අප ආසියානුවන් දෙදෙනා ; මා සහ මලෙසියානුවා,
හැරෙන්නට අප නිවසේ සිටි අනෙක් නිලධාරින් දෙදෙනා අපට නිතර පාඨමාලාවලදී හෝ විදේශ
සංචාර වලදී හමුවන රටවල නිලධාරින් නොවුහ.
ඔවුන්ගෙන් එක නිලධාරියෙකු පෝලන්තයේ නාවික
හමුදාවේ වූ අතර අනෙකා යුක්රේනයෙන් පැමිණ සිටියේය. බර්ලින තාප්පය කඩාවැටීමට පෙර නම් ඇමෙරිකාවේ
පාටමාලාවකදී මෙම රටවල් දෙකේ හමුදා නිලධාරින් දෙදෙනෙකු මෙසේ මහුවිම දහවල් සිහිනයකදී
වත් බලාපොරොත්තු විය හැක්කක් නොවිය. මක් නිසාද මෙම රටවල් දෙකම විශේෂයෙන් යුක්රේනය
සෝවියට් රුසියාවේ කොටසක් ලෙස පැවතුන බැවිනි. ඉඳින් ශීතල යුද්ධය කාලයේ සොවියට අණසකයේ
පවතින රටවලින් හමුදා නිලධාරින් පහුණුව සඳහා ඔවුන්ගේ පරම සතුරා වෙත කෙසේ පැමිණිය
හැක්කේද?
මේ දෙදෙනා අතරින් වඩාත්ම කියන්නට රසවත්
දෑ;කියන කාලයේ රසවත් සිදුවන කාලයේ අමිහිරි, යුක්රේන නිලධාරියාටය. ඔහු යුක්රේනයේ
සිටියද රුසියාවෙන් එහි පැමිණ පදිංචි වූ රුසියානුවන්ය. මව වෛද්‍ය වරියක ව අතර පියා
රජයේ සමුපකාර ගොවිපලක කළමනාකරුවෙකු විය. ඔවුන් වාසය කර ඇත්තේ කාමර දෙකේ නිවාස
එකකයකය. එම නිවාස ඒකකයක නිවාස 5ක් තිබුණු අතර නිවාස 5 ටම තිබුනේ එක පොදු කුස්සියක්
සහ වැසිකිලියකි. ජීවිතය ඉතාමත් දුෂ්කර වූ අතර තම සමුපාකාර ගොවිපලෙන් ලබාගන්නා නිෂ්පාදන
ටිකක් අසල්වැසියන්ට නොදකින්නට ඉතාම දුර බැහැරකට ගොස් විකුණා එයින් අමතර ආදායමක්
ලබාගන්නට පියා පුරුදුව සිටියේය.
අපට ඒ කාලයේ සොවියට් රුසියාව ටයර්
කර්මාන්තශාලා පේෂකර්ම යනාදියට විශාල වශයෙන් ආධාර දුන්බව මා ඔහුට පැවසු විට ඔහු
පුදුමයට පත්විය. ඔහු කියූ පරිදි රුසියානුවන් එකල අපටත් වඩා දුප්පත්ව සිටිය බව මටද
පැහැදිලි විය. සෝවියට් රුසියාව තුන්වෙනි ලෝකයේ රටවලට ඔවුන් බටහිර දෙසට යාම
වැලක්වීමට සහ තම බල පරාසයේ තබාගැනීමට තම ජනයාට වඩා සංසන්දනාත්මකව පහසු ජිවිත ගතකරන රටවලට ඉතාමත්
අමාරුවෙන් විශාල ආධාර ලබා දී ඇති බව පෙනේ. මෙයට එම රටවල කොමියුනිස්ට් පක්ෂ වලට
සහයෝගය දක්වන්නන්ගේ දරුවනට ලබාදුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වද ඇතුළුවිය. අපි A
ලෙවල් කරද්දීද අපේ ගමේ වෘතිය සමිති ක්‍රියා කරුවෙකුගේ දුවක් මෙලෙස ලුමුම්බා විශ්ව
විද්‍යාලයට ගිය බව මට මතකය.
මෙම නිලධාරියා නාවික හමුදාවට බැඳී
පුහුණුවෙන් පසු ලුතිනන් වරයෙකු ලෙස වරෙක ව්ලෑඩිවස්ටෝක් ප්‍රදේශයට මාරු වීමක් ලැබී
ඇත. මෙම ප්‍රදේශය රුසියාවේ චීන සහ උතුරු කොරියාණු දේශසීමා අසල පිහිටි වරාය ප්‍රදේශයක්
වන අතර එය රුසියානු පැසිෆික් නෞකා මුළුවේ ස්ථිර වරායද විය. ඔහු එහි සිටි අද්මිරාල් වරයාගේ ලේකම් වරයා
ලෙස පත්වීම ලැබුවද එහි නාවික හමුදාව විසින් ඔහුට නවාතැන් සපයාදී නැත.
