Friday, February 10, 2017

හාල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න.







මේ වකවානුවේ ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නයයි. එය දෙවැනි වනවානම් දෙවැනි  වෙන්නේ හාල් මිල පිළිබද ප්‍රශ්නයට පමණි. 

හාල් මිල පිළිබද ප්‍රශ්නයත් පුදුම ප්‍රශ්නයකි. වෙන ඕනෑම ප්‍රශ්නයක ජය - ජය, ජය - පරාජය හෝ පරාජය - ජය, ලෙසට ප්‍රතිපලයන් ඇතිවිය හැක්කේය. එහෙත් මේ හාල් ප්‍රශ්නයේ ඉතාමත් පුදුම සහගත කාරණය  නම් සියලුම පරදු දරන්නන් පරාජය වී සිටීමය.

  • ගොවියෝ 
  • සිල්ලර කඩ හිමියන් 
  • තොග ව්‍යාපාරිකයන්  
  • වී මෝල් හිමියන් 
  • පාරිභෝගිකයන් 
  • පිටරටින් සහල් ගෙන්නන් 


යන සියලුම පාර්ශවයන් අසතුටට සහ කෝපයට පත්ව සිටින බව පෙනේ. මෙලෙස එක් ප්‍රශ්නයක පරදු දරන්නන් සියලු දෙනා තමන් නියෝජනය කරන සමාජ කොටස මෙම ප්‍රශ්නයෙන් පාඩු ලැබුවා යැයි සිතන්නට පුළුවන් වන විදිහට මෙවැනි ප්‍රශ්නයක් අවුල් කර ගත හැකි කළමනාකරුවන් පිරිසක් ලෝකයේ වෙන කොහේ සිටින්නේදැයි සිතා ගන්නටත් අපහසුය. 

මෙවැනි පසුබිමක මේ විශ්ව විද්‍යාල ප්‍රශ්නය දෙස නිවිහැනිල්ලේ බලමු. 

විශ්ව විද්‍යාල ප්‍රශ්නයේ පරදු දරන්නන් කවරහුද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ලබැදීයාවන් කවරක් වන්නේදැයි දැන් අපි පරික්ෂා කර බලමු. 

1.පුද්ගලික විශ්ව විද්‍යාලවල දැනට ඉගෙන ගන්නා සිසුන්  - ඔවුනට මහත් අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබේ. ඉක්මන් විසදුමක් මේ තත්වය මග හරවයි. 
2.එම සිසුන්ගේ දෙමව්පියන් - දරුවන්ගේ හැගීම් වලට සමානය.
රජය - පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීම රජයේ ඕනෑකම විය යුතුය. 
3.අපි, පොදු ජනතාව -
මුදල් වියදම් නොකර වෛද්‍යවරු ජනතාවගේ සේවයට එකතුවීම.
සිසුන් පිටරට අධ්‍යාපනයට යාමෙන් සිදුවන බිලියන ගණනක විදේශ විනිමය විනාශවීම නැවතීම. 

 4.රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන් - තමනට රැකියා වෙළද පොලේ තරගයක් ඇතිවේයැයි සිතුවිල්ල.
5.ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, චීනය, ජෝර්ජියාව, යුක්රේනය .... වැනි රටවල රාජ්‍යයන් සහ ඒවායේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - මෙහි පු.වි.වී. ඇතිවීමෙන් ඔවුන්ගේ රටට ගලාගෙන එන විදේශ විනිමය සහ ලාබ නැතිවීම.  
5.ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අයිතිකරුවන් - වී වී මගින් ලාබ ලබාගැනීමට හැකි වීම.
6.ශ්‍රී ලංකාවේ අනාගත ශිෂ්‍ය පරම්පරාව - පෙර නොතිබූ ආකාරයෙන් අධ්‍යාපන අවස්තා ඇතිවීම. 
7.සමහර වුර්තිකයින් - තමන්ගේ ව්‍යාපාරවලට තරගය වැඩිවේයයි බිය. 
වාමාංශික දේශපාලන පක්ෂ - වාමාංශික වූ විට සියල්ල රජයෙන්ම කල යුතු යයි ඇති හණමිටි අදහස්. 
8.තාමත් ලෝකයේ කොමියුනිස්ට් වාදය ක්‍රියාත්මක කල හැකියැයි සිතන්නන් - සිහින ලෝක මවා ගැනීම. 
9.රජය අමාරුවේ දැමීමට අවස්තාවක් ලැබෙනතුරු බලා සිටින්නන් - ලංකාවේ මෙවැනි කණ්ඩායම් වලින් අඩුවක් නැත්තේය. 
10.රජයෙන් පමණක් අධ්‍යාපනය කල යුතුය යැයි සිතන අය - ලෝකයේ සිදුවන දෑ ගැන නොතකා සිටීම.
11.පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන විට තමන්ට ඒවාට යාමට මුදල් නැති නිසා දුප්පත් ළමුන් දුක් වේයැයි සිතන bleeding heart liberals - ඇත්තෙන්ම මෙහි සිදුවන්නේ මෙහි අනෙක් පැත්තය. පු වී වී  ඇතිවීමෙන් බැංකු නය ක්‍රම වලින් හා ශිෂත්ව මගින් බොහෝ දුප්පත් දරුවනට අධ්‍යාපන අවස්ථා ඇතිවනු ඇත්තේය.    
  
මෙවැනි තවත් ලබැදියා කණ්ඩායම් තිබේද ?

3 comments:

  1. තිබේ. එක කොටසක් නම්,

    විදේශ විශ්විද්‍යාල වලට සිසුන් යවන දේශීය උප ඒජන්තයන් - මෙහි පු.වි.වී. ඇතිවීමෙන් සිසුන් විදේශ වී. වී. වෙත යැවීමෙන් දැන් ලබාගන්නා කොමිස් මුදල් නොලැබී යාම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙතනත් ලොකු ගැන්ග්සියක් තියෙනවා තමයි.

      Delete
  2. දැනටමත් අපේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් විශාල ප්‍රතිශතයක් තම අධ්‍යාපනය සඳහා විවිධ ශිෂ්‍යත්ව සහ මුදලින් ආධාර බාගන්නවා. රජයේ ශිෂ්‍යත්ව, මහපොළ ශිෂ්‍යත්ව, පෞද්ගලික ශිෂ්‍යත්ව, බැංකු ණය ආදිය මේවායි. විශ්ව විද්‍යාල වලින් කරනුයේ උගතුන් බිහි කිරීමයි. ඒ උගත්කම රැකියාවකට අදාළ කර ගැනීම වෙනත් කරුණක්. නියම ප්‍රමිතීකරණයකින් යුක්ත සාධාරණ ක්‍රමවේදයකට අනුව සිසුන් තෝරාගන්නා අධ්‍යයන අංශ විවිධාන්ගීකරණයකින් යුක්ත විශ්වවිද්‍යාල රටට සම්පතක් නේද? අලුතින් පත්කිරීමට යන කමිටුව මගින් පහසුවෙන්ම ගැටලුව නිරාකරණය කර ගත හැකි වේවි.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...