Sunday, November 6, 2016

Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?










Socialism නොහොත් සමාජවාදී ආර්ථිකය ප්‍රායෝගිකද?

සමාජවාදය මිනිස් සමාජය තුල රාජ්‍ය පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම ප්‍රායෝගිකව කරන්නට පුලුවන් යැයි සිතා බොහෝ රටවල් එය උත්සාහ කලහ. නැගෙනහිර යුරෝපය, චීනය, රුසියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල් සම්පූර්ණ වශයෙන්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අප්‍රිකවේ බොහෝ රටවල් අර්ධ වශයෙන්ද සමාජවාදී ආර්ථික ක්‍රමය, එනම් රජය මගින් පාලනය කරන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්නට පසුගිය සියවසේ උත්සාහ කර, එය ප්‍රායෝගිකව කල නොහැකි දෙයක් බව ඉගෙන ගත්හ. දැන් අවසානයේ මෙයින් ඉතිරිව ඇත්තේ ඒකාධිපති, පවුල්වාදී, කෘර රජයක් බවට පත්ව ඇති උතුරු කොරියාව පමණි.

කියවන විට හා සාකච්ඡා කරන විට සෑම දෙනාටම සමාන ලෙස ජීවත් වෙන්නට පුලුවන් රටක් තිබෙන්නේ නම්, රටේ ජනතාව සියලු දෙනාටම ඉතා සතුටෙන් ජීවත් වන්නට පුලුවන. මෙවැනි සිහිනයෙන් පමණක් ඇතිකර ගන්නට පුලුවන් රාජ්‍යයනට උතෝපියානු රාජ්‍යයක් යැයි කියනු ලැබේ. ඒ ශ්‍රීමත් තෝමස් මෝර් ගේ 1516 උතෝපියා නැමැති ග්‍රන්ථයෙන් පසුවය.

මෙවැනි රාජ්‍යයෙන් ආර්ථිකය පාලනය කර නිෂ්පාදනය ලෙස ලැබෙන සේවා සහ භාණ්ඩ ජනතාව අතර සමාන ලෙස බෙදා හැරීම ප්‍රායෝගිකව කල හැකිදැයි පරීක්ෂා කිරිමට විශ්ව විද්‍යාලයක කරන ලද පරීක්ෂණයක් පිළිබඳව මට ලඟකදී කියවන්නට ලැබිණ.

එහිදී කරන ලද්දේ එක් පන්තියක සිටි සිසුන් 30 දෙනාටම විභාගයට පෙනී සිටි පසු ඔවුන් සියලු දෙනාගේම එක් විෂයක ලකුණු එකතුකර මුළු එකතුව 30 න් බෙදා සෑම ශිෂ්‍යයෙකුටම එම බෙදූ අඟයට ගැලපෙන ප්‍රතිඵලය ලබාදීමයි.

මුල් වාරයේ එලෙස ප්‍රතිඵල සකස් කලවිට සෑම ශිෂ්‍යයෙකුටම B සාමාර්ථයක් ලැබිණ. මහන්සි වී වැඩකල සිසුන් කනගාටු වූ අතර, මහන්සි නොවූ සිසුන් සතුටට පත්වූහ.

ඊලඟ වාරයේදී මහන්සි නොවන සිසුන් පෙර ලෙසටම වැඩ නොකර අතර, සාමාන්‍යයෙන් මහන්සි වන සිසුන්ද මෙවර එතරම් මහන්සි වූයේ නැත. මේ වාරයේ බෙදීගිය ප්‍රතිඵලය වූයේ D සාමාර්ථයකි. සියලුම සිසුන් නොසතුටට පත්වූහ.

