Thursday, August 11, 2016

10+1 නොසෑදූ ටෙලි නාට්‍ය; 3 කොටස, පදනම වැටෙයි,




photo credit Chinthana Gallage 

-       11  -

                               පන්සලක් අසල පාලුවට ගිය ක්‍රීඩා පිටියක්

නොයෙකුත් ඇදුමින් සැරසුණු ශිෂ්‍යයන් විසි දෙනෙකු පමණ සිටිති. තිදෙනකු සරමෙන්ද සැරසි සිටිති. ඔවූහු ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගැනීමට සැරසෙති. වීරසේකර සහ ශිෂ්‍ය නායකයා ක්‍රීඩා පිටියට පැමිණෙයි.ශිෂ්‍යයෝ ක්‍රීඩාව පටන් ගැනීම පසෙකලා වීරසේකර වටා රොක්වෙති. වීරසේකර ඔවුනට අලුතෙන් ක්‍රීඩා කණ්ඩායමක් සැදීම සහ එහි අරමුණ පැහැදිලි කර දෙයි. ශිෂ්‍යයෝ මහත් සතුටට පත්වෙති.

වීරසේකර

“ඔය ගොල්ලෝ ඔක්කොමලම දන්නවා මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා .ඒ වගේම මම කින්ස්බරි   විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු කරන්න හිටියේ කියලත් දන්නවා .මම මේ ඉස්කෝලෙට ආවට පස්සේ මට  හිතුනා, මේ ඉස්කෝලෙත් ක්‍රිකට් team එකක් පටන් ගන්න කියලා. මම විදුහල්පතිතුමා  එක්කත් කතා කළා .එයත් මේකට ඉහලින්ම කැමතියි .මගේ බලාපොරොත්තුව තියෙන්නේ එන අවුරුද්දේ අන්තිමේට තියෙන all island champion ship එකේ අඩුගානේ අවසාන 08 ට එන්න .එහෙම වුනොත් ඒක ලංකාවේ වාර්තාවක් . මෙච්චර කල් ගමක ඉස්කෝලයක්  මේකේ අවසාන 08 ට ඇවිල්ල නැහැ
.     ළමයි මොකද  මේක ගැන කියන්නේ .

 ඒකනායක., සිසුවෙක්   

සර් අපි බොහොම කැමතියි .ඒ වුනාට මට තේරෙන්නේ නැහැ, ඇයි අපි අවසාන 08 ට යන්නම ඕනේ කියලා .

වීරසේකර

ඇයි සර් හිතනවද  ඒක අමාරුයි කියලා.

                                                                   ඒකනායක

නැහැ අපි මහන්සි වුනොත් champion  වෙන්න පුළුවන් නේද?

වීරසේකර

හරියට හරි ,මම බයේ හිටියේ කවුරුත් ඒ  උත්තරය නොදී ඉදියි කියලා, ඕකට ඉංග්‍රීසියෙන් කියනවා aim high කියලා .අපි යන්න ඕන eනට ටිකක් ඉහලින් ඉලක්ක කරන්න ඕන .හරියට දුන්නෙන් විදින කොට වගේ .හරි අපි දැන් වැඩේට බහිමු .අපි කණ්ඩායමේ නායකයා  විදිහට ඒකනායක පත්කර ගනිමු
                                                                      
                                                                         ඒකනායක      

නැ සර් මට එච්චර ක්‍රිකට් ගහන්න  බැහැ, හොද උත්තර දෙන්ඩ විතරයි පුලුවන්.අලුත් අවුරුද්දට ක්‍රිකට් ගහන කොට, මම ගමේ team එකටවත් තේරෙන්නේ නැහැ .ඒකට අපි මැන්ඩිස්  තෝරා ගනිමු .මිනිහ තුන් ඉරියවුවෙන්ම  හොදයි .මම පුහුණු වීම වලට පුළුවන් තරම් උදවු කරන්නම් .

වීරසේකර

අපි හැමදෙනාම මේ වැඩේදි අන්න ඒ විදිහට වැඩ කරන්න ඕන .තමන්ට මොකක් හරි බැරි කමක් තියෙනවා නම්, ඊට වැඩි සුදුසුකම් තියෙන අය ඉන්නවනම්, අපි ඒ වැඩේ සුදුස්සට දෙන්න ඕන. මැන්ඩ්ස් දැන් අපි balls ලයි batsman ලයි ගොඩවල් දෙකකට වෙන් කර ගනිමු.
ඔවුන් එසේ කරද්දී දර්ශනය අවසන් වෙයි.
   - 12 -


ක්‍රීඩා  පිටිය -  හවස කණ්ඩායම පුහුණුවීම් වල නිරත වේ .වීරසේකර නොයෙකුත් උපදෙස් දෙමින් ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් පුහුණු කටයුතු පවත්වයි.
                                                         
- 13 -


පන්සල
ධම්මසිද්ධි ලොකු හාමුදුරුවෝ, පොඩිමැණිකේ ටීචර් සහ නොතාරිස් සතුටු සාමීචියේ යෙදී සිටිති.

