Saturday, August 13, 2016

මම කැමතිම පොත The Hound of the Baskervilles ය.







මම මේ දිනවල පරිවර්තනය කරගෙන යන පොතක තිබූ මේ පරිච්ඡේදය ඉතාමත් සිත් ගන්නා සුලු වූ නිසා, විශේෂයෙන් අප සියලු දෙනා දන්නා ෂර්ලොක් හොලම්ස් ගැනද විස්තර කර ඇති නිසා මෙහි අඩංගු කරන්නට සිතුනි. 

මම කැමතිම පොත The Hound of the Baskervilles ය.
එහි ෂර්ලොක් හොලම්ස් සහ දොස්තර වොට්සන් මුණ ගැසීමට ඩෙවෝන්හි මුවර් සිට වෛද්‍යවරයෙකු වන ජේම්ස් මෝටිමර් පැමිනේ. ඔහුගේ මිතුරා වන ශ්‍රීමත් චාල්ස් බැස්කවිල් හාට් ඇටෑක් එකකින් මිය ගොස් ඇත. එහෙත් ජේම්ස් මෝටිමර් හිතන්නේ ඔහුගේ මිතුරා මරා දමා ඇත්තේ බියගන්වා බවය. ජේම්ස් මෝටිමර් ලඟ බැස්කවිල්හි ශාපය විස්තර කරන පෞරානික ලියවිල්ලක්ද තිබේ.
එම ලියවිල්ලේ ශ්‍රීමත් චාල්ස් බැස්කවිල්ගේ පරම්පරාවේ කෙනෙකු වන ශ්‍රිමත් හියුගෝ බැස්කවිල්, දරුණු නරක සහ දෙවියන් නොහදනන කෙනෙකි. ඔහු රාජ්‍ය නිලධාරියෙකුගේ දියණියක් සමග ඇසුරක් ඇතිකර ගැනීමට උත්සාහ කලද, ඇය මුවර්ස් ප්‍රදේශය හරහා බේරී පලා ගියේය. ඔහුද ඈ පසුපස හඹා ගිය අතර, ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද ඔහු පසුපස ගියහ. තරුණිය දරුණු වෙහෙස නිසා මියගොස් සිටියාය. ඔහුගේ මිතුරන් දුටුවේ කලු පැහැති බල්ලෙක් හැඩය ඇති, එහෙත් මිනිසෙකු ඇසක කවදාවත් නොගැටුනු තරමක විශාල කලු සතෙකු ශ්‍රීමත් හියුගෝ බැස්කවිල්ගේ බෙල්ල ඉරාගෙන කන අන්දමයි. මිතුරන් ගෙන් එක්කෙනෙකු එදිනම බියට මියගිය අතර, ඉතිරි දෙදෙනා ඔවුන්ගේ මුලු ජීවිත කාලවලම අසිහියෙන් ජීවත්වූහ.
ශ්‍රීමත් චාල්ස් බැස්කවිල් මිය යන්නට ඇත්තේ, බැස්කවිල්හි බලු අවතාරය ඔහුව භය කිරීමෙන් බව ජේම්ස් මෝටිමර් සැක කරයි. ඒ අතරම ඩෙන්වර්හි නිවසට ගියහොත් ඔහුගේ පුත් ශ්‍රීමත් හෙන්රි බැස්කවිල්ද අනතුරට පත්විය හැකි බව සිතයි.
ෂර්ලොක් හොලම්ස්, ශ්‍රිමත් හෙන්රි බැස්කවිල් සහ ජේම්ස් මෝටිමර් සමග දොස්තර වොට්සන්ව ඩෙවොන් වෙතට යවයි. එහිදී දොස්තර වොට්සන්, සර් චාල්ස් බැස්කවිල් මරා දමන ලද්දේ, කවුරුන් විසින් දැයි සොයා ගන්නට උත්සාහ කරයි. ෂර්ලොක් හොලම්ස් ලන්ඩනයේ සිටින බව ඔවුන්ට පවසා රහසිගතව ඩෙවොන් වෙතට යයි.
එහිදී ශ්‍රීමත් චාල්ස් මරා දමන ලද්දේ බැස්කවිල් වරුන්ගේ දුරින් නෑදෑයෙකු, සමනලයන් එකතු කරන්නෙකු හා ඔවුන්ගේ අසල්වැසියෙකුද වන ස්ටේපල්ටන් නැමැත්තෙකු බව ෂර්ලොක් හොලම්ස් සොයා ගනී. ස්ටේපල්ටන් දුප්පත් නිසා ඔහු උත්සාහ කරන්නේ ශ්‍රීමත් හෙන්රි බැස්කවිල්ද මරා ඔහුගේ දේපල හිමිකර ගැනීමටය. මේ සදහා ඔහු ලන්ඩන් නගරයෙන් විශාල බල්ලෙක් ගෙනවිත් අන්ධකාරයේ දිලිසෙන ලෙසට ඇගේ පොස්පරස් තවරා රාත්‍රියෙහි ශ්‍රීමත් චාල්ස් බැස්කවිල්ට පෙනෙන්නට සලස්වා, ඔහු බයකර මරා දමා ඇත. ෂර්ලොක් හොලම්ස්, වොට්සන් සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ලෙස්ට්‍රේට් ඔහු අල්ලා ගනිති. ෂර්ලොක් හොලම්ස් සහ වොට්සන් බල්ලාට වෙඩි තබති. ඒ කථාවේ මියයන එක් බල්ලෙක් මූ වෙයි. මේ බල්ලාගේ වරදක් නොවන නිසා බල්ලා මියයාම හොද නැත. ස්ටේපල්ටන් මුවර්හි තවත් ප්‍රදේශයක් වන ග්‍රින්පන් මයර් වෙතට පැනගොස් එහිදී මඩ ගොහොරුවක ගීලී මිය යයි.
මෙම කථාවේ සමහර කොටස් වලට මම කැමති නැත. එයින් එක කොටසක් වන්නේ පහත දක්වා ඇති පෞරානික ලියවිල්ලයි, ඒ එහි ලියා ඇති පහත භාෂාව තේරුම් ගැනීමට බැරි නිසාය.
 Learn then from this story not to fear the fruits of the past, but rather to be circumspect in the future, that those foul passions whereby our family has suffered so grievously may not again be loosed to our undoing

