Saturday, January 28, 2017

රාජ්‍ය සම්පත් යනු මොනවාද? What are these state resources? (dual language blog)

sinhala blog after English one





These days we hear many slogans, mostly from opposition political parties. In that aspect, of the opposition political parties world over , our opposition is completely different to that of other democratic countries, not only compared  to developed countries, but even developing countries like India and Pakistan as well.
The difference is a new phenomenon, even  Srilanka. In democratic countries you have elections after about five years, 4 in USA , leader of the free world and 5 or 6 here; we are not too sure. Because many of our head of states have shown a tendency to  stay little longer at the end of their terms or  at least to make an attempt. We have press conferences on daily basis ,stage protests like monthly basis and  mobilize their supporters frequently for mass rallies in the capital or a provincial city disrupting commerce, public transport and day to day life.
These days most reiterated and screeched aloud,  slogan, on those rallies and press conferences is the selling of state resources, (රාජ්‍ය සම්පත්) , I hope the meaning is not lost in translation to Sinhala , like many political terms these days (president – ජනාධිපති).  In order to understand  what the opposition meant by this demand for stop selling state or national resources , we should first understand what is a national resources. Resource has many meanings, depending on who owns it ,  for an individual ,  his  abilities or capacities that can be drawn  on, in time of need are considered resources. 
Our inquiry is of course state resources. It is a source of help   for the nation’s economic, political or military needs. These resources may already being drawn on  or have the potential to be drawn when needed. So in this context what are our nation’s resources?
Human  resources – because this resource is the biggest foreign exchange earner for the nation
Beaches, ruins, tropical forests, wild elephants and mild climate  – tourism
Being an Island- fish and other marine resource , mostly potential
Rivers – power generation and agriculture
Geographical position- Being at the center of Indian ocean , 20 kms away from one of the world’s biggest consumer markets
Trincomalee harbor – second biggest natural harbor in the world with depths that are not available in many harbors 

I may have missed few less significant ones but this can’t be far away from the comprehensive list. I suppose. On the other hand there are many other sources that act as liabilities to  nations or even individuals;  opposite of resource, debts or liabilities. Lets attempt at making a another list of sources  that are opposite of resources; minus resources. 
Government business undertakings that lose money – we have many , much more than many other nations, like Srilankan air lines
Public utilities that lose money – like SLTB or Railway
Extremely inefficient public education system- not producing youth with appropriate training and education for taking up challenges proffered by   global economy today
Inefficient and heavily overloaded government service- so called big government
Corruption and waste in government
Too many strikes, protests and marches – discourage FDI and tourism
Extremely slow court  system

If you scrutinize these two lists carefully, you will see that many of above resources cannot be sold, they can only be mobilized or exploited to garner best possible returns the nation. And many others in the liability list should be revamped with assistance of private sector or sold outright to public sector to make them more effective or more efficient.

You will be surprised to see, which list, has most of  those so called state resources  that many groups are demanding , should not be gotten rid of. 



මේ දිනවල අපට බොහෝ සටන් පාඨ අසන්නට ලැබේ. ඒ පැත්තෙන් ලෝකයේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තිබෙන රටවලට වඩා අපි හාත්පසින්ම වෙනස්ය. දියුණු රටවලට පමණක් නොව, ඉන්දියාව, පකිස්ථානය වැනි දියුණුවන රටවලටත් වඩා අප වෙනස්ය. 

මේ වෙනස ලංකාවේ අපටත් අළුත් දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඡන්ද පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පහකට වරක් පමණය; නිදහස් ලෝකයේ නායකයා යැයි කියන එක්සත් ජනපදයේ එය සිදුවන්නේ අවුරුදු හතරකට වරකි. නමුත් අපේ අවුරුදු 5/6 ක් එය සිදුවෙයි. නොයෙකුත් රාජ්‍ය නායකයින් තමන්ගේ දූර කාලය අවසානය ලගා වන විට, තම දූර කාලය තරමකින් හෝ වැඩිකර ගන්නට උත්සාහ කිරීම මෙයට හේතුවයි. 

අපට ප්‍රවෘත්ති සාකච්ඡා දිනපතා පාහේම උද්ගෝෂන මාසයකට කිහිපයක්ද, එලෙසම නිතරම පාහේ තමන්ට සහයෝගය දක්වන්නන් එක් තැනකට එකතුකර බලය පෙන්වීම දක්නට ලැබේ. 

මෙවැනි අවස්ථාවන්හිදී වැඩියෙන්ම කෑ ගසන එලෙසම වැඩියෙන්ම පෙන්වන සටන් පාඨය රාජ්‍ය සම්පත් නොවිකුණන ලෙස ඉල්ලීමයි. මේ රාජ්‍ය සම්පත් නොවිකුණන ලෙස ඉල්ලීම හරියට තේරුම් ගැනීමට නම් අප මෙතනදී රාජ්‍ය සම්පත් යනු මොනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඇත්තෙන්ම ඒවායේ අයිතිකරුවන් කවුරුන්දැයි යන්න අනුව සම්පත් කුමන ගණයට වැටෙන්නේදැයි දැනගත හැක්කේය. 

