කැළණි ගඟ.
1812 බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යයේ, නැගෙනහිර ඉන්දියානු නාවික විධානයේ ප්‍රධානියා වූයේ රියර් අද්මිරල්
සර් සැමුවෙල් හුඩ්(1762-1814) විය. මොහු එංගලන්තයේ ප්‍රමුඛතම නාවික වීරයා ලෙස
සැලකෙන අද්මිරල් හොරේෂියෝ නෙල්සන් යටතේ සතුරන්ට විරුද්ධව යුධ නැව් මෙහෙයවා එකල ප්‍රසිද්ධියට
පත්වූ නාවික වීරයකුද විය.
රියර් අද්මිරල් සර් සැමුවෙල් හුඩ්(1762-1814)
දැන් ත්‍රීකුණාමලය
නාවික තටාකාංගනයේ නාවික කෞතුකාගාරය පිහිටා තිබෙන හුඩ්ස් ටවර් ගොඩනැගිල්ල නම් කර
තිබෙන්නේ මෙම අද්මිරල්වරයාගේ නමිනි.
නාවික කෞතුකාගාරය
මෙම නැගෙනහිර ඉන්දියානු විධානයට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, වැනි ප්‍රදේශ පවා ඇතුලත් වී තිබිණ. එහෙයින් අද්මිරල්වරයා රුවල් නැව් වලින් තමන්ගේ විධානය පුරා ගමනේ යෙදුනේය. ඔහු 1812 දෙසැම්බර් මාසයේ HMS Illustrious ( 74 gun third rate )නැවේ ත්‍රීකුණාමලයේ සිට කොළඹට පැමිණියේය.

A painting of HMS Illustrious ( 74 gun third rate )
එකල මුහුදුබඩ පලාත්වල ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් බ්‍රවුන්රිග් (1759-1833) ගේ මැදුරේ සැමදාම පාහේ තිබෙන රාත්‍රී භෝජනයකදී, අද්මිරල් හුඩ් ලංකාව සැපයර්, රූබී, ටූමලීන්, ක්‍රයිසෝබෙරිල්ස්, කොරම්ඩන් වැනි මැණික් වලට බොහෝ ප්‍රසිද්ධ නිසා තමන්ටද මැණික් සොයා යාමට කැමති යැයි කියා සිටියේය. අග්‍රාණ්ඩුකාරවරයා සහ එතන සිටි අනික් නිලධාරීන් මෙම යෝජනාවට සිනහ වුවද, අග්‍රාණ්ඩුකාර වරයාගේ බිරිඳ එම ලැබෙන මැණික් ගල් වලින් තමනට මුදු කිහිපයක් සාදා දෙන බවට අද්මිරල්වරයා පොරොන්දු කර ගත්තේය.

