Monday, May 22, 2017

ප්‍රද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීමට හේතු මොනවාද?


පුද්ගලික විශ්ව විද්‍යාල හා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මේ දිනවල අප රටේ ප්‍රධාන ප්‍රශ්නය වී තිබේ.  වෛද්‍ය වර්ජනයක් එසේත් නැත්නම් වෛද්‍ය සිසුන්ගේ පෙලපාලියක් හෝ උද්ඝෝෂණයක් මේ පිලිබඳව දක්නට නොලැබෙන සතියක් නොමැති තරම්ය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ලොකු විරුද්ධත්වයක් රටෙහි තිබුනේ  නැත. සිය ගණනක්  මෙවැනි පුද්ගලික විශ්ව විද්‍යාලයන් දැනටමත් ඇති වී ක්‍රියාකාරී තත්වයේ තිබී මෙන්ම මෙය පැහැදිලි වෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ඒ කියන්නේ ලංකාවේ ඉංජිනේරුවන්ගේ එකමුතුව පවා මෙවැනි උපාධිය ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් ඇති කර ඇත්තේය. 

නමුත් සුලුතරයක් වුවද තරමක ප්‍රමාණයක් රජයේ නොවන විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධ බව පෙනේ. මෙලෙස විරුද්ධ වීම් කිසිසේත් හිතා ගන්නට බැරිය. මක්නිසාද ලංකාවේ රජය නොවන විශ්ව විද්‍යාල නොමැත්තේ නම් බොහෝ සිසුන් පිටරට විශ්ව විද්‍යාල වලට ගොස් ඉගෙන ගන්නා බැවිනි. එසේ පිටරට විශ්ව විද්‍යාල වලට යන ශිෂ්‍යයන් අවුරුද්දකට 2000 ක් ලංකාවෙන් පිටරට අධ්‍යාපනය සදහා ගියහොත්, එක් ශිෂයෙකුට මිලියන් හයක් වියදම් වන්නේ නම් ලංකාවෙන් පිටට යන මුලු මුදල මිලියන 12,000 ක් පමණ වේ. මෙය සම්පූර්ණයෙන්ම විදේශ විනිමය ලෙස පිටරටට ඇදී යයි. 

කම්කරුවන් පිටරට යවා එයින් විදේශ විනිමය හොයන අපි වගේ රටකට මෙය දරා ගත නොහැකි ආර්ථික ව්‍යසනයකි. රජයේ නොවන විශ්ව විද්‍යාල මෙහි ඇති කරන්නේ නම් මේ මුදල් රමේ සංවර්ධනයට යෙදෙවනවා පමණක් නොව තවත් බොහෝ විදේශීය ශිෂ්‍යයන් අපගේ විශ්ව විද්‍යාල වලට පැමිණ ඉගෙන ගැනීම අප රටට විදේශ විනිමය ගලා ඒමට පටන් ගනී. අනෙක් පැත්තෙන් මුදලටත් වඩා ලෝකයේ වෙනත් රටවල ශිෂ්‍යයන් මෙරටට අධ්‍යාපනය සදහා පැමිණීමෙන් පමණක්ම අපේ රට සහ වැසියන් ලොව අන් රටවල වැසියන් අතර ගෞරවයට පාත්‍ර වේ. මෙහෙකාරියන් සපයා හම්බකර ගැනීමට වඩා දැනුම විකුණා හම්බකර ගැනීම කොතරම් ගෞරවාන්විත වෙනසක්ද?.

