Tuesday, August 23, 2016

නොකා නොබී සරුංගල් යවා ස්වයං විත්දතයක් ලබාගැතීම







දුප්පත්තු කන්ට තියෙන සල්ලි වලින් සරුංගල් යැවීම



ලෝකයේ රටවල් 200 ක් පමණ අතරින් ශ්‍රී ලංකාව 135 වෙනියට පෝසතාය. ඒ කියන්නේ සාමාන්‍ය පවුල් 200 ක් ඉන්න ගමක් ගත්තොත්, පාරෙන් බොහෝම ඈත, ජලවිදුලිය නැති සමහර විට බාගෙට හදපු ගෙදර ජනෙල් වලට ලෑලි හේත්තු කරගත් නිවසකි. බොහෝ දුරට අම්මා මැදපෙරදිග ගොස්ය.
තාත්තා යම් දෛනික රැකියාවක් කර පවුල ජීවත් කරවයි. මෙවැනි පවුලක තාත්තා තමන් හම්බ කරන සල්ලි වලින්, එහෙමත් නැත්නම් බිරිඳ මැදපෙරදිගින් එවන මුදල් වලින් 25% ක් විතර වියදම් කරගෙන විශාල සරුංගලයක් සාදා එයින් ස්වයං වින්දනයක් ලබා ගන්නේ නම් එය කොතරම් ජුගුප්සා ජනකද? මෙය සරුංගල් සීසන් එකට පමණක් නොව මුලු වසර පුරාම හුළං නැති කාලයටත් කරන්නේ නම්, එවැනි අමන කමක් හඳුන්වා දීමට වචනත් ශබ්දකෝෂයේ තිබේදැයි සැක සහිතය.
ඇත්තෙන්ම මෙවැනි සිනහසිය යුතු අමන ක්‍රියාවක් යමෙකු කලහොත්, ඔහුගේ අසල් වැසියන්, මිතුරන් සහ නෑදෑයන් ඔහුට අවවාද කරනු ඇත, සරදම් කරනු ඇත. බිරිඳ ඔහුට එහි සිට කථාකර හොදටම බනිනු ඇත. අවසානයේ මෙය නවත්තන්නේම නැති වුනොත් ඔහුගේ අසල්වාසී මිතුරන් ඔහුට සරදමට නමක් දාන්ටත්, අල්ලා ගෙන ගහන්ටත් ඉඩ තිබේ.
නමුත් මේ විදිහේම දෙයක් ශ්‍රී ලංකාවේ සිදුවේ. එය නැවැත්වීමට කිසි කෙනෙකු කිසිදෙයක් කරනු පෙනෙන්නේ නැත. ඇත්තෙන්ම ඒ සිදුවන දෙය මේ සරුංගල් ඇරීමටත් වඩා අන්ත දෙයකි. එක සරුංගලයකින් කර ගන්නා පාඩුව මදියැයි සිතන ලංකාව මිහින් නමින් තවත් සරුංගලයක් අරියි.   
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි. එය එමිරේට් ගුවන් සේවයෙන් කලමනාකරණය වූ අවසාන අවුරුද්දේ, එය ලැබූ ලාභය බිලියන 4 කි. ගිය අවුරුද්දේ එහි පාඩුව බිලියන 10 කි. ඒ අතරතුර ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2009 සිට කරගෙන ඇති පාඩුවේ එකතුව බිලියන 132.6 කි.

දැන් මේ කානුව පල්ලේ අරින්නේ, රටේ දියුණුවට වියදම් කරන්නට තියෙන සල්ලිය. මේ මුදලින් ලේසියෙන්ම කොළඹ මහනුවර හයිවේ එක හදන්නට තිබුණි.එසේත් නැත්නම් සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට වියදම් කරන්නට තිබුණි. මෙවැනි විහිළු ව්‍යාපාර කරන රටක් 135 වන තැනේ සිටීමත් ඇත්තෙන්ම පුදුමයට කරුනක් නොවන්නේද?     

3 comments:

  1. පාඩු පිට පාඩු ලබන ශ්‍රීලංකන් විකුණනවාට හෝ මැනේජ්මන්ට් වෙනස් කරනවාට ජවිපේ විරුද්ධයිනේ,

    ReplyDelete
  2. එහෙමනම් JVP එකට කියන්න තියෙන්නෙ ඒ කට්ටියගෙ කවුරුහරි යෝජනාකරන්න කියල සභාපති කමට , ඒ කරල පාඩු නැතිව දුවන්න කියල

    ReplyDelete
  3. මේක වහල කොහොමද...ඒකෙන් අපිට වන අවනම්බුව ?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...