සමහර ස්ථානවල පොතෙහි කතෘවරයා වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මිනිසෙකු මෙලෙස විස්තර කරයි.
Here was something subtly wrong with the face, some coarseness of expression, some hardness, perhaps of eye, some looseness   of lip which marred its perfect beauty


මට some hardness, , perhaps of eye , තේරෙන්නේ නැත. අනෙක මම මිනිසුන්ගේ මුහුණු වලට උනන්දුවකුත් නැත.
එහෙත් සමහර අවස්ථාවල නොදන්නා වචන හමුවීම සතුටකුත් ගෙන දේ. ඒ ඔබට ශබ්දකෝෂයේ එම වචනවල තේරුම හොයන්නට අවස්ථාව ලැබෙන නිසාය.
මම  The Hound of the Baskervilles ට කැමති එය රහස් පරීක්ෂක කථාවක් නිසාය. එවිට ඒවා තුල හෝඩුවාවල් සහ පැටලුම් තිබේ. මේ සමහර හෝඩුවාවල්ය.
1.ලන්ඩනයේ හෝටලයක නැවතී සිටිද්දී ශ්‍රීමත් හෙන්රි බැස්කවිල්ගේ බූට්ස් දෙක නැතිවිය. මෙහි තේරුම කෙනෙකුට බැස්කවිල්හි බල්ලාට එම බූට්ස්වල ගන්ධය ඉව කරන්නට දෙන්නට වුවමනාය. එවිට ඌට බූට් අයිතිකාරයා පසුපස හඹා ගිය හැක. මේ අනුව බැස්කවිල්හි බල්ලා මායාවක් නොව ඇත්ත බල්ලෙකු බව වැටහේ.
2.ග්රින්පෙන් මයර් හරහා යාමට දන්නේ ස්ටේපල්ටන් පමණක් වන අතර, ඔහු වොට්සන්ට ඔහුගේ ආරක්ෂාව සදහා පැත්තට නොයන ලෙසට අවවාද කරයි. මෙයින් පෙනෙන්නේ ඔහු ග්‍රින්පන් මයර්හි යමක් සගවා ඇති බවයි.
3.වහාම ලන්ඩනයට ආපසු යන ලෙසට ස්ටේපල්ටන් මහත්මිය වොට්සන්ට කියයි. මෙලෙස ඈ කියන්නේ ඩොක්ටර් වොට්සන් ශ්‍රීමත් හෙන්රි බැස්කවිල් යැයි සිතා ගෙනය. තමන්ගේ ස්වාමි පුරුෂයා ශ්‍රීමත් හෙන්රි බැස්කවිල් මරන්නට අර අදින බව ඇය දනී. 

