Saturday, September 10, 2016

විශ්වයේ මුල, අග සහ දෙවියන්ගේ මැදිහත්වීම;








        
පොතේ හැදින්වීම.
  අප දැනට දන්නා විදිහට, බිග් බෑන්ග් හි සිට අඳුරු ආගාධ (black hole) දක්වා විශ්වයේ ඉතිහාසය, මම මේ දේශන මාලාවෙන් කියන්නට උත්සාහ කලෙමි. මුල් දේශනයේදී, මම විශ්වය ගැන ඓතිහාසික අදහස් සහ දැනට අපි දැනුමට පැමිණි ආකාරය කෙටියෙන් පරීක්ෂා කරන්නෙමි. මෙය විශ්වයේ ඉතිහාසයේ ඉතිහාසය ලෙස කියන්නට පුළුවන.
දෙවන දේශනයේදී, මම නිව්ටන්ගේ[1] සහ අයින්ස්ටයින්ගේ[2] ගුරුත්වාකර්ශණ වාදයන් විශ්වය ස්ථතික තත්වයක නොපවතින බව ඔප්පු කල ආකාරය විස්තර කරන්නෙමි; එය එක්කෝ සංකෝචනය විය යුතුයි, එසේත් නැත්නම් ප්‍රසාරණය විය යුතුයි. මෙයින් කියවෙන්නේ, මෙයට අවුරුදු බිලියන දහයකට හා විස්සකට අතරදී, විශ්වයේ ඝනත්වය අසීමිතව තිබුණු බවය. බිග් බෑන්ග් කියන්නේ මෙයටය. එය විශ්වයේ පටන් ගැන්ම වන්නට පුළුවන.
තුන්වෙනි දේශනයේදී, මම අඳුරු ආගාධ (black hole) පිළිබදව කථා කරන්නෙමි. මේවා ඇති වන්නේ විශාල තාරකාවක් හෝ එවැනි වස්තුවක් එහිම ගුරුත්වාකර්ශණ බලය නිසා, ඒ අභ්‍යන්තරයටම කඩා වැටීමෙනි. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව, යමෙකු මෙවන් අඳුරු සිදුරකට වැටීමට තරම් අවාසනාවන්ත වුවහොත්, කිසිදා ඔහුට එයින් පිටතට ඒමට පුලුවන් කමක් නැත. ඔවුන්ගේ ඉතිහාසය, කෙසේ වුවත්, දැනුම අජීවික වන ඒකාග්‍ර (singularity) අවධියේදී තෙත අවසානයකට  පත්වෙනවා ඇත. නමුත් සාමාන්‍ය සාපේක්ෂතාවාදය සම්භාව්‍ය  වාදයකි - එම නිසා, එය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා වේ අවිනිශ්චිත වාදය (theory of uncertainty) සැලකිල්ලට භාජනය කරන්නේ නැත.
හතරවෙනි දේශනයේදී, මම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව, අඳුරු ආගාධ වලින් ශක්තිය එළියට කාන්දු වීමට ඉඩදීම විස්තර කරන්නෙමි. අඳුරු ආගාධ කියන තරම් කලු නැත.
පස්වෙනි දේශනයේදී, මම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා අදහස්, බිග් බෑන්ග් හා විශ්වයේ පටන් ගැන්ම පරීක්ෂා කිරීම යොදවන්නෙමි. මෙම යෙදවීම කාලය - අවකාශය, ප්‍රමාණයෙන් සීමිත වුවද කෙලවරක් හෝ වැටක් නොමැති අදහසට, අප ගෙන යයි. එය හරියට, අමතර දෙමානයක් සහිතව.  අපගේ පොළොව මතුපිට වැනිය.
හයවෙනි දේශනයේදී මම, භෞතික විද්‍යා වේ නීති නියතව පැවතුනද, මෙම යෝජිත සීමාවන් අතීතය කොපමණ වර්ථමානයෙන් වෙනස් වෙන්නේ දැයි, පැහැදිලි කර පෙන්වා දෙමි.
අවසානයේදී, හත්වන දේශනයෙන්, මම ක්වොන්ටම් යාන්ත්‍රණය, ගුරුත්වාකර්ශණ සහ භෞතික විද්‍යා වේ අනෙකුත් සියලුම අන්තර් ක්‍රියාවන්, එකතු කර ඒකීය වාදයක් ගොඩ නැගීමට, අප දරන උත්සාහය පෙන්වා දෙනු කැමැත්තෙමි. අපට මෙය කරගන්නට හැකි වුවහොත්, විශ්වය හා එහි අපට ඇති ස්ථානය හොදින් තේරුම් ගන්නට පුලුවන.