උදාහරණයක් වශයෙන් පුද්ගලයෙකුගේ සම්පත් යනුවෙන් අදහස් වන්නේ ඔහුට ඇති අවශ්‍යතාවයකදී උපයෝගී කරගත හැකි හැකියාවන් සහ දක්ෂතාවයන්ය. නමුත් අපි මේ අවස්ථාවේ උත්සාහ කිරීමට යන්නේ රාජ්‍ය සම්පත් පිලිබඳවය. එය රාජ්‍යයක එසේත් නැත්නම් ජාතියක ආර්ථික දේශපාලන හෝ යුධමය අවශ්‍යතාවයන් සදහා උපයෝගී කරගත හැකි උදව්ය. එසේත් නැත්නම් සම්පත්ය. ඒවා අප දැනටමත් පාවිච්චි කරන හෝ එසේත් නැත්නම් පාවිච්චි කිරීමට විභවයක් ඇති සම්පත්ය. මේ ආකාරයට රටින් රටට ජාතික සම්පත් වෙනස් වන අතර, අපගේ ජාතික සම්පත් මොනවාදැයි දැන් ලැයිස්තු ගත කරන්නට උත්සාහ කරමු. 

  • ජනතාව - ජාතියට වැඩියෙන්ම විදෙස් විනිමය සොයා දෙන්නේ පිටරට, වැඩියෙන්ම මැදපෙරදිග රැකියා වලට යන්නන්ය. 
  • මුහුදු වෙරළ, නටබුන්, වැසි වනාන්තර, වල් අලි සහ සම දේශගුණය - සංචාරක ව්‍යාපාර.
  • දූපතක් වීම - ධීවර සහ සාගර සම්පත්.  
  • ගංගා සහ අනෙක් දිය පහර - විදුලිබල ජනනය සහ කෘෂිකර්මය. 
  • භූගෝලීය පිහිටීම - දල වශයෙන් ඉන්දියානු සාගරයේ මධ්‍යයෙහි ලෝකයේ විශාලතම වෙළඳපොලක් අතර පිහිටා තිබීම. 
  • ත්‍රීකුණාමල වරාය - ලෝකයේ දෙවෙනියට ලොකු ස්වාභාවික වරාය වන අතර, මෙහි ගැඹුර අනෙක් වරායවලට හිතන්නටවත් බැරිය.    
 ඉහත ලැයිස්තුවේ මට සමහර විට අප්‍රධාන කරුනු කිහිපයක් මග හැරෙන්නට පුලුවන් වුවද මෙය පරිපූර්ණ ලැයිස්තුවෙන් වෙනස් වන්නට ඉඩක් නැත. දැන් අපි ඉහත ලැයිස්තුවේ අනික් පැත්ත එසේත් නැත්නම් අපේ රටේ ජාතික අසම්පත් මොනවාදැයි බලමු. 


  • අතිශය පාඩු ලබන රජයේ ව්‍යාපාර - ලංගම සහ දුම්රිය වැනි. 
  • ඉතාමක් අකාර්යක්ෂම පොදු අධ්‍යාපන ක්‍රමය - කාලයට ගැලපෙන අධ්‍යාපනයක් සහ පුහුනුවක් ඇති තරුණ තරුණියන් ඇති කරන්නට අපොහොසත් වීම. 
  • අකාර්යක්ෂම සහ අති විශාල රාජ්‍ය සේවය. 
  •  රජයේ දූෂන සහ නාස්තිය. 
  • අධික වැඩ වර්ජන, උද්ගෝෂන සහ පෙලපාලි - පිටරටින් එන ආයෝජන සහ සංචාරක ව්‍යාපාරයට වල කැපීම. 
  • ඉතාමත් කල්ගත වන යුක්තිය පසදලීමේ ක්‍රම. 


අපි ඉහත ලැයිස්තු දෙක ප්‍රවේශමෙන් පරීක්ෂා කර බැලුවහොත් මුල් ලැයිස්තුවේ තිබෙන කිසිවක් විකුනන්නට නොහැකි ඒවා බව පැහැදිලිය. ඒවායෙන් අපට කල හැක්කේ කාර්යක්ෂමව කලමනාකරණය කර ලබාගත හැකි හොදම ප්‍රතිපල ජාතියේ උන්නත්තිය සදහා යෙදවීමයි. 

අසම්පත් ලැයිස්තුවේ ඇති ක්‍රියාකාරකම් ඇත්තෙන්ම හැකි අයුරෙන් විකුණා දැමීම හෝ පුද්ගලික අංශයේ දක්ෂතාවයන්ද යොදවා කාර්යක්ෂමව කලමනාකරණය කිරිමයි. 

වැඩියෙන් විකුනා දැමිය යුතු හෝ කෝවක දමා මැකවිය යුතු ක්‍රියාකාරකම්  හෝ සම්පත් වැඩියෙන් තිබෙන  ලැයිස්තුව ඇත්තෙන්ම අප පුදුම කරවයි.      

1 comment:

  1. රාජ්ජය කළමනාකරණය නිතරම පාඩු ලබයි එයත් එහි සිටින අකාර්යක්ෂම අය ගැනත් එම ක්‍රමවේද සහ ක්‍රියාවලි ගැනත් සිතුවොත්

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමු...