බම්බු නීති
සංශෝධනය කිරීම
ලෝකයේ වැඩිම
වේගයකින් වර්ධනය වන ගස් උන බම්බු පවුලට අයිතිය. ඒවා වැවෙන වේගය දවසකට සෙන්ටි මීටර්
91 ක් (අගල් 35) ක් පමන වෙයි. මෙය පැයකට සෙන්ටි මීටර් 4 ක් හෝ අගල් එක හමාරක් වේ.
මධ්‍යම කඳුකරයේ
සැතපුම් දහස් ගණනක් කුඹුරු යායවල් දිගේ, බොහෝ විට දෙපැත්තෙන්ම ගලා යන ඇල මාර්ග
තිබේ. මෙම ඇල වලට සිත් ගන්නා සුලු නම්ද පටබැඳී ඇත. උදාහරණයක් වශයෙන් අපේ නිවස
පිහිටි කඳු ගැටය වටා යන ඇල ලුණුකැටියා මඩිත්ත ඇල බව ඔප්පුවල සටහන් වී ඇත. මෙම ඇල
මාර්ගයන්හි දෙපස බොහෝ විට කිසිවක් වගා කෙරෙන්නේ නැත. ඉබේ වැවුණු පුවක් ගස්
කිහිපයක්, වැඩකට ගන්නේ නැති, අතීතයේ ඉහල වටිනාකමක් තිබූ වැටකෙයියා ගස් කිහිපයක් දකින්නට
පුලුවන.
මේ ඇලවල් ඉවුරු
දිගේ උන පඳුරු වැව්වොත්, ඔය කියන පැයකට සෙන්ටි මීටර් 4 වේගයද අභිබවා යන බව මට
හොදටම විශ්වාසය. දැන් අවුරුදු කිහිපයකට පෙර මහවැලි අධිකාරියේ මිතුරෙකු මට දුන් උන
බම්බු පැළ කිහිපයක්, මෙලෙස ලුණුකැටියා මඩිත්ත ඇලේ වම් ඉවුරේ පැල කලෙමි.
ඒවා වැඩෙන වේගය කොතරම්ද කිව්වොත්, මාස 2/3 කට
වරක් එක් පඳුරකින් ගස් 7/8 ක් කපා ඉවත් කල යුතුය. මම එයින් එක උස ලීයක් කපා පදම්
කර ගෙවත්තේ පොල් කඩන්නට අඩි 40 ක කෙක්කක් සාදා ගත්තෙමි. දැන් පොල් ගස් නගින්නන්ගේ
ආඩම්බර බලන්නට වී ඇත්තේ, ගෙවත්තේ පොල් ගස් 10 කට පමණ ප්‍රමාණයකටය.
ප්‍රධාන කථාවට
ආපසු යමු. ශ්‍රී ලංකාවේ කුඩා ගොඩනැගිලි හදද්දී කොන්ක්‍රීට් දමන්නට සැටලිම් ගසද්දී,
ඒවායේ සපෝට් එකට කනු වලට ගන්නේ කුඩා කැලෑ ගස්ය. මෙම කනුවක් රුපියල් 100 ක් පමණ වන
අතර, වාර කිහිපයකට වඩා පාවිච්චි නොවේ. ඇත්තෙන්ම උන ගස් ඒවායේ ශක්තිමත් පුරුක් සහ
බොහෝ කලක් තෙතමනය සහ ගුල්ලන් යනාදීන්ගේ ආක්‍රමණ දරා ගැනීම හැකියාව නිසා, අනෙක් ලී
වලට වඩා බොහෝ සුදුසුය. එක මෝරපු උන ගහකින් මෙවැනි ලී දෙක තුනක් කපා ගන්නට පුලුවන.
අතු රිකිලි යනාදිය නොමැති නිසා සුද්ධ කීරීම අවශ්‍ය නැත.
හරියට දෙවියන්
විසින්, මේ වැඩේටම නිර්මාණය කරන ලද ගසක් වැනිය.
මේ හා සමාන
තවත් එකී නොකී ප්‍රයෝජන බොහෝ ගණනකට, උන ගස් පාවිච්චි කල හැක. දැන් සමහර රටවල උන
ගස් මේ තරම් ඉක්මනට වැවෙන නිසා ඒවා ඉන්ධන ලෙස යොදාගෙන විදුලිය ජනනය කිරීමටද
පටන්ගෙන ඇත.
