Saturday, February 17, 2018

අප දෙවියන් වත්ද?


අතීතයේ බොහෝ කලක සිට අප මනුෂ්‍ය සංහතිය , අපට වඩා යම් බලයක් ඇති දෙවියන් පිළිබඳව විශ්වාස කළෙමු. මුලින්ම අපට තේරුම්ගත නොහැකි අපට කිසිම පාලනයක් නොමැති සිදුවීම් හෝ දේවල් වලට යම් අද්භූත බලයක් තිබෙන්නේ යයිද ඒවායෙන් ඉල්ලා  සිටීමෙන් අපට වාසිදායක අන්දමට ඒවා වෙනස් කරගත හැකි යයිද මිනිසුන් සිතුහ.
වැස්ස වලාහක දෙවියන්,ගිනි දෙවියන්  සහ ඉර දෙවියන් මෙවැනි දෙවි වරුන්ට උදාහරණයන් වෙයි. ගල් අතුල්ලා ගින්දර හදන්නට පෙර ගිනි ඇතිවන්නට ඇත්තේ ස්වාභාවික අන්දමින් පමණය. එහෙත් මිට අවුරුදු මිලියන දෙකකට පමණ පෙර අප්‍රිකාවේදී  ගල් අතුල්ලා ගිනි ජනනය කරන්නට ඉගෙනගත් දා සිට ගිනි දෙවියන්ට ඇති ගෞරවය අඩුවන්නට ඇති බවට කිසිම සැකයක් නැත්තේය. දැන්නම් ; ඒ කියන්නේ ගිනි දෙවියන් පෙට්ටියක දමා සාක්කුවේ දාගෙන යන්නට පුළුවන් යුගයක ගිනි දෙවියන් ගැන කිව්වොත් එය විහිලුවට කාරනාවක් වීම ස්වභාවිකය.
එලෙසම සුර්ය දිවය රාජයා දෙවි වරුන් අතරත් ප්‍රධාන තැනක් ගත්තේය.  එය සාධාරණය: මක්නිසාද අප පෘතුවියෙහි සියලුම ජිවිත , ගස් සහ සතුන් , ජීවත්වන්නට ශක්තිය සඳහා යැපෙන්නේ සුර්යා මත වීම නිසාය. ජීවිතය ගෙනයාමට ශක්තිය හදා ගැනීමට පමණක් නොව ,ජිවිතයෙන් පරිභාහිර බොහෝ කටයුතු වලටද අප ශක්තිය ලබාගන්නේ සුර්යා විසින් ලබාදෙන යම් ආකාරයකට ගබඩා වී ඇති ශක්තියෙනි. ප්‍රභාසංස්ලේෂණය යන ක්‍රියාවලිය මඟින්  වෘක්ෂලතා කාබන්ඩයොක්සයිඩ් වායුව සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හිරුකිරණ වල ශක්තිය යොදාගෙන ශක්තිය නීපදවිම මෙම ක්‍රියාවයි. එම ක්‍රියාවලියේ අතුරු පලයක් වන ඔක්සිජන් අපගේ ජිවිත වලට අවශ්‍යතම වායුව වීම වෙනත් කතාවකි.  එම ශක්තිය අප ආහාර වශයෙන් ලබාගනිමු. ප්‍රභාසංස්ලේෂණය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එය මෑතක් වනතුරු අවබෝධ කරගැනීම අපට අපහසු විය. 1770 දී ඕලන්ද විද්වතෙකු ගස් වලින් දහවලට ඔක්සිජන්  පිටවන බවත් එම ප්‍රමාණය රාත්‍රියට ගස් වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි බවත් සොයාගැනීම මෙම සොයාගැනීමට මුල්විය. එහෙත්  සත්‍යයෙන්ම සිදුවන ප්‍රතික්‍රියාව දැනගන්නට තව බොහෝ කල් ගතවිය. එහෙත් මෙම ප්‍රභාසංස්ලේෂණයේ සුර්ය ශක්තිය අපට පාවිච්චි කල හැකි ශක්තියක් වන සීනි බවට පත්කරන කාර්යක්ෂමතාවය ඉතාමත් පහල අගයක පවතී, ඇත්තෙන්ම එය 1% පමනවෙයි. හදන ග්ලුකෝස් වලින් 35%ක් පමණ ශාඛා පත්‍රයේම ප්‍රයෝජනයට ගැනීම මේ කාර්යක්ෂමතාවය තවත් අඩු කරයි.