සමහර පැටලිලි පහත පරිදිය,
1.ඔවුන් ලන්ඩනයේ සිටිද්දී, ෂර්ලොක් හොලම්ස් සහ වොට්සන් පසු පස අශ්ව කරත්තයක කළු රැවුලක් ඇත්තෙක් ඔත්තු බලයි. මෙය කියවීමෙන් මේ පුද්ගලයා බැස්කවිල් මැඳුර බලා ගන්නා බැරිමෝ නැමැත්තා බව කියවන්නාට සිතෙයි. නමුත් ඇත්තෙන්ම ඔහු බොරු රැවුලක් දා ගත් ස්ටේපල්යන්ය.
2.සෙල්ඩන්, නෙටින්හිල් මිනීමරුවා. මොහු බැස්කවිල් අසල බන්ධනාගාරයකින් පැනගිය දැනට පොලීසිය විසින් මුවර් ප්‍රදේශයේ ලුහු බදින මිනී මරුවකි. කියවන්නාට මොහු බැස්කවිල් මිනී මැරුමට සම්බන්ධ යැයි සිතේ.
3. ටෝර්හි මිනිසා. මේ ඩොක්ටර් වොට්සන් රාත්‍රියේදී දකින එහෙත් හදුනාගත නොහැකි වූ මිනිසාය. කියවන්නාට ඔහු මිනීමරුවා යැයි සිතේ. එහෙත් එය ඇත්තෙන්ම ඩෙවෝන් සිට රහසිගතව පැමිණ ඇති ෂර්ලොක් හොලම්ස්ය.
මම The Hound of the Baskervilles ට   කැමති තවත් කාරණයක් නම්, මගේ ෂර්ලොක් හොලම්ස්ට ඇති කැමැත්තය. මම ඇත්තෙන්ම රහස් පරීක්ෂකයෙකු වෙනවා නම්, කැමති ඔහු වගේ රහස් පරීක්ෂකයෙකු වන්නටය. ඔහු ඉතාමත් බුද්ධිමත් වන අතර අභිරහස් පහසුවෙන් විසදයි. ඔහු,
ලෝකයේ සෑමතැනම මිනිසුන් නිරීක්ෂණය නොකරන දේවලින් පිරී ඇත,
යනුවෙන්ද පවසයි.
නමුත් ඔහු ඒවා නිරීක්ෂණය කරයි. මමත් එවැනිය. එසේම ඔහු පොතෙහි මෙසේ කියයි.

ෂර්ලොක් හොලම්ස්ට ඕනෑම අවස්ථාවක තමන්ගේ මනස, සාමාන් දේවලින් අයින් කර ගැනීමට පුදුම හැකියාවක් තිබේ.

