Monday, August 29, 2016

මාලුකාරයාගෙන් සල්ලි දී මාලු අරගෙන, ඉන්පසු මාලුකාරයාගේ පවුල බලා ගැනීම










මාලුකාරයාගෙන් සල්ලි දී මාලු අරගෙන, ඉන්පසු මාලුකාරයාගේ පවුල බලා ගැනීම

1913 පළමුවන ලෝක මහා යුද්ධයට ඇමරිකාව ඇතුලු වූ පසු යුද්ධය සදහා යුධ නැව් නිපදවීම ඇරඹිණ. මේ යුධ නැව් සදහා ආරක්ෂක වානේ තහඩු (armor plates) පුද්ගලික අංශයෙන් මිලදී ගන්නා විට  ඔවුන් අධික මිලක් ඒවාට අය කරන්නේ යැයි සැක සිතූ ඇමරිකානු රජය, රජයේ එවැනි කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට තීරණය කලේය. එවිට එම තහඩු පුද්ගලික අංශයෙන් ලබා ගන්නවාට වඩා 30% ක් අඩු මිලකට ලබාගත හැකි යැයි ඇස්තමේන්තු කෙරිණ. 

නමුත් අහෝ ඛේදයකි! රජය ව්‍යාපාර කරන්නට ගියහොත්, ඔච්චර බලගතු ඇමරිකානු රජයටත් වැරදේ! 

කර්මාන්තශාලාවේ වැඩ අවසන් වූයේ යුද්ධය අවසන් වී අවුරුදු 3 නකට පසුවය. යකඩ තහඩුවල මිල පුද්ගලික අංශයෙන් ලබාගත් මිල මෙන් දෙගුනයක් විය. 

ඇමරිකානු රජය පාඩමක් ඉගෙන ගෙන සිල්ලර වෙළදාමෙන් ඉවත්විය. අපි කවරදා එසේ පාඩම් ඉගෙන ගන්නෙමුද? 
  

