මීට පෙර කොටස
http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-1-part-1.html
Rajasingha ll of Kandy, the youngest of the brothers
මෙම ආරවුල නිසා රාජසිංහ රජු හා විජේපාල කුමරු අතර මත භේදයක් ඇති වී විජේපාල කුමරුන් මහනුවරින් ඉවත්ව මාතලේ වාසය කිරීමට පටන් ගත්තේය.
මෙකල ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය තුල පෟතුගීසිහු මෙම ආරවුල ප්‍රයෝජනයට ගෙන, සිංහල රජ පවුල දෙකඩ කර කන්ද උඩරට රාජ්‍ය යටත් කර ගැනීමට කුමන්ත්‍රණය කලහ. මෙම අදහස එවකට ලංකාවේ සිටි පෟතුගීසි පාලකයා වූ මෙලෝඩි කැස්ට්රෝ කපිතාන් ජනරාල්වරයා විසින් ගෝවේ පෟතුගීසීන් වයිස්රෝයිවරයා වෙත ලියා දන්වන ලදුව, ඔහු විසින් පෟතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයෙහි රාජ සභාව වෙතින්ද, මේ සදහා අවසර ලබා ගත්තේය.
මෙම සැලසුම අනුව විජේපාල කුමරුට ඔහුගේ පිරිවරත් සමග කොළඹට පැමිණ, පෟතුගීසිනට එකතු වන ලෙසටද, එලෙස එකතු වූ පසු ඔහුට සත්කෝරළයේ පාලක තනතුර ලබා දෙන බවද, ඉන් පසු පෟතුගීසි හමුදාව සහ ඔහුගේ හමුදාව එකතුව මහනුවර යටත් කර ඔහු කන්ද උඩරට රජු බවට පත් කරන බවටද, පෟතුගීසි නිලධාරීහු රහසේ පැමිණ ඔහුට දන්වා සිටියහ.
විජේපාල කුමරු මේ අදහසට තරමක කැමැත්තක් දැක්වුවද, ඒ කාලයේදීම සහෝදරයන් දෙදෙනා අතර මතභේදය සමතයකට පත් වූයෙන්, නැවතත් ඔහු මහනුවර රාජ සභාවේ කාලය ගත කිරීමට පටන් ගත්තේය. බාල සොහොයුරු මහා රජු වශයෙන් සිටියදී වැඩිමහල් එමෙන්ම දක්ෂ හැකියාවලින් හෙබි කුමාරයෙකු තම බාල සොහොයුරාගේ රාජ සභාවේ සිටීම ඉතාමත් අවුල් සහගත එමෙන්ම ඇවිලෙන සුලු තත්වයක් බව නොකිවමනාය.
වසර කිහිපයකට පසු, 1638 දී පෟතුගීසි හමුදාව කන්ද උඩරටආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය පෟතුගීසි ජෙනරාල්වරයා විසින්ම මෙහෙයවන ලද්දේය. මහනුවරට ඇතුලුවන දන්තුරේ ප්‍රදේශයේදී ඇති වූ පෟතුගීසි හමුදාව හා කන්ද උඩරට හමුදා අතර ඇති වූ මහ සටනින් පෟතුගීසි හමුදාව පරාජය විය. මෙහිදී ජෙනරාල්වරයා ඇතුලුව පෟතුගීසි හමුදාව 2500 ක් පමණ මිය ගිය බව සඳහන් වෙයි.
මෙම සටනට විජේපාල කුමරුද තම හමුදා සමග සහභාගි වුවද, සටන අවසානයේ පෟතුගීසිනට ඇති අනුකම්පාව නිසා, සමහර පෟතුගීසි සිරකරුවන් නිදහස් කිරිමට උත්සාහ කලේය. මෙය ආරංචි වී කෝපයට පත් රාජසිංහ රජු, විජේපාල කුමරු ටික දිනකට සිර භාරයට පත් කලද, පසුව ඔහු සිර භාරයෙන් නිදහස් කර නැවත මාතලේ ප්‍රදේශයට පිටත්කර යැවීය.
1641 ජුලි මාසයේදී යම්කිසි සිදුවීමක් නිසා, රාජසිංහ රජුගේ හමුදා සහ විජේපාල කුමරුගේ හමුදා අතර ඌවේහිදී සටනක් ඇති වූ අතර, මෙම අවස්ථාවේ ලන්දේසි ආක්‍රමණය නිසා, බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටි පෟතුගීසි ආණ්ඩුකාරවරයා විජේපාල කුමරුට තම හමුදාවත් සමග කොළඹට පැමිණ තමනට උදව්කරන ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් මෙය කරන්නට ඇත්තේ සහෝදරයන් අතර විරසකය තවත් වැඩි කරන්නට විය හැක.
to be continued

This is really good. A fair bit of obscure details too.
ReplyDeleteThanks
ReplyDeleteවිජයපාල කුමාරය ගැන ලියැවී ඇත්තේ බොහෝ අඩුවෙන්. ඉතිහාසය කියන්නෙ නිර්මිතයක් වුණත් මේ ලිපි දෙකෙන් හිතන්න බොහෝ දේ ඉතිරි වෙනවා. මට නම් දුර්ලභ අත්දැකීමක්.
ReplyDelete