Wednesday, January 17, 2024

එක්වරම වෙළඳපොලෙන් බඩ ඉරිඟු නොපෙනී යාම

 අපේ ගෙදර බඩ ඉරිඟු ඉතාමත් ජනප්‍රිය  ආහාර වර්ගයකි. ඒ සතියකට තුන් වරක් සුප් පානය කරන නිසාය. 


සුප් එක ඝනකම් කර ගැනීමට යොදා ගන්නේ අඹරන ලද බඩ ඉරිඟු කරලක්ය.


ඒවායින් භාගයට ඇඹුරුණු ඇට , සුප් එකට විශේෂ රසයක්ද ගෙන දෙයි.


සාමාන්‍යයෙන් ම ලේ වැල්ලෙ ධර්මාශෝක මාවතේ පාර අයිනේ තැන් දෙක තුනක, ඒකාලයේ මාකට් එකේ යන ගණනට බඩ ඉරිඟු විකිණීමට තිබේ. 


පසුගිය මාස හයේ ම රුපියල් 100/70/50/ යන මිල  ගණන්වලට අපි වරින් වර බඩ ඉරිඟු මිලට ගත්තෙමු. 


ඉඳ හිට පාරේ නැතිවන විට ෆුඩ් සිටි එකෙන් රුපියල් 65 ට වාගේ මිලට ගැනීමට හැකි වුව ද, ඒවා පාර අයිනේ විකුණන ඒවා තරම් අලුත් නොවන නිසා පාරෙන් මිලට ගැනීමට වඩා ප්‍රියතාවයක් වෙනස්වන තියෙන්නේ ඔයා දැක්වූයෙමු.


දැන් මාසයකට පමණ පෙර කොළඹට ගොස් එන විට වරක් රුපියල් සීයකට කරල් පහක් මිලදී ගැනීමටද හැකිවූ බව මට  මතක ඇත. 


ටික දිනකට පෙර  මහනුවර නගරයට ගියවිට බීජ වර්ගයක් මිලදී ගැනීමට කොළඹ වීදියේ, කරවල කඩ වීදියේ, පාර දෙපස එළවළු විකුණන මිනිසෙක් බඩ ඉරිඟු කරල් විකුණනවා දැක  ඔහුගෙන් ගණන් ඇසූ විට ක් රුපියල් විස්ස බව දැක  අපි කරල් විස්සක්ම මිලට ගත්තේ ඉතා ප්‍රීතියෙනි.


ඒවා අවසන් වන්නට කිට්ටු වූ විට කරල් මිලදී ගැනීමට ඒවා සාමාන්‍යයෙන් විකුණන හරියේ, පරීක්ෂාවෙන් ගියේ වුවද කරල් දැක ගැනීමට නොහැකි විය. සතියක් පමණ බඩ ඉරිඟු නොමැතිව සුප්පානය කිරීමට සිදුවිය.


දැන් දන්නා කියන කීපදෙනෙකුටම කියා පිළිබඳව සොයා බැලූවද එක්වරම බඩ ඉරිඟු වෙළඳපොලෙන්  නොපෙනී ගොස් ඇති බවක් පෙනුණි. සාමාන්‍යයෙන් කෙසේ හෝ තිබිය යුතු යි කොළඹ වීදියට ද ගොස් බැලූ නමුදු සලකුණක් වත් නැතිව නොපෙනී ගොස් ඇත.


අපි හිතුවේ බඩඉරිඟු අස්වැන්න ලබන කාලය අවසන් වී ඇති බවය. එහෙත් එය අවසාන කාලය නම් මිල ක්‍රමයෙන් වැඩි වී, රුපියල් සීයක් පැන ලා ටික කලක් එය වෙළද පොලේ තිබිය යුතුය. එසේ සිදු වූයේ නැත. සිදුවූයේ කරලක් විසි පහ වී නොපෙනී යාමය.

