Monday, August 15, 2016

මම ෂර්ලොක් හොල්ම්ස්ට කැමති වුනත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ට කැමති නැත.







මෙය  මා විසින් පරිවර්තනය කරමින් සිටින පොතක පරිච්ඡේදයකි. එය ෂර්ලොක් හොලම්ස් හා ආතර් කොනන් ඩොයිල් සම්බන්ධ පරිච්ඡේදයක් නිසා මෙහි දමන්නට සිත් විය.






  
මම ෂර්ලොක් හොල්ම්ස්ට කැමති වුනත් ශ්‍රීමත්  ආතර්  කොනන් ඩොයිල්ට කැමති නැත. ඔහු ෂර්ලොක් හොල්ම්ස් කතා පොත් වල කතෘ වරයායි. එයට හේතුව ෂර්ලොක් හොල්ම්ස් මෙන් නොව ඔහු අධිස්වාභාවික  (supernatural) දේවල් විශ්වාස කල නිසාය. ඔහු වයස් ගත වන විට spiritualist society යට බැදුනේ මැරුණු මිනිසුන් සමග සන්නිවේදනය කිරීමට පුළුවන් යැයි ඔහු විශ්වාස කල නිසාය. ඔහු එසේ කලේ පලවෙනි ලෝක මහා යුද්ධ  කාලයේදී මිය ගිය, ඔහුගේ පුතා සමග කතා කිරීමට ඔහුට ඕනෑ වුන නිසාය.
1917දී කොටින්ලිහි සුරංගනාවන්ගේ සිද්ධිය  නමින් ප්‍රසිද්ධ වූ දෙයක්  සිදුවිය. වයස නමයක සහ දහසයක  සහෝදරයන්  දෙදෙනෙකු වූ ෆ්රාන්සස් ග්‍රිෆිත් සහ එල්සි රයිට් යන දෙදෙනා, තමන් කොටින්ලි බෙක් යන දිය පහර ලග සුරංගනාවියන් සමග ක්‍රීඩා කලේ යැයිද ෆ්රන්සස්ගේ පියාගේ කැමරාවෙන් සුරංගනාවියන්ගේ ඡායා රුප පහක් ගන්නා ලද   බවත් කියා සිටියේය.

///

නමුත් ඔවුන් සත්‍ය සුරංගනාවියන් නොවිය.. ඒවා කොලයක ඇද කපා ඉවත් කර, ඇල් පෙනෙති වලින් සවි කර තිබූ ඒවාය. එල්සිට හොදට චිත්‍ර අදින්නට පුළුවන.

හොර ඡායා රූප පිළිබද විශේෂඥයෙකු වූ හැරල්ඩ් ස්නේලින්ග් එකල මෙසේ කීවේය.

නර්තනයෙහි යෙදෙන රූප කඩදාසි වලින් හෝ රෙදි වලින් සාදා නැත; ඔවුන් ඡායා රූප පසුබිමක ඇද ඇත්තේද නොවේ -- මා තීරණයකට තල්ලු කරන ප්‍රධානතම හෝඩුවාව ඡායා රූපයේ දේහයන් එය ගන්නා අතරේ ස්ථාන වෙනස් කර ඇති වීමයි.

එය ඉතාමත් මෝඩ තර්කයකි, ඡායා රූපයක් ගනිද්දී කොලයකටත් සෙලවෙන්නට පුළුවන. ඡායාරූපයේ තියන දිය ඇල්ල බොඳ වීමෙන් පෙනෙන්නේ, ආලෝකයට කාචය විවෘත කර තරමක වෙලාවක් තිබූ බවයි.

