙයි. වීරසේකර ද අසීරු තත්වයකට පත් වූ බව පෙනේ.

දිසානායක ඇමතිතුමාගේ නිවස;

ඇමතිතුමා සහ බිරිද නිවසේ සාලයේ සිටි. ඇමතිතුමා දුරකථනයෙන් කථා කරයි .

දිසානායක ඇමැති තුමා
අපේ ගොඩමුන්න මහත්තයා නේද?

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
දුරකථනයෙන් කථා කරනවා ඇසෙයි.

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
ආ මේ අපේ ඇමතිතුමා නේ.

දිසානායක ඇමැති තුමා
Good morning. මම අදනේ දන්නේ විදුහල්පතිතුමා අපට නෑ කමකුත් තියනවා කියලා.
නෝනා මේ මට දැන් කිව්වේ.

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
ඒක තමයි ඇමතිතුමා මැඩම් මටත් ඕක පෙන්නලා දුන්නේ ලගදී. අපිටත් කොච්චර ආඩම්බරයක්ද ඔබතුමා, නෑයෙක් කියලා දැනගත්ත එකට .

දිසානායක ඇමැති තුමා
අර අපේ පුතාගේ ප්‍රශ්නය මම ඔබතුමාට කීවේ පෙරේදා meeting එක ඉවරවෙලා. මම දන්නවා අපේ ගොඩමුන්න මහත්තයා. ඒකට දැනටමත් action එකක් ගන්න ඇති කියලා. ඔබතුමාට තව පැන්ෂන් යන්න තව අවුරුදු දෙකයි නේද තියෙන්නේ. ඊට කලින් අධ්‍යක්ෂක කමකුත් කරලා ගියා නම් නේද හොද?

විදුහල්පති, කොලින් ගොඩමුන්න මහතා
මම ඇව්ල්ලා ඔබතුමා හමුවෙන්නම්කෝ කියා telephone එක තබයි. වීරසේකර එන්න ඇතුලට. ඇමතිතුමාගේ පුතා කොහොම හරි අපි team එකට දාන්න ඕන.
වීරසේකර
දාන්න නම්  පුලූවන් සර්. නමුත් team එකේ balance එක නැතිවෙනවා. ඒ එක්කම team එකේ discipline එකත් බහිනවා.

විදුහල්පති
, කොලින් ගොඩමුන්න මහතා
හොදයි  අපි මේක පස්සේ කථා කරමුකෝ.
-       3  -
පරණ පන්සලක රූප රාමුවක්;
මැදිව්යේ හාමුදුරු නමක් ඉදගෙන සිටී. වීරසේකර සරමක් ඇදගෙන ඒ අසල සිටගෙන සිටී.
පහමුණේ හාමුදුරුවෝ
එහෙනම් මහත්තයෝ අපි පෝය දවසට ඒක දාගමු. නාට්‍ය බෞද්ධ නාට්‍යක්ම නොවුනට කමක් නැහැ
වීරසේකර
මම කථාව කියවලා බැලුවා හාමුදුරුවනේ .ඒක හොදයි .විශේෂයෙන්ම පාසැල් ළමයින්ට ගැලපෙන විදිහට ලියලා තියෙනවා .එහෙනම් හාමුදුරුවනේ මම ගිහිල්ලා එන්නම්
.ඔහු හාමුදුරුවන්ට වැදීමට  සැරසෙයි .
පහමුණේ හාමුදුරුවෝ
මට තවත් පොඩි කාරණයක්  මහත්මයාට කියන්න තියෙනවා .අපේ අර ඇමති තුමාගේ පුතා මහත්තයා පුහුණු කරන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා කියලා  මට කිව්වා, ඒ ළමයට කණ්ඩායමේ  දිගටම ඉන්න  හදලා දෙන්ට මහත්තයාට විතරයි පුළුවන් කියලත් මට කිව්වා .ඕක පොඩි වැඩක්නේ මහත්තයා එක කරලා දෙන්ටකෝ.
වීරසේකර
අවසරයි හාමුදුරුවනේ , ඔය ක්‍රිකට් කණ්ඩායම මම දරුවෙක් වගේ අවුරුදු දෙකක් හදාගෙන ඉන්නේ .එක නම් මම අවුල් කරන්න දෙන්නේ නැහැ .මට රස්සාව නැතිවුනත් ඔය වැඩේ මම කරන්නේ නැහැ .
පහමුණේ හාමුදුරුවෝ
මහත්මයා ,ඇමතිතුමා  ආණ්ඩුවේ හරි බලගතු කෙනෙක් .ඔන්න ඕක කරලා දෙන්න .
වීරසේකර
හාමුදුරුවනේ බලයයි, ක්‍රීඩාවයි කියන්නේ දෙකක් .ක්‍රීඩාවේ තියෙන්න ඕනේ සාධාරණත්වය .මම රස්සාවෙන් අස්කරත් ඔය වැඩේ කරන්නේ නැහැ .
හාමුදුරුවන් කල්පනාවට වැටේ. වීරසේකර හාමුදුරුවන්ට දණගහ වැද පිටත් වෙයි .
                                                                             
-       4  -
ක්‍රිකට් පිටිය අසල pavilion එකේ පැත්තක ක්‍රිකට් ක්‍රීඩකයන් සමහරෙකු සිටගෙන සහ සමහරෙකු ඉදගෙන සවන් දෙති. වීරසේකර ඔවුනට කළු ලැල්ලක ලියමින් යම් ක්‍රීඩා උපදේශයක් පැහැදිලි කරයි .එය අවසන් වෙයි.