මේ අතරේ මට ලෝකයේ තිබෙන blue zones යනුවෙන් ප්‍රසිද්ධ ාමාන්‍යයෙන් මිනිසුන් අවුරුදු අනූවට වඩා ජීවත් වන ප්‍රදේශ පිළිබඳව ලියවිල්ලක් කියවන්නට ලැබුණි

එහි සඳහන්ව තිබුණේ කොස්ටරිකා රටේ නිකෝයා නමැති ප්‍රදේශයේ  ; එයත් නිල් කලාප පහෙන් එකකි, දිනපතා වගේ ආහාරයට ගන්නා කෑම වලින් එකක් වනුයේ බඩඉරිඟු බවය. මේ ආරංචියෙන් බඩ ඉරිඟු පිළිබඳ උනන්දුව තවත් වැඩි විය


ළඟකදී ෆේස්බුක් එකේ පුවත්පතක පළවුණු තොරතුරු පිළිබඳ පෝස්ට් එකක බඩ ඉරිඟු ගොවියන්ට මේ දිනවල කරලකට ලැබෙන්නේ රුපියල් දෙකයි පනහක් පමණක් බව දුටුවෙමි.


ඊයේ නගරයේ සිට ආපසු නිවසට එද්දී කුඩා ලොරියක  පාර අයිනේ බඩ ඉරිඟු විකුණනවා දැක, ඉතා සතුටට පත්ව  එතැන නවතා ගත්තෙමි. නවතන විට බලාපොරොත්තු වූයේ කරලක් රුපියල් සියයක්වත් වනු ඇතැයි කියාය. 


එහෙත් ඇත්තෙන්ම කරලක මිල වූයේ රුපියල් තිස් පහක් පමණි. 


හදිසියේම බඩ ඉරිඟු වෙළඳපොලේ නැතිවීමට හේතුව දැන් මට පැහැදිලි වුණි.  වෙළඳපොලේ රුපියල් 25ටත් වඩා මිල අඩු වූ විට ගොවියන්ගෙන් මිලට ගත යුත්තේ  වඩා අඩු මුදලකටය. විශේෂයෙන්ම ප්‍රවාහනයට වියදම් වන මුදල ප්‍රවාහන ගාස්තු වැඩිවීම නිසා, ඉහළ යන පසුබිමක, ගොවි බිම් වලදී කරලකට ගෙවිය හැකි ගාස්තුව ක් තවත් අඩුවී ඇත. එනිසා සමහර විට ගොවියන්ට කරල් කපා ගැනීමට යන වියදම වත් විකිණීමෙන් ලැබෙන්නේ නැති නිසා ඔවුන් කරල් කැපීම සමහර විට නවතා දමන්නට ඇත. 


නිදහස් වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම නීතිය පවා ගොස් ඇති සැටියක් පෙනේ.







3 comments:

  1. සමහර හෝටල් වලත් හොද්ද උකු කරගන්න ඕනේ උනාම බඩ ඉරිඟු පිටි දානවා කියලා අහලා තියෙනවා.
    පේන විදිහට නම් ලංකාවේ ඇතුලේ බඩ ඉරිඟු ඉල්ලුමට වඩා නිශ්පාදයනව වැඩියි වගේ..
    නිපදවෙන බඩ ඉරිඟු වලින් වැඩි හරියක් විවිධ සමාගම් සදහා මිලදී ගන්නවා ....ඔබ වැනි ඩිරෙක්ට් දේශිය පරිබොජනය ඉතා සුලු ප්‍රමාණයක් ..
    මේ ඉල්ලුම සැපයුම කාරණයට බලපාන්නේ මේ සමාගම් වල ඉල්ලුම...සමහර විට මේතැන මොකක් හරි ප්‍රශ්ණයක් ඇති

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ේ අපි නොදන්නා ඉල්ලුම් මූලාශ්‍ර තිබෙන්නට පුළුවන්

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...