අද්මිරල් හුඩ් පසුදින උදයේම කම්කරුවන් පිරිසක් තමන්ට ලබාදෙන ලෙසද, ඔවුන් හැම කෙනාටම බාස්කට් එකක් බැගින් ලබාදෙන ලෙසටද ඉල්ලා සිටියේය. ඔහු එය කිවූ අන්දමෙන් මෙම බාස්කට් ඉල්ලන්නේ හමුවන මැණික් ගෙනඒමට දැයි හැඟීමක් ඇති වී, භෝජනයට පැමිණි සිටි අමුත්තන් ගෙන් නැවතත් සිනහ රැල්ලක් මතුවිය.
පසුදින උදේ පාන්දරම මීට පෙර බොහෝ මැණික් හමු වී ඇතැයි කියන කැළණි ගං ඉවුරට අද්මිරල්වරයා එම කම්කරුවන් සමග ගොස්, ගං ඉවුරේ බොරලු ආදි ස්ථර කිහිපයකට යටින් තිබෙන කිරිමැටි හාරා එහි තිබූ මැටි කූඩ වලට දාගෙන ඒවා බෝට්ටුවකින් නැවට රැගෙන විත්, පැටවීය.
නැවේදී මෙම පස් ගෝනි වලට දමා, නැවේ අදමිරල්ගේ කුකුල් කූඩුව අසල ගොඩ ගසන ලදි. සාමාන්‍යයෙන් මුහුදේදී කුකුලන්ට ආහාර සමග පස් ටිකක්ද විසි කිරිම එකල සිරිතක් වූ නිසා, අද්මිරල්ගේ කුකුලන් බලා ගන්නා නැවියාද අනෙක් නැවියන්ට කීවේ ඒ කුකුලන් සදහා ආහාර බවය.
නැව කොළඹින්
පිටත් වී දින දෙකකට පසු, නැවේ සිටින තරුණ නිලධාරීන්ට තම කාමරයට පැමිණෙන ලෙසට
අද්මිරල්වරයා ගෙන් පණිවිඩයක් ලැබිණ. ඔවුන් එහි එනවිට ගෙනා පස් සෝදා ඒවායින් දෝතක්
පමණ කොටසක් එක් එක් නිලධාරීන්ගේ පිඟන් වලට වෙන වෙනම පුරවා තිබිණ. ඉන්පසු සියලු දෙනාට
තමන්ගේ පිඟන්වල ඇති ගල් කැබලි වලින් මැණික් ගල් වෙන් කර ගන්නා ලෙසට පැවසීය.
ඔහුගේ පිඟානේ
තිබූ බොරලු වලින් අද්මිරල්ට, ගාර්නට්ස් ගල් 4 ක්, 1 රූබියක් සහ කොරන්ඩම් ගල් කිහිපයක්
ලැබී ඔහු මහත් සතුටට පත්විය. තරුණ නිලධාරීන්ටද මෙලෙස නොයෙකුත් වර්ගයේ මැණික් ගල්
තමන්ගේ කොටසෙන් ලැබී තිබුණි. මෙම ලැබුණු මැණික් ගල් වලින් පොරොන්දු වූ පරිදි, අග්‍රාණ්ඩුකාරවරයාගේ
බිරිඳට මුද්දක්ද පසුව සෑදිණ.
මෙය සිදුවන්නේ
පෘතුගීසීන් ලංකාවට පැමිණ අවුරුදු 300 කට පමණ පසුය. එකලත් මෙලෙස ගඟ ඉවුරේ මැණික්
නිදහසේ අහුලා ගන්නට තිබුනේ නම්, අවුරුදු 300 තුල කොපමණ මැණික් රටින් පිට වන්නට
ඇද්ද?
අද්මිරල් හුඩ්ගේ නාවික ජීවිතයද මෙලෙසම වර්ණවත්ය. 1776 තමාගේම ඥාති සහෝදරයෙකු වූ සැමුවෙල් හුඩ් සාමි වරයාගේ කරේජස් යුධ නැවේ සේවයට බැඳුනු ඔහු 1778 ඔහුගේ තවත් ඥාතියෙකු වූ ඇලෙක්සැන්ඩර් හුඩි (පසුව බ්‍රිඩ්පෝට් සාමිවරයා) යටතේ රොබස්ට් නෞකානට බැඳුනු ඔහු 1780 ලුතිනන් වරයෙකු ලෙස උසස් විය. උතුරු ඇමරිකාවේ සහ කැරිබියානු දූපත්වල යුධ කරමින් සිටි ඔහු 1788 කපිතාන් වරයෙකු ලෙස උසස්වීම් ලැබ නොයෙකුත් යුධ නෞකාවල අණදෙන නිලධාරියෙකු ලෙස ක්‍රියාකර 1793 තුවක්කු 74 එයිගල් නෞකාවේ අණදෙන නිලධාරියාව නයිල් මුහුදු සටනට සහභාගි විය.
1802 නැවත කැරිබියානු දූපත් වලට ගිය ඔහු එහි සිටි අද්මිරල් වරයා මියගිය පසු ලීවඩ්ස් දූපත්හි ප්‍රධානියා බවට පත්විය. 1805 නැවත එංගලන්තයට පැමිණ ප්‍රංශය සමග වූ නාවික සටනකදී තුවාල සිදුවී දකුණු අත කපා ඉවත් කිරීමට සිදුවිය.
බ්‍රිඩ්පෝට් පාර්ලිමේන්තු අසනට තේරී පත්වූ ඔහු නැවත කෝපන්හේගන්හි නාවික සටනකට පිටත්විය. 1807 රියර් අද්මිරල් තනතුරට උසස්වීම් ලැබ නැවත බෝල්ටික් මුහුදේ මුහුදු සටන් වලට සහභාගි විය. 1809 දී බැරොනට් පදවියකින් පුද ලද හුඩ්ස් 1811 නැගෙනහිර ඉන්දියානු නාවික ප්‍රධානියා ලෙස පත්විය.
1812 මැද මෙම රාජකාරිය බාරගත් ඔහු 1814 මැඩ්රාස්හිදී මැලේරියා වැලඳීමෙන් මියගියේය. ඔහුගේ මෙම නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශයේ ශ්‍රි ලංකාවේ මුහුදු බඩ පලාත්ද ඇතුලත්ව තිබිණ.

බොහොම ආසාවෙන් කියෙවා. හරිම අගෙයි. මෙවැනි අතීත කතා මතකයෙන් ගිලිහී යන්නට නොදී මෙහෙම සටහන් කිරීම ඉතා වැදගත්.
ReplyDeleteඅපේ රටේ මැණික් කර්මාන්තය තවමත් සාම්ප්‍රදායික ක්‍රම වලින් මිදිලා නැහැ. ඒ වගේමයි උවමනාවට වඩා නවීන වීමෙනුත් විවිධ පරිසර හානි වෙන්න පුළුවන්.
මේක ඇත්තම කතාවක්ද මහත්මයා..? මෙහෙම වෙන්න පුළුවන්ද? හරියට මැණික් මල්ලක් දීල ගියා වගේ නෙ. හැබැයි රත්නදීප කියලා නිකන්ම කිව්වා වෙන්නත් බෑ..
ReplyDeleteජයවේවා..!!
+++++++++
ReplyDeleteඔව් ඇත්ත කථාවක්, අද්මිරල් හුඩ්ගේ නිලධාරී මංඩලේ හිටපු කැප්ටන් බැසිල් හෝල් ලියපු ඇහින් දුටු කථාවක්
ReplyDeleteමටත් මැණික් ගැන අධ්‍යයනය කරන්න ලොකු උවමනාවක් තියෙනවා.
ReplyDeleteAs usual Lakshman writes very valuable information for the future generations it is an much appreciated.
ReplyDeleteAs usual Lakshman writes very valuable information for the future generations it is an much appreciated.
ReplyDeleteහිතා ගන්නත් බෑ..
ReplyDeleteසත්‍ය කතාවක් කතාන්දරයක් කියවන්නා වගේ ආසාවෙන් කියෙව්ව. ස්තූතියි ඔබට
ReplyDelete