ඊලඟ වාරයේ ප්‍රතිඵල තවත් පහලට ගොස් සෑම සිසුවෙකුටම F සාමාර්ථයකට ගැලපෙන ලකුණු ලැබුණි. ඒ තමන් වැඩකර අනුනට ප්‍රයෝජන ලබාදීමට එකදු සිසුවෙකුවත් අකමැති වූ නිසාය. මෙලෙස අවසාන විභාගයේදී සියලුම සිසුන් අසමර්ථ වූයේ ඕනෑම කෙනෙකු මහන්සි වී වැඩ කරන්නට කැමති වන්නේ එලෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය උසස් වනවා නම් පමණි. මෙලෙස අවසානයේ සියලු දෙනා අසමර්ථ වූ පසු එකිනෙකා අතර ඝට්ටන සහ ආරවුල්ද ඇති විය.

මෙම පරීක්ෂණයෙන් අපට ගම්‍ය වන වැදගත් කරුණු පහක් තිබේ;

1. පොහොසතුන් ගෙන් නීති පනවා මුදල් ලබාගෙන නීතියෙන් දුප්පතුන් පොහොසතුන් කල නොහැක.

2. කෙනෙකු වැඩ නොකර යමක් ලබා ගන්නවා නම් ඔහුට එය ලබාදීමට වෙනත් කෙනෙකු වැඩකල යුතුය.

3. රජයකට වෙනත් කෙනෙකු ගෙන් ලබා ගන්නේ නැතිව තවත් කෙනෙකුට යමක් නොමිලේ දීමට නොහැකිය.

4. රටක සම්පත් බෙදීමෙන් වැඩිකර ගත නොහැක.

5. රටක භාගයක් ජනතාව තමන්ට වැඩ නොකර අනෙක් භාගය වැඩ කරන නිසා සැප පහසුවට ජීවත් වන්නට පුලුවන් බව සහ ඉතිරි භාගය තමන් වන මහන්සියේ ප්‍රතිඵලයෙන් භාගයක්ම වැය වන්නේ වැඩ නොකරන භාගය සැප පහසුව තබන්නට යැයි දැනගත් විට එය ඕනෑම ජාතියක අවසානය වෙයි.

මෙය කියවන විට අපට මතක් වන්නේ කුමන රටක්ද?    

13 comments:

  1. // මෙය කියවන විට අපට මතක් වන්නේ කුමන රටක්ද? //

    ඉන්ගලන්තෙ!

    ReplyDelete
  2. every bodies' work is nobodies' work

    ReplyDelete
  3. සමාජවාදය නම් කලලය කල් පිරීමට පෙර සිසේරියන් සැත්කමින් මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට ගත් උත්සාහය නිසා දරුවාද, මවද විනාශයට පත්විය.

    ReplyDelete
  4. මම හිතන්නෙ //5. රටක භාගයක් ජනතාව තමන්ට වැඩ නොකර අනෙක් භාගය වැඩ කරන නිසා සැප පහසුවට ජීවත් වන්නට පුලුවන් බව සහ ඉතිරි භාගය තමන් වන මහන්සියේ ප්‍රතිඵලයෙන් භාගයක්ම වැය වන්නේ වැඩ නොකරන භාගය සැප පහසුව තබන්නට යැයි දැනගත් විට එය ඕනෑම ජාතියක අවසානය වෙයි.// මෙහෙම රටක් තියනව.

    ReplyDelete
  5. Socialism still can sustain with laws and good leaders . Communism is complete Utopia where people itself has to be so genuine , honest ,self contained and without greed ( very close to Buddist Phylosophy) .
    Then soviet uion was helping its own poor republics and develping countries around the world. Still they achieved a lot. After the wwII
    they were dragged on to arms race with US and emmence opertunities were missed because of cold war. Breshnev era was the most unproductive in terms of social development because of poor leadership.
    China is still a socialist country and they have a good balance in public and private enterprises.

    Can we imagine that Israel has socialism in existance in their Kibbutz system .
    All whats is required is a method of respecting and stimulation according to how u work .

