Thursday, March 2, 2017

රුපියල බහින්නේ ඇයි? එහි පල විපාක සන විසඳුම් කවරේද?






මේ දිනවල ඇමරිකානු ඩොලර් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම බොහෝ සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. ඩොලරයේ සහ රුපියලේ වටිනාකම් පිළිබඳව මුලින්ම යමක් කියවූයේ ශ්‍රී ලංකාවේ සිටි අන්තර් ජාතිකව ප්‍රසිද්ධ පොත් කතුවරයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ පොතකය. 

මා එය කලකට පෙර මිලදී ගත්තද, දැන් එය කොතනක හෝ සැඟවී ඇත. මට මතක හැටියට එහි තිබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ ජීවිත කථාව වන අතර, එහි ඔහු ලංකාවේ පදිංචි වීමට තෝරාගෙන තමාගේ අම්මාට ලිපියක් ලියයි. එහිදී ඔහු 1956 වසරේ තමාගේ කොළඹ අලුත් නිවසට ගෘහ සේවකයෙකු බඳවා ගත් බවද, ඔහුගේ මාසික වැටුප, මට මතක හැටියට, රුපියල් පහක් බවද, එහි ඩොලර් වටිනාකම ඩොලර් දහයක් වන බවද කියයි. ඒ අනුව එකල රුපියලේ වටිනාකම ඩොලරයේ වටිනාකමට වැඩි බව පෙනේ. වසර 60 ක කාලයකින්, දැන් ඩොලරයේ අගය රුපියල් 153 කි. ඒ කියන්නේ 56 දී  සමාන අගයක් ගත්තත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුම තරමින් 153 ගුනයකින්වත් අඩු වී තිබේ. මේ කියන්නේ 15300% කින් අගය අඩු වී ඇති බවයි. මෙතරම් විශාල පසුබෑමක් පිලිගන්නටත් අමාරු නිසා එක්කෝ මට හෝ එසේත් නැත්නම් ආතර් සී ක්ලාක්ට මේ පිළිබඳ වැරැද්දක් වූවාදැයි සැක සිතෙන තරමට මේ පරිහානිය විශාලය. 

එය වැරදීමටත් බැරිය. 1980 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8 ක් බව මට හොඳට මතක මම මුලින්ම පිටරට ගියේ ඒ අවුරුද්දේ නිසාය.

මෙලෙස මුදල්වල වටානාකම අඩුවීම සිදුවන්නේ කෙසේද? මෙයට ප්‍රධානතම හේතුව අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීමය. ඩොලර් මිලදී ගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරද්දී ඩොලරයට රුපියලට සාපේක්ෂව ඇති ඉල්ලුම වැඩිවෙයි. එසේ ඉල්ලුම වැඩිවන විට එහි මිලද අධික වෙයි. මෙය නිදහස් වෙළඳපොල මූලික ලක්ෂණයකි. අනික් අතට ලෝකයේ අනික් රටවල් ලංකාවේ නිපවන යම් දෙයක් මිලදී ගන්නට පොර කන්නේ නම් ඔවුන් එය මිලදී ගත යුත්තේ ඩොලර් වලින් රුපියල් මිලදී ගෙන එම රුපියල් වලිනි. එවිට රුපියල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙයි. ඉල්ලුම වැඩි වුවද සැපයුම නියත නිසා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහල නගී. නැවතත් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙළඳපොල මූලික සිද්ධාන්තයන්ය. 

උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් මිලදී ගන්නා විට මෙහෙ කාර් නිෂ්පාදනය කරන්නේ නැති නිසා පිටරටකින් ඩොලර් වලින් එහි වටිනාකම ගෙවා කාර් එක මිලදී ගත යුතුය. අපිට ඩොලර් නැති නිසා මේ සදහා ඩොලර් මිලදී ගත යුත්තේ එහි වටිනාකමට රුපියල් වලින් මුදල් ගෙවාය. එසේ මිලදී ගන්නා හැම ඩොලර් එකකටම රුපියලේ අගය සාපේක්ෂව ඉතා ස්වල්ප ප්‍රමාණයකින් අඩුවේ.  

