Tuesday, January 10, 2017

රාජ්‍ය සම්පත් විකිනීම.










මේ දිනවල රාජ්‍ය සම්පත් විකිණීම පිළිබඳ නොයෙක් දෙනා කථා කරති. විශේෂයෙන්ම හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15,000 චීනයට දීර්ඝ කාලීනව බදුදීම මේ අතර ප්‍රධාන මාතෘකාවක් වෙයි. 

ඇත්තෙන්ම මේ දේශීය සම්පත් විකිණීමක්ද? රටකින් තවත් රටකට ඉඩමක් විකීණීමක් පිළිබඳව මෑත ඉතිහාසයේ සදහන් වන්නේ 1867 මාර්තු 30 වන දාය. ඒ රුසියානු අධිරාජ්‍යය විසින් ඇලස්කාවේ වර්ග කිලෝ මීටර් මිලියන 1.5 ක් ඇමරිකාවට විකීණීමය. මෙම ප්‍රමාණය ලංකාවේ වර්ග ප්‍රමාණය මෙන් 20 ගුනයකටත් වඩා වැඩිය. ඒ සදහා ඇමරිකානු රජය ගෙව්වේ ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක් පමණි. 

මෙම දේපල විකිණීමෙන් පසු රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ඉඩම් මුදලට විකිණීමක් අපට අහන්නට ලැබෙන්නේ නැත. එහෙත් රාජ්‍යයන් අතර වෙනස් රාජ්‍යයන්ගේ පිහිටි ව්‍යාපාරික ආයතන අතර ඉඩම් දීර්ඝ කාලීනය බදු දීම එහෙමත් නැත්නම් විශාල ඉඩම් කට්ටි එකට එකතු වී කලමනාකරණය කිරීම දැන් සාමාන්‍ය දෙයකි. එසේම වරායවල් වෙනත් රටවල පුද්ගලික ආයතන මගින් කලමනාකරණය කිරීම සුලබ දෙයකි.  සෑම සියලු දෙයක්ම තමන් විසින්ම කර ගැනීම මේ නූතන දියුණු ලෝකයේ කාටවත් කරගන්නට බැරිය. ඒ නොහැකියාව මේ ලබා ඇති දියුණුව වෙනුවෙන් අප ගෙවන්නාවූ මිලකි. 

රජයන් විසින් නොයෙකුත් හේතූන් නිසා තම රටෙහි දේපල වෙනත් රටවල වෙළඳ ආයතන වලට සම්පූර්ණයෙන් බදු දී හෝ එකතු වී කලමනාකරණය කරනු දක්නට ලැබේ. ඇමරිකාවේ වරාය පිටරට කම්පැනි මගින් කලමනාකරණය කිරිම බොහෝ කලක සිට සිදුවේ. 

මෙයට අමතරව තමන්ගේ පාවිච්චියට නොගන්නා හෝ එතරම් කාරයක්ෂමව කලමනාකරණය නොවන්නා වූ දේපල තම රටෙහි ජනතාවට වැඩිපුර ප්‍රතිලාභ ලබා ගැනීමට ලබාදීම අද ජාත්‍යන්තරයේ සාමාන්‍ය දෙයකි. මෙයට බොහෝ උදාහරණ ඇත්තේය.

 එයින් හොඳම උදාහරණය ඕස්ට්‍රෙිලියාව සහ සිංගප්පූරුව අතර ඇති කරගෙන ඇති මෙවැනි ගිවිසුමයි. සිංගප්පූරුවේ ගුවන් හමුදාවට පුහුණු වීමට සහ යුධ ගුවන් යානා තබා ගැනීමට ඒ රටේ භූමිය පාවිච්චි කිරීම කාර්යක්ෂම නොවන්නේ එහි දේපල වලට ලොකු ඉල්ලුමක් ඇති නිසා මිළ අධික වීමය. ඒ අතරම ඕස්ට්‍රෙිලියාවේ අධික විශාලත්වය සහ අඩු ජනගහනය නිසා මෙවැනි දේකට ලොකු දේපලක් යෙදවීම ආර්ථිකව අකාර්යක්ෂම නොවේ. ඒ නිසා සිංගප්පූරු ගුවන් හමුදාවේ පුහුණුවීම් කටයුතු සහ යුධ ගුවන් යානා නවත්වා තැබීමට රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාවේ පියෙස් ගුවන් කඳවුර ස්ථිර වශයෙන් යොදා ගනී. 