අනෙක් පැත්තෙන් අපගේ රජයේ විශ්ව විද්‍යාල වල තිබෙන්නේ සීමා සහිත ඉඩ ප්‍රමාණයකි. අවුරුද්දකට සුදුසුකම් ලබන සිසුන් 1,50,000 කින් විශ්ව විද්‍යාල වට ඇතුලු වීමට ඉඩ ලබන්නේ 25,000 ක් පමණි. මෙය සුදුකම් ලැබූවන් ගෙන් 1/6 පමණි. ඉතිරි ශීෂ්‍යයන් ගෙන් 2000 ක් වැඩිදුර අධ්‍යාපනය සදහා පිටරට යනවා යැයි උපකල්පනය කලහොත් 1,23,000 ක් හරියමන් දෙයක් කර ගන්නට බැරිව හිර වෙයි. ඔවුන්ගෙනුත් බොහෝ දෙනෙක් CIMA වැනි පිටරට විභාග කරන්නට තවත් විදේශ විනිමය පිටරට යවයි. 

ලංකාවේ නිදහසේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කල හොත් පිටරට යැවීමට මුදල් නොමැති එහෙත් ලංකාවේ තිබේනම් කෙසේ හෝ ගැට ගසා ගන්නට පුලුවන් දරුවන් බොහෝ ගණනකට උපාධි ලබා ගන්නට පුලුවන. එසේ පුද්ගලික විශ්ව විද්‍යාල  බොහෝ ගණනක් ඇති වන විට ඒවාට ළමයින් බඳවා ගැනීම සදහා බලවත් තරඟයක් ඇති වේ. එවැනි තරඟයක් ඇතිවන විට ළමයිනුත් බලන්නේ වඩා හොඳ එසේම වියදම අඩු විශ්ව විද්‍යාලයකට යාමය. 

මෙයට මුහුණදීම සදහා විශ්ව විද්‍යාලත් ප්‍රමිතිය වැඩිකර ගැනීමට සැම විටම උත්සුක වන අතර, මුදල් අයකිරීම හැකි තරම් අඩුවෙන් ලබා ගැනීමට උත්සාහ කරනු නොවනුමානය. ඇත්තෙන්ම බටහිර රටවල විශ්ව විද්‍යාල අතර මෙවැනි තරඟයක් තිබීම නිසාවෙන් ඒ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඉහල මට්ටමක පවතී. 

ඒ අතරම දැනට පවතින විශ්ව විද්‍යාල පද්ධතියට අමතරව අලුතින් ජනතාව මුදල් වියදම් නොකරන සමාන්තර විශ්ව විද්‍යාල පද්ධතියක් රටෙහි ඇති වූ විට විශ්ව විද්‍යාල තේරුන සිසුන්ගේ සමහර දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් නොමිලේ විශ්ව විද්‍යාල වලට නොයවා පුද්ගලික විශ්ව විද්‍යාලයකට යැවීමට තීරණය කරන්නට පුලුවන. විනය, පහසුකම්, වෙනත් විෂයයන්ට ඇති කැමැත්ත හෝ නිවසේ සිට ඇති දුර මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ හැකි හේතූන් විය හැක.   

 සිසුන් 1000 ගේ පමණ දෙමව්පියන් මෙලෙස තීරණය කලහොත් තවත් සුදුසුකම් ලබා ඇති සිසුන් 1000 කට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලු වි නොමිලේ ඉගෙන ගැනීමට ඉඩ සැලසේ. 

මේ සියලු කරුණු සලකා බලන විට රජයේ නොවන විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති වීමෙන් මේ තරම් රටට හිතකර දෑ සිදුවේ. එහෙත් එයට විරුද්ධ වන්නට කිසිම හේතුවක් හිතා ගන්නට නුපුලුවන.  

ඇත්තෙන්ම මෙසේ ඉතා දැඩි ලෙස ප්‍රකෝපකාරී ලෙස මෙිවාට විරුද්ධ වීමට හේතුව කුමක්ද?     

