Friday, July 21, 2017

රත්මලානේ කොකේන් ප්‍රශ්නයේ අනෙක් පැත්ත.




පසුගිය දිනෙක කොකේන් කිලෝ ග්‍රෑම් 150 රත්මලානේ රජයට අයත් සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ කන්ටේනර් එකකින් සීනි බාද්දී අල්ලා ගැනුණි. ඇත්තෙන්ම මෙය 'අල්ලා ගැනීම' කීවත් අල්ලා ගැනීමක්ම නොවේ. අල්ලා ගැනීමකට වඩා එය අහම්බෙන් නිරීක්ෂණය කරන ලද්දක් බව පෙනේ. 

ඒ කෙසේද යත් වරායේ හෝ ගුවන් තොටුපලේ මෙවැනි රට තුලට ගෙන ඒමට අවසරයක් නොමැති භාණ්ඩ රට ඇතුලට ඒමට නොදී අල්ලා ගැනීමට වගකීම ඇති රේගු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සියලු රහස් තොරතුරු අංශයන් සහ නොයෙකුත් පරීක්ෂා කිරීමේ උපකරණ තිබියදීත් අසාර්ථක වූ නිසාය. ඒ අතරම පොලීසියේද විශේෂ මත් ද්‍රව්‍ය නිවාරණ අංශයක් බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙයි. ඔවුන්ද මේ ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට අසමත් වී ඇති බව පෙනේ. 

අවසානයේ මෙය රට ඇතුලේ බඩු බාන අංගනයකටම පැමිණ බඩු බාන කම්කරුවන් දකින තෙක් ඒවා සොයා ගෙන අල්ලා ගැනීමට පොදු ජන මුදලෙන් නඩත්තු කරනා කිසිම රාජ්‍ය ආයතනයකට හැකියාව ලැබෙන්නේ නැත. මෙය හරිම පුදුම සහගත එමෙන්ම ශෝක ජනක තත්වයකි. මෙම කන්ටේනරය සතොසට යෑම වෙනුවට වෙනත් ඕනෑම බඩු ගබඩාවකට යැවීමට කොකේන් ගෙන්වූ ව්‍යාපාරිකයිනට හැකියාව තිබිණ. ඔවූහූ එසේ කලා නම් මෙලහකට මෙම කුඩු,

  •  ලංකාවේ පරිභෝජනයට ගෙනාවේ නම් දැනටමත් ලංකාවේ වීදී වල විකිනෙමින් තිබීමට.
  • ලංකාව මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් වෙනත් රට වලට නැවත යැවීමට ගෙනාවේ නම් එලෙස යැවීමට සූදානම් කිරීම.


සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබිණ. මක් නිසාද කොකේන් ගෙන්වූ තැනැත්තාට මේ තොගය රට ඇතුලට ගත් පසු ඕනෑම ඇඩ්‍රිස් එකකට යැවිය හැකි පරිදි මුලින් සංවිධානය කිරීමට අවකාශ තිබීමයි. මෙලෙස රුපියල් කෝටි 320 ක් වටිනා කොකේන් කිලෝ ග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් මෙතරම් අසන්විධානාත්මකව එවන්නට හේතු වූයේ යැයි සැක කරන්නට හේතු මොනවාද? 

කොකේන් යනු ගංජා වලට පසු ලෝකයේ වැඩියෙන්ම භාවිත වන මත් ද්‍රව්‍යයයි. අපි මත්ද්‍රව්‍ය කිව්වද අන්තර් ජාතිකව කියන්නේ විනෝදායන බෙහෙත් කියාය. මිලියන් 20 ක පමණ ජනගහනයක් මෙය භාවිත කරන අතර මෙය නිපදවන්නේ කොකා නැමති ශාඛයක පත්‍ර වලිනි. 