මේ දවස්වල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීම ගැන රටේ ලොකු ආන්දෝලනයක් පවතී. බොහෝ දෙනෙකු පෞද්ගලිකකරණයට අකමැති බව පෙනෙන නමුදු, මට නම් හැඟෙන්නේ නිශ්ශබ්ද බහුතරය පෞද්ගලිකකරණයට අකමැත්තක් නොමැති බවයි.
ඇත්තෙන්ම පෞද්ගලිකකරණයට කෙනෙකු අකමැතිවීම පුදුම සහගතය. එයට හේතු කිහිපයකි.
1.රජයට කාර්යක්ෂවම ව්‍යාපාර කරන්නට බැරි පහත සඳහන් හේතු නිසාය.
අ.) ආණ්ඩු දුවන්නේ දේශපාලඥයන් මිස ව්‍යාපාරිකයන් නොවේ. ඔවූහූ දුර නොබලති. බලන්නේ ඊලඟ ඡන්දය දෙසය.
ආ.) දේශපාලඥයන්ට අවශ්‍ය ව්‍යාපාර දියුණු කිරීම නොවේ, ප්‍රසිද්ධියය.
ඇ.) රජය වියදම් කරන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. අපේ මුදල්ය. ව්‍යාපාරිකයින් වියදම් කරන්නේ ඔවුන්ගේ මුදල්ය. ව්‍යාපාරිකයින් පාඩු කරගත හොත් එයින් විනාශ වන්නේ ජනතාවගේ මුදල් නොවේ.  
ඈ.) සාර්ථක ව්‍යාපාර දුවන්නේ, පුද්ගලයෙකුගේ තීරණ වලිනි. රජයේ සුප් එකට කෝකියන් රාශියකි.
ඉ.) රජය ව්‍යාපාර කරන විට රජය ඒවා හරියාකාරව පාලනය කරන්නේ නැත. උදා: ලංගම බස් වලට දුම් සහතික ගැනීමට අවශ්‍ය නොවීම.
2. ශ්‍රී ලංකාවේ රජයෙන් ව්‍යාපාර කරගන්නට ගොස් ඇතිකර ගත් අනිසි ප්‍රතිඵල සම්බන්ධව ඕනෑතරම් උදාහරණ තිබේ. හොඳම එක ශ්‍රී ලන්කන් ගුවන් සේවයය. මීට අවුරුදු 8 කට පෙර රජයට ගන්නා අවස්ථාවේ වර්ෂයකට බිලියන 7 ක් ලාභ ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්පසු ගිය අවුරුද්ද දක්වා කරගෙන ඇති පාඩුව බිලියන 135 කි. මෙයට අවුරුදු 8 කට පෙර ලැබූ ලාභය පුද්ගලික කලමනාකාරිත්වය යටතේ දිගමට ලැබුවේ නම්, එහි මුලු ප්‍රමාණය බිලියන 56 කි. මෙයින් 40% ක් බඳු වශයෙන් ලැබුනේ නම්, එම මුදල බිලියන 22 ක් වේ. පාඩුවේ එකතුව බිලියන 157 කි. කොළඹ සිට මහනුවරට එක්ස්ප්‍රස් වේ එක හදා එතැන සිට දඹුල්ලටද එකක් හදන්න තරම් ප්‍රමානවත් මුදල්ය.
3. තවත් හොඳම උදාහරණයක් වන්නේ ලංගම බස් සේවයයි. දැන් ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන ජනතාවගෙන් 10% ක් වත් ලංගම පාවිච්චි කරන්නේ නැත. එක බසයකට සේවකයන් 20 ක් පමණ සිටිති. අපි මසකට ජනතාවගේ මුදල් ලංගම නොගිලී තබා ගැනීමට ඟඟට ඉනි කපන්නා සේ දමන්නෙමු. පුද්ගලික බස් හිමියේ මේ අතරතුර පාඩු වසා ගැනීමට අපෙන් සල්ලි නොඉල්ලා, ප්‍රවාහන සේවයෙන් කීයක් හරි හම්බ කරගෙන රජයට බඳුත් ගෙවති. ඒ අතර ලංගම ජනතාවට අයිති ට්‍රිලියන ගණනක දේපල ඩිපෝ හා කාර්යාල ලෙස ඉතා අකාර්යක්ෂම ලෙස පරිහරනය කරයි.
4. දුම්රිය සේවය, මිහින් ලංකා, ස:තො:ස: සහ තවත් දහසකුත් රජයේ ව්‍යාපාර මෙලෙස ජාතියේ රුධිරය ගලා යාමට සලස්වා, ජාතිය දුප්පත්ව තබා ගැනීමට ලොකු මෙහෙවරක් ඉටු කරයි. ඇත්තෙන්ම මේ රජයෙන් දුවන ව්‍යාපාර ටික වහාම පුද්ගලීකරණය කලහොත් අපේ රටට බලාගෙන ඉන්දැද්දීම දියුණු වන්නට පුලුවන.
මෙවැනි ජාතියේ ආර්ථිකය විනාශ කරන රජයෙන් කලමනාකරණය වන ව්‍යාපාරයන් අතර කිරීටයේ මැණික ධීවර සංස්ථාවය. එයින් කෙරෙන්නේ, ඇත්තෙන්ම කරන්නට හදන්නේ, පුද්ගලික ධීවරයන් අල්ලන මාලු රටපුරා අප වැනි පාරිභෝගිකයන්ට පහසු මිලට හොඳ තත්වයෙන් ලබාදීමය. එහෙත් ලංකාවේ ජනයාගෙන් 1% ක් වත් එම සංස්ථාවෙන් මාලු මිලදී ගන්නේ නැත. සංස්ථාවේ සේවකයන් 700 ගණනක් සිටිති. වාහන සහ වෙළදසැල් බොහෝ ගණනක් තිබේ. ලගකදී අවුරුදු 7 ක් ශීතකරණවල තිබූ මාලු ටොන් 3 ක් සංස්ථා පරිශ්‍රය ඇතුලේම වලලන්නට ගොස් ඇතිකල දුර්ගන්ධය නිසා, අසල්වැසියන් විරෝධය පලකිරීමක් රූපවාහිනී ප්‍රවෘත්තිවල පෙන්වන ලද්දේය. මෙම සංස්ථාව පවත්වාගෙන යාමට අපි කෝටි ගණනක් මුදල් වැය කරන්නෙමු.  
ඇත්තෙන්ම එය සංස්ථාවේ ක්‍රියාවලිය දෙස සැලකිල්ලෙන් නිරීක්ෂණය කරන විට පුදුම හිතේ. මෙය මධුර ජවනිකාවකි.  එවැනි සංස්ථාවක් ඇතිකරන ලෙසට අපි කවුරුත් ඉල්ලා සිටියේ නැත. එයින් බලාපොරොත්තු වූ සේවය සිදු වන්නේත් නැත. කවදාවත් පුද්ගලික මාලු වෙළෙන්දන් සමග තරඟකර ඔවුනට ලාභයක් ගන්නටත් බැරිය. අන්තිමට සිදුවන නොවැලැක්විය හැකි පාඩුව අපි ගෙවිය යුතුය.

