Wednesday, August 17, 2016

රජවාසල නිලධාරීන් අවස්ථාවක් ලැබුණු ගමන්ම රජාට ඇඳීම; Rain maker pretending to be King











රජවාසල නිලධාරීන් රජාට ඇඳීම; Rain maker pretending to be King


ඊයේ රාත්‍රියේ එළියෙන් පෙරහැරේ. බෙර ශබ්දය ඇසෙන අතර, රුපවාහිනියේ පෙරහැර නැරඹුවෙමි. ප්‍රවෘත්ති නැරඹුවේ දෙරණ නාලිකාවේ වුවත් එහි පෙරහැර පෙන්නන්නේ 2230ට කිවූ නිසා, කලින් පෙරහැර පෙන්නන චැනල් එකක් සොයනවිට රුපවාහිනියේ live පෙරහැර පෙන්නන බව දැක, එය බැලීමට තීරණය කලෙමි. රුපවාහිනියේ යමක් බලන්නේ අවුරුදු ගණනාවකට පසුවය.
මා මෙහෙමවත් පෙරහැරක් බැලුවේ අවුරුදු විස්සකට පමණ පසුවය . පෙරහැර  ඒ කාලයට වඩා බොහෝ වෙනස් වී ඇත. අලින්ගේ ඇදුම් අලුත් වී ඇති අතර වැඩියෙන් දිලිසෙයි . ඉස්සර අලි ඇදුම් පරණ වී දිලිසීම අඩු රෙදි වලින් මසා තිබු අතර, දැන් ඇදුම් ඊයේ මහපු ඒවා වගේ දිලිසේ. අලුත් ඇඳුම් බොහොමයක් දානපතියන් පරිත්‍යාග කල ඒවා බව විස්තර ප්‍රචාරයෙන් හැඟුනි.
නැටුම් items බොහොමයක්ද අලුත් වී ඇත. සමහර නැටුම් වර්ග අලුතෙන්ම එකතු වී ඇති අතර, නැට්ටුවන්ගේ ඇඳුම් වලද පරණ ගතිය නැතිවී මනා ඔපයක් වැටි ඇත. ඊයේ අලි ටිකක් අඩුවී ඇති බව පෙනුනද පෙරහැර මා අන්තිමට බැලුවාට වඩා පොහොසත් වී ඇත .
මේ අලි ගණන  ගැන කථාකරණ විට මට අප කුඩා කල සිදුවූ අලි තරඟයක් සිහිවිය. ඒ පත්තිනි දේවාලය හා මාලිගාව අතරයි. මාලිගාවේ දියවඩන නිලමේව සිටියේ නිස්සංක විජේරත්නය , පත්තිනි දේවාලයේ බස්නකව සිටියේ H M නවරත්නය . එකල තිබුනේ සිරිමා බණ්ඩාරනායක ගේ රජයයි. නවරත්න එකල ඇයගේ ත්‍රිවිධ රත්නය යයි හැඳින්වූ තිදෙනාගෙන් එක් අයෙකු විය . අනෙක් රත්න දෙක මගේ මතකයේ හැටියට දී මු ජයරත්න සහ ඉලංගරත්න විය.
නිස්සංක unp කාරයෙකු වූ අතර එකල සමහරවිට විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වුවා විය හැක. පසුකලෙක UNP රජයක ඔහු ඇමතිවරයෙකුද විය. රාජ්‍ය බලයද තිබු හෙයින් නවරත්නට පත්තිනි දේවාලයට අලි එකතුකර ගැනීමට පහසු වූ හෙයින්, ඔහු එක් පෙරහැරක මාලිගාව පෙරහරට වඩා අලි යොදවන්නට උත්සාහ කළේය.මෙය අවසාන මොහොතේ  වුවා යයි මට මතක නමුත්, එක දවසක් හෝ මෙය සිදුවන්නට ඇති බව මගේ හැඟීමයි.කෙසේ හෝ ඒ දිනවල මෙම තරඟය මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන මාතෘකාව විය. පෙරහැර බලන්නට යන පිරිසද වැඩිවුයේ අලි ගණන්කර කවුරුන් දිනා ඇද්දැයි බැලීමටය. 
 ඇත්තෙන්ම මා ලියන්නට පටන්ගත්තේ මේ පිලිබදව නෙවෙයි. මට රූපවාහිනියෙන් පෙරහැර බලද්දීන් ඇසුණු විස්තර විචාරයන් පිලිබදව කරුණු කිහිපයක් සාකච්චා කිරීමටය. අලින් ගැන කතාකරමින් සිටියදී මෙහි සිටි තිදෙනාගෙන් එක් අයෙකු ඉපදීමට සිටින අලි පැටියා ඇතෙක්ද අලියෙක්ද යන වග තීරණය වන්නේ, අලි දෙනගේ යම් සාධකයකින් බව විද්‍යාඥයින් සොයාගෙන ඇති බව කියා සිටියේය. එය සමහර විට සත්‍ය වන්නට පුළුවන.
 නමුත් අද උදේ මම එය කොතරම් දුරට සත්‍යදැයි අන්තර්ජාලයෙන් පරීක්ෂා කලමුත්, එවැන්නකට හෝඩුවාවක් තිබුනේ නැත. එතන සිටි තවත් පුද්ගලයෙකු, මට හිතන හැටියට රූපවාහිනී නිවේදකයා, ඉතාමත් අවිද්‍යාත්මක පිළිතුරක් දුන්නේය. ඔහු කිවුවේ එසේනම් එය මිනිසුන්ගේ සිදුවන ආකාරයට වඩා බොහෝ වෙනස් බවයි. ඔහු පෙන්වා දුන්නේ එවැනි ප්‍රධාන ලක්ෂණ දරුවෙකුට ලැබෙන්නේ තම පියාගෙන් බවයි. මෙම මතය අවිද්‍යාත්මක එමෙන්ම මිනිසුන් නොමග යවන ප්‍රකාශයකි. මෙවැනි ප්‍රකාශ කරන විට විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍ය නාලිකාවක තමන් කියන දේ පිළිබඳව ප්‍රවේශමෙන් සොයා බලා කිවයුතු වන්නේ මේවායින් වැරදි අදහස් සමාජගත වීමට ඉඩ තිබෙන නිසාය.    
තවත් වරෙක එතන සිටි කෙනෙකු දියවඩන නිලමේ වරයාට,  භූපති යැයි කීප වරක්ම සදහන් කර ඔහුව අන්දන්නට උත්සාහ කලේය. භූපති යන්නෙහි තේරුම Lord of the land එසේත් නැත්නම් භූමියෙහි පාලකයා යන තේරුමයි. දියවඩන නිලමේ කිසි විටක භූමියේ පාලකයා නොවුණු අතර, ඔහු ඇත්තෙන්ම රජතුමාට දිය නෑමට ජලය සකස් කිරීම වැනි රාජකාරි භාරව සිටි පුද්ගලයාය. එය සාමාන්‍ය වාසල රාජකාරියක් වූ අතර, මෙම නිලධාරියාට කලට වැසි ලබාගන්නට එකල කෙරෙන නොයෙකුත් පූජා ආදිය සංවිධානය කිරීම වගකීමද පැවරී තිබිණ. 