එසේම සිංගප්පූරු යුධ හමුදාවට ඕස්ට්‍රෙිලියාව කුවින්ස්ලන්තයේ අති විශාල හමුදා කඳවුරක් තිබේ. දහස් ගණන් සිංගප්පූරු හමුදා භටයෝ එහි කඳවුරුලා පුහුණු කටයුතු කරති. මේ සදහා සිංගප්පූරු රජය කුවින්ස්ලන්තයට ඩොලර් බිලියන 2.25 ක් ගෙවයි. බොහෝ රටවල මිනිසුන් කැහැපොට කවාගෙන බෝට්ටු වල නැඟ යන්නට පොරකන ඕස්ට්‍රෙිලියාවේ මිනිසුන් මේවාට විරුද්ධව පොර කන්නේ නැත්තේ නූතන ලෝකයේ මෙවැනි ගිවිසුමකින් රටවල් ඉඩමක් බදු දුන් පමණින් එම දේපල විකුනන්නේවත් වහල් බවට පත් වන්නේ වත් නැති බව ඔවුන් දන්නා නිසාය. අනෙක් රටවල මිනිසුන් ඉගෙන ගන්නටත්, රැකියා කරන්නටත්, ජීවත් වන්නටත් ඕස්ට්‍රෙිලියාවට යන්නට මෙතරම් දඟලන්නේ මෙවැනි මිනිසුන් ඕස්ට්‍රෙිලියාවේ සිටින නිසා විය යුත්තේය. 

මේ මෙවැනි ගිවිසුම් පිළිබඳ එක් උදාහරණයක් පමණි. තවත් බොහෝ උදාහරණ ඇත්තේය. එමිරේටය පකිස්ථානයෙන්ද, දකුණු කොරියාව සුඩානයෙන්ද, එක්සත් රාජධානිය සුඩානයෙන්ද, චීනය සහ ජර්මනිය ඕස්ට්‍රෙිලියාව, එක්සත් ජනපදය, එමිරේටය, සවුදි අරාබියාව සහ ඉන්දියාව නොයෙකුත් අප්‍රිකානු රටවල් වලින්ද මෙලෙස විශාල ප්‍රමාණ වලින් මෙලෙස දීර්ග කාලීන බදු ගෙන තිබේ. ඇමරිකාවේ ව්‍යාපාර ආයතන පමණක් අප්‍රිකානු මහාද්වීපයේ ගොවිතැන සදහා බදු ගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 4.3 ක් වේ. 

මේ සියල්ලටම වඩා විශාල එමෙන්ම අපූර්ව ඉඩම් දීර්ඝ කාලීන බඳු ගැනීම වෙන්නේ චීනය සහ යුරේපයේ යුක්‍රේනය අතරය. චීනය යුක්‍රේනයෙන් ගොවි බිම් හෙක්ටයාර් මිලියන 3 ක් දීර්ඝ කාලීනව බදු ගැනීමට ගිවිසුම් ගත වී ඇත. මේ ප්‍රමාණය යුක්‍රේනයේ භූමි ප්‍රමාණයෙන් 1/20 ක් වෙයි. මේ ගිවිසුම තුන් පැත්තකින් ජය ලබා දෙයි. අකාර්යක්ෂම සහ අතහැර දමන ලද ගොවි ඉඩම් වඩා කාර්යක්ෂම ලෙස ලෝක ආහාර නිෂ්පාදනයට එකතු වෙයි. යුක්‍රේනයට ඒ ලාභ වලින් සහ රැකියා වලින් කොටසක් ලැබේ. චීනයට තමන්ගේ අති විශාල ජනගහනයට ආහාර ලබාදීම පහසු කරයි.



