Wednesday, September 7, 2016

නෞකා වල කොටස් වලට පුද පූජා පැවැත්වීම ; අපි හැර වෙන කවුරුන්ද? parts of ships as sacred objects ?











මම නෞකාවල බොහෝ කාලයක් සේවය කර ඇත්තෙමි. යුධනෞකා හා වානිජ නෞකා වල අණදෙන හා අනෙකුත් නිලධාරියෙකු ලෙස රට වටා සහ ලොව නොයෙකුත් වරායවලට ගොස් ඇත්තෙමි. බොහෝ කාලයක් නැව් වල වැඩ කර ඇති නිසා නෞකා ගැන උනන්දුවක් දක්වමි.

එහෙත් නැවකට හෝ එහි කොටස් වලට පුද සත්කාර කරනු කොතනකවත් දැක හෝ අසා නොමැත. බයිබලයේ ජෙනසිස්  ගංවතුර කතාවේ (පරිචේදය 6-9) දෙවියන් නෝවා, ඔහුගේ පවුල සහ ලෝක සත්වයන්ගෙන් සාම්පලයක් බේරා ගැනීමට නෝවාට නැවක් සෑදීමට උපදෙස් දෙන අවස්ථාවේ නම් නෝවාගේ නැව නම් නැවක් ආගමික ඉතිහාසයට ඇතුලුවෙයි. එහෙත් එයට පුද සත්කාර පවත්වන්නේ නැත.
එහෙත් ලංකාවේ මෙයට අවුරුදු 2600 පමණ පෙර එවැනි නැවක කුඹ ගස, රඩරය හා සුක්කානම (steering wheel)  සඳහා වෙන වෙනම පූජනීය ස්ථාන ගොඩ නංවා ඒවාට පුජා සත්කාර කර ඇත.

මෙය සිදුවන්නේ ක්‍රි පූ 240 පමණය. ධර්මාශෝක රජු දේවනම්පියතිස්ස රජුගේ ඉල්ලීම පිට ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් නැවක නංවා බොහෝ පිරිවර සමග ලංකාවට එවයි. එය මහත් ගෞරවයෙන් යාපනයේදී පිලිගන්නා දේවානම්පියතිස්ස රජු, අනුරාධපුරයට පෙරහැරෙන් රැගෙන විත් මහමෙව්නා උයනෙහි රෝපනය කරයි. 

මහාබෝධිය සමග පැමිණෙන සංඝමිත්තා මෙහෙණිය උපාසිකා විහාර නමින් නම් වූ ථූපාරාමය අසල පදිංචි වේ. 

ඇය එම පරිශ්‍රයේ දේවානම්පියතිස්ස රජුට උපදෙස් දී, ගොඩනැගිලි 12 ක් සාදවයි. එහ ගොඩනැගිලි 12 න් ප්‍රධාන ගොඩනැගිලි 3 න විශේෂ තැනක් ගන්නා අතර, ඒවායෙහි එක් පූජාසනයක ශ්‍රී මහා බෝධිය ලංකාවට රැගෙන ආ නැවෙහි කුඹ ගසද, තව එකක නැවෙහි සුක්කානමද, තුන්වැන්නෙහි නැවෙහි රඩරයද, පුද පූජා සදහා තැබුවාය. 

එම මන්දිර ඒවා තබා ඇති නෞකා කොටස්වල නම් වලින්, කුඹයටිය, පළුපත සහ කෙනිපාතය යන නම් වලින් ප්‍රසිද්ධ විය. 

මින් අවුරුදු 50 කට පමණ පසු ඇතිවන, ඉන්පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමුවෙනි ඉන්දියානු ආක්‍රමණය වන සේන සහ ගුත්තික යන අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකුගේ ආක්‍රමණය සිදුවේ. බොහෝ විට මෙතනදී මෙම නෞකා පූජාසන විනාශ වන්නට ඇත. මෙම පූජනීය ස්ථාන මෙතෙක් කල් තිබුනානම් ඒවා අනුරාධපුරයට සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට කොපමණ වර්ණවත් කරයිද? 

Around year 240 BC during the reign of emperor Darmashoka in India ,  king Devanampiyathissa ,(247 - 207 BC) sent his nephew, prince Aritta to India seeking a branch of Jayasrimaha Bodi and Sangamiththa theri to facilitate joining Buddhist order for Srilankan woman. 
After many deliberations emperor Darmashoka sends both the branch and the theri in a ship. after weeks of celebrations, to Srilanka with a large entourage of many people from different walk of life in his kingdom, including 8 members of royalty. 

The ship is received by the king himself in Jaffna and taken to Anuradhapura with a celebration fitting   for an emperor himself. . The branch is planted in Mahameuna garden. 