මෙලෙස රජවාසල රජුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ ඔහුට ආහාර සැපයීමට, බෙහෙත් ද්‍රව්‍ය සැපයීමට, ඇඳුම් ඇන්දවිමට, ඔහුගේ පණිවුඩ බාරව, අන්ත:පුරයට කාන්තාවන් සැපයීමට යනාදී වශයෙන් නිලධාරීන් පත්කර සිටියහ. 
1815 බ්‍රිතාන්‍යන් කන්ද උඩරට බාරගත් පසු දළදා වහන්සේ මහා සංඝ රත්නයට බාරදුන්, අතර හාමුදුරුවරුන්ට මාලිගාවේ දෛනික වැඩ කිරීම නුසුදුසු නිසා, සාමාන්‍ය වැසියෙකු ඒ කටයුතු සඳහා පත් කෙරින. එසේ නොමැතිව ඔහුව පත්කෙරුණේ රජුට අඳින්නට නොවේ. දියවඩන නිලමේ වටේ කමිස නැතුව බොඩි බිල්ඩර් ලා සමුහයක් ආයුධ අරන් යන එකත් මේ රජාට ඇඳීමේම කොටසක් විය යුතුය , අතීතයේ පෙරහැරවල මෙවැන්නක් දැක්ක බවත් මට මතක නැත.

මෙවැනි සංස්කෘතිය විකෟති කිරීම් අභියෝගයට ලක් නොවුනොත්, අපි නොදැනුවත්වම යම් දිනක දියවඩන නිළමේ රජා ලෙස ඔටුනු පැලැන්දැව්වා යැයි නිවේදනය කිරිමටත් ඉඩ තිබේ. 

7 comments:

  1. // දිනක දියවඩන නිළමේ රජා ලෙස ඔටුනු පැලැන්දැව්වා යැයි නිවේදනය කිරිමටත් ඉඩ තිබේ.
    //

    මේ දවස්වල ඔටුනු පලඳලා ඉන්නේ ග්‍රාමයා!

    ReplyDelete
  2. දියවඩන නිලමේ කෙසේ වෙතත් සට්ටඹි නිලමෙලා නම් දැන් රාජ රාජ මහාමාත්‍ය පවර් විඳිමින් සැප ගනු පෙනේ..
    ජයවේවා..!!

    ReplyDelete
  3. දැන් දැන් පෙරහැරවල්ද ගරිල්ලා මාකටින් ක්‍රමයට හැඩගැසී ඇත.

    ReplyDelete
  4. yes including advertising on media by maligawa, I dont see the purpose for that expenditure

    ReplyDelete
  5. දැං පෙරහරවල් වල නැට්ටුවන්ට වඩා අලි නෙව ඉන්නේ.. අහිංසක සත්තු බුද්ධාලම්භන ප්‍රීත්‍රිෙයෙන් ඔද වැඩිල ස්ව කැමැත්තෙන්මයි පෙරහැරේ යනවා මං දැක්කේ..

    මෙවර පෙරහරෙත් අර පපර බැන්ඩ් හෙම තිබුනේ.. හොදට ඇග හොල්ලල නටන ලස්සන නැටුමකුත් තිබුනේ..

    ReplyDelete
  6. අලි සන්තෝසෙට නටනව කියලත් ජාතික රූපවාහිනියෙ කිව්ව

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...