මෙම මත් ද්‍රව්‍යය නහයෙන් ඇදීම, දුමක් ලෙස ආඝ්‍රහනය කිරිම, එසේත් නැත්නම් දියරයක් ලෙස ලේ නහර වලට ඇතුල්කර ගැනීමෙන් මත් වීමට යොදා ගනිති.
 කොකේන් පල්පය කිලෝ එකක් සාදා ගන්නට කොකා ගස්වල කොළ ටොන් එකක් පමණ අවශ්‍ය වෙයි. කොලොම්බියාව වැනි කොකේන් නිපදවන මෙවැනි රටවල ගොවියනට කොළ ටොන් එකකට ලැබෙන්නේ ඩොලර් 400/500 වැනි මුදලකි. එම කොළ ටොන් එක කොකේන් පල්පය කිලෝ ග්‍රෑම් එකක් කල පසු එහි වටිනාකම $ 900 ක් පමණ වෙයි. මෙම කිලෝ එකක් උතුරු ඇමරිකාවට යන විට එහි වටිනාකම $ 10,000 සිට 20,000 දක්වා වෙයි. කුඩු බෙදා හරින්නන්ට මෙය ලැබෙනවිට කිලෝ එකක් $ 70,000 සිට 80,000 දක්වා වෙයි. එය ඇමරිකාවේ වීදීවල විකුණන විට එහි වීදි මිළ කිලෝ ග්‍රෑමයට $ 150,000 ක් පමණ වෙයි. ලංකාවේ පහුගියදා අසුවුනු කිලෝ ග්‍රෑම් 150 ද සිල්ලර මිළ කෝටි 320 ක් ලෙස පොලීසියෙන් ප්‍රකාශ කලේය. ඒ මිළද ඉතා කිට්ටු වෙන් ඇමරිකාවේ කොකේන් මිළ හා සැසැදේ. ඒ අනුව බලන විට ලෝකයේ ඕනෑම තැනක කොකේන් වල සිල්ලර මිළ එක සමාන බව පෙනේ. ඇත්තෙන්ම  purchasing power parity (PPP) අනුව ගණන් බැලුවහොත් මෙහි කොකේන් වල සිල්ලර මිළ ඇමරිකාවට වඩා බොහෝ වැඩි බව ආර්ථික විද්‍යාඥයෙකු ගෙන් මේ පිළිබඳව ඇසුවහොත් අපට පැහැදිලි කරනු ඇත. 

දැන් මේ අද්භූත ජනක කොකේන් හමුවීම නිසා පුරවැසිනයට ඇති වන ගැටලු මොනවාද?  

  • මෙලෙස එක කොකේන් තොගයක් අහම්බෙන් අසුවීමට නම් කොපමණ කොකේන් තොග මෙරටට ගෙන එනවා ඇද්ද? 
  • රේගුවට හෝ පොලීසියට කන්ටේනරයක තිබූ කිලෝ 150 ක් හොයා ගන්නට බැරි වූයේ නම් කිලෝ 10/15 සිල්ලර මලු කොතරම් කන්ටේනර් වල එනවා ඇද්ද? 
  • මෙතරම් කොකේන් පාවිච්චි කරන්නන් ලංකාවේ සිටින්නේද? 
  • මෙතරම් පහසුවෙන් ඇතුලට ගෙන ඒමට පුලුවන් නම් පිටට යවන එක මෙයට වඩා බොහෝ පහසු බවට සැකයක් නැත්තේය. එසේ නම් ලංකාව දැනටමත් කොකේන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට සැකයක් නැත්තේය. 
  • එසේ අන්තර් ජාතික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ නම් මෙය අපි හිතනවාටත් වඩා භයංකාර තත්වයකි. මක්නිසාද අන්තර් ජාතික මාෆියා වර්ගයේ දරුණු අපරාධ කණ්ඩායම් මේවා පාලනය කරනවා වෙන්නට පුලුවන. 
  • එවැනි තත්වයක් ඇත්තේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ඉතා කිට්ටුවෙන් යන අන්තර් ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම්ගේ ක්‍රියාකාරිත්වයද මෙරට තුලට පැමිණෙනු ඇත. ලෝකයේ කොහේවත් නැති ක්‍රෝධ සහ වෛර දේශපාලනයක් ඇති ලංකාවේ දේශපාලනයට මෙවැනි බිහිසුනු අන්තර් ජාතික ත්‍රස්තවාදීන්ද අතපෙව්වහොත් කුමන ව්‍යසනයක් ඇතිවිය හැක්කේද?


