Monday, October 31, 2016

පරිවර්තනයේදී පටලවා ගැනීම සහ රජාට ඇඳීම




Lost in translation


පරිවර්තනයේදී පටලවා ගැනීම .


මිනිසා අනෙක් සතුන් ගෙන් වෙන්වී මෙතරම් දියුණුවට පත්වූයේ භාෂාව නිසාය. අපිට සන්නිවේදනය කරගන්නට පුලුවන් නිසා දැනුම තමන්ගේ අත්දැකීම් වලින් පමණක් ලබා ගැනීමට උවමනා නැත්තේය. එකිනෙකා ලබන අත්දැකීම් වලින් ලැබෙන දැනුම බෙදා හදා ගන්නටත් එක්කෙනෙකු ලබා ගන්නා දැනුම වෙනකෙකුට යොදා ගන්නටත් භාෂාව අපට ඇති මුලික සහ ප්‍රධාන  උපකරණයයි.

එමෙන්ම දැනුම අනාගත පරම්පරාවට ගෙන යන්නටත් අනෙක් සතුන්ට මෙන් අපේ හාඩ්  චිප් එකේ එම්බෙඩ් කරන්නට ඕනෑ නැත. අපිට භාෂාවක් තිබෙන නිසා එවැනි දැනුම බොහෝ ක්‍රම  වලින් ගබඩා කර අනාගතයට ප්‍රයෝජනයට  ගන්නට පැත්තකින් තබන්නට පුලුවන.

බල්ලන්ට බඩේ අමාරුවක් සැදුන විට තණකොළ කා වමනය දැමිය යුතු බව ඔවුන්ට පොත් කියා හෝ ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්නට බැරිය. අවුරුදු දස දහස් ගණනක් ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙය කල නිසා ඔවන් එය කරති. නමුත් අපිට නම් එයට අවුරුදු දස දහස් ගණනක් ඉන්නට අවශ්‍ය   නැත. එවැනි වෙදකමක් කර ගන්නට අපිට නම් එතරම් කාලයක් ඉන්නට ඕනෑ නැත. අපේ පියාට, මිතුරෙකුට,අසල්වසියෙකුට  හෝ සහෝදරයෙකුට තණකොළ බඩේ අමාරුවට හොඳයි කියා අහම්බෙන්වත් දැනගත හොත් අපට ඒ වෙලාවේ සිටම එය පාවිච්චි කරන්නට පුලුවන. ඒ භාෂාව නිසාය.

අප මෙන්ම භාෂාවත් පරිනාමය විය යුතුය. අපි භාෂාව පරිනාමය වන්නට නොදී තබාගත හොත් භාෂාව දුර්වල වී ඩාවින්ගේ පරිනාමවාදයේ පෙන්වා දුන්නක්  මෙන්ම පරිසරයට අනුවර්ථනය නොවී භාෂාව වඳ වී යන්නට පුලුවන.

අපේ භාෂාවත් එලෙස අවුරුදු 2600 ක් පමණ පරිනාමය වෙමින් පැමිණි භාෂාවකි. අපිට දැන් මහසෙන් රජතුමා ( 334-361) හමු වුනොත් මහායාන, හීනයාන ගැන සාකච්ඡාවක් කරන්නට අපේ භාෂාවන් දෙකෙහි වෙනසක් නිසා කිසිම ආකාරයකින් එකිනෙකාව තේරුම් ගන්නට ඉතාමත් දුෂ්කර වනු ඇත.

ඕනෑම භාෂාවක් මෙසේ පරිනාමය වන්නේ එම භාෂා ව්‍යවාහාර  කරන්නන් පාවිච්චි නොකරන යමක්; භාණ්ඩයක් හෝ ක්‍රියාවක් , මුණ ගැසුනු විට එය නිරූපනය කරන්නට පාවිච්චි කරන වචනය ලබාගෙන තමන්ගේ භාෂාවට ඇතුල්කර ගැනීමයි. කලිසම, කමිසය, අල්මාරිය, මෙවැනි වචනය.

