Saturday, August 27, 2016

අප නැති ලෝක දේශපාලන සිතියමෙන් කුමන ඵලයක්ද?






ආචාර්ය රොනල්ඩ් ඉන්ග්ල්හාට් ලෝකයේ රටවල්වල සංස්කෘතික දැක්ම ද්විමාන තලයක සිතියම්ගත කරන ලදී. එහි Y අක්ෂයේ ගතානුගතිකත්වය සහ ආගම, නීතියට සහ බලයක් ඇති පුද්ගලයන්ට ගරු කිරීමේ වැදගත්කම, ජාත්‍යාලය, ගබ්සා කිරීම සහ නැවත සුව කල නොහැකි රෝගීනට සිය දිවි නසාගන්නට ඉඩ දීම වැනි කරුණු පිලිබදව රටවල් වල සාමාන්‍ය ජනයාගේ පිළිගැනීම් ස්ථාන ගත කරන ලදී. එහි පහළ පැත්තේ ජාත්‍යාලය පවුල සහ ගබ්සා වලට විරුද්ධ වීම වැනි ගතානුගතික (Traditionalist).  එහි උඩ කෙලවරේ ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් නිදහස් මත දරන රටවල්ය. ඉන්ග්ල්හාට් ප්‍රස්ථාරයේ X අක්ෂයේ පරීක්ෂා කෙරෙන්නේ සාමාන්‍ය ජීවිතයේ හැසිරීම සහ ඇදුම්, විවිධත්වයට ගරු කිරීම, අලුත් දේවල් වලට ඇති කැමැත්ත, සාමාන්‍ය ප්‍රවාහයේ නොවන ජීවිත ගත කරන්නට කැමති මිනිසුන් දෙස බලන ආකාරය, දේශපාලනයේ ක්‍රියාකාරී වන්නට ඇති කැමැත්ත යනාදියයි.
 X අක්ෂයේ දකුණු කෙලවරට වන්නට තිබෙන්නේ මෙහි නිදහස් මත දාරීන්ගේ අදහස්ය. එහිත් වම් පැත්තේ තිබෙන්නේ ගතානුගතික නිදහස් මත නොදරන රටවල්ය. මෙම සිතියම යම් එක් මිනිසෙකු කොතැනක සිටින්නේදැයි බලාගන්නට හෝ එසේත් නැත්නම් පොදු වශයෙන් රටක් තිබෙන්නේ කොතනදැයි මෙහි සිතියම් ගත කරන්නට පුලුවන.
මෙම මුල් සිතියමේ ශ්‍රී ලංකාව ඇතුලත් කර නොතිබුණි. එසේ ශ්‍රී ලංකාව අඩංගු කල නොතිබුනේ කුමන හේතුවක් නිසාද යන්න මම කල්පනා කර බැලුවෙමි. එයට හේතු පහත සදහන් දෑ වලින් එකක් වෙන්නට පුලුවන
1. ලංකාවේ ජනගහණය මෙහි අඩංගු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීම.
2. ලංකාවේ තිබෙන විවිධ වෙනස් අදහස් සහ දෘෂ්ටීන් නිසා පොදුවේ රටක් වශයෙන් මෙවැනි කරුණු පිලිබදව ස්ථාන ගත විය යුත්තේ කොතනදැයි කෙනෙකුට අදහසක් ගැනීමට ඉතා දුෂ්කර වීම.
3. මෙම අදහස වැඩි දියුණු කිරීමට සම්බන්ධ වී ඇත්තේ, ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය නිසා ලංකාව අඩංගු නොකිරීම බටහිර කුමන්ත්‍රණයක් වීම.
4. ලංකාව ස්ථානගත වන්නේ සිතියමෙන් පිටත විම.
ඉහත  1 විය නොහැක. එයට හේතුව ලංකාවට වඩා ජනගහණය බොහෝ අඩු එසේම එතරම් ප්‍රසිද්ධ නොවන රටවල්ද මෙහි අඩංගු වීමයි. උදාහරණයක් වශයෙන් මෙහි තිබෙන මොල්ඩෝවා රාජ්‍යයේ ජනගහණය මිලියන 3.5 කි. අපේ ජනගහණයෙන් 1/6ක් පමණි.
බටහිර කුමන්ත්‍රණත් එතරම් පිළිගත නොහැකි නිසා මෙයට වඩාත්ම විය හැකි හේතුව ඉහත 2 යැයි මට හිතේ. ජාතියේ නොයෙකුත් ස්ථරයන්හි සහ ස්ථානයන්හි එක්  එක් සමාජ ස්ථරයන් සහ නොයෙකුත් අදහස් දරන X අක්ෂයේ බිංදුවේ සිට අන්තය දක්වා විසිරෙන අතර, Y අක්ෂයේ ස්ථානයද එලෙසම ජාතිය තුල බොහෝ වෙනස්කම් වලට භාජනය වේ.
උදාහරණයක් වශයෙන් අපගේ ඉඩම් නීති, නිතිය පසඳලීම අලුත් දෑ පිලිබදව සිතන ආකාරය යනාදියේ හරි අදහසක් සොයා ගැනීම ඉතාමත් අපහසුය. විශේෂයෙන්ම අපගේ සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, පාරවල් අයිනේ ආගම ඇදහීම, වැනි බාහිරට පෙනෙන නොයෙකුත් විකෘතීන් නිසා, කෙනෙකුට අපි ඇත්තටම කුමක් හිතන්නේදැයි හෝ කුමන පරමාර්ථයන් සහ අදහස් අප තුල ඇත්තේදැයි මැන ගැනීමට ඇති අපහසුතාවය සංසන්දනාත්මකව ඉතාමත් දුෂ්කර යැයි සිතේ.
අපි මේ සිතියම ඇතුලට දැම්මොත් මුලු සිතියමම අවුල් වී යන්නට ඉඩ තිබේ යැයි ආචාර්ය රොනල්ඩ් ඉන්ග්ල්හාට් සිතුවා වන්නට පුලුවන.


මෙම සිතියමේ අඩංගු රටවල් සහ ඒවගේ සාමාන්‍ය දර්ශනයන් සහ ජීවත් වීමේ රටාවන් සමග, අපගේ හැසිරීම සහ අදහස් සංසන්දනය වන්නේ කෙසේදැයි සිතා, මම සිතියමේ සුදු පැහැති තිතක් ලෙස ශ්‍රී ලංකාව ඇතුලත් කලේ සාමාන්‍යයෙන් අප ආසන්නයේවත් කොතනැක සිටින්නේදැයි නිකමට බැලීමටය.

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...