Monday, September 26, 2016

යුධ රහස්












යුධ රහස්
අනෙකෙකුගේ රහසක් දැන ගන්නට බොහෝ දෙනා ප්‍රිය කරති. විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස් වලට ලොකු ඉල්ලුමක් තිබේ. මෙම ඉල්ලුම මත ගොඩනැගී ඇති ව්‍යාපාරද තිබේ.

 එංගලන්තය ටැබ්ලොයිඩ් පත්තරත් යැපෙන්නේ පාඨකයන්ගේ මේ රහස් දැන ගැනීමට ඇති ආසාව නිසාය. යුධ රහස් මේ අතර විශේෂ තැනක් ගන්නේ යුද්ධය; එය කොතරම් භයංකාර වුවත්, සහ රහස් යන දෙකම අහන්ට කැමති, බලන්ට කැමති, දේවල් වන නිසාය.

ඇත්තෙන්ම යුධ රහස් කියන්නේ යුද්ධය දිනා ගැනීමට අප විසින් පාවිච්චි කරන යුද්ධෝපාක්‍රම සතුරාට දැනගන්නට නොලැබෙන පරිදි ආරක්ෂා කර ගැනීමය.

උදාහරණයක් වශයෙන් ක්‍රිස්තු පූර්ව 12 වන හෝ 13 වන ශතවර්ෂයේ ඇති වූවායැයි කියන ට්‍රෝජන් යුද්ධය ගනිමු. එහිදී ග්‍රීකයන් අවුරුදු 10 ක යුද්ධයෙන් පසු ට්‍රෝයි නගරයට ඇතුලු වීමට නොහැකිව, එය ලී වලින් සෑදූ විශාල අශ්වයෙකුගේ ඇතුලට දැමූ සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් ඉටුකර ගනි. මෙම අවස්ථාවේ ලී අශ්වයා ඇතුලේ සොල්දාදුවන් සිටීම යුධ රහසකි. එහෙත් ඔවුන් ඝණ අදුරේ අශ්වයා ගෙන් එළියට පැමිණ, බලකොටුව විවෘත කර නගරය ආරක්ෂාව අඩපණ කල පසු, ලී අශ්වයා ඇතුලත සොල්දාදුවන් සගවා තිබීම යුද රහසක් නොවේ. හෝමර්ගේ ඔඩෙස්සි පොතෙන් රසවත් කතාන්දරයක් බවට පත්විය.

එලෙසම ක්‍රිස්තු පූර්ව 331 ඔක්තෝබර් මස 01 දින, මහා ඇලෙක්සැන්ඩර්ගේ ගෞවගමේලා යුද්ධයේද මෙවැනි විශ්මිත යුධ රහසක් තිබිණි. තුන්වෙනි ඩේරියස් රජු විසින් මෙහෙය වනු ලැබූ 2,50,000 ක පර්සියානු හමුදාවට විරුද්ධව විවෘත භූමියක, සටන් කිරිමට ඔහුට තිබුනේ 45,000 ක හමුදාවකි.

යුද්ධය ජය ගැනීම සදහා ඇලෙක්සැන්ඩර් පාවිච්චි කලේ ඔහුගේ සැහැල්ලු අශ්වාරොහක හමුදාව සහ කැටපල් කරුවන් ඩේරියස් රජුගේ හමුදාවේ පලුද්දක් තුලින් ඇතුලට රැගෙන යාමයි. ඇලෙක්සැන්ඩර් එසේ කරන තෙක් මෙය යුධ රහසක් වූ අතර, එය කල පසු එය යුධ රහසක් වන්නේ නැත. ඇලෙක්සැන්ඩර් කරන්නට අර අදින ක්‍රියාන්විතය ඩේරියස් කලින් දැනගත්තේ නම්, ඔහුට පහසුවෙන්ම එය වැලැක්වීමට ඉඩ තිබිණ. පරාජයද වලක්වා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණ.  එහෙත් ඔහුට එය දැන ගැනීමට බැරිවුනු නිසා ඇලෙක්සැන්ඩර් Lord of Asia බවට පත්විය. යුද්ධය අවසන් වී පරම්පරා 80 ක් ගත වීත්, එකල ඇලෙක්සැන්ඩර් අල්ලා ගත් පකිස්තානයේ 'සිකන්දාර්ලා' සිටින්නටත් ඉඩක් නැත. 