ලොකු හාමුදුරුවෝ

පොඩි මැණිකේ දැක්කද, අර අලුතෙන්‍ෙ ආපු මහත්තයා  ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරනවා .මම මේ දවස්වල ගිහිල්ලා බලා හිටියා .පහු ගිය සුමානේ බලා ඉද්දීම ළමයි පුදුම විදිහට දියුණු වුනේ .මිනිහා හරිම
දක්ෂයෙක් වගේ .මම මේ දැනුත් බලන්නට යන ගමන්.
පොඩිමැණිකේ ටීචර් 
                                                       
                             
තමුන්නාන්සේ කොහොමත් ක්‍රීඩාවට කැමතිනේ, යන් එහෙනම් අපිත් ටිකක් බලලා යන්ට.

                                                        හාමුදුරුවෝ

මම විතරක් ඇයි, අපේ නොතාරිස් රාළහාමි ගැටයා කාලේ මේ පලාතටම හිටපු පිහිනුම් සුරයානේ. මහ ගං
වතුරටත් ගග හරහා එගොඩ මෙගොඩ ඒ කාලේ පිනුවනේ.
මෙලෙස කතා කරමින් තිදෙනා පන්සලේ පඩිපෙලෙන් බැස ක්‍රීඩා පිටියට යති

-14-

සවස/ ක්‍රීඩා පිටිය
පුහුණුව අවසන් කරන ළමුන් පිටව යන අතර, වීරසේකර, තිදෙනා වෙතට පැමිණෙයි. ඔහු හාමුදුරුවන්ට පසෙකින් සිට ගනී.
                                                                                   
                                                        හාමුදුරුවෝ

කොහොමද මහත්තයෝ පුහුණුවේ වැඩ කටයුතු? දැන් ඔය ළමයින්ට පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා භාන්ඩ, සපත්තු,ඇදුම් එහෙම කොහොමද? ලොකු මහත්තයා මට කිව්වා ලංකාවේ හොදම කණ්ඩායම් පරද්දන්න පුරුදුවෙන්නේ
කියලා. එහෙම නම් ඒවාට ගැලපෙන්න අනෙක් ආම්පන්න තියෙන්න ඕන නේද?

                                                       වීරසේකර

මම දැනට අවශ්‍ය ඒවා සොයා ගත්තා හාමුදුරුවනේ. හුගාක් ඒවා පාවිච්චි කරපු ඒවා. හිමීට බලන්ට ඕනෑ
මුදල් ටිකක් සොයා ගන්න.
                                                         හාමුදුරුවෝ

අපිත් පුළුවන් උදව්වක් කරන්නම්. මහත්තයලා දැනට ඔහොම පුහුණුව කරගෙන යන්ටකෝ.
      
     15

දිවා කාලය /ග්‍රාමීය පාසැල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ අවසාන ඕවර කීපය

අනෙක් කණ්ඩායමට තව ලකුණු 20 ක් ලබා ගැනීමට තිබේ.කඩුලු 04 ක් ඉතිරිව ඇත. විදුහල්පතිවරයා, වීරසේකර, පහමුණේ හාමුදුරුවෝ, නොතාරිස්, සහ තවත් ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු කුඩා ක්‍රීඩාගාරයේ සිට බලා සිටිති.
                                                       
                                                                    විදුහල්පති
             
මේ match එක දිනුවොත් අපි මේ  කොට්ටාශයේ පලවෙනි eනට එනවා.