[1] ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (1642- 1726), ඉංග්‍රීසි ගණිතඥයා සහ භෞතික විද්‍යාඥයා.
[2] ඇල්බට් අයින්ටයින් (1879- 1955), ජර්මානු භෞතික විද්‍යාඥයා.



මහාචාර්ය ස්ටෙෆන් විලියම් හෝකින්ග්

ස්ටෙෆන් විලියම් හෝව්කින්ග් 1942 ජනවාරි 8 වෙනි දින (ගැලීලියෝ මරා දමා හරියටම අවුරුදු 300 කට පසු) එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලැබූවේය. ඔහුගේ දෙමව්පියන්ගේ ගෙදර තිබුනේ උතුරු ලන්ඩනයේ වුවද, දෙවන ලෝක මහා යුද්ධය කාලේ ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය දරුවන් ලැබීම සදහා, වඩා ආරක්ෂිත ප්‍රදේශය ලෙස සලකන ලදී, ඔහුට වයස 8 ක් වූ පසු, ඔහුගේ පවුල ලන්ඩනයට සැතපුමි 20 ක් පමණ උතුරින් පිහිටි සාන්ත ඇල්බන්ස් නගරයට පදිංචියට ගියේය. වයස අවුරුදු 11 දී ස්ටෙපන්ග් සාන්ත ඇල්බන්ස් විද්‍යාලයටද ඉන්පසු තම පියා ඉගෙන ගත් විශ්ව විද්‍යාලය වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලු වූයේය. පියා ස්ටෙෆන්, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවාට කැමති වුවද, පුතා කැමති වූයේ ගණිතය හැදෑරීමටය.එහෙත් ගණිතය විශ්ව විද්‍යාලයේ නොතිබූ හෙයින්, ඔහු භෞතික විද්‍යාව හැදෑරීය. අවුරුදු තුනකදී, ලොකු මහන්සියකින් තොරව, ඔහු, ස්වභාවික විද්‍යාවට පලවෙනි පන්තියේ ගෞරව සමාර්ථයක් ලබා ගත්තේය.
ස්ටෙෆන්, ඉන්පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා පිළිබඳ අධ්‍යයනය කරන්නවුන් කිසිවෙකුත් නොවූ හෙයින්, තාරකා විද්‍යා අධ්‍යයනය සදහා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට බැදුනි. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිටි ෂෙරෙඩි හොයිල්, ඔහුගේ පරීක්ෂකවරයා බවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වූ නමුත්, ඔහුට ලැබුනේ ඩෙනිස් ස්කියාමාය. ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු, ඔහු ‍ගොන්විල් සහ කැයුස් විශ්ව විද්‍යාල කොලීජියේ  පලමුවන පර්යේෂණ අධිශිෂ්‍ය බවට පත්විය. 1973 දී අභ්‍යාවකාශ අධ්‍යයන ආයතනයෙන් ඉවත් වී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ගණිත අංශයේ මහාචාර්ය වරයා බවට පත්විය. මෙම මහාචාර්ය පදවිය සදහා 1663 දී මුදල් ප්‍රදානය කර ඇත්තේ, එකල විශ්ව විද්‍යාල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හෙන්ර් ලූකාස් පියතුමා විසිනි. එම පාර්ලිමේන්තු අසුන අයිසැක් බැරෝ විසින්ද 1669 දී අයසැක් නිවිටන් විසින්ද හොබවන ලදි. ස්ටෙෆන් ක්‍රියාකාරීව විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වල යෙදෙන අතර ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යාව අංශයෙහි අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරයි.