සර් ආතර් කොනන් ඩොයිල්ට මේ පිළිබද අහන්න ලැබී The Strand නමැති සඟරාවට කියා සිටියේ ඔහු එම ඡායාරූප පිළිගන්නා බවයි.  ඔහුත් මෝඩ වී ඇත, මක් නිසාද ඔබ මේ ඡායා රූප පරීක්ෂාවෙන් බැලුවොත්, මෙහි සුරංගනාවියන් පරණ පොත් වල විස්තර කල සුරංගනාවියන් මෙන්ම තටු, ඇදුම්, තද කලිසම් සහ සපත්තු ඇදගෙන ඉන්නා බව පෙනෙයි. මෙය හරියට පිටසක්වල මිනිසුන් පෘතුවියට පැමිණෙන විට ඔවුන් Doctor Who චිත්‍රපටියේ ඩලෙක්ස්ලා මෙන්, එසේත් නැත්නම් Star Wars චිත්‍රපටයේ Imperial Stormtroopers හෝ පිටසක්වල පිළිබද කාටුන් වල කොල පැහැති මිනිසුන් ලෙස සිටීම වැනිය.


1981 දී ජෝ කූපර් නැමැත්තෙක් The  Unexplained නමැති සඟරාවට, එල්සි රයිට් සහ ෆ්රන්සස් ග්‍රිෆිත් සමග  සාකච්චාවක් කළේය. එම ඡායාරූප පහම හොර ඒවා බව එල්සි රයිට් කී අතර  ඡායාරූප පහෙන් හතරක්ම සැදූ ඒවා බවත්, අනෙක ඇත්ත එකක් බවත් ෆ්රන්සස් ග්‍රිෆිත් කීවේය. එම හැඩයන් ආතර් ශේපර්සන්ගේ Princes Mary's Gift Book නැමති පොතෙන් එල්සි කොපි කල බවද ඔවුන් කීවහ.
සමහර අවස්ථා වල මිනිසුන්ට සත්‍ය දැනගැනීමට ඕනෑ නැති බවත්, ඔවුනට මෝඩයන් වීමට අවශ්‍ය බවත් මෙයින් පෙනේ.
මෙයින් ඔප්පු වන්නේ Occam's  Razor ඇත්ත බවයි. ඔක්කම්ගේ රේසරය යනු රැවුල කපනු එකක් නොවෙයි. එය රීතියකි.
Entia non sunt multiplicanda praeter necessitatem
ලතින් වලින් ලියා ඇති එහි තේරුම
යමක් පැහැදිලි කරද්දී සත්‍ය වශයෙන්ම අවශ්‍යතාවයට  වඩා කිසිවක්,   පුර්වනුමාන නොකල යුතුය.

එහි තේරුම මිනීමරුවා  බොහෝ විට වින්දිතය දන්නා කෙනෙක් විය හැකි බවත්, සුරංගනාවියන් බොහෝ විට කඩදාසි වලින් සාදා ඇති බවත්, ඔබට මලවූවන්ට කතා කිරීමට බැරි බවත්ය.

4 comments:

  1. 1981 දී ජෝ කූපර් නැමැත්තෙක්...මෙම කොටස දෙවරක් ලියවී ඇත...

    ReplyDelete
  2. //සමහර අවස්ථා වල මිනිසුන්ට සත්‍ය දැනගැනීමට ඕනෑ නැති බවත්, ඔවුනට මෝඩයන් වීමට අවශ්‍ය බවත් මෙයින් පෙනේ.//
    +++++++++++

    ReplyDelete
  3. //සමහර අවස්ථා වල මිනිසුන්ට සත්‍ය දැනගැනීමට ඕනෑ නැති බවත්, ඔවුනට මෝඩයන් වීමට අවශ්‍ය බවත් මෙයින් පෙනේ.//

    ලංකාවට අදාළ ලෙස වෙනස් කල විට

    //කිසිවිටෙක මිනිසුන්ට සත්‍ය දැනගැනීමට ඕනෑ නැති බවත්, ඔවුනට හැමවිටම මෝඩයන් වීමට අවශ්‍ය බවත් මෙයින් පෙනේ.//

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...