                                                                      වීරසේකර

මේක තමයි අමාරුම team එක. මේකේ ඉන්නවා හොද බොලර්ස්ලා දෙන්නෙක් .පහසුකම් තියෙන
ඉස්කෝලෙක හිටියනම් ජාතික කණ්ඩායමට වුනත් ඇතුල් වෙන්න දක්ෂයි'
ලකුණු 10 ක් ගැනීමට ඉතිරිව තිබියදී ප්‍රේමරත්න පිට පිටම කඩුලු තුනක් ලබාගෙන ජයග්‍රහණය තහවුරු කරයි .වීරසේකර ඇතුළු කණ්ඩායම සතුටින් පිටව යති .
                                                                    
     16
හවස/ පන්සල
පහමුණේ හාමුදුරුවෝ, නොතාරිස් සහ ටීචර්" කතා කරමින් සිටිති . හාමුදුරුවෝ පුටුවක ගෙන, අනිත්  දෙදෙනා පැදුරක ඉදගෙන සිටි.

                                                         හාමුදුරුවෝ

දැන් තමයි අපිට මේකට උදව් කරන්න තියෙන වෙලාව. උපකරණයි, ඇදුම් සපත්තු වලටයී, රු 10000 ක් වත් යයි කියලා කියනවා. පන්සලේ වත්තේ පරණ ගස් ටිකක් තියනවා. ඒ ටික මට පොල් මුදලාලි
රුපියල් 3000 ක් දෙන්නම් කීවා. මගේ අතෙත් තව රු :500 ක් විතර තියනවා.

                                                        ටීචර්
                       
මගෙත් හාමුදුරුවනේ පැන්ෂන් එකෙන් එකතු කර ගත්ත රු :2000 ක් විතර තියෙනවා. මමත් ඒක
දෙන්නම්.
                                                        නොතාරිස්
                     
මගෙ ලග නම් එච්චර ගානක් නැහැ.මමත් කොහොම හරි රු:1000 ක් වත් හොයලා දෙන්නම්.

                                                         හාමුදුරුවෝ

                            ඉතිරි ටික හොයාගන්න හොද වැඩක් නම් තියනවා.හැබැයි අපි ඔක්කොම කැමති වෙන්න ඕන.     

දිවා කාලය පාසැල
විදුහල්පති ගේ කාර්යාලයෙහි වීරසේකර සමග ඔහු කථා කරමින් සිටී.

                                                        විදුහල්පති               
       
මමත් හිතුවේ නැහැ මෙච්චර ගානක් යයි කියලා. දෙමවුපියන්ගෙන් කියලා ඉල්ලන්නත් බැහැනේ. ඒ අයත් හරි දුප්පත් අයනේ. ඉස්කෝලේ අරමුදලේ ,ත් රු :200,300 කටත් වැඩිය නැහැ. ඔහොම ලොකු ගානක් දෙන්න පුලුවන් මිනිහෙකුට මේ ගමේ ඉන්නේ අමරසුරිය  මුදලාලි තමයි. මිනිහා හැබැයි කුණු ලෝභයා. හැබැයි අපි match දිනපු එක ගැන ආරංචි වෙලා, සමහරවිට ලොකු උදව්වක් කරන්නත් ඉඩ තියෙනවා. මොකද උන්නැහැ ගම් සභාවෙත් සභාපතිනේ. චන්ද වැඩ වලටත් මේක ප්‍රයෝජනවත් වෙන හින්දා.
 18
දිවා කාලය / ඇමතිතුමාගේ නිවස
 ඇමතිතුමා , බිරිඳ සහ අමරසූරිය නිවසේ කතා කරමින් සිටී. ඔවුන්ගේ සාකච්චාව අවසන් වී ඇති බව පෙන්.
                                              
                                                          අමරසූරිය

 අසුනෙන් නැගිට

එහෙනම් ඇමතිතුමා මම ගිහිල්ලා එන්නම්,  ඔබතුමා මට ගෙදරටම එන්න කියපු එක මටත් හොඳ
සන්තෝසෙට කාරණයක්. ඇයි අපි මුලින්ම හම්බුනේ අදනේ
බිරිඳ යමක් ඇමතිවරයාට ට ඉඟි කරයි.

                                                ඇමතිවරයා                                
                               
තව පොඩ්ඩක් ඉදලා යනවකෝ. එහෙනම්  මේ සැරෙත් මම ඒ පැත්තේ මන්ත්‍රීතුමාට කියලා තමුන්ට ගම් සභාවේ සබාපති කම අරන් දෙන්නම්. මේ විදිහට ගියොත් අමරසූරියට ට ලොකු ගමනක් දේශපාලනයේ යන්න පුළුවන් . තව වයසත් තියනවනේ . ඇත්තද ඔය පැත්තේ ඉස්කෝලෙක හොඳ ක්‍රිකට් කණ්ඩායමක්
තියනවා කියන්නේ?
                                                  අමරසූරිය

 ඉතාම සතුටෙන් පිළිතුරු දෙන්න පටන් ගනී .ඔව් සර් බන්නකදෙනිය ඉස්කෝලෙට අලුතෙන් ක්‍රිකට් මාස්ටර් කෙනෙක් ඇවිල්ලා .ඒ ටීම් එක හොඳට හදලා ගත්තා.........ඔහු තවත් යමක් කීමට සැරසේ.

