ලංකාවේ කුවේනිය ගෙන් පසු කපු වගාව සහ කපු වලින් රෙදි නිම කිරීමේ කර්මාන්තයක් තිබී ඇති බව මා දැනගත්තේ මේ ලඟදීය. පලමුවෙනි සිංහලයා වන විජය කුමරු කුවේනිය මුණ ගැසෙන විට කුවේනිය සිටියේ කපු කටිමින්ය. එහෙත් ඉන්පසු කපු කර්මාන්තය විශාල ලෙස සිදුවුනැයි මහා වංශයේ ඒතරම් සදහන් වන්නේ නැත. බොහෝ විට මෙය සිදු නොවන්නට ඇත්තේ ලක් පොලොවේ කපු වැවීම සාර්ථක ලෙස සිදු නොවන නිසා විය හැක.
සාමාන්‍යයෙන් ලංකාවේ ස්වාභාවික දෑ හා කර්මාන්ත පිලිබඳව නිවැරදිව ලේඛන ගත වූයේ යුරෝපීයයන් මෙරටට පැමිණි පසු බව අප අකමැත්තෙන් වුවත් පිලිගත යුතුය. ඔවුන්ගේ වාර්තාවන් වලට අනුව 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ උතුරු ප්‍රදේශයේ හා මන්නාරමේ කපු වගාව බොහෝ සේ ව්‍යාප්තව තිබිණ.
මෙය ඕලන්ද පාලකයන් විසින් බොහෝ ධෛර්යමත් කල බව පැවසේ. 1887 බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වාර්තා වලට අනුව අත්යන්ත්‍ර පේශකර්ම ශාලා දකුණු ප්‍රදේශයේ 15 ක්ද, වයඹ ප්‍රදේශයේ 21 ක්ද, නැගෙනහිර ප්‍රදේශයේ 429 ක්ද - කලකට පෙර ප්‍රසිද්ධ වී තිබුනු මඩකලපු සරම් බොහෝ විට මෙහි ප්‍රතිපලයක් විය හැකිය. උතුරෙහි 575 ක්ද තිබුණි.
නමුත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන රෙදි වලින් ලැබෙන රේගු බඳු ප්‍රමාණය අඩු වන නිසා ලංකාවේ නිපදවන කපු රෙදි වලට 5% ක බද්දක් පැනවිණ. මේ නිසා ඉතාමත් සුලු ලැභයක් ලබමින් පවත්වාගෙන ගිය ලංකාවේ කපු වගාව සහ කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටිණ.
ඉන්පසු ලංකාවේ කපු කර්මාන්තය ප්‍රධාන වෙනසක් වූයේ වැල්ලවත්ත පෙහෙකම්හල ඇති වීමය. 19 වන ශතවර්ෂයේ අග වැල්ලවත්ත ඇල අසල අතහැර දමන ලද කැලෑ ගත වූ කුරුඳු වගාවක පටන් ගැනුනු මෙම කර්මාන්තශාලාව කපු කටින යන්ත්‍ර 1000 නුත්, රෙදි වියන යන්ත්‍ර 150 නුත් යුක්ත විය. පටන් ගත් වසරේදීම මෙම කර්මාන්තශාලාව සදහා කපු ටොන් 32 ක් යාපනයේ සිට දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කෙරුනු අතර සහ දෙවන වසරේ එය ටොන් 289 දක්වා වැඩි විය.
මෙම ප්‍රමාණය වසරින් වසර වැඩි වී ටොන් දස දහස් ගණනක් වේයැයි ඉංග්‍රීසි පාලකයන් බලාපොරොත්තු වුවද එසේ සිදු වී ඇති බවක් නම් නොපෙනේ. මෙම කර්මාන්තශාලාවත් සමගම අනාත ළමයින්ට නොයෙකුත් රැකියාවන් පුහුනු කිරීමට නිවාසයක්ද ක්‍රිස්තියානි ආගමික නිකායන් විසින් ඇති කරන ලද්දෙන් කර්මාන්තශාලාවේ පුහුණු සේවකයන් බඳවා ගැනීමේදී මෙම පුහුනු පාසැලෙන් පිටවන තරුණයන් ඉමහත් පහසුවක් විය.
පෙර සදහන් වූ පරිදි කොළඹ කොටුව අවට කුරුඳු වගා කිරීම විශාල වශයෙන් පැවතිණ. විශේෂයෙන් පෘතුගීසි කාලයේ කුරුඳු වෙළඳාම නිසා නොවේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය වනුයේ ත්‍රීකුණාමල වරාය වන්නට බොහෝ ඉඩ තිබිණ. ගාල්ලේ මෙන් වරායට ඇතුල් වීමේදී ඇති අනතුරුදායක තත්වය එසේත් නැත්නම් කොළඹ වැනි කෝටි ගණනක් වියදම් කර විශාල දියකඩන දෙකක් සෑදීමේ අවශ්‍යතාවය ත්‍රීකුණාමල වරාය තෝරා ගත්තේ නම් ඇති නොවනු ඇත. ශත පහක් වත් වියදම් නොකර ත්‍රීකුණාමල වරාය තරම් ගැඹුරකුත් වසර පුරාම ආරක්ෂාව සහ ඒසා විශාලත්වයත් ලබාගත හැකි වරායක් ලෝකයේ තිබෙනවා නම් එය අතේ ඇගිලි ගානට වඩා අඩුවිය යුත්තේය.
බොහෝ විට මෙලෙස ත්‍රීකුණාමල වරාය එකල ලංකාවෙි ප්‍රධාන වෙළඳ වරාය බවට පත් වූයේ නම් එය දැන් අපේ අගනුවර වීමට බොහෝ ඉඩ කඩ තිබිණ. අපට කුරුඳු වලින් කරන ලද බලපෑම කොතෙක්දැයි මේ කරුනෙන්ම හිතාගත හැක්කේය.
ලඟක් වෙනකම් (අවු 70 ක් පමණ පෙර ) ගාල්ල වරායෙනුත් ආනයන, අපනයන (රබර් etc. ) සහ සංචාරකයන් කටයුතු කලා නේද?
ReplyDeleteඔව් ඇත්තෙන්ම ලන්කාවෙ ප්‍රධාන වරාය වුනේ ගාල්ල 19 සියවසේ අග හරිය වෙනකම්ම වගේ. ගාල්ල ලොකු කරන්න තිබුනු අපහසුව නිසා තමයි කොලඹ දියකඩනය හදල තියෙන්නෙ ඊට ඉස්සර කොලඹ නැංගුරම් පොලක් විතරයි
ReplyDelete