මටත් එසේ කල හැක. මමද ඇපලෝ ව්‍යාපෘතිය ගැන හෝ සුදු තල්මසුන් ගැන වැනි මාතෘකාවක පොතක් කියවන විට, එසේත් නැත්නම් ගණිතය අභ්‍යාස , වැනි මම ඉතාමත් කැමති දෙයක් කරන විට, මම අනෙක් කිසි දෙයක් ගැන අවධානය කරන්නේ නැත. පියා රාත්‍රී කෑම කන්න අඩගැහුවත් මට ඇහෙන්නේ නැත. මම හොද චෙස් ක්‍රීඩකයෙකු වී ඇත්තේත් ඒ නිසාය, මක් නිසාද මම අවශ්‍ය වෙලාවට හිත එක්තැන් කරගෙන ක්‍රීඩාවට අවධානය කරගෙන සිටින විට. ප්‍රතිවාදියා ටික වේලාවකින් අවධානය කඩාගෙන නහය කහන්නට හෝ ජනේලයෙන් අවට බලන්නට පටන් ගනී. එවිට ඔවුන්ගෙන් වැරැද්දක් සිදුවන විට මම ජයගනී.
එලෙසම ෂර්ලොක් හොලම්ස් පිළිබදව ඩොක්ටර් වොට්සන් මෙසේ කියයි.

ඔහුගේ මනස ... අපිට නොපෙනෙන කොටස් සහ අමුතු සිද්ධීන් එක් රාමුවකට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරයි.

මමත් මේ පොත ලියා කරන්නට හදන්නේ එයයි.
එසේම ෂර්ලොක් හොලම්ස් දෙවියන්, සුරංගනා කථා, හොල්මන්, අපාය සහ ශාප වැනි මෝඩ දේවල් ගැන විශ්වාස කරන්නේ නැත.
මම මේ පරිච්ඡේදය අවසන් කරන්නේ ෂර්ලොක් හොලම්ස් සම්බන්ධ අපූරු කරුණු දෙකක් කියමිනි.
1.මුල් ෂර්ලොක් හොලම්ස් පොත්වල ඔහු Deerstalker  තොප්පියක් ඇදගෙන සිටින බවට කිසි විටකත් විස්තර කරන්නේ නැත. එහෙත් චිත්‍රවල සහ කාටූන් වල ඔහු ඇදගෙන සිටින්නේ Deerstalker  තොප්පියකි. Deerstalker තොප්පිය මුලින්ම හදුන්වා දුන්නේ මුල් පොත්වල චිත්‍ර ඇදි සිඩ්නි පැජෙට් නැමැත්තාය.

2.මුල් ෂර්ලොක් හොලම්ස් පොත්වල “සරල දෑ, මා මිත්‍ර වොට්සන්“ කියා කිසි විටෙකත් කියන්නේ නැත. ඔහු එලෙස කියන්නේ චිත්‍රපටවල සහ රූපවාහිනියේ පමණි. 

10 comments:

  1. "රුදුරු බලුව" ලෙස පොත ඒ දිනවල පරිවර්තනය විය.

    ReplyDelete
    Replies
    1. බලුව

      කියන එකට ආසන්නම සමාන වචනය මොකක්ද

      Delete
    2. මම හරියටම දන්නේ නැහැ, මට හිතෙන්නේ බලුව කියන වචනෙත් නිර්මාණය කල වචනයක් කියලා.

      Delete
  2. sarath this is not that book, part of another book about that book

    ReplyDelete
  3. බැස්කවිල් දඩබල්ලා යන නමින් ආතර් කොනන්ඩොයිල්ගේ පරිවර්තනයක් කියවූවා යන්තමට මතකයි.....නියම පොතක්

    ReplyDelete
  4. මේ එම පොත ගැන ලමයෙකු ලියන අදහසක් වෙනත් පොතක මම මේ පොත මේ දිනවල පරිවර්තනය කරනවා පොත් ප්‍රදර්ෂනයට , මේ පරිචේදය මට හිතුනා මේකෙ දාන්නට

    ReplyDelete
  5. Replies
    1. ප්‍රදර්ශනය සංවිධානයට මගේ සම්බන්ධයක් නැහැ, ඒක කරන්නේ ප්‍රකාශකයන්ගේ සංගමය, මම පොත ලියලා මගේ ප්‍රකාශකට දෙනවා.
      ගියවර ප්‍රදර්ශනයේ නම් සංවිධානාත්මක බව ඉතාමත් අඩුයි.

      Delete
  6. The Curious Incident of the Dog in the Night-Time
    by Mark Haddon

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...