මෙලෙස සුර්ය ශක්තිය ආහාර සඳහා පරිවර්තනය කිරීම කොතරම් සංකීර්ණද යත් එම ක්‍රියාදාමය අපට කෘතීම ලෙස කරන්නට හැකියාවක් ඇත්තේයයි කිසිවකු සිතුවේ නැත. නමුත් ලඟකදී හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙකු මෙම ප්‍රභාසංස්ලේෂණය කෘතිමව සිදුකළහ. ඒ ශක්තිය පරිවර්තනය කිරීමේ කාර්යක්ෂමතාවය 10% ප්‍රමාණයකිනි. ඒ කියන්නේ දෙවියන්ගේ මැවීමෙන්   හෝ ස්වභාවිකව කරනවාට වඩා 10 ගුණයක කාර්යක්ෂමතාවයකිනි. තව ටික කලක් යනවිට අපේ ප්‍රභාසංස්ලේෂණ කර්මාන්තශාලාවල අපට අවශ්‍ය සියලු ඉන්ධන නිපදවෙනු ඇත. ආහාර නිපදවීමත් මෙලෙසම සිදු කිරීමට වැඩි කලක් නොයනු ඇත.
ගුවන් යානා තැනීමට පෙර දෙවියන් ගුවනින් ගමන් කරන බවද ඔවුනට තමන්ට අවශ්‍ය තැනක් පෙනී සිටීමට හැකි බවට මිනිසුන් විශ්වාස කළහ. රයිට් සහෝදරයන් අපටද ගුවනින් යාමට හැකියාව ලබාදුන්හ. දැන් ගුවනින් යාම අද්භූත දෙයක් නොවේ. අපි ඕනෑ කෙනෙකුට විසා තිබේනම් යා හැකිය.
දෙවියන්ට පමණක් තිබෙනවා කියූ වෙනත් තැනක පෙනී සිටීමේ බලය අපට ලබාගන්නට උදව් කලේ ජෝන් බෙයාඩ් නම් ස්කොට්ලන්ත ජාතිකයාය. ඒ 1926 අවුරුද්දේ රුපවාහිනිය ලොවට හඳුන්වාදිමෙනි.
දෙවියන් ත්‍රිශුලයකින් විදුලි සැර නිකුත්කරමින් සටන් කරන දේව කතා අප අසා ඇත්තෙමු, පරමාණු, ලේසර් ආයුධ සහ ඩ්රෝන් තාක්ෂනය හා  සංසන්දනය කරන විට දේව ආයුධ කැටපොල්ට් තත්වයට පහතට වැටෙයි.
මෙලෙස අපට දැන් බැරි එලෙසම අපට හිතන්නටත් නොහැකි හැකියාවන් අප සහ අපේ අනාගත පරම්පරාවන් සොයාගෙන ප්‍රයෝජන ගනු ඇත.

ඇත්තටම එක් පරම්පරාවක් දෙවියන් යයි සිතාගෙන ඉන්නේ අනාගත පරම්පරාවන්ද?

9 comments:

  1. නැහැ,අනාගතය යක්කුන්( දක්ෂයන්)ගේ,ඔවුන් උරුමය සහ කරුමය නම් වංචාව අවලංගුකර දමාවි.

    ReplyDelete
  2. There are two types of people, those who believe that god created humans and those who believe that humans created god. I'm in the second group.
    What is your group?

    ReplyDelete
  3. dHave you ever heard about the "Bond god"

    ReplyDelete
  4. අපේ අම්මට මේක කියල බලන්ට ඕනි බැනුමක අහැහුවෙ ණැ කාලකින්.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...