                                                       ඇමතිතුමා

 ඔහු නවත්වා

අමරසූරිය ඔය වැඩේ හරි යන්නෑ. අයිසේ ඔය පොඩි ඉස්කෝල වලට ක්‍රිකට් ගහන්න බෑ. එව්වට බඩු ගන්න දාස් ගණන් වියදම් කරන්න ඕනේ. මැච් වලට පිට යන්න ගියාම තවත් වියදම් සැරයි. ඔන්න ඕක බකල් කරලා දානවා
                                                  බිරිඳ   
                                     
ඒක තමයි අමරසූරිය මහත්තයා ඔින තරම් ක්‍රීඩා තියනවා ක්‍රීඩා කරනවා  නම්. වොලිබෝල් හරි,
එල්ලේ හරි, කණඩායමක් හදා ගන්නවා නම් අපිත් උදව් කරන්නම්


                                      අමරසූරිය

                                                                                               
හොඳයි නෝනා මහත්මයා , මට පුළුවන් ඕක නවත්වලා දාන්න.
    19


හවස බණමඩුවේ රැස්වීම
 ලොකුහමුදුරුවෝ මුලාසන, ටීචර් ලේකම් ලෙස කටයුතු කරයි. ලේකම්වරිය  පසුගිය සභාවේ වාර්තාව කියවා අවසන් කරයි .
                                                                                             
                                                       හාමුදුරුවෝ

අද අපි මේ විශේෂ රැස්වීම කැදෙව්වේ සුවිශේෂ කාරණාවක් හින්දා, දැන් මේ අපි සියලු දෙනාම දන්නවා අපේ ඉස්කෝලේ අලුත් ක්‍රිකට් කණ්ඩායම, ඉතාම දක්ෂ විදිහට කොට්ඨාශ ක්‍රිකට් තරඟ දිනාගෙන දිස්ත්‍රික් මට්ටමේ තරග වලට පුහුණු වෙනවා .අපේ පන්සලේ පිට්ටනියේ තමයි පුහුණු වෙන්නේ. හැබැයි ක්‍රිකට් මැච් දිනන්ට පන්සලේ පිට්ටනියේ පිනෙන් විතරක් බැහැ.  ක්‍රිකට් ක්‍රීඩාවට හුගක් සල්ලි ඕන .විදුහල්පතිතුමා මගෙත් එක්ක කිව්වා ,අවසාන මහා තරගෙට යනකොට භාණ්ඩ ගන්ඩයි ,ගමන් වලටයි රු .20000 වත් ඕන වෙයි කියලා. මමයි, පොඩිමැණිකේ ටීචරුයි නොතාරිස් රාලහාමියි, එකතු වෙලා රු .10000 ක් එකතු කරලා
තියෙනවා. තව රු .10000 ක් අපිට හොයාගන්න ඕන .මොකද මේ දෙමව්පියන්ට කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු ඔක්කොම හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ .ඒක හින්ද මම අදහස් කරනවා, පන්සලේ සල් පිලක්
තියල ඒකෙන් එන ආදායම මේ වැඩේට ඉස්කෝලෙට දෙන්න කියලා .
විස්සක් පමණ දායකයන් සියලු දෙනා  මෙයට කැමති  බව පෙනේ .එක්වරම ඉදිරිපිලේ අසුන් ගෙන සිටින අමරසූරිය නැගිටියි .

                                                           අමරසූරිය

හාමුදුරුවනේ අවසර, පන්සලේ සල්ලි එකතු කරන්න ඕන පින් කම් වැඩවලට .ක්‍රිකට් ගහන එක පුණ්‍ය කර්මයක් නොවේ .ඕක අනිත් අතට පර සුද්දෝ අපට පුරුදු කරපු එකක් ,අපේ සංස්කෘතියට කිසිම ගැලපීමක් නැහැ .ඔය තරම් වියදම් කරන්නේ නැතුව කරන්න, අපේ ජාතික ක්‍රීඩා කොච්චර තියෙනවද?

