Thursday, September 8, 2016

මේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් මගේ මුදලුත් සමග මට එළියට යාමට අවශ්‍යයි. I want out of this free health service.








මේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් මගේ මුදලුත් සමග මට එළියට යාමට අවශ්‍යයි.


මම මේ ලඟකදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය ඇත්තෙන්ම නිදහස් දැයි විමසා බ්ලොග් එකක් ලීවෙමි. ඒ ගැන කල්පනා කරද්දී මට ඊයේ මේ සම්බන්ධව තවත් අදහසක් පහල වුනි.
අපි මේ නිදහස් සෞඛ්‍යය සේවය සදහා, වියදම් කරන මුදල එක පුරවැසියෙකුට වසරකට රුපියල් 24,000 ක් වෙයි.  මෙම මුදල අපි සියලු දෙනාම එකතුකර රජයට දෙන මුදලක් වෙයි. අපි අපේ ආදායම්වල හැටියට අඩු වැඩියෙන් මේ මුදල් ලබා දෙනවා මිස, ඒවා රජයේ මුදල්වත් වෙන කාගේවත් මුදල් නොවේ.
ඒ නිසා අපේ මුදල් නාස්තිකාරව වියදම් කරන්නේ නම් හෝ එම මුදලට නිසි අගයක් නොලැබෙන්නේ නම් අපි සොයා බැලිය යුතුය. ඒවා අකාර්යක්ෂම ලෙස හෝ දූෂිතව වියදම් කරන්නේ නම්, එවැනි දෑ වැලැක්වීමට වහා ක්‍රියාත්මක විය යුතුය. අපට එය කරගන්නට බැරි නම් අඩු තරමේ අපේ මුදල්වත් නාස්තිය වලකා ගන්නට ආපසු ඉල්ලා ගෙන වෙනත් කාර්යක්ෂම අයුරකින් ආයෝජනය කල යුතුය.
අපි කුඩා දරුවා සිට මහල්ලා දක්වා සියලුම පුරවැසියන්ට රුපියල් 24.000 ක් වියදම් කරන නිසා, එම මුදල අපි අතට ගත්තොත් අපගේ සෞඛ්‍යය සදහා වියදම් කර ගැනීමට මීට වඩා හොද ක්‍රමයක් තිබේද?
මම Ceylinco life web page එකට ගොස් සොයා බැලුවෙමි. එහි ඇති calculater යෙන් දත්ත ඇතුල්කර පරීක්ෂා කර බැලුවෙමි. එම ආයතනයට වසරකට රුපියල් 22975 ක් ගෙවා මට දරුණු අසනීපයකදී රුපියල් මිලියන 2.5 ක්ද, ස්වාභාවිකව මිය ගිය විට පවුලට මිලියන 2.5 ක්ද, ලබාගත හැක. අනෙක් උණ හෙම්බිරිස්සාව වැනි ලෙඩ වලට අපි කොහොමත් බෙහෙත් ගන්නේ පාර අයිනේ මුදලට බෙහෙත් කරන තැනකිනී.
ඇත්තෙන්ම මේ විකල්පය පාන්දර 4 ට ගොස් බංකුවේ ඉඳගෙන ඉන්නවාට එහෙමත්, එතන සිටින සේවකයන් ගෙන් අකාරුණික සැලකුම් ලබනවාට වඩා කොතරම් අගනේද? මියගිය විට පවුලට හම්බවෙන මුදල බෝනස් එකකි.

I want out of this free health service.
I recently wrote a blog examining whether our free health service is really free.
We spend 24,000 Rs per percent a year for our free health care. We contribute this money. So it is not government funds, according to our income and consumption patterns we provide the money through taxes.
Hence it is our duty to be vigilant on whether this money is spent efficiently and without waste and corruption. If they are spent ineffectively we should try to prevent that and restore efficient management practices.
If our attempts are unsuccessful and the state is unresponsive to our requests we should be able to demand our money back. By some luck if government agree to give the money , 2400 Rs a year , what can we do with that money to look after our health.
I went into Ceylinco life web page and calculated the amounts we can insure ourselves for health care  and it is like this.
For 22975 Rs a year you can insure yourself for following benefits.
2.5 million Payable at death
2.5 million Payable for critical illness
I feel this proposition is much better than going to hospital benches at 0400 in the morning and waiting without knowing what time they will call you in and anyway going to private pharmacies and labs for tests.

And 2.5 million at death would be a big bonus, and anyway I go to roadside private practices for minor illnesses.

2 comments:

  1. ප්‍රශ්නෙකට තියෙන්නේ සමහරක් ඉන්ෂුවර් කාරයෝ විවිධ හේතු දක්වලා ප්‍රතිලාභ නොදී ඉඳිමයි. අනික හුඟක්ම දුප්පත් කෙනෙක් කොහොමද ඉන්ෂුවර් වාරික ගෙවන්නේ.

    ReplyDelete
  2. මේ මුදල කොහොමත් දුප්පත්තුයි පොහොසත්තුයි ඔක්කෝටම අපෙන් ගන්න බඳු මුදල් වලින් රජය අපේ සෟඛ්‍යයට වියදම් කරන මුදල. මං මෙතන පෙන්නන්ට හදන්නේ ඒ මුදලට සරිලන සේවාවක් අපට ලැබෙන්නේ නැහැ කියලා.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...