අප බෝල සෙල්ලම් නොකල නිසා බෝලය මුලින්ම මුණ ගැසුණු විට එය පාවිච්චි කරමින් සිටි දකුණු ඉන්දියානුවන්ගෙන් පන්දුව යන වචනය අප භාෂාවට ඇතුලත්කර ගත්තෙමු. ඉන් බොහෝ කාලයකට පසු සුද්දන් බෝලය රැගෙන ආපසු එයට බෝලය කියන්නට පටන් ගත්තෙමු. දැන් සාමාන්‍ය  ජනවහරේදී එයට බෝලය ලෙසද උසස් විදිහට කියන්නට ඕන උනාම එයට පන්දුව ලෙසද කියමු . වැදගත් තැනකදී බෝලය කිව්වොත් ටිකක් හොඳමදි වාගේය. FM නාලිකාවල නිවේදකයන් බෝලය කිව්වොත් ඔවුන් අප බස වහර විනාශ කරන්නේ යැයි ඔවුනට බැන වදිමු. මොකඳ පන්දුව භාෂාවට කලින් ඇතුලු වූ නිසාය.

පහුගිය අවුරුදු 50 විතර කාලයක් වන තෙක් අපි මෙසේ අපේ භාෂාව පරිනාමය වෙන්නට ඉඩ හැරියෙමු. නමුත් දැන් එසේ ඉඩ නොදී භාෂාව එකතැන තබා ගන්නට උත්සාහ කරන්නෙමු. ඉංග්‍රීසි  භාෂාවේ අළුත් වචන එන්නට ඉඩහැර එම අර්ථය නිරූපනය කරන්නට දැනට ඉංග්‍රිසියෙහි  වචනයක් නොමැත්තේ නම් එම වචනය ඉංග්‍රීසි  භාෂාවට ඇතුල් කරගනු ලැබේ. පණ්ඩිත්, නිර්වාන, කමර් බෑන්ඩ්, මහාරාජා, වැනි වචන ඉන්දියාවෙන් ඉංග්‍රීසියට  ගිය ඒවාය. අස්වැද්දුමයිසේශන් සහ ඇනාකොණ්ඩා වැනි වචන සිංහලෙන් ඉංග්‍රීසියට  ඇතුල් කරගත් ඒවාය.  

ටික කලකින් මචං යන වචනයත් ඉංග්රීනසියට ඇතුලත් වුවහොත් පුසුම විය යුතු නොවේ.

එසේ ඉංග්‍රීසිය  පෝසත් වෙද්දී අපි එක තැනම සිටින්නට උත්සාහ කරන්නේ ඇයි? කොම්පියුටරය අපට මුණ ගැසෙන විට අපට එතෙක් කොම්පියුටර අප අතර නොතිබූ නිසා එය අපට අළුත් දෙයක් විය. අප කල යුතුව තිබුනේ කුමක්ද? පන්දුව, කොට්ටේ, බසය හෝ කමිසය ලබාගත් ලෙසට ඒ වචනයම අප භාෂාවට ගැනීමද එසේත් නැත්නම් ඒ සදහා අළුතෙන් වචනයක් සාදා භාෂාවට බලෙන් තල්ලු කර ගැනීමද? මට නම් හිතෙන්නේ මුල් වචනෙන් තබා ගත්තා නම් අප සියලු දෙනාටම පහසුය. භාෂාවත් වඩා සරල වෙයි. සිසුනටද එකම උපකරණයට වචන දෙකක් මතකයෙහි තබා ගැනීමට අවශ්‍යතාවයක්  නැත්තේය. මතකයේ ඒ ඉඩෙහි වෙනත් වැදගත් යමක් ගබඩා කරගන්නට පුලුවන.

ඇත්තෙන්ම මම මෙය ලියන්නට පටන් ගන්නා විට මම අදහස් කරගෙන සිටියේ ප්‍රසිඩන්ට්  යන වචනය සහ එයින් නිරූපනය වන තත්වය අප හරියට පරිවර්තනය කරගෙන තිබේද යන්න පරීක්ෂා කර බැලීමටයි. 