අපේ හම්බන්තොට ප්‍රශ්නය දෙසත් බැලිය යුත්තේ මෙලෙසය. හම්බන්තොට පැත්තේ ඔය කියන ඉඩම් වලින් දැන් එතරම් නිෂ්පාදනයක් සිදු වන්නේ නැත. එම ඉඩම් යම් අයුරකින් වඩා කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට හැකි වෙනත් රටක ආයතනයක් තිබේ නම් ඔවුන් සමග එකතු වී එය කිරිමෙන් කවදාවත් අපට පාඩුවක් සිදු වන්නේ නැත. අනෙක ඉඩමක් මේ කෝනයෙන් බලන විට නැතිවිය හැකි සම්පතක් නොවේ. අපේ රත්තරන් ආකර තිබෙනවා නම් එය අපි පිට කෙනෙකුට බදු දුන්නොත් ඔවුන් එය සූරා ගෙන ඒ සම්පත ඉවර කරන්නට පුලුවන. නමුත් ඉඩමක් සහ එහි වටිනාකම කර්මාන්ත පුරයකින් සූරා කෑමට ගෙන යාමට නොහැකිය. කොහොමටත් ඉඩමක අයිතිය තිබෙන්නේ රටේ ඉන්න මිනිසුනට බව අප අමතක කල යුත්තේ නොවේ. සන්තකයේ තිබීම ඉඩම්වල අයිතියට ප්‍රධානම සාධකය බව අපි දන්නෙමු. 

තමන්ගේ ජනතාවට හොඳම ඩීල් එක ගිවිසුම් ගත වෙද්දී ලබා ගැනීම සහ කර්මාන්තපුරය ඇති කිරීමෙන් යම් අසාධාරණයන්ට ලක්වන පදිංචි කරුවන්ට ඔවුන්ගේ අලාබයන්ට ගැලපෙන පරිදි වන්දි ලබාදීම රජයේ යුතුකම වන්නේය.     

16 comments:

  1. සර්ට...මාසෙකට චීන, කීයක් ගෙවනවද ?

    ReplyDelete
    Replies
    1. මම කොන්ෆියුසියස්ගේ ධර්මයට කැමතියි සරත්.

      Delete
  2. මෙතන අවුල ලංකාවට වාසි වෙන විදිහට ගිවිසුම් නොගැසීම නේද? මහින්ද හම්බන්තොට ගැන දාලා තියන විස්තරය අනුව නම් මේක මේ ආණ්ඩුවේ මරි මෝඩ වැඩක්.....ඒ ගැන සොයා බැලුවාද?

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන එව්වා විශ්වාස කරන කෙනාට කියන්න මරිමෝඩයා ඇරෙන්න වෙනත් සුදුසු යෙදුමක් තියේද?

      Delete
    2. ඔබ කාරණා ‍ස‍ොයා බැලුවාද? ම‍ොකද දීලා තියන දත්ත ච‍ෙක් කරන්න පුළුවන් ‍න‍ේ..එ් ව‍ග‍ේම එයා කියන ද‍ේ තාර්කිකයි

      Delete
    3. ගිවිසුම මම දැකලා නැහැ. ඒක පාර්ලිමේන්තුවට දැම්මහම තමයි අපට දැනගන්ඩ ලැබෙන්නේ නේද? ඒක විවෘත වුනහස ඒක දෙසත් විචාරශීලීව බලමු.

      Delete
    4. Lakkanstuff සියලුම දත්ත බොහොම විශ්වාස කටයුතු සයිට්ස් වලින් ගත්තේ.

      Delete
    5. දත්ත ගැන කතා ක‍ළ‍ේ කලින් අැණයා‍ග‍ෙ පිලිතුරට පිළිතුරක් ල‍ෙස.

      Delete
  3. තැන්කිව් සිංගප්පූරු, යුක්රෙන් තොරතුරු ගැන, ආර්ගුයුමන්ට වලදී හලන්න අළුත් කෑලි නැතුවයි හිටියේ.