1944 ජූනි මස 06 වන දින මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළේ සිදු කල ගොඩ බැස්සවීමේ ක්‍රියාන්විතය සදහා වූ සූදානමත් මෙවැනි යුධ රහසකි. මෙතරම් ලොකු හමුදා මෙහෙයුමක් පිළිබද තොරතුරු කොතරම් හොදින් ආරක්ෂා කලේද යත්, හිට්ලර් ඇතුලු නාසි හමුදාව බලාපොරොත්තු වුනේ මෙම ගොඩ බැසීම පැස් - ඩී - කැලේහි සිදුවන බවය. ඔවූහු ඒ නිසා ඔවුන්ගේ හොදම පැන්සර් බල ඇණි රදවා තැබුවේ ඒ ප්‍රදේශයේ කිට්ටුවය. මෙම මිත්‍ර පාක්ෂකයන්ගේ කොතැනක ගොඩ බසින්නේද යන යුද රහස නාසි හමුදා දැන ගත්තේ නම් දැන් සංවත්සර පවත්වන නෝමැන්ඩි ගොඩ බැසීම ශෝකාන්තයකින් කෙලවර වන්නට ඉඩ තිබිණ. එහෙත් ජූනි 06 වෙනිදායින් පසුව එහි රහස්‍යභාවයක් ඇත්තේම නැත.

මේ සියල්ල සිදු වී අවසන් වූ දේවල් වෙයි. එහෙත් තවමත් රැක ගන්නා යුධ රහස් ලෝකයේ නොයෙකුත් හමුදාවල තිබෙන්නට පුලුවන. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ මුහුදේ තිබෙන Strategic Submarine Ballistic Nuclear  නෞකාවල ඕනෑම අවස්ථාවක ස්ථානය මා අසා ඇති පරිදි ඔවුන් වැඩියෙන්ම ආරක්ෂා කරන යුධ රහසයි. එම ස්ථාන සියල්ලම එක් මෙහොතක සතුරාට විශේෂයෙන්ම රුසියාවට දැන ගන්නට පුලුවන් නම්, ඒවා සියල්ල එක්වර විනාශ කර දැමිය හැක. එවිට එක්සත් ජනපදයට මුහුදේ සිට සතුරු රාජ්‍යයක පරමානු අවි ගුවන් ගත කල හැකි මධ්‍යස්ථාන විනාශ කිරීමේ හැකියාව නැතිවේ. මෙම කරුණ යුධ රහසක් වන්නේ තවමත් එවැනි යුද්ධයක් ඇති වී නොමැති නිසාය. ශීතල යුද්ධය අවසන් වූ නිසා මේවා දැන් සමහර විට වෙනස් වී තිබෙන්නට පුලුවන. එහෙත් ඔවුන් අවධානමක් ගන්නට ඉඩක් නැත.

මේ අනුව බලන විට  ලක්ෂ ගණන් සහභාගී වූ අවසන් වුනු යුද්ධයක යුධ රහස් යැයි කිව හැකි යමක් ඉතුරුව තිබිය හැකිද?          

5 comments:

  1. කරුනාකර පැහැදිලි කර දෙන්න
    "එලෙසම ක්‍රිස්තු පූර්ව 331 ඔක්තෝබර් මස 01 දින, මහා ඇලෙක්සැන්ඩර්ගේ ගෞවගමේලා යුද්ධයේද මෙවැනි විශ්මිත යුධ රහසක් තිබිණි. තුන්වෙනි ඩේරියස් රජු විසින් මෙහෙය වනු ලැබූ 2,50,000 ක පර්සියානු හමුදාවට විරුද්ධව විවෘත භූමියක, සටන් කිරිමට ඔහුට තිබුනේ 45,000 ක හමුදාවකි. "

    ReplyDelete
  2. කුතුහලය තුළින් මඩනා ලද ආශාව නිසා රහස්වලට ප්‍රබල ඉල්ලුමක් ඇත.

    ReplyDelete
  3. අපේ රටේ කවදාවත් යුද රහස් එලියට ඇවිත් නැහැ මා දන්නා තරමින්. නමුත් යුද්ධය ගැන මෙලෝ හසරක් නොදන්නා උන්නැහේලා, ඔවුන්ගේ යම් යම් වැරදි දේශපාලන තීරණ වලට, යුද රහස් කියන වටිනාකම ආරෝපණය කරන්න උත්සාහ කිරීම විහිළුවක්.

    ReplyDelete
  4. Yes there are many secrets.I will tell one(public) secret during last phase of war 2 satellites were monitoring war one from USA & other was from GB.It is believed CIA was monitoring the ground situation in USA while MI6 was monitoring the situation from GB.The secret is how SLA able to hoodwink them.Being Naval Officer I don"t need to tell you how powerful these satellites. Ex. when during Kosovo crisis USAF jet was shot down by Rebels US used satellites to track down the downed pilot who was later rescued.There is film on that.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...