අනික් අතින් අපේ මැද පෙරදිග ශ්‍රමිකයෙකු තමන්ගේ මාසික වැටුප වන ඩොලර් 500 ක් බදුල්ලේ ජීවත්වන තම පවුල වෙත එව්වොත් ලංකාවට එන විට ඔහු ඒ ඩොලර් විකුනා රුපියල් මිලදී ගනී. මෙලෙස රුපියල් මිලදී ගන්නා විට රුපියලට ඩොලරයට සාපේක්ෂව ඉල්ලුමක් ඇතිවේ. එවිට රුපියලේ වටිනාකම සාපේක්ෂව ඡායා මාත්‍ර ප්‍රමාණයකින් ඉහල යයි. මෙම ගනුදෙනු යම් සමබර තාවයකින් සිදුවන්නේ නම් මෙම මුදල් වර්ග දෙකේ සාපේක්ෂ අගයන් එතරම් විශාල ලෙස වෙනස් වන්නට නුපුලුවන.    

මෙලෙස මෙකල සිදු වෙමින් පවතින රුපියලේ අවපාතනයට කුමන හේතු කාරණා වී ඇත්දැයි බලමු. එවැනි කාරණා විය යුත්තේ අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම වැඩිවීමට තුඩු දී ඇති කාරනාය. පසුගිය කාලයේ නොතිබුනු දැන් සිදුවන එවැනි හේතු මොනවාද?  

  • වාහන වැඩිපුර මෙරටට ගෙන්වීම. ලංකාවේ දැන් දිනකට මෝටර් බයිසිකල්ම 1000 ක් පමන විකිනෙන බව මට සිතේ. 
  • අධ්‍යාපනය සදහා දරුවන් පිටරට යැවීම මේ සදහා ඉතා විශාල මුදලක් එක්වරම පිටරටට ඇදී යයි. වෛද්‍ය අධ්‍යාපනයට පිටරට යන සිසුවෙකුට ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියන 10 කට කිට්ටු ප්‍රමාණයක් ඩොලර් කරයි. සිසුන් 1000 ක් එසේ ගියොත් එය බිලියන් 10 කි.  
  • එයට අමතරව පිටරටට පදිංචි වීමට යන දරුවන්ට යවන මුදල්. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයෙන් පසු පදිංචි වන දරුවන්ට එහි නිවාස මිලදී ගැනීමට මෙහෙන් මුදල් යැවීම දැන් පුරුද්දක් වී තිබේ. එවිටද පහලට යන්නේ රුපියලේ වටිනාකමය.   
  • නොයෙකුත් උපාධි, ආයතන සහ අන්තර්ජාතික සමාජවල සාමාජික මුදල් සහ විභාග ගාස්තු යනාදිය. වසර පතා මේ හරහා මිලදී ගන්නා ඩොලර් ප්‍රමාණය මිලියන් සිය ගණනක් විය යුතුය. 
  • ශ්‍රී ලාංකිකයින් පිටරට සංචාරයට යාම මේ සදහාද රුපියල් වලින් ඩොලර් මිලදී ගත යුතුය.  
  • ජංගම දුරකථන, පරිඝනක ඇතුලු වෙනත් විද්යුත් උපකරණ මෙරටට ගෙන්වීමට මිලදී ගැනීම සදහා රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීම.


මේ සියලු වියදම් සදහා අප ඩොලර් සපයාගත යුත්තේ විදේශ ශ්‍රමිකයින්, මෙරටට පැමිනෙන සංචාරකයින් සහ තේ, පොල්. රබර්, ඇතුලු අපගේ සම්ප්‍රදායික අපනයන වලින් ලැබෙන සීමිත ඩොලර් ප්‍රමානයෙනි. 
අප රටක් වශයෙන් හම්බ කරන ඩොලර් ප්‍රමාණය වියදම් කරන ඩොලර් ප්‍රමාණයට අඩු වූ විට පැහැදිලිවම ඩොලර් සදහා ඉල්ලුම වැඩිවී ඩොලරයේ සාපේක්ෂ වටිනාකම ඉහල යයි, අපේ අහිංසක රුපියල පරිහානියට පත්වෙයි.  

