Saturday, July 29, 2017

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමීකරණය.





ත්‍රිකුණාමලයේ වරායට බටහිර පැත්තෙන් පිහිටි ඉඩම් අක්කර 1000 ක පමණ විහිදී ඇති  තෙල් ටැංකි පද්ධතිය ශ්‍රී ලංකාවේ මේ දිනවල සාකච්චා වල දෙවැනි තැන ගන්නේ හම්බන්තොට වරාය චීන සමගම හා කළමනාකරණය කිරීමට ගිවිසුම් ගැසීමට පමණි. ඇත්තෙන්ම මේ පැරණි තෙල් ටැංකි වලට වඩා ඒවා පිහිටි දේපල කිහිප ගුණයකින් වටිනා බව පටන් ගනිද්දිම බය නැතුව කියන්නට පුළුවන.

ලෝකයේ ඉතාම ගැඹුරු එමෙන්ම විශාල වරායක් අසල ඇති ඕනෑම දෙයක් සාමාන්‍ය තැනක තියෙන දෙපලකට වඩා අධික ලෙස වටිනා බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

ඒක් දහස් නවසිය විසි ගණන්වල පළමුවන  ලෝක  මහා යුද්දයෙන් පසුව ගොඩනැගීම ඇරඹුණු මෙම ටැංකි පද්ඩතිය එක් දහස් නමසිය තිස් ගණන්වල සාදා අවසන් කෙරින.මෙම ටැංකි පද්ඩතිය මෙතන ස්ථාපිත කිරීමේ අරමුණ වුයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ආසියානු නෞකා මෙම හොදින් ඉඩ තිබෙන වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා ඉන්දන ගබඩා කිරීමටය.යුද්ද කාලවල මුහුදේ නැව් මගින් තෙල් ගෙනයාම ඉතාමත් දුෂ්කර එමෙන්ම අපහසු කාර්යක් වුයේ සතුරා වාණිජ නැව් වලට පහරදීම නිසාය.
ඇත්තෙන්ම දෙවන ලෝක මහා යුද්දයේදී ඇමෙරිකාව යුද්දයට සම්බන්ධ වීමට එක් හේතුවක්ද ජර්මන් නාවික හමුදාව විසින් වාණිජ නැව් වලට පහර දීම බව කියනු ලැබේ.

එකිනෙකට සම්බන්ධ කර රිවට් එන වලින් පමණක් ගොඩනැගුනු මෙම ටැංකි 102 තුල අංක 100 නොතිබුණු නිසා මුළු ටැංකි ප්‍රමාණය 101ක් වන අතර නොයෙකුත් හේතු නිසා : එයින් එකක් 1942 ජපාන යුද ගුවන් යානයක් අංක අනු එක ගබඩාවට කඩා වැටී එය ගිනි ගැනීමයි, දැන් අලුත් වැඩිය කල හැකි තත්වයේ තිබෙන්නේ 99ක් පමණි. එක් ටැංකියක මෙට්‍රික් ටොන් 12000 ක පරිමාවක් තිබෙන මේ ටැංකි සියල්ලේම දල වශයෙන් තෙල් ටොන් මිලියනයක් පමණ ගබඩා කල හැක. එහෙත් අවුරුදු 100 කට කිට්ටුවට පැරණි මෙම ටැංකි ලොකු අලුත්වැඩියාවන් කිරීමට අවශ්‍ය බව නොකිවමනාය.

මේ ටැංකි දැන් ඉන්දියානු සමාගමක් හා එකතුව අලුත්වැඩියා කර කලමාකරණය කිරීමට රජය කටයුතු කරයි. රටේ කොටසක් මෙයට කැමති වෙති . තවත් කොටසක් අකමැතිය. මගේ මේ බ්ලොග් එකේ අරමුණ මෙම ව්‍යාපෘතිය ඉන්දියාවත් සමග එකතුව සිදුකළහොත් වන වාසි සහ අවාසි පරික්ෂාකර බැලීමය.