තමන්ගේ කුඹුර වටේ තිබෙන ඇල ඉවුරේ උන පඳුරු 25 ක්
30 ක් වවාගෙන, වසරකට දෙතුන් වතාවක් රුපියල් 30/40 ක ආදායමක් ලබා ගන්නේ නැත්තේ ඇයි?
මෙලෙසම එතරම් ප්‍රයෝජනයක් ගත නොහැකි වගුරු බිම් අසබඩ වානිජ වශයෙන් උන ගස් වගා
කිරීමට ව්‍යාපාරිකයන් පෙලඹෙන්නේ නැත්තේ ඇයි?
මෙයට හේතුව ලංකාවේ
පවතින පුරා විද්‍යාත්මක නීතියකි. එනම් උන ගස් ප්‍රවාහනය කිරීමට තහනම් වීමයි. කරේ තබාගෙන ප්‍රවාහනය
කිරීමට තහනමක් නැති බව මා අසා ඇතත්, එය හරියට නිශ්චිත වශයෙන් මා දන්නේ නැත.
ඔබ යම් දවසක උන
බම්බු කරේ තියාගත් මිනිසුන් 100 ක් පමණ යනවා දැක්කොත් එය පුදුම වන්නට කාරණයක් නොවේ.
ඒ නීතියේ ලූප් හෝල් එකක් පාවිච්චි කරන අවස්ථාවකි.
ඇත්තෙන්ම
මෙවැනි නීති දැන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇත. මෙම නීතිය පමණක් නොව මෙවැනි බොහෝ
සැඟවී ඇති නීති, ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය සහ ඒ සමගම ගස් වැවීමේ ප්‍රවනතාවයන්
අඩපන කරයි. අලුතෙන් ගස් 100 ක් වවා ඉන් 50 ක් විකුණා ගන්නට පුලුවන් නම් බොහෝ
මිනිසුන් ගස් වවන්නට උනන්දු වේ. මෙය දැන් ග්‍රාමීය ගෙවතු වල කොස් පැළයක් දැක්කොත්
කපා දමා, සපු හෝ තේක්ක පැළයක් දැක්කොත් වැවෙන්නට අරින, පුරුද්ද ඇති වී තිබෙන්නේ මේ
නිසාය.
හෙහ් හෙහ් හෙහ්, අපේ පුංචි ගෙවත්තේ පොල්ගස් 9 ක් තියනවා. එක ගහක පොල් කඩන්ඩ රු 100 ක් ඉල්ලනවා. බම්බු ගහගනියව් කියලා මමත් ඔබ වගේම අහල පහල ඇල ඉවුරකින් හීනි උනගහක් කපාගෙන ආවා. කඩෙන් ගත්තා පොල් කෙක්කක්. දැන් වැඩේ හරි. අපේ ගෙදර පොල් වලින් සහ පොල් තෙල් වලින් ස්වයංපෝෂිතයි. පොල් සහ පොල්තෙල් විකුණා සුළු ආදායමකුත් ලබනවා.
ReplyDeleteවැවීමක් නැතුව කැපීම පමණක් කරන නිසා තමයි ප්‍රවාහන තහනම දැම්මේ. නමුත් ඔබ කියන මේ නවමු අදහස ඉතා වැදගත්.
මම දිනක් රජයෛ් ගොවිපලකට ගියවිට එහි කළමනාකරැ විසින් මා හට චීනයෙන් ගෙන්වා වගාකර ඇති උණගස් යායක් පෙන්වීය. එසේම ඒ මහතා චීනයෙන් ගෙන ආ උණ ගස්වලින් නිෂ්පාදිත භාණ්ඩ විශාල ප්‍රමාණයක් පෙන්වීය. ඇත්තෙන්ම ඒවා උණ ලීයෙන්කළ නිෂ්පාදනදැයි සිතාගැනීමටත් අපහසුය. ලංකාවේ උණ වගාකිරීමට මනා විභවතාවක් පවතී. පවතින පැරණි නීති සංශෝධනය කලහොත් මෙයින් විශාල රැකියා ප්‍රමාණයක් බිහිකල හැකිය.
ReplyDeleteThanks for your valuable ideas and agree that someone should change the laws. I think the BioTechnology lab of the Agriculture Faculty (Just opposite to Akbar Hall in Peradeniya, and the IFS, Hanthana had the ability (in 2006) to grow millions of plants using tissue culture. Hope the project is still there. I will also paste a related link from USA.
ReplyDeletehttp://www.sfgate.com/green/article/Bamboo-shoots-up-in-test-tube-garden-Hard-to-2552365.php