බටහිර ආයෝජිකයින් ලංකාවේ ආයෝජනය කල මුදල් ආපසු ගැනීම හෝ අප ලබාගත් ණය වල වාරික ගෙවීම හැරෙන්නට වෙන ලොකුවට ඩොලර් එළියට යන ක්‍රමයක් හිතා ගන්නට අපහසුය. 

මෙයින් පෙනෙන්නේ අපිට එක් වරම රටේ ඩොලර් ආදායම වැඩිකර රුපියල පරිහානියට පත්වීම වලක්වා ගන්නට හදිසි ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ නම් ඒ සදහා ඇති එකම පිලියම ඩොලර් වියදම් අඩු කිරීමයි. ඒ සදහා කිසිම කරදරයක් නොමැතිව බිලියන ගණනක් ඉතිරි කරගත හැකි පහසුම ක්‍රමය රටතුල පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීම බව පෙනේ.  


 

 ‍ෙ

9 comments:

  1. බන්දුල ගුණවර්ධන මහත්තය දැනුවත්කරලද මේක දැම්මෙ...?

    ReplyDelete
    Replies
    1. sarath, we are from the same government university, so we must be thinking alike

      Delete
  2. Very good article for everybody to understand the problem in Rupee devaluation. Thanks for compose the article in Sinhala. Private Universities are good with proper and strict regulating system.

    ReplyDelete
  3. thanks upananda, countries with half our literacy rate has many private universities that attract thousands of foreign students, why cant we ?

    ReplyDelete
  4. මේකට ඔය ඔක්කොටොම වැඩිය වග කියන්න ඕනේ ජන්දේ දීපු අපි සහ අපි පතකර්පු දෙස පාලකයෝ ..මොකද අපි උන්ට හැමදාම රැවටිලා චන්දෙ දෙනවා..අපි දෙන විත්තිය දැනගෙන උන් හොදට කනවා ..උන් අවුරුදු ගානකට කාලා..අපේ බඩවල් දැන් තියෙන්නේ පිට කොන්දේ

    ReplyDelete
  5. අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල විතරක් හදලා මදි පිට රටට ඇදිලා යන සල්ලි නතර කරන්න නම් ඒ ව්‍යාපාර ලංකාවේ ඇති කල යුතුයි. දැන් කාර් හදනවා කිව්වාට කරන්නේ එකලස් කරන එක ඩොක් යාර්ඩ් එකේ නැව් හැදුවාට වෙල්ඩින් කූරේ ඉදන් යකඩ ලී ඉන්ජින් මොටර් ඇතුලු සෑම දෙයක්ම පිටරටින් ගෙන්නේ. අපි කරන්නේ මිනිස් ශ‍්‍රමය විතරක් යෙදන එක. එත් දැන් මිනිස් ශ‍්‍රමයත් පිටරටින් ගෙන්වන්න වෙලා. ඉතිං අපේ රටේ සල්ලි තවත් පිට රටට ඇදිලා යනවා. පලපුරුදු ශ‍්‍රමිකයෝ නෑ. ඉන්නේ තී‍්‍රවිල් එලවන තරුණයෝ ටිකක් විතරයි. මුලින්ම කරන්න ඔනේ පිටරටින් එන ආයෝජකයින්ට පහසුකම් සලසන එකයි නැතිව උන්ගෙන් කොමිස් ඉල්ලන දහජරා බලු දේශපාලකයෝ හැත්ත අතුගාලා නොදා මේ රට දියුනු කරන්නවත් රුපියල බාල්දු විම නතර කරන්නවත් බෑ.

    ReplyDelete
  6. ඔබ වැදගත්ම දේ අමතක කර තිබෙනවා.
    රුපියල පහල බැසීමට ලොකුම හේතුව මුදල් වැඩිපුර අච්චු ගැසීම.
    මුදල් කියන්නේ අපේ මහ බැංකුවේ "වත්කම" නිරූපනයට තිබෙන එක දෙයක්.
    මේ "වත්කම" වැඩි නොවී මුදල් වැඩිපුර අච්චු ගසද්දී මුදල් ඒකකයක වටිනාකම පහල යනවා.