ඇමරිකාවේ ජනතා ඡන්දයෙන් තේරී පත්වන ප්‍රසිඩන්ට් වරයෙකු සිටී. ඒ අතරම වෙළෙඳ සමාගම්වල ප්‍රධානියාද    ප්‍රසිඩන්ට්  යනුවෙන් හැදින්වේ . එසේම විශ්ව විද්යාලවල ප්‍රධානියාද ප්‍රසිඩන්ට් ලෙස හැදින්වේ. ක්ලබ්වල ප්‍රදානියාද , බොහෝ විට සාමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වන, ප්‍රසිඩන්ට් ලෙස හැදින්වේ. මමද මහනුවර ගාර්ඩන් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් වශයෙන් අවුරුදු හතරක් සේවය කලෙමි. නාවික හමුදා නිලධාරී නිවාසයේ හා ජේෂ්ඨ නැවි නිවාසයේ ජේෂ්ඨම නිලධාරියාද ප්‍රසිඩන්ට්ය  . අනික් හමුදාවලද එසේ විය යුතුය. මම හරියටම නොදනිමි.

මේ යෙදීම් ඇමරිකාවේ යෙදී ඇති ආකාරය බලන විට ප්‍රසිඩන්ට් යන්නෙහි තේරුම අධිපති වරයෙකු නොවන බව පැහැදිලිය. ක්ලබ් එකකට හෝ වෙළෙඳ සමාගමකට අධිපතිවරයෙකු සිටින්නට නොහැක. ඒවායේ සිටින්නේ සභාපති වරයකි. එසේ නම් සිංහල භාෂාවට පරිවර්තනය වන විට එය ජන අධිපති ලෙස වෙනස් වූයේ කෙසේද? ජන අධිපති ලෙස කෙනෙකු නම් කිරීමෙන් ඔහුට යම් තරමකට රාජකීය බාවයක් ආරෝපනය නොවන්නේද?. ඒ අතරම එම වචනය තුල ජනතාව විසින් මොහු තෝරා පත්කර බවක් හැඟවෙන්නේ නැත.

අපේ මේ ජනාධිපතිවරු පත් වූ විට බොහෝ රන් රිදී මුතු මැණික් මුදු ආදීයෙන් සැරසී රාජකීය බාවයක් ආරෝපනය කර ගන්නා බවක් පෙනෙන්නේ මේ නිසා වත්ද?

5 comments:

  1. රජ පිස්සුව ඇම්බැට්ටයින් ගෙන් බෝවෙන ලෙඩකි !.

    ReplyDelete
  2. මගේ යෝජනාව “ජනසභාපති“

    ReplyDelete
  3. මේ දවස්වල ජාතික රූපවාහිණියෙන් පරණ ටෙලි නාට්‍ය ආපහු පෙන්නගෙන යනවා.මහ පරණ ඒවා නෙමෙයි.හැබැයි ඒ කාලෙ තිබුන සමාජය ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. පොදුවේ බලපුවාම 'නිදහස් චින්තනයක්' දකින්න පුළුවන්.ඔවුන්ගේ ජීවිත නිදහස්.ඒ කාලෙ තරුණ දිවිය ගතකල අයගේ අත්දැකීම් උනත් අද තරුණයාට වඩා ගොඩක්ම වෙනස්.කැම්පස් එකක උනත් එහෙමයි.
    වර්තමානයේ අමුතු සීමා බන්ධන,අන්තවාදයකට සමාජය තල්ලුවන බවක් පෙනෙනවා නේද? භාශාවත් ඒ විදිහටම හිරවෙයි ද?
    ජයවේවා..!!

    ReplyDelete
  4. Mona naming amathuwath ape ewungena bagayak thama natta kapapu wandurooo...

    Heluwen wanana ekek dakinnawath na dan

    ReplyDelete
  5. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ කීවෙනි ජනාධිපතිද ? කියා ඉංග්‍රීසියෙන් අහන්න විදියක් නැත. "Keeweni" කියන වචනය ඉංග්‍රීසි භාෂාවට ඇතුලත්කලයුතුයි.

    ReplyDelete

බලය බෙදීම සඳහා ඉන්දියාව වැරදි උදාහරණයට ගැනීම

                                      ඉන්දියාවේ නොයෙකුත් ජාතින් නිසා බෙදා ඇති  අන්දම  පසුගිය දවස් කිහිපයේ මම අවස්ථා  තුන හතරකම නො...