මෙම ව්‍යාපෘතිය වාසි සහ අවාසි මුල සිට අගට පරික්ෂාකර බැලුවහොත් එයට වචන බොහෝ ගණනක්; සමහරවිට පොතක් පමණ, වැය  වන නිසා මම මෙය රිවස් ඉන්ජිනියරින්ග් ක්‍රමයකට පරික්ෂ කිරීමට තීරණය කලෙමි. ඒ මෙම ව්‍යාපෘතියේ එක් එක් පරදු දරන්නන් කවුදැයි ලැයිස්තුවක් හදා ඔවුන්ගේ පරදු මොනවාදැයි පරික්ෂා කිරීමයි.

ඉන්දියාව :- කලාප බලවතෙකු ලෙස මෙම කලාපීය වැදගත් වරායට පිටස්තරයෙකු ඇතුළුවීම වැලැක්වීම.
ඉන්දියානු   සමාගම :- ඉන්ධන වෙළද පොලේ මිල වෙනස් වීම් අනුව තෙල් ගබඩා කර ලාබයක් ලබා ගැනීම.

චීනය :- චීනය මෙම ව්‍යාපෘතියට කිසිදිනක උනන්දුවක් දක්වා නොමැත. මෙම වරාය ඉන්දියාව අසලම තිබෙන එකක් නිසාත් එවැනි වරයක ඉන්දියාව වාණිජ ව්‍යාපෘතියක නිරත් වීම ඔවුනට ප්‍රශ්නයක් විය නොහැක. එහෙත් මෙවැනි ව්‍යාපෘතියක් හෝ අවුල් කර ඉන්දියාවට පොඩ්ඩක් රිදවන්නට පුළුවන් නම් ඔවුන් එයින් සුළු සතුටක්  ලබනු නිසැකය.

අපි, ලංකාවේ පොදු ජනයා :- මේ ව්‍යාපෘතිය සිදු වුන හොත් මෙම ටැංකි පද්ධතිය නවීකරණය වී ක්‍රියාත්මක තත්වයට පත්වනු ඇත. ලබන ලාබයෙන්ද කොටසක් රටට එනු ඇත. මෙවැනි ඉන්ධන තොග පවත්වා ගැනීමේ ව්‍යාපාර ඉතාමත් සංකීර්ණ ව්‍යාපාරයන් වෙයි. ලෝක ඉන්ධන මිල වෙනස් වන ආකාරය කෙනෙකුට සිතා ගන්නට පුළුවන් නම් ඔහුට futures හෝ derivatives වැනි වාණිජ උපකරණ යොදාගෙන ඕනෑතරම් මුදල් උපාය ගන්නට පුළුවන. එහෙයින් කවුරු හෝ මෙයට මුදල් යොදවන තැනැත්තාට විශාල අවධානමක් ගන්නේය. අප මුදල් යොදවන්නේ නැති නිසා අප අවධානමක් ගන්නෙම නැත. 

බටහිර රටවල් -  ලංකාවේ තිබෙන ජන විරෝදතා නිසා ඛනිජ නිධි , ප්ලැටිනම් හෝ රත්රන් වලට හැර  ඔවුන් ලංකාව පැත්තක වත් මෙවැනි ආයෝජනයක් සඳහා පැමිණෙන්නේ නැත. ඒ නිසා මේකට කවුරු ආවත් ඔවුනට ප්‍රශ්නයක් නැත.

මෙම ව්‍යාපෘතිය එසේත් නැත්නම් ත්‍රිකුණාමල වරාය, යුද්ධෝපා පිළිබඳව වැදගත් කමක් උසුලන නිසා අපිම මේක තනියම දියුණු කරගත යුතු බවද එසේත් නැත්නම් නිකන් තිබෙන්නට හරිය යුතු යයි කොටසක් කියති. මේ තෙල් පරිමාව වරක්‌ ගබඩා කරන්නට දල වශයෙන් $ බිලියන් 4ක් පමණ ආයෝජනය කල යුතුය. ලොකු අවධානමකුත් තබාගෙන අපට කෙසේවත් එය කල නොහැක. අනෙක මෙම වෙළදපොල උපකරණ යොදාගෙන ව්‍යාපාර කරනුයේ ඇමෙරිකාවේ වෝල් විදියේ ව්‍යාපාරයන්හි වැඩකරන  ලෝකයේ හොදම ගණිත උපාධිදාරින්ය.  (හාවඩ් කේම්බ්‍රිජ් වැනි). වරක් අප මෙවන් ව්‍යාපාරයක් කරන්නට ගොස් කරගත් පාඩුව අපට තාමත් මතකය (hedging)

