Monday, March 1, 2021

මගේ චිත්‍රපට වංශ කතාව 2

 



දර්ශනය පටන් ගැනීමට ටික වේලාවකට පෙර මෙම හිරගෙදර වැනි ගැලරි පෝලිමේ යකඩ ගේට්ටුව නම්චිත්‍රපට ශාලාවේ කාර්ය මණ්ඩලයෙන් වසා දමනු ලැබෙයි. ඉන්පසු ග්‍රීස්ම කාලයේ නම් පැය බාගයක් පමණ මේක ඇතුලේ තැම්බෙමින් සිට ගැලරිය ඇතුලට ටිකට් එකක් අරගෙන යා යුතු වෙයි. චිත්‍රපටය දර්ශනය කරන්නට පටන්ගෙන සති දෙක තුනක් ඉවසන්නට පුළුවන්නම් මෙතරම් දුක් විඳින්නට අවශ්‍ය නැත. නමුත් එකල ජනප්‍රිය බොහෝ කාලයක් බොහෝ ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටින චිත්‍රපටයක first day first show බලනවා කියන්නේ ලොකු වැඩකි.

මහනුවර odiyen චිත්‍රපට ශාලාව, දැන් ඒ ශාලාව තිබුන තැන තිබෙන්නේ grand kandyan හෝටලයයි, ලංකාවේ තිබුණ මනරම්ම පරිසරයක පිහිටා තිබුණු චිත්‍රපට ශාලාවක් වන්නට පුළුවන. එය උඩවත්ත කැලේ පිහිටි කන්දේ එක් කෙළවරක සාදා තිබුණු අතර, එහි බීම හලේට ගිය විට අස්ගිරිය ක්‍රීඩාපිටිය දෙසට මුහුණ දෙන පැත්ත සම්පූර්ණයෙන්ම විශාල වීදුරුවක් සවි කර තිබුණි. එහි සිට අස්ගිරියේ එකල තිබුණු අන්තර්ජාතික ටෙස්ට් තරඟ පවා නරඹන්නට පුලුවන් කමද තිබුණි. 

පසු කලෙක මෙහි සිටි කළමනාකාරවරයා මගේ මිතුරකු වූ අතර, ඉඳහිට ඔහු බලන්නට මිතුරන් සමග මම ගියෙමි. සගාදේවන් නම් වූ එම මිතුරා යාපනයේ කෙනකු වූ අතර, පවුල සමඟ ජීවත් වූයේ ද චිත්‍රපට ශාලාවේ තිබූ කළමනාකරුගේ රාජකාරි නිවස තුළය. 

ඕඩියන් සිනමාහලේ කතාව අවසන් කරන්නට පෙර ඒ පිළිබඳව මට තවත් විශේෂ දෙයක් සිහියට පැමිණෙයි. ඒ ඩ්‍රැකියුලා චිත්‍රපට පෙන්වූ කාලය පිළිබඳවය.  ඒ අවුරුදු කිහිපය තුළ ඩ්‍රැකියුලා චිත්‍රපට කිහිපයක් පෙන්වන ලදී. දැන් ඒ චිත්‍රපටවලින් තවමත් මතක තිබෙන්නේ ඩ්‍රැකියුලා චරිතයට මනාව පණ දුන් කොණ්ඩය පස්සට පීරා  ගෙන සිටී christopher lee  නලුවා පමණකි . නමුත් මේ චිත්‍රපට වල  තිබුන භයංකාර ස්වභාවය නිසා රාත්‍රී දර්ශන වලට එතරම් නරඹන්නන් පැමිණියේ නැත. සමහර විට අනෙක් දර්ශන වලටත් එතර නරඹන්නන් පැමිණියේ නැති නිසා චිත්‍රපට ශාලාවේ කළමනාකාරිත්වය මේ පිළිබඳව යම් ගරිල්ලා මාකටින් ක්‍රමයක් උත්සාහ කර බැලුවේය. 

.

ඒ dracula චිත්‍රපටයක් රාත්‍රී 9:30 දර්ශනය නැරඹීමෙන් පසු ඔවුන් udawathta කැලෙ මැද ගසා තිබෙන ඩ්‍රැකියූලා ගේ රූපය සහිත කොඩියක් තනියම එතනට ගොස් ගලවාගෙන ආපසු රැගෙන පැමිණ චිත්‍රපට ශාලාවට භාර දුන්න හොත්, රුපියල් පන්සීයක ත්‍යාගයක් එම පුද්ගලයාට ලබාදෙන බව ප්‍රචාරය කිරීමයි. 

මේ පිළිබඳව ලොකු කතාවක් නගරයේ ඇති වුවද, මෙම එඩිතර ක්‍රියාව කරන්නට කවුරුත් ඉදිරිපත් වුණේද යන්න මට දැනගන්නට ලැබුණේ නැත. count dracula නැගෙනහිර යුරෝපයේ යම් රටක ප්‍රාදේශීය නායකයකු බවත් ඔහු ඔටෝමාන් අධිරාජ්‍යයෙ ආක්‍රමණයට විරුද්ධව බොහෝ සටන් කළ එඩිතර පුද්ගලයෙකු බවත් මම අසා ඇත්තෙමි. 
 සමහරවිට ඇත්තටම ඒ කාලෙ සාමාන්‍ය රහස්‍ය පාලකයෙකු ලෙස ඔහුටද ඔහුගේම කියා කොඩියක් තිබෙන්නටත් හැකියාවක් තිබිණ.



No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...