ඒ ඔහු එහි සේවය කරද්දී ඉන්දියානු නිලධාරින්
පිරිසක් මාස ගණනක් ඔවුන්ගේ පවුල්ද සමග එහි පැමිණ වාසය කිරීම නිසාය. ඒ ඉන්දියාවට
රුසියාවෙන් එකල මිලදී ගත් සබ්මැරීන කිහිපයක වැඩ කටයුතු සඳහාය. ඔවුනට ඒ ප්‍රදේශයේ
නාවික හමුදාවට තිබූ නේවාසික පහසුකම් දීමට සිදුවූ නිසා බොහෝ කනිෂ්ට නිලධාරින්ට
තමන්ගේ කාමර අතහරින්නට සිදුවී ඇත.
ඔහු රාත්‍රියට නිදාගෙන ඇත්තේ එම අද්මිරාල්
වරයාගේ කාර්යාලයේ ඔහු දහවලට පාවිච්චි කරන මේසයේය. එහි ශිත කාලයේ උෂ්ණත්වය බොහෝ පහල
යන අතර එම කාර්යාලයේ උණුසුම් කිරීමට ක්‍රමයක් තිබී නැත. ටික දිනකින් මෙම
නිලධාරියාට කහින විට ලේ පිටවන්නට
පටන්ගත්තේ අධික ශීතල නිසාය. ඔහු දරාගන්නට බැරිම තැන ඒ අසල නගරයේ හෝටලයකින් නවාතැන්
ගන්නට බැලුවද ඔහුගේ වැටුපෙන් එය කෙසේවත් කරන්නට නොහැකිය.ඔහු මෙලෙස බලාපොරොත්තු
කඩවී හෝටලෙන් පිටවන්නට යනවිට හෝටලයේ
රැකියා ඇබැර්තුවකට දැන්වීමක් දමා තිබෙන බව දිටීය. එහි කියා තිබුනේ එම හෝටලයට දෛනික
නඩත්තු කටයුතු සඳහා විදුලි කාර්මිකයෙකු අවශ්‍ය බවය. ඔහුගේ වාසනාවකට මෙන් මොහුට
තරමක් නිවෙස් විදුලි කටයුතු ගැන දැනුමක් තිබිණ. නිලධාරියා ඔවුන්ගෙන් තමන්ට වැටුපක්
අවශ්‍ය නොවන බවත් නවතින්නට උනුසුම් කල
කාමරයක් ලබාදෙන්නේ නම් තමනට රාත්‍රියේ ඔවුන්ගේ සියලු නඩත්තු කටයුතු කළහැකි බව කියා
ඇත. එයට ඔවුන් කැමති වූ නිසා යන්තම ඔහුට ශිත කාලය නොමැරී ජීවත්වන්නට හැකියාව
ලැබිණ.
ඔවුන්ගේ සබ්මැරීන ජිවිතයද බොහෝ කටුක විය.
ආයුධ සහ අනෙක් උපකරණ මේවායේ තිබුනද කාර්‍ය මණ්ඩල පහසුව සහ ආරක්ෂාව ඉතාමත්
කනගාටුදායක විය. ඔහුගේ මිතුරෙකු ඔවුන්ගේ සබ්මැරීනය වරායට පැමිණ තිබියදී ඔහුගේ ඇතිකරන
ගිරවෙකු එම සබ්මිරිනය තුලට රැගෙන ගියේය. ටික වෙලාවකින් ගිරවා මියගියේය. ඒ නැව
ඇතුලේ තිබූ විකිරණ ශීලි බාවය නිසාය. ඔහු සේවය කල මාස ගණනක් මුහුදු පතුලේ ගතකල මෙම සබ්මැරින් යාත්‍රාවක් ගොඩබිමට පැමිණි පසු
එහි කපිතාන්වරයා එලියට ගැනීමට නැවේ හැච් දොර කපා ඉවත්කර එයට වඩා විශාල කවුළුවක්
හදන්නට ඔවුනට සිදුවී ඇත. ඒ කපිතාන් වරයා ඒ මුහුදු සංචාරය තුල එතරම් තරබාරු වී සිටි
නිසාය.
තවත් යුක්රේන තොරතුරු ඊළඟ එකෙන් ......
+++++++++++++++
ReplyDeleteගොඩක් තොර5තුරු තියන පාටයි මරු
ReplyDeleteඅපොයි ඔව්
Delete