යුද්ධෝපා පිළිබඳව දැන් සලකා බලමු. ඊයේ උතුරු කොරියාවෙන් බැලිස්ටික් මිසයිලයක් විද එය ජපානය අසල මුහුදට වැටුණි. එය ජපානයේ EEZ එක ඇතුලට වැටුණු බව ජපානය කියා සිටියේය. මේ මිසයිලය ගැලපෙන තලයක විද්දේ නම් එය ඇමෙරිකාවේ චිකාගෝ නගරයට පතිත කරවීමට උතුරු කොරියාවට හැකියාව තිබුණු බව දැන් ඒ විෂය සම්බන්ධ දැනුමැත්තන් පවසති. එසේ නම් උතුරු කොරියාවට ඇමෙරිකාවට පහර දීමට ඕනෑ නම් 1941 ජපානය කලාක් මෙන්  කියූබාවට හෝ හවායි දුපත් වලට යෑමට අවශ්‍ය නැත.ඔවුනට රටේ සිටම වැඩේ කල හැක. 

මෙයින් පෙනෙන්නේ කුමක්ද?  යුධ නැව් සැගවිය හැකි  ලොකු වරායවල් හෝ මහාද්වීප මැද පිහිටි සුවිශේෂී භූගෝලීය ස්ථාන යුධෝපායයන් සඳහා වැදගත් නොවන බවය. තාක්ෂණ යුගය දැන් පැමිණ ඇත්තේය. භූගෝලීය සන්ධිස්ඨාන , හාට්ලන්ඩ් න්‍යාය මෙන්ම මේ යුගයේ වැදගත් නොවන්නේය. එහෙයින් මහා බලවතුන් ත්‍රිකුණාමලය සඳහා පොර කා අපට හරි කරදරයක් වේ යයි අප බිය නොවිය යුතුය,මක්නිසාද ව්‍යාපාරික උනන්දුවක් හැරෙන්නට බලවතුන් කව්රුත් ස්ථාන වලට පොරකෑම දැන් නවතා  ඇති නිසාය.කොලනි ඇතිකර ගෙන බලය ව්‍යාප්ත කර වෙලදාම් කිරීම අවසන් වී බොහෝ කල්ය.

ඒ යුගයේ ජිවත් වන්නට ගියොත් අපිට මේ වලෙන් ගොඩ ඒමක් නම් නැත්තේය.



  

4 comments:

  1. ඔය තෙල් ටැංකි ටික පොලවට පස් වෙනකන් මේ කාලකන්නි ඕවගෙන් වැඩක් ගන්න දෙන්නෙ නෑ.

    ReplyDelete
  2. //මක්නිසාද ව්‍යාපාරික උනන්දුවක් හැරෙන්නට බලවතුන් කව්රුත් ස්ථාන වලට පොරකෑම දැන් නවතා ඇති නිසාය.කොලනි ඇතිකර ගෙන බලය ව්‍යාප්ත කර වෙලදාම් කිරීම අවසන් වී බොහෝ කල්ය.//

    සම්පූර්ණ ඇත්ත. ඒත් පෘතුගීසි කාලෙ සිට සීතල යුද්ධ කාලෙ දක්වා එක එක්කෙනා කියපු ස්ලෝගන් තාමත් කියන මෝඩයෝ ඉන්නව මෙහෙ

    ReplyDelete
  3. මෙවැනි කරනු දක්වීක් නැති එක තමයි අව්ල මද්දගෙ හිතෙත් ෙම්වෙනකන්ම තිබ්බෙ වැරදි මතයක්.

    අවාසි ගැනත් ෙපාඩ්ඩක් වඅස්තර කරන්නකො.

    ReplyDelete
  4. කාලීණ විවරණයක්..

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...