ස්ටෙෆන් හෝර්කින්ග්, විශ්වය පාලනය කරන මූලික නීතී පිළිබද බොහෝ කලක් අධ්‍යයනය කළේය. රොජර් පෙන්රෝස් සමග ඔහු, අයින්ස්ටයින්ගේ සාපේන්ෂතාවාදය, අවකාශය - කාලය ට පටන් ගැන්මක් බිග්බෑන්ග් අවස්ථාවක් ලෙස තිබිය යුතු බවත් එහි අවසානය අදුරු ආගාඳධයකින් තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙම ප්‍රතිඵල, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් කොන්ටම් වාදයත් එකට එකතු කල යුතු බව පෙන්වා දුනි. එම එකතු කිරීමෙන් ඔහු සොයා ගත් එක් දෙයක් නම් අදුරු ආගාධ සම්පුර්ණයෙන් අදුරු නොවිය හැකි බවත්, ඒවාද විකිරණ පිටකර වාෂ්ප වී අවසන නොපෙනී යා හැකි බවයි. අනෙක් තර්කය, චෛතසික කාලයෙන් මැනීමේදී විශ්වයට කෙලවරක් හෝ සීමාවක් නොමැති වීමයි. මෙයින් කියවෙන්නේ විශ්වය පටන් ගත් ආකාරය සම්පූර්ණයෙන්ම නිර්ණය වන්නේ විද්‍යා වේ නීතින් මත බවය.
අවකාශ කාලයේ මහා පරිමාන සැකිල්ල, ජී. එෂ්. ආර්. එලිස් සමග: අයින්ස්ටයින්ගේ: සියවස් සමාලෝචනය, ඩබ්ලිව්. ඊශ්‍රායල් සමග: ගුරුත්වාකර්ශණය සමග අවුරුදු 300 ක්, ඔහුගේ සමහර ප්‍රකාශනයන්ය. ඔහුගේ ජනප්‍රිය පොත් අතර කාලය පිළිබද කෙටි ඉතිහාසයක්, අදුරු ආගාධ සහ ලදරු විශ්වයන් සහ අනෙකුත් නිබන්ධයන්, විශ්වය කෙටියෙන්, මහා සැලැස්ම සහ මගේ කෙටි ඉතිහාසයද වෙයි.
මහාචාර්ය හෝකින්ග්ස් ට ගෞරව උපාධි 12 ක් ලැබී ඇත. 1962 දී,CBE ගෞරවයද 1989 දී ගෞරවයේ සහකරු නම්බු නාමයද ලැබුණි. ඔහුට නොයෙකුත් ගෞරවනාම, ත්‍යාග සහ පදක්කම් ලැබී ඇති අතර රාජකීය සමිතියේ අධි සාමාජිකයෙකු හා එක්සත් ජනපද ජාතික විද්‍යා ආයතනයේ සාමාජිකයෙකු වේ.

ස්ටෙෆන්ට වයස 21 ක සම්පූර්ණ වෙද්දීම වාගේ ALS  නමැති ස්නායු රෝගය වැලදුනි. රෝද පුටුවට සීමා වී පරිඝණකකරණය කටහඩ පාලකයකින් කථා කලද, ඔහු තමාගේ පවුල් ජීවිතය (ඔහුට දරුවන් තිදෙනෙකු සහ මුනුබුරන් තිදෙනෙකු සිටී) සහ ඔහුගේ න්‍යායික භෞතික විද්‍යා වේ පරීක්ෂණ කිරීම්, ලොවේ ප්‍රසිද්ධ නගරවල  දේශණ පැවැත්වීම ඇතුලුව කරගෙන යයි. යම් දිනෙක අභ්‍යවකාශයට යාමට ඔහු තවමත් බලාපොරොත්තු වෙයි.


