Monday, January 8, 2024

අවලෝකිතේශ්වර යනු කවුරුන්ද



 සියලු දෙනා දණගසා වදින මේ අලුත් ආගමික පුද්ගලයා කවුරුන් දැයි සොයා බලන්නට උත්සාහ කළෙමි.


ඔහු අවලෝකේෂ්වර ගේ අවතාරයක් බව ට එසේත් නැත්නම් ප්‍රතිරූපයක් බව ට බොහෝ දෙනා ම පිළිගන්නා බව දැනගන්නට ලැබුණි. 


අවලෝකිතේශ්වර යනු කවුද? 


මොහු පිළිබඳව වැඩියෙන්ම සඳහන් වන්නේ චීනයේ බව පෙනේ. 


පුරාණ කාලයේ චීනයේ විශ්වාසයන්ට අනුව ,අවලෝකිතේශ්වර නැව් සුන්බුන්වීම, ගිනිගැනීම්, ඝාතකයින්, මංකොල්ලකරුවන් සහ වන මෘගයන්ගෙන් මිනිසුන් ආරක්ෂා කරයි.  සැබෑ විශ්වය වන හතරවන ලෝකයේ (අප අසා තිබෙන තුන් ලෝකයෙන් ඔබ්බේ තිබෙන ලෝකය විය යුතුය) නිර්මාතෘ ඔහුය.  පුරාවෘත්තයට අනුව, ඔහුගේ හිස වරක් ශෝකයෙන් දෙදරා ගියේ ලෝකයේ  හොඳ මිනිසුන් බවට පත් කිරීමට  සිටින දුෂ්ඨ ජීවීන් ප්‍රමාණය පිළිබඳව කල්පනා කිරීම නිසාය.


මම වරක් චීනයට ගිය විට අප කණ්ඩායම එහිදී බෞද්ධ පන්සලකට රැගෙන යන ලදී. එහිදී අපගේ මඟ පෙන්වන්නා වශයෙන් සිටියේ හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. 


ඔහු මේ අවලෝකිතේෂ්වර  පිළිබඳව අපූරු කතාවක් කීවේය. 


ක්‍රිස්තු වර්ෂ ශතවර්ෂ තුන හතර කාලයේ බුද්ධාගම චීනයේ ඉතා ජනප්‍රිය ආගමක් විය. නමුත් එහි පන්සල්වල  තිබූ ප්‍රතිමා සියල්ල, පිරිමි අයගේ විය. එය අප රටේත් සාමාන්‍ය දෙයකි.


මේ හේතුව නිසා කාන්තාවන්ට තනියම හුදකලාව පූජා පැවැත්වීමට පූජනීය ස්ථානවලට යන විට එම පූජාවන් පවත්වන විට සිතේ අපහසුතාවයක් ඇති විය. එනිසා අවලෝකිතේෂ්වර නැමැති කාන්තා දෙවියන් නිර්මාණය කර  විහාරගේ තුළ කාන්තා ප්‍රතිමාවක්ද තිබෙන බවට හැඟීමක් ඇති කරන්නට කටයුතු කළ බවය.


අවලෝකිතේෂ්වර ඇත්තටම බෝධිසත්ව කෙනෙක් නොවෙන බව පෙනේ. ඔහු හෝ ඇය හොඳ මිනිස්සුන්ට ආධාර උපකාර කරන එසේම නරක මිනිසුන් හරිමගට යවන දෙවි කෙනෙකු වැනි චරිතයක් බව පෙනේ. 

ඔහු චීනයේ අපේ තිස් තුන්කෝටියක් දෙවිවරු හා සමාන දෙවි කෙනකු බව පෙනේ. 


මෙම අදහස එසේත් නැත්නම් විශ්වාසය ලංකාවේ ද කලක් පැවතී ඇති බවත් පෙනේ. ඒ බුදුරුවගල පැරැණි නටඹුන් සහ අපගේ තාරා දේවියගේ ප්‍රතිමාව නිසාය. තාරා දේවිය ද අවලෝකිතේෂ්වර ගේ  කාලයේ තිබූ විශ්වාසයක් බව පෙනේ.


" උතුම් අවලෝකිතේශ්වර, බෝධිසත්ව, මහා කාරුණික දෙවියන්ට නමස්කාර කිරීම.  සියලු බිය දුරු කරන්නා වූ උතුම් අවලෝකිතේශ්වරයෙනි, නීලකාන්තයෙනි, ඔබ වහන්සේට මම නොකඩවා නමස්කාර කරමි." 


ඉහතින් තිබෙන්නේ අවලෝකිතේශ්වර නමස්කාරයයි.

තවත් තැනක  අවලෝකිතේෂ්වර ගෞතම සහ මෛත්‍රීය බුදුන් අතර කාලයේ  ලෝක ජනතාවට ආරක්ෂාවක් ලබාදීමට ඉපදෙන කෙනෙකු බවද කියනු ලැබේ.


2 comments:

  1. You always give us fresh information and it is great to read you stories. Keep sharing those valuable stories. Thanks for writing and sharing. Obata Budu Saranai!

    ReplyDelete
  2. මම නම් දන්න විදිහට චීන බුද්ධාගම තුල අවලෝකතීශ්වර ලෙස හැදින්වෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ බෝධිසත්ව අවධියයි....

    චීන මහායාන බුද්ධාගම තුල ගෞතම බුදුනට වඩා මිනිස්සු අතර වඩා පැතිරිලා තියෙනේ මේ අවලෝකතීශ්වර කියන බෝධිසත්ව ස්වරූපයයි...

    මහායාන බුද්ධාගමේ හැටියට අවලෝකතීශ්වර ගොඩක් කරුණාබර සමාව දෙනසුලු අයෙක්...

    ඉන්දියාවෙන් චීනයට බුද්ධාගම ආවාට පස්සෙ, බුද්ධාගම චීන සංසකෘතියට අනුව ගොඩක් වෙනස් කම් ඇතිවුනා..ගෞතම බුදුන් වෙනුවට අවලෝකතීශ්වර ඉස්මතු වීමත් එසේ සිදුවූ දෙයක්...සමහර තැන්වල අවලෝකතීශ්වර කාන්තාවක් ලෙසත් නිරූපණය වෙනවා... ඒවගේම අත් ගොඩක්, ඔලු ගොඩක් එක්ක අවලෝක්තීශ්වර නිරූපණය වෙනවා...ඒ අවශ්‍යතාව ඇති මිනිස්සු ගොඩකට එකවර පිහිට වෙනවා කියන අදහසින්...

    - Mayya

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...