මෙය ඩෙංගි හෝ ගංවතුර ප්‍රශ්න මෙන් නොව ඊට වඩා ඔඩු දුවන ප්‍රශ්නයක් බව නම් නොකිවමනාය.

ඊලග කොටස :- මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම වැලැක්වීම සදහා යෝජනා.
http://lakshmanillangakoon.blogspot.com/2017/07/blog-post_23.html         

6 comments:

  1. ඔබ මතුකර ඇති සැක සාධාරණ මෙන්ම, කතාව කියෙව්වාම මේ ප්‍රශ්නත් එනවා නේ ද හිතුණා.
    (1) මේ තරමි විශාල කොකේන් තොගයක් සමූපකාරයට ආවේ මග වැරදීමකින් විය යුතුයි නේ ද? ඒ මග වැරදීම, ලංකාවේ නොව සීනි තොගය ආනයනය කල රටේ දී වෙන්නටත් පුළුවන් නේ ද?
    (2) රජයේ ආයතනයක් වන සතොසට ආනයනය කල සීනි අඩංගු කන්ටේනරයක් වීමම වරායේ දී මේ මත් ද්‍රව්‍යය තොගය අසු නොවීමට ප්‍රධාන හේතුවක් විය හැකි නේ ද?
    (3) කොළඹ වරාය වැඩිදියුණු කිරීමත්, පෝට් සිටියත්, හම්බන්තොට වරායත්, ත්‍රිකුණාමලේ වරාය පිළිබඳ සැලසුමුත් සියල්ලේ අරමුණ, ලංකාව ආසියාකරයේ ප්‍රධාන නාවුක වෙළඳ මධ්‍යස්ථානයක් හා බැහැළුම් හුවමාරු මධ්‍යස්ථානයක් බවට සාවර්ධනය කිරීම බව මගේ දැනීමයි. එවැනි මධ්‍යස්ථානයක් හරහා අන්තර්ජාතික හොර කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ක්‍රියාකාරකම් සිදුවීම බලාපොරොත්තු වියයුත්තක් මිස මවිත විය යුතු කාරණයක් නොවෙයි නේ ද?

    ReplyDelete
    Replies
    1. 1. වෙන්න පුලුවන් , නමුත් මෙතරම් මුදලක් යටකර එවැනි අතපසුවිමක් හිතන්න අමාරුයි නේද
      2. මා දන්නා විදිහට නම් රජයෙ එකක් කියල එහෙම බුරුලක් කස්ටම් එක දෙන්නෙ නැහැ. දෙනවානම් ඒත් වැරදියි නේද
      3.එසේ නම් දැනටමත් එවැනි වරායක් වන සිඟපුරුවෙහි මෙවැනි දෑ බොහෝසිදුවියයුතු නේද

      Delete
  2. මාරම වැඩේ කියන්නෙ මේවට අයිතිකාරයෙක් හොයාගන්න බැරි එක. සීනි ගෙන්නන ව්‍යාපාරිකය කියනව මම ගෙන්නුවෙ සීනි...ඒවත් එක්ක කොකේන් එවල තිබුනට මම මොනවකරන්නද ? ඉතිං සොරි බේබි කියල...ව්‍යාපාරිකය නිදහස් කරනව !

    ReplyDelete
  3. අපේ සියළු සිස්ටම් අකර්මණයයි..

    ReplyDelete

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...