                                                             නොතාරිස්

ඒ මහත්තයාගේ අදහස බොහොම හොදයි, නමුත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා අමරසූරිය මහත්තයාගේ පුතා යන්නේ නගරේ කොලොජියට. ඒ දරුවා කොලොජියේ ක්‍රිකට් කණ්ඩායමට  තේරුනනම් අමරසූරිය මහත්තය ඒ  දරුවට ඉඩ දෙන්නේ නැද්ද ?

                                                               අමරසූරිය
              
ඒක මෙතෙන්ට අදාල නැහැ .ඒ වෙලාවට මම කැමති දෙයක් කරනවා .
                                                              නොතාරිස්

එහෙනම් මහත්තයෝ, මහත්තයා මුලින් කිව්ව එකත් මේකට අදාල නැහැ .අපි සල්පිලෙන් ගමේ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා, ගමේ අහිංසක දරුවෝ නගරයට ගිහිල්ලා, මුළු රටේම ඉන්න සුරයෝ වනවා බලන්න අපි ඔක්කොම කැමතියි .ඒ වගේම ඊටත් වැඩිය පුණ්‍ය කර්මයක් මට නම් හිතාගන්නවත් බැහැ .
සියලු දෙන ඔහුගේ කතාවට එකග වූ බව පෙනේ .අමරසූරියටද එය පසක් විය .

                                                           අමරසූරිය  

එහෙනම් කරලා බලනවකො, මගෙන්නම් කිසිම උදව්වක් නැහැ.
යයි කියමින් ඔහු බණ මඩුවෙන් පිටව යයි
  

 දිවා කාලයේ පාසැල


පාසැලේ නැටුම් ගුරුවරයා ජාතික ඇදුමකින්  සැරසී පැමිණ, වීරසේකර හමුවෙයි .ඔහු පන්තියක් අවසාන වී රෝල් කරන ලද විභාග උත්තර පත්තර දිග අරිමින් සිටි

                                                       නැටුම් ගුරුවරයා, විද්‍යාපති  
                     
වීරසේකර මහත්තයෝ මම පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ

                                                             වීරසේකර

මොකක්ද මහත්තයෝ උදව්ව, පුළුවන් දෙයක් නම් කරන්නම් .

                                                             විද්‍යාපති
                 
මෙන්න මේකයි මහත්තයෝ ,මහත්තය දන්නවනේ මම හවස නැටුම් පන්තියක් කරනවා. ගිය සැරේ මාලිගාවේ පෙරහැර බලන්න ආපු සුද්දෙක්. උඩරට නැටුම්  දැකලා බොහොම සතුටු වෙලා නැටුම් ඉගෙන ගන්න ආසයි කියලා මාලිගාවේ මහත්තයෙක් හම්බවෙලා කියල තියෙනවා. ඉතින් ඒ මහත්තයට  මාව  මතක් වෙලා අද හවස 5.00 ට ඒ සුද්දා මා ගාවට එවනවා කියල පණිවිඩයක් එවලා තියෙනවා .සුද්දා ටික කාලයක් වෙන නැටුම් ගුරුවරයෙක් ගෙන් නැටුම් ඉගෙන ගෙන තියෙනවා කියලා මට අරංචියි .ඒ වුනාට සිංහල ඉගෙන ගෙනද කියල මම දන්නේ නැහැ  .ඒ හින්ද අද 5.00 ට උන්නැහැ ආවාම විස්තර කථා කරගන්න මහත්තයට පුලුවන්ද මට ඇවිල්ලා උදව් වෙන්න .
                                                                              වීරසේකර
සුළු දෙයක් නේ මම හරියට 5.00  එන්නම්, මහත්තයගේ නැටුම් hall එකට .

                                                                   විද්‍යාපති


හොදයි එහෙනම් අපි 5ට හමුවෙමු .


7 comments:

  1. Very interesting I am keep on reading! Thank you for bring these interesting stories!

    ReplyDelete
  2. Very interesting I am keep on reading! Thank you for bring these interesting stories!

    ReplyDelete
  3. මේක හැමදාම විකාශය වෙයි කියල හිතනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ලොකේශන් මැවිලා පේනවා. මේක නිෂ්පාදනය කර ගත්තොත් චැනල් එකක් ලේසියෙන්ම හොයා ගන්ට පුළුවන් වෙයි...

    ReplyDelete
  5. නැහැ 10+1 කියන්නෙ නම ඒකෙ රහස හෙලිවෙන්නෙ අන්තිමට

    ReplyDelete
  6. දිගටම ලියන්න. හරිම කැමැත්තෙන් බලන්නේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...