Tuesday, February 20, 2018

ඡන්ද වැටුණු ආකාරය පිලිබඳ කෙටි ගණිතමය විශ්ලේෂණයක්


මම පසුගිය ප්‍රාදේශීය ඡන්දය ගැන ඡන්දයට දින කිහිපයකට පෙර අනාවැකියක් ලිව්වෙමි. එය බොහෝදුරට සත්‍ය ප්‍රතිපල හෑ කිට්ටුවට පැමිණ ඇත්තේය. http://lakshmanillangakoon.blogspot.com/2018/01/blog-post_56.html
ඡන්ද පසුවී දැන් සතියක් ගතවී ඇත. මෙම ඡන්දදී ඡන්ද වැටුණු ආකාරය විශ්ලේෂණයක් කිරීම සඳහා කොට්ටාශ වල ඡන්ද වැටුණු ආකාරය දැනගැනීමට අවශ්‍ය නමුදු ඒවා සොයාගැනීමට විදිහක් නොමැත. මේ තරම් දීයුණු තාක්ෂණ තමන් ඇත තිබියදී මෙවැනි සුළු දෙයක් වත් මැතිවරණ කොමිසමට කරගන්නට බැරි ඇයිදැයි මටනම් තේරෙන්නේ නැත. ඡන්දය පැවැත්වීමෙන් පමණක් මැතිවරණ  කොමිසමෙහි වගකීම අවසන් වන්නේ නැත. චන්දය දායකයන්ට එම ප්‍රතිපල සම්පුර්ණයෙන් ගම මට්ටම දක්වා දැනගැනීමට ක්‍රම වේදයක් සකස්කිරීමද එහි ප්‍රධාන වගකීමකි.
දැන් මේ තියෙන ප්‍රතිපල දෙස බලමු. මේ සඳහා එක ප්‍රධාන උපකල්පනයක් කිරීමට අවශ්‍යය. ඒ මෙවර පොහොට්ටුව ඇත්තෙන්ම පොදු ජන පෙරමුණ බවයි. මෙවර ඡන්දයේදී චන්දය දායකයන් PJP සැලකුවේ ඒ ලෙසටය. තම පක්ෂයේ මහා ලේඛම් විරුද්ධ පක්ෂයට මාරුවී එම පක්ෂයෙන් චන්දය ඉල්ලා තම පක්ෂය පරාජය කල විට මුල් පක්ෂයේ පාක්ෂිකයන් ඊළඟ චන්දය දී එම මාරුවුණා තැනැත්තාට චන්දය පාවිච්චි කරන්නේ යයි සිතීමත් ඇත්තෙන්ම පුදුම සහගතය. ජනාධිපති වරයා මෙහෙයවූ පක්ෂවලට චන්දය 13.5 කැ ප්‍රතිශතයක් ලැබීම ඇත්තෙන්ම පුදුම සහගතය. තමන් විසින් මෙලෙස 13.5% චන්දය ප්‍රමාණයක් ලබා ගැනීම පිළිබඳව ජනාධිපති වරයා ඉතා සතුටු විය යුතුය. ඔහුට ඇත්තෙන්ම මේ චන්දය යේ ලබාගැනීමට චන්ද තිබුනෙම නැත. ඔහු මෙතරම් කෙටි කාලයකින් JVP ඡන්ද ප්‍රමාණය මෙන් දෙගුණයක් ලබාගත්තේ ඔහුගේ සංවිධාන ශක්තියෙන් සහ ඔහුගේ ජනාධිපති ධුරයේ ගෞරවයෙන් සහ බලයන්ගෙන් පමණි. ඔහුට  මේ චන්ද පැමිණියේ කොහෙන්ද?
මට සිතෙන විදිහට එම චන්දය වැඩි ප්‍රමාණයක් PA චන්දය නොවේ. එම 13.5 න් 75 %ක් පමණ ගියවර UNP එකට වැටුණු චන්දය විය යුතුය. ඉතිරි 25% PA චන්දය වියයුතුය. මක්නිසාද ඔහුත් සමග වැඩියෙන් තරහ PA පාක්ෂිකයන් බැවිනි. ඔවුන්ගේ කෝණයෙන් ඔහු තම පක්ෂයට ද්‍රෝහියෙක් වීම ස්වභාවිකය. මේ චන්දය බොහොමයක් බොහෝ කොට්ටාශ වල කුලමල, ගම් දනව් හා නෑකම් සඹදතා නිසා වැටුණු ඒවා විය හැක.
දැන් පොහොට්ටුවේ චන්දය දෙස බලමු. ඔවුන් ලබාගෙන ඇති ප්‍රතිශතය  44.65 කි.  ජනාධිපති චන්දය ඉල්ලුවේ නැත්නම් එම 13.5 නුත් 25%ක් පමණ (වැටුණු චන්දය වලින් 4%ක් පමණ) මෙයට එකතුවනු ඇත. ඒ අනුව මුලු වැටුණු  චන්දය ප්‍රමාණයෙන්  48.65% ක් පමණ පොහොට්ටුව ලබාගන්නවා ඇත. මෙය 2011 ප්‍රාදේශීය චන්දය දී එම පක්ෂයේ පරණ මුහුණුවර (PA) ලබාගත් චන්දය ප්‍රමාණයට වඩා 20%ක පමණ අඩුවකි.
UNPය 2011 හේ 31.73% කි. 2015 45.66%කි. 2018 32.63 කි. ඒ කියන්නේ මෙවර unp එකට චන්දය දී ඇත්තේ අරටු unp කාරයෝ පමණකි. 32/33 % පන්නන්න නම් unp එකට යම් සුළු හෝ රැල්ලක් (2015 මෙන්) එසේ නොමැත්තේ නම් යම් නැවුම් බලාපොරොත්තු ඇතිකරණ (77 වැනි ) නායකයෙකු සමග පැමිණිය යුතු බවය.

jvp ඒක ගැන විශේෂයෙන් කියන්නට දෙයක් නැත. ඔවුන්ගේ මේ කාඩර් පක්ෂ ක්‍රමය අවසන් කරන තුරු 5% වටා ලම්බනය වීම වැළක්විය නොහැකිය

No comments:

Post a Comment

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...