Sangamiththa theri decided to  dwell  with her followers in a building called upashika vihara. She caused another 12 buildings to be erected in the premises . Of the 12 buildings 3 foremost buildings were used to house the  mast of the ship, rudder and the helm from the ship that brought Mahabodi to Srilanka. The three shrines were named after the sacred objects they housed. 
This incident or the occasion would be the only  occasion in anywhere in the world to install parts of a ship in a shrine for people to worship, I believe.
 After 50 years however the first  Indian invasion in the Srilankan history  took place. It was two princes from a horse traders community with a large army.
This invasion may have destroyed these interesting shrines depriving us of very colorful and interesting historical building that would have been a unique temple in whole world with regard to the sacred objects they enshrined.          

10 comments:

  1. මෙහෙම එකක් ඇහුවේ අදමයි , ස්තුතියි

    ReplyDelete
  2. සංඝමිත්තාගේ ෂිප් එකත් මිස්ටර් බීන් ගේ කාර්එක වගේ නවත්තලා යනකොට ස්ටියරිං විල් එකත් අරගෙනම යන වර්ගයේ එකක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. එකළ පැවති නවතම තාක්ෂණය ප්‍ර‍දර්ශනය කළ කුටියක් වෙන්න බැරිද? අපේ අය ඇතාටත් වඳිනවනේ.

      Delete
  3. මහාවංශයේ කියවෙන මේ විස්තරය ගැඹුරින් අධ්‍යයනය කොට නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කලහැකියි.

    * මේ නැව් කොටස් සංඝමිත්තා මෙහෙණින් වහන්සේට වැදගත් සිහිවටන වන්නට ඇති. (එතුමිය නැවත ඉන්දියාවට නොගිය නිසා)

    * මෙසේ මේවා වන්දනය සඳහා තැන්පත් කිරීමෙන් එකල ලාංකික ජනතාව තුළ ශ්‍රද්ධාව කෙසේ වෙතත් භක්තිය ඇතිකොට බුද්ධාගම කෙරෙහි ආකර්ෂණයක් ඇතිකිරීම.

    * කෘතගුණ දැක්වීමේ උතුම් බව ප්‍රදර්ශනය කිරීම.

    ReplyDelete
  4. හේතුව මොනව උනත් එහෙම දේවලුත් වෙලා තියනවානෙ කියලා දැනගත්තෙ ඔන්න ඔබතුමාගෙ පෝස්ටුව නිසා.
    නැවක් දියත් කරනකොට ශැම්පේන් බෝතලයක් බිඳීම වගේ තවත් නාවිකයන් අතර තියන චාරිත්‍ර එහෙම මොනවද ?
    ජයවේවා..!!

    ReplyDelete
  5. මෙහෙම මතයක් අහල තිබුනේ නැහැනේ...
    එතකොට බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වන ධම්මචක්ක පවත්තන සුත්‍රය - ඒ කියන්නේ ලෝකයාට පළමු ඉගැන්වීම - (ආපසු හැරවීමට නොහැකි ලෙස කරකැවූ ධර්ම චක්‍රය - අකාලික දහම කියන එක සංකේතවත් කරන්න ) නිසා නෙවේද?

    "And when the Blessed One had set the Wheel of Dhamma in motion, the earth devas cried out: "At Varanasi, in the Game Refuge at Isipatana, the Blessed One has set in motion the unexcelled Wheel of Dhamma that cannot be stopped by brahman or deva, Mara or anyone in the cosmos.""
    ?

    ReplyDelete
  6. සර් එක්ක එකම නැවක (නැවක් කිව්වට ගන් බෝට් එකක) වැඩ කරලත් මෙහෙම කතාවක් ඇහැව්වෙත් අද. ඒ කාලෙ මං පුහුණු වන නිලධාරියෙක් හංදා අනවශ්‍ය වැඩි කතා බහකට එන්න නැතිව ඇති.

    මේ මොහොතෙ මේ කතිකාවට අදාළ නැතත් එක් දෙයක් ගෞරවයෙන් සඳහන් කරන්න හිතුණා.
    මා පුහුණු වන ඉංජිනේරුවෙක් වුණත් ඔබතුමා "රක්ෂක" නැවේ කපිතාන් විදිහට මට තනියම පදවන් යන්න ඉඩ දී ජැටියට ගාල් කරන්නත් පුරුදු කළා. වෙන උසස් නිලධාරියෙක් එහෙම කරයි කියල මං නං හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැමුයි මට මේ තේරුනේ මේ කවුද කියලා, මට ඒ කාලේ අපේ නිලධාරියෙක් එහෙම කරා කියලා දෝෂාරෝපනය කලා,branch එකේ වෘත්තීකත්වය නැති කරනවා කියලා.මට මතකයි මම ඔබට watch keeping නිර්දේශ කරන්නත් නිකමට හිතුවා.

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...