    දැනට තිබෙන තත්වයට හේතු නම් දෙන ලද රු.10, 000 වැටුප් වැඩිවීම, විදේශ අයෝජන පහල යාම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අස්තාවර භාවය (බැඳුම්කර ගනුදෙනුවද ඇතුලුව )

    අධ්‍යාපන කර්මාන්තය කල හැකියි නිසි දැක්මක් ඇතිව කරනවනම්. නැතිනම් ඉන්දියාව, බන්ග්ලාදේශය හෝ නේපාලය වගේ සංවර්ධනය ගැන හීන දැකීම හෝ මැලේසියාව වගේ මග හිරවී ඉන්න සිදු වේවි.

    "අධ්‍යාපන කර්මාන්තය" සාර්ථක කරන සංවර්ධිත රටවල් වන එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල මේ "ව්‍යාපාරය" කරන්නේ ඒ රටවල තිබෙන බහුතරයක් රජයේ විශ්ව විද්‍යාල හෝ සුලුතරයක් ලාභ නොලබන වර්ගයේ පුද්ගලික විශ්ව විද්‍යාල. ඔවුන් කලේ හොඳ "භාණ්ඩයක්" සාදා එය විකීනීම. ඒ නිසායි ඒවායේ ප්‍රමිතිය ගැන ගැටළු නැත්තේ.

    අධ්‍යාපනය ව්‍යාපාරයක් කර ගත්විට ඉන්දියාවේ වගේ ඉතාමත් ගැටළු සහිත වි.වි. බහුතරක් බිහි වීම විය හැකියි.

    අනිත් කාරනය ලංකාවේ දැනට උසස් අධ්‍යාපන ව්‍යාපාරික ආයතනය අවුරුදු ගනනක් තිස්සේ තිබුනත් ඒ කිසිවක් තමන්ගේ කියා උපාධි දෙන්නේ නෑ. ඔවුන් කරන්නේ මුදල් ගෙවා වෙන රටක තිබෙන (බොහෝ විට රජයේ) වි.වි. කින් උපාධි ලබා දීම.

    අනිත් කාරනය ලංකාවේ දැනට උසස් අධ්‍යාපන ව්‍යාපාරික ආයතනය අවුරුදු ගනනක් තිස්සේ තිබුනත් ඒ කිසිවක් තමන්ගේ කියා උපාධි දෙන්නේ නෑ. ඔවුන් කරන්නේ මුදල් ගෙවා වෙන රටක තිබෙන (බොහෝ විට රජයේ) වි.වි. කින් උපාධි ලබා දීම.

    අනිත් කාරනය වි.වි. උසස් බව මැනෙන්නේ ඒ මඟින් ලබා දෙන ආචාර්ය උපාධි හා පශ්චාත් උපාධි මත මිස තොගයට උපාධි දීම මත නොවේ.

    අනිත් දියුනු කර්මාන්ත මෙන්ම මේ කර්මාන්තයත් ඔබට හෝ මට හෝ හදිස්සිය තිබුනු පලියට හදිසියේ කරන්න හෝ එක්මනින් කරන්න බෑ.

    ReplyDelete
  7. මලලසේකර පළමු හෝ දෙවන ශබ්ද කෝෂයෙහි මට මතක ලෙසට ඩොලරය යන වදන හදුන්වා තිබුනේ රුපියල් පහක මුදලක් ලෙසටය (1940 දශකය)

    ReplyDelete
  8. ලිපියේ ඇති " අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම " යන ප්‍රකාශය නැවත සලකා බලන්න.