වීරසේකර
එහෙනම් ඊලග සතියේ  මම  නැහැ .මම ක්‍රිකට් seminar එකකට කොළඹ යනවා. බදාදයි ,සිකුරාදටයි coach batting practice කරයි .ඔය තුන්දෙනා net එකේ practice කරන්න .schedule එකේ දිලා තියෙන විදිහට හැමදෙනාම table  tennis ගහන්න ඕන.
ඔහු පිටවෙයි. ශිෂ්‍යයන්ද පිටවීමට සැරසෙයි.
                                                              
-       5  -
සතියකට පසු සදුදා උදේ වීරසේකර විදුහලට පැමිණෙයි. ඔහු staff කාමරයට පැමිණෙන විට,  සිටින ගුරුවර ගුරුවරියන් තරමක අපහසුතාවයකට පත්වෙයි .ඔහු සියලු දෙනාට ආචාර කර පුවත්පතක් කියවීමට සැරසෙයි .එක් ගුරුවරයෙක් ඔහු ලගට පැමිණ ඉදගෙන,
වීරසේකර ට ආරංචි ඇතිනේද  change  එක
වීරසේකර  තරමක් විමතියට පත් වෙයි .
                                                         මොන change  එකද?

ඇයි ඔයා ක්‍රිකට් in charge එකෙන් අයින් කරලා Volley ball වලට දලා. Mr.Perera cricket in charge කරලා.

...................................................to be continued

16 comments:

  1. Replies
    1. බ්ලොක්??? x 2.. මට නේවි එකේ එකෙක් කෝල් කරලා කියුවා සර්ට කියන්නලු මේක හදන්න කියල.. :)

      Delete
    2. අපිට කිණ්ඩිය දානවද කොහෙද ලක්ෂ්මන් මහත්තයා...!

      Delete
    3. පුංචි අත්වැරැද්දක් වෙන්න ඇති......අපි අතින් වෙන්නෙ ඔය වගේ ඒවයැ...
      ඒ උනාට ඉතිං ඔහොම්ම කියන එක......... නේද කමී

      Delete
  2. මේ ලියාගෙන යන්නේ කෙලින්ම තිර පිටපතද? නමුත් තිර පිටපතක නම් මීට වඩා තාක්ෂනික විස්තර තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. I was planning to improve the script with more details later on if it is needed at a later stage

      Delete
  3. බ්ලොක් වුනේ ග වෙනුවට වරදිලා ක වැදිලා, සිංහල ටයිපින් ඉගෙන ගත්තේ ලගදී, ඕන් හැදුවා, බොහොම ප්‍රවේශමෙන් කියවන බව පේනවා,

    ReplyDelete
  4. නොසෑදුණූ නාට්ටිය අනාගතේ දකින්නට ලැබේවා.....ජය වේවා සර්

    ReplyDelete
  5. සර්...මේ බ්ලොග් එක දැකලා...සාක්කුවෙ අතිරේක ඩොලර් මිටියක් තියෙන කෙනෙක් ඉදිරිපත් වෙයි මේ නාට්‍ය හදන්න. රඹුටන්වල්ල...බී එස් වගේ...ගොඩක් අයට ඌයිය වෙයි !

    ReplyDelete
  6. එහෙම එක්කෙනෙක් මාතර ඉන්නව කියල කුරුල්ලෙක් කිව්ව

    ReplyDelete
  7. මේක කියවීම වෙහෙසකරයි

    ReplyDelete
    Replies
    1. thanks for the feed back, if the interest wanes i will have the whole thing in a one blog , if its possible and finish it off

      Delete
  8. තිර පිටපත් ආකෘතියෙන් කියවීම අළුත් අත්දැකීමක්.ඉදිරියත් කියවන්න කැමතියි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මටත් ලොකු ආසාවක් තියෙනවා තිර පිටපතක් ලියන්න ෆිල්ම් එකකට. මේක හරියට දාන්න. අපට ආදර්ශයක් ගන්න පුලුවන් විදිහට.

    ReplyDelete
  10. තිර පිටපතක් ලියද්දි ජවනිකා හා දර්ශන වශයෙන් අංක යෙදීම පහසුවක්. එක ලොකේෂන් එකක් ජවනිකාවක් ලෙස ගෙන එහි එන විවිධ දර්ශන වෙන් වෙන් වශයෙන් ගන්න.
    අනෙක තමයි දෙබස් පමණක් නොලියා අවශ්‍ය තැන් වලදී අදාළ ජවනිකාව/දර්ශන‍ය රචකයා දකින ආකාරය සැකෙවින් සටහන් කරන්න.
    තිර රචකයාගේ පිටපතේදී තාක්ෂණ විස්තර අවශ්‍ය නැහැ. තාක්ෂණික පිටපත සකස් කිරීම අධ්‍යක්ෂ/කැමරා ශිල්පී එක්ව පසුව කළ යුතු කාර්යයක් විදිහටයි මා නම් දකින්නේ සහ උගන්වන්නේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...