මාලු නොකා මාලු සදහා මුදල් ගෙවීමට සිදුවීම ජාතියේ අවාසනාවකි.ඇත්තෙන්ම පොදු ජනතාව මෙවැනි පිස්සු කෙලීම් වලට විරුද්ධව පාරට බසින්නේ නැත්තේ ඇයිද යන්න මහත් ගැටලුවකි.  

5 comments:

  1. //ලගකදී අවුරුදු 7 ක් ශීතකරණවල තිබූ මාලු ටොන් 3 ක් සංස්ථා පරිශ්‍රය ඇතුලේම වලලන්නට ගොස් ඇතිකල දුර්ගන්ධය නිසා//

    හෙන ගහන අපරාදනේ යකෝ මෙව්වා

    ReplyDelete
  2. සෞඛ්‍ය ක්ශේත්‍රය නම් රජයේ සෘජු මැදිහත්වීම මත සේවාවක් ලෙසින් පැවතිය යුතුය.නැත්නම් චීනයේ මෙන් බෙහෙත් පෙත්තක් ගන්න නැති මිනිහාට මහමඟ මිය යාමට සිදුවනු ඇත.
    නමුත් කොතරම් රෝහල් කම්කරුවන් පිරිසක් සිටියත් ඉස්සර රජයේ රෝහලක වැසිකිලියක් යනු අපායකි.පිරිසිදු කිරීම් පුද්ගලික සමඟම් සඳහා දුන් පසු අද තත්වය සෑහෙන දුරකට යහපත් ය. මෙය උදාහරණයකට ගනු වටී.
    ප්‍රවාහනය වැනි දේ සේවාවන් ලෙසින් පවත්වාගැනීමෙන් මහජනයා හට යහපත් කිරීමේ අපේක්ශාවක් තිබුනා විය හැක.නමුත් එය අසාර්ථක ය.
    ශ්‍රී ලංකාව තුල දුම්‍රිය පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් මාර්ග අනතුරු,මාර්ග තදබද,අධික ප්‍රවාහන වියදම්, ඛණිජ තෙල් නාස්තිය ආදිය ඉතා ඉක්මනින් දැනෙන ලෙසින් අඩුකරගත හැකි වනු ඇත.ඒ වෙනුවෙන් තරගකාරී බවක් සහිතව නිසි ශඛ්‍යතාවය සොයා බලා පුද්ගලීකරණය කිරීම් සාර්ථක වනු ඇත.

    ජයවේවා..!!

    ReplyDelete
  3. මාලු නොකා මාලු සදහා මුදල් ගෙවීමට සිදුවීම ජාතියේ අවාසනාවකි.(only in Sri Lanka)

    ReplyDelete
  4. රට වටේම මාලු. ඒත් මාලු කන්න යද්දි ඇඟේ මාලු නටනවා. මාලු නොකා මාලු සඳහා මුදල් ගෙවන්නට සිද්ධවෙනව කිව්වම මේවට වගකියන්න ඕනෙ උංගෙ මාලු කන්න හිතෙනවා.

    ReplyDelete
  5. ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගටම ඔබෙන් මුදල් අයකරන නමුත්...ඔබ ගුවන් ගමන් වල යෙදෙන්නේ නැත !.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...