    ඩොලර් එලියට යාමට හේතුවන ආනයනයන්ගේ ප්‍රධාන කොටස් ලෙස පිටි , ඉන්දන , වෙනත් අහාර , ගොඩනැගිලි ද්‍රවුය , යන්ත්‍ර සුත්‍ර හා
    ඩොලර් එලියට යාමට හේතුවන සේවා ලබා ගැනීම (බුද්ධිමය යටිතල පහසුකම් ,මාර්ග සංවර්ධන , ලොකු ලොකු ප්‍රොජෙක්ට් , විශාල මිලදී ගැනීම )
    ඩොලර් එලියට යාමට හේතුවන අන්තර් ජාල සේවා ලබා ගැනීම්. එවැනි දේවල් සදහන් කිරම අවශ්‍ය බව පෙනේ.
    වරින් වර ඩොලර් රටෙන් එලියට ගෙනයාමට හැකි පරිදි නීති සැදීම හා නැවත වසා දැමීම.
    ඩොලර් ඇතුලට ඒමට හේතුවන බදා
    අපනයනයන් සදහා නියමිත මුදල් දිර්ගකාලිනවා (අන්ඩර් වැලිව් කර විකිණීම) නොලැබීම හා අපනයනයේ ඇති කුමන්ත්‍රණ නොදැනිම. බොහෝ අපනයන කරුවන් විදේශිකයන් වීම.
    අපේ උගතුන් මෙහෙ නොමිලේ ඉගනගන මෙහෙන් සල්ලිත් අරං ගිහිං වෙනත් රටවල ස්ථිරව නැවතීම.
    රටක් විදිහට ඩොලර් රට තුලට ගෙන ඒමට සියලු ජනතාවට හැගීමක් ඇතිකර නැතිවීම. (ඉන්දියන් කාරයෙක් විදෙස් රටක හිටියොත් තවත් ඉන්දියන් පිරිසක් එතනට ගෙන ඒමට මහත් සේ වලිකයි )
    අපේ වයාපරිකයන්ගේ විදේශ ආයෝජන ඉතාම අඩුයි , විදෙස් ආයෝජන සදහා පෙලබවීමක් නැත , විදෙස් ආයෝජන සදහා කිසිදු උද්දවුවක් අදාල තානාපති වරුන්ගෙන් කොහෙත්ම ලැබෙන්නේ නැත.
    අංකුර අලුත් නිෂ්පාදන අලුත් අදහස් අලුත් වයපාරිකයන් ආරක්ෂා කිරීමක් නගා සිටවිමක් කිසිම විටක සිදු නොවේ.
    ඔබ බැංකුවකට ගිහින් LC ඇරලා ඉම්පෝර්ට් කරන්ඩ ලේසියි ගෙනාවා ස්ටෝරුවේ තිබ්බා දෙගුණයකට විතර වික්කා. හරි ලාබයි එක්ස්පෝර්ට් කරන්ඩ ගියොත් එක අමාරුයි, පරිසර බලපත්‍රය , තේකොල බලපත්‍රය , අහාර සදහා ප්‍රසන , ෆියුමිගේෂන් ප්‍රසන , කම්කරු ප්‍රසන, ග්‍රාම සේවකට ප්‍රසන , සද්දේ වැඩියි , අපනයන කලාපේ ඉඩම් ඕනේ වෙලාවට නැ (ඒවා වෙනකට්ටිය්කට දීලා දැන් එයාලගෙන් ගන්ඩ ඕනේ ) , මාළු පරීක්ෂක ඉන්නවා , අපේ කට්ටිය සංචාර යන යන රටවල අත්සන් කරපු ඒවා හන්දා තියන ප්‍රසන , කොන්ටෙනරේ පටෝලා වරායෙන් යද්දී කස්ටම් බලද්දී අන්තිම පේලිය බඩු හොරකම් කරලා , ෆැක්ටරි එකේ සුපර්වයිසර් එක්ක තරහට වැරදි බඩු ලෝඩ් කරලා, කුඩු කාරයෝ තමයි කොන්ටෙනර් ලෝඩ් කරන්නේ ඉතිං පටවද්දීම ඩැමේජ් කරලා , කන්ටේනර් ලොරියේ නිතර නිතර හුලං යාම නිසා නැවු මිස් වීම , ඔහොම ඔහොම තමයි ඉතිං දැන් ඔය රුට්ට රුට්ට යන තැනට ආවේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...