    ReplyDelete
    Replies
    1. /////All whats is required is a method of respecting and stimulation according to how u work .//////////////
      රියෙන්සි...බොහොම හොඳ කතාවක්. මේ මුලු කමෙන්ට් එකම සිංහලෙන් ලියවුනා නම් සිංහලෙන් කියවන පාඨකයාටත් බොහෝ වැදගත් වේවී...මේ තුල යමක් මතුවෙනවා.

      Delete
  6. Socialism still can sustain with laws and good leaders . Communism is complete Utopia where people itself has to be so genuine , honest ,self contained and without greed ( very close to Buddist Phylosophy) .
    Then soviet uion was helping its own poor republics and develping countries around the world. Still they achieved a lot. After the wwII
    they were dragged on to arms race with US and emmence opertunities were missed because of cold war. Breshnev era was the most unproductive in terms of social development because of poor leadership.
    China is still a socialist country and they have a good balance in public and private enterprises.

    Can we imagine that Israel has socialism in existance in their Kibbutz system .
    All whats is required is a method of respecting and stimulation according to how u work .

    ReplyDelete
  7. Socialism still can sustain with laws and good leaders . Communism is complete Utopia where people itself has to be so genuine , honest ,self contained and without greed ( very close to Buddist Phylosophy) .
    Then soviet uion was helping its own poor republics and develping countries around the world. Still they achieved a lot. After the wwII
    they were dragged on to arms race with US and emmence opertunities were missed because of cold war. Breshnev era was the most unproductive in terms of social development because of poor leadership.
    China is still a socialist country and they have a good balance in public and private enterprises.

    Can we imagine that Israel has socialism in existance in their Kibbutz system .
    All whats is required is a method of respecting and stimulation according to how u work .

    ReplyDelete
  8. Rienzy , is there a way for populace, once they come under a state, that cannot be changed with votes , to get rid of a leader who become a dictator , like in North Korea or East Germany so that they can have a good leader as you say

    ReplyDelete
  9. මම සමාජවාදී මෙන්ම ධනවාදී රටවල ජීවත්වී තිබේ මේ ක්‍රම 2 ම මානව ගැටළු වලට විසඳුම් නැත ; මේ නිසා තෙවන මානුශිකවාදී ක්‍රමයකට අප යා යුතුය​.

    ReplyDelete
  10. ඒ කියන්නේ මෙතෙක් අප දැක නැති ක්‍රමයක්ද ?

    ReplyDelete
  11. මේ කතාව මම මිට කලින් අන්තර්ජාලයේ කියව තිබෙනවා. මෙයින් කිසිම රටක් ගැන කියවෙන්නේ නැහැ. සෝවියට් දේශයේ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දුන්න ක්‍රමයක් ක්‍රියාත්මක කලේ යුද්ධයක් තිබු නිසා මුල් අවුරුදු දෙක තුනේ. එකට කිව්වෙත් යුද්ධ කොමියුනිස්වාදය වගේ නමක්. ඊට පස්සේ මුළු රටටම විදුලිය හෙම දුන්නේ ඒ යටතේ. දෙවන ලෝක යුද්ධයෙන් වැඩිපුරම මැරුණේ සෝවියට් දේශයේ. ස්ටාලින් කියන ඒකාධිපතිය යටතේ පවා උන් වැඩ කලා. අනික සෝවියට් දේශයේ දුන්න රස්සාවට ගියේ නැත්නම් කෙලින්ම හිරේ දානවා. වැඩ නොකර පඩි ගත්තේ කොමියුනිස්ට් පක්ෂේ අය විතරයි. ඒ ඔක්කොම ප්‍රශ්න තිබෙද්දිත් මුලින්ම අභ්‍යවකාශයට මිනිහෙක් ඇරියෙත් උන්. ආර්ථිකය හරියට කළමනාකරණය කර ගන්න බැරිවුනේ සුළු කර්මාන්ත අඩිය විනාශ කළ නිසා කියල මම හිතන්නේ. උතුරු කොරියාව - අපොයි

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...