    ReplyDelete
  4. එක එක දේශාපාලුවන් තමන්ගේ ගොඩ වඩාගන්න එක එක දේවල් කියනවා. මේ හැමොටම අපේ රටට අවංකවම සේවයක් කරන්න ඔනේ කමක් නෑ. මොකද මේ ඉන්නේ බිස්නස් කාරයෝ ටිකක් විතරයි. උන්ගේ බිස්නස් ගොඩ යන ඔනේම පනතක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පාර්ලිමෙන්තුවේදි සම්මත කරගන්නවා. විපක්ෂයේ උන් එකට විරුද්දව කෑ ගහනවා. එච්චරයි. උන් බලයට ආවමත් කරන්නේ ඒ වැඩේමයි. මේ ව්‍යාපාරවලින් රටට සෙතක් වෙනවාද පරිසරයට හානි වෙනවාද කියලා කිසිම හොයාබැලිල්ලක් නෑ. අපේ රටට වාසියක් වෙන විදිහට ගිවිසුම් ගහලා මදි ඒ විදිහට වෙනවාදැයි බලන්නත් පසු විපරුම් කරන්න ඔ්නේ . අවංකව රටට සෙතක්වෙනවා නම් මේවා වටිනවා.

    ReplyDelete
  5. තවත් ද‍ෙයක්...ගණුද‍ෙනුවක් ව‍ෙන ක‍ොට එ් ගනුද‍ෙනුව‍ෙ පාලනය, authority එක ගන්න ඔ්න ලංකාව‍ෙ රජය.. එ්ක ම‍ෙතන ව‍ෙන්න‍ේ නැ..චීනයටයි authority එක දීලා තිය‍ෙන්න‍ේ...මම හිතන්න‍ෙ එ්ක තමයි මහින්ද ග‍ෙ තර්කය. ම‍ොනා වුණත් එ් ගැන තවත් ස‍ොයා බැලිය යුතුයි

    ReplyDelete
  6. අපේ වගේ කුඩා රටක මේ තරම් භූමි ප්‍රමානයක් එලි පෙහෙලි කිරීම් තුලින් ඇතිවන පාරිසරික හානි ගැන සලකාබලා තියෙනවද.....ඔය පලාත්වල අලි-මිනිස් ගැටුම කොතනින් කෙලවර වෙයිද කියන සාධාරන බයක් මේවා කියවනකොට ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. චීනේ අලි වද වෙලා තියෙන්නේ ලිඛිත ඉතිහාසයක් නැති අවදියේලු, ඒක අපේ අලින් ගේ වාසනාව, බැරිවෙලාවත් ගලේ කොටපු රිසිපියක් වත් තිබ්බනම් බුදුසන්තෝ..., අලින්ටත් මකරුන්ට වෙච්ච වින්නැහියම වෙනවා.

      Delete
  7. පැනමා ඇල සම්බන්ධයෙන් ඇමෙරිකාව හා සමග අවුරුදු 99 ක ගිවිසුමක් තිබුණ නේද? වර්තමානයේ නම් ඇලේ ප්‍රථිලාභ පැනමාව සතුයි.

    ReplyDelete
  8. 1898 සිට බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබුණු හොංකොං විශේෂ පරිපාලන ප්‍රදේශය (HK-SAR) 1997 දී මහජන චීන සමුහ ආණ්ඩුවට අයිති වුනේ මෙවැනි අවුරුදු 99 ක ගිවිසුමක් අවසන් වීම නිසා බව මගේ දැනීමයි. හොංකොං විශේෂ පරිපාලන ප්‍රදේශයේ පදිංචි කරුවන්ගේ විරුද්ධත්වය නොතකා චීනය එම ප්‍රදේශය නැවත ලබාගත් අයුරින්ම නීතියේ ප්‍රතිබන්ධනය චීනයටත් අදාළ බව අපි අමතක කල යුතු නැහැ. නමුත් මේ බදු සීමාව තුල ලෝකයේ වෙනස් කම් බොහොමයක් වියහැකියි.

    ReplyDelete

යුධ නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්...