Thursday, February 8, 2018

ගන්නොරුවට ගියෙමි.



මම ඊයේ රාත්‍රියේ කොළඹ මිතුරෙකුගේ නිවසකට රාත්‍රී ආහාරය සඳහා ගියෙමි. අප කතාකල  බොහෝ දේවල් අතර මේ දිනවල සැම දෙනෙකුම කතාකරන ඡන්දය ප්‍රධාන මාතෘකාවක් විය. අප දෙදෙනා පක්ෂ දෙකකට කැමැත්ත ඇති නිසා ඒ කතාවෙ එකඟ වීම් වලට වඩා නොවීම් වැඩි විය.

ඊළඟට කතාව හැරුනේ දෙවියන් පුනරුප්පත්තිය වැනි කාරනා වලටය. එහිදීද අපි වෙනස් මත දරුවෙමු. ඔහු දෙවියන් පිලිබඳ යම් තරමක විශ්වාසයක් තිබුණු අතර මම දෙවියන් පිළිගත්තේ නැත. ටික වෙලාවක් මේ පිලිබඳ කතාකර පුනරුප්පත්තිය පිළිබඳව කතාකරන්නට පටන් ගත්තෙමු. එහිදීද පෙර සේම අපි විශ්වාසයන් දෙකක සිටින බව පෙනුනි.

මම පුනරුප්පත්තිය පිලි නොගත් නමුදු ඔහු එය සැහෙන දුරකට විශ්වාස කරන බව පෙනුනි. අපගේ ඊළඟ මාතෘකාව වුයේ කෘෂිකර්මයයි. එය අප දෙදෙනාගේම උද්යෝගිමත් විනෝදාංශයක් වූ නිසා මෙහිදී බොහෝ දේවල් වලදී අප එකඟ වීමු.

ඔහු විසින් ලඟකදී පටන් ගත කුරුඳු වගාවක් ඉතාමත් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව පෙනුනි. දැන් ඔහු කුරුඳු තෙල් හදන යන්ත්‍රයක් ද සවිකිරීමට කටයුතු යොදාගෙන යයි.මම සහ මගේ ඥාති සොයුරෙකුට අයිති මැල්සිරිපුර ඒක ළඟ පිහිටි ඉඩම් දෙකක කුරුඳු වගාකරන්නට බලන්නට සනිටුහන් කර ගත්තෙමි. ඒ අතරම පසුදින මම නුවර යන නිසා මගේ මිතුරා  මගෙන් උදව්වක් ඉල්ලා සිටියේය.

ඒ ගන්නොරුවේදී කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට  ගොස්  ඔහු විසින් ලඟකදී රුපවාහිනි වැඩසටහනක දුටු මලුවල බතල වගාකරන ක්‍රම වේදයේ විස්තර ලබා ගෙන ඔහුට කියන ලෙසයි.
මම වෙනදා නිවසට යන් පේරාදෙණිය නගරය හරහා නොගොස් ගන්නෝරුව පැත්තට දමා හෙමින් අල බතල සම්බන්ධ අංශයක පුවරුවක්  සොයමින් ගමන් කලෙමි.

කෘෂිකර්ම සංකීර්ණයේ මැද හරියේ වාහනය නවත්වා ගොඩනැගිල්ලකින් එලියට එන තරුණියක ගෙන් අල අංශය ගැන ඇසුවිට ඇය මට ඒ අසල බිල්ඩිමක් පෙන්වා එයට යන ලෙසට කීවාය.මම ඒ බිල්ඩිමේ පිළිගැනීමේ නිලධාරි වෙත ගොස් මිතුරා  කිව් බතල විස්තරය කියා මා කුමන කාර්යාලය වෙතට ගිය යුතු දැයි විමසුවෙමි. ඔහු මට දෙවෙනි තට්ටුවෙ  ඇති  එම අංශයට යන විදිහ පැහැදිලිව කියා දුනි.

ඉතා පළල කොරිඩෝර් සහිත එම ගොඩනැගිල්ලේ අල බතල අංශයට මම ගමන් කල අතර මුලු කාර්යාල සන්කිර්නයම ඉතාමත් පාලු ස්වරුපයක් ගත්තේය.නොයෙකුත් නම් සහ තරාතිරම් ලකුණු කර තිබූ කාර්යාල වල දොරවල් ඇර බැලුවද කිසිකෙනෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා එම කොරිඩෝර් වෙ කෙලවට තේ  හදන කාමරයක් වියයුතු තැනකට ගියෙමි. 

එහි පිරිසිදු කරන හෝ තේ  හදන කාන්තාවක් යමක් කරමින් සිටි අතර මම ඇය ගෙන් මේ පිළිබඳව ඇසුවෙමි. ඇය මට කිවේ එම අංශයේ සියලුම අය ක්ෂේත්‍රයට ගොස් ඇති බවය. ඇය මට ක්ෂේත්‍රය ජනේලයකින් පෙන්නුවාය. ප්‍රධාන පාරෙන් එහා පැත්තේ තිබූ ක්ෂේත්‍රයට ඝන අව්වේ මීටර 500 ක් පමණ ඇවිදිය යුතුය. නමුත් මම මේ පිළිබඳව මිතුරාට පොරොන්දු වූ නිසා දහඩිය දමා ගෙන එතනට ඇවිද ගියෙමි.
එතනදිත් තවත් කෙනෙකුගෙන් අසාගෙන වැල් අල ගලවමින් සිටි  අල අංශයේ කිහිප දෙනෙකු වෙතට ගොස් ඔවුන්ගෙන් මේ පිළිබඳව අසා සිටියෙමි.
ඔවුන් කියා සිටියේ මෙම විෂය කරන්නේ ඇත්තෙන්ම අල අංශයෙන් නොවන බවත් එය භාරව සිටින්නේ එළවලු අංශයට බවත්ය.මම ඔවුන්ගෙන්ම එය කරන නිලධාරිනියගේ දුරකථන අංකය ඉල්ලා සිටියත් එය ලැබුනේ නැත. මම  ඔවුන්ගෙන් බතල අයත් වන්නේ එළවලු වලටද නැත්නම් අල අංශයට දැයි ඇසුවෙමි. බොහෝ කලකට පෙර වෙජිටේරියන් කෙනෙකු වූ ප්‍රසිද්ධ ගායකුගෙන් ; බිට්ල්ස් වැනි කණ්ඩායමක, සාමාජිකයෙකුගෙන් ඔහු එකල එතරම් ප්‍රධාන් ධාරාවේ නොවූ වෙජිටේරියන් කෙනෙකු වූ පසු  "ඔබ වෙජිටේරියන් කෙනෙකු වූ පසු අර්තාපල් කනවාද" යයි  සාකච්චාවකදී අසු විට ඔහු කිව්වෙ අර්තාපල් එළවලු අතර රැජින බවයි. මේ අවස්තාවේ මට එය මතක් විය. එම ප්‍රශ්නයට ඔවුන් අසතුටු වී ඇති බව තේරුම් ගත් මම කිරි අල වල අල ගැලවිය යුත්තේ කුමන කාලයට දැයි විමසුවේ මගේ වත්තේද කිරි අල වගාවක් තිබෙන නිසාය.

මේ ඒවායේ අල ගලවන කාලය බවත් කිරි අලවල සිහින් දිග පත්‍රයක් මේ දිනවල පැමිණි පසු අල ගැලවීම යෙහෙකි බවටත් උපදෙස් ලැබුණි. බතල ප්‍රශ්නයේ මා නැවත මුල කොටුවට වැටි ඇති බව වැටහුණි.මම  නැවත මුල සිට එළවලු අංශය සෙවීම අතහැර හදබිමෙහි පුද්ගලික පල අංශයට ගොස් ලෙමන් පැල  තුනක් සහ අන්නාසි පැලයක් මිලදී ගෙන ගෙදර ගියෙමි. 
ඉස්සර එතන පැල මිලදී ගත්විට ඒවාට මුදල් ගෙවීමට බොහෝ දුරක් ඇවිද මුදල් ගෙවා නැවත පැල ගෙනයාමට පැල ගෙන යාමට ආයුතු විය. දැන් එය වෙනස් කර එතනටම මුදල් ගෙවා යාමට සකස් කර ඇති බවත් රජය නියම කරන මිලටම පල විකුණන්නට තොරා ගත පුද්ගලික වෙළෙන්දන්නටද ඉඩ දී තිබෙනු දැක සතුටට පත්වීමි.

7 comments:

  1. අලයක් කාල වගේ.

    ReplyDelete
  2. අය්යෝ ඩිපාර්ට්මන්ට් ගියේ ඇයි, ඉස්කෝලේ ඇරෙනකොට හයිඉස්කුල් එක ගාවට යන්න, ෆොර්සස් වගේ බඩියෝ එවන්නේ නෑ ලොක්කොම එනවා එතනට,එහෙම නැතිනම් එයාල ඔෆිස් එන්නේ මිටින් වලට විතරමයි.

    ReplyDelete
  3. වැටක් පනින්න බැරි තාක්ෂණයක් රටකට යන්නේ කොහොමද මහත්තයෝ

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...