7 comments:

  1. එකම හේතුවයි තියෙන්නේ. නොමිලේ අධ්‍යාපනය කියල නම දැම්මත් විශ්ව ව්\ද්‍යාල වල වැඩ කරන අයට පඩි පහසුකම් රජයෙන් දෙනවා. ඒවයේ අනිකුත් වුයදම් රජයෙන්. ඒවයේ ධාරිතාව වැඩි කරලා පවත්වාගෙන යන්න නම් වසරකට තව බිලියන ගාණක් වියදම් කරන්න ඕන. ඒක කරන්න අපහසු නිසා උපාධි ලබන අය සීමිත වෙනවා. ඒකෙන් උපාධි ලබන අය එහෙම අව්ස්ථාවක් නොලබන අයට වඩා සමාජයේ ඉහලට එනවා. හැමෝම ඉගෙන ගත්තොත් දැන් නොමිලේ ඉගෙන ගන්න අයට තියෙන විශේෂය නැතිවෙනවා. තමන්ගේ තත්ත්වයට පහල ඉන්න අය එතනම තියලා තමන් බැබලෙන්න විතරයි මේකේ එකම අරමුණ. මේවගේ දේවල් රජ කාල වල තිබ්බා. දැන් මේවගේ දේවල් එළිපිට කරන්න පුළුවන් එකම රට ලංකාව.

    ReplyDelete
    Replies
    1. කන්නන්ගර ශ්‍රීමතාණන් නිදහස් අධ්‍යාපනය යෝජනා කර මධ්‍ය විද්‍යාල විවෘත කරද්දීත් රටේ ඔවැනි අදහසක් 'ප්‍රභූ' යයි හංවඩු ගසාගත් පෙලෑන්තියේ අය අතර තිබුණා. ඔවුන් කිව්වේ 'ගහක ගෙඩියක් කඩා ගන්නවත් ගමක කෙනෙක් නැතිවෙයි' කියලා. ඒ උනත් උද්ඝෝෂණ කලේ නම් නැහැ. එසේ ආරම්භ කළ නිදහස් අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල ලබන අයම මෙයට වීරුද්ධ වීම තමා පුදුමය. කොහොමත් අධ්‍යාපනයට කරන ආයෝජනයක ප්‍රතිලාභ ලැබෙනුයේ අඩුම වශයෙන් අවුරුදු දහයක් වත් ගතවුවාට පසුව බව මේ අන්තවාදීන් තේරුම් ගත යුතුයි.

      Delete
  2. මෙය මුහුණු පෙ‍ාතේ පළවු කොමන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි
    A Good Message....

    No offence to my good friends in government universities :) Education is education whether its private or government...

    We paid for ours, but it doesn't mean that we got our A's and B's for the money we pay.. We got those for the effort we invested :) We never wasted a single penny of that investment our parents made for our education..

    But there are plenty of people failing exams in private universities too.. But they fail to deliver "at their own cost"... Unlike those who fail in government universities at the "Cost of the country" :)

    No matter how much the, people say that we "failed" GCE ALs and didn't get into government universities, the truth is, there are so many of us out there like me; who never ever wanted to get into a government university "by choice". Not "by fate".

    A small message for revolutionary student unions of government universities;

    Please be thankful for the "free education" you are getting at the "Cost of the people" and make sure each penny invested by the country on behalf of you is worth it :) Without looking at us, the "Private university students" with jealousy and hate! Invest that time on studies and be a good citizen...

    Because at the end of the day, what matters is, not whether we are coming from private universities or government universities!

    But, how much of a contribution we are able to make to drive this country forward :)

    So stop wasting time
    Aquire knowledge
    Develop skills
    And ALWAYS have the "Right attitude"
    For "yourselves" and more importantly, for "the country" :) because #SriLanka is "investing" in you..

    ReplyDelete
  3. හැබැයි දොස්තරල පැත්තකින් තිබ්බත් වෛද්‍ය නොවන සිසුන් පවා අරගල කරන්නෙ සයිටම් වෛද්‍යවිද්‍යාලයට එරෙහිව විතරයි.ඉංජිනේරු, පරිගණක ආදී වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල යහමින් තියෙනවා. ඒ ගැන ඇහුවම කවුරුත් උත්තර දෙන්නෙ නෑ.

    ReplyDelete
  4. බල ලෝභි දේශපාලනය තමා පිටුපස අදිසි හස්ථය.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...