පොතෙන් උද්ධෘතයක්

විශ්වයේ උපත හා එහි ඉරණම.
හැත්තෑ  ගණන්වල සම්පූර්ණයෙන්ම වාගේ මම අඳුරු ආගාධ පිළිබදව හැදෑරුවෙමි. එහෙත් 1981 මම වතිකානුවේ තාරකාවිද්‍යාව පිළිබදව සම්මන්ත්‍රණයකට සහභාගි වී සිටියදී, විශ්වයේ ආරම්භය පිළිබද මගේ උනන්දුව නැවතත් ඇහැරුනී . කතෝලික පල්ලිය, ඔවුන්ගේ විශ්වාස - සූර්යා පෘතුවිය වටා ගමන් කරන බව - විද්‍යාව මත පැනවීමට උත්සාහ කර, ගැලීලියෝ සම්බන්ධයෙන් ලොකු වැරැද්දක් කරන ලදී. සියවස් ගණනාවකට පසු, ඔවුහු අභ්‍යවකාශය පිළිබදව උපදෙස් ලබාගැනීමට තාරකා විද්‍යාඥයන් සමූහයකට වතිකානුවට ආරාධනා කලහ. රැස්වීම අවසානයේ, සහභාගි වූවන්ට පාප් වහන්සේ බැහැ දැකීමට අවස්ථාවක් ලබා දෙන ලදී. උන්වහන්සේ අපට කියා සිටියේ, බිග්බෑන්ග් අවස්ථාවෙන් පසු, විශ්වයේ පරිණාමය ගැන අප අධ්‍යනය කිරීම ගැන, පල්ලියට ප්‍රශ්ණයක් නැති නමුදු බිග්බෑන්ග් අවස්ථාව, දෙවියන්ගේ මැවීමේ මුල් අවස්ථාව වන හෙයින්, අප එය අධ්‍යයනය කිරීම නොකල යුතු බවයි.
මම එම සමුළුවේදී, කරන ලද දේශණය පිළිබදව ඔහු දැන නොසිටීම ගැන මම සතුටු වූයෙමි. මට ගැලීලියෝ ගේ ඉරණමට මුහුණදීමට කිසිසේත් අවශ්‍ය නැත; මට ගැලීලීයෝ ගැන ලොකු කනගාටුවක් තිබේ, එයට එක් හේතුවක් නම් මම ඉපදුනේ, ඔහු මරා දමා හරියටම අවුරුදු 300 කට පසුව බැවිනි........................

3 comments:

  1. ස්ටෙෆන් හෝකින්ට වයස 21 ලබද්දී...දෙවියන් වහන්සේට මොහු කෙරෙහි ඇති ඉවසීම කෙලවර විය...දෙවියන්ඔ වහන්සේ විසින් ඔහුරෝද පුටුවක සිටිනා සදාකාලික ආබාධිතයකු බවට පත් කර දඬුවම් කරනලදී !.

    ReplyDelete
  2. පොත් ප්‍රදර්ශනයට අමතරව මෙය ලබාගතහැකි වෙනත් තැන් මොනවාද

    ReplyDelete
  3. ඒ කියන්නෙ තාමත් පල්ලියේ බලය රඳා පවතින බවය

    ReplyDelete

අන්දමන් දූපත් සහ සනත් ජයසූරිය.

 මා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැවේ අණදෙන නිලධාරියාව සිටියදී ඉන්දියාව 1997 වර්ෂයේ බෙංගාල බොක්කේ තදාසන්න රාජ්‍යයන් ගේ නාවික හමුදාවන්ග...