Wednesday, March 31, 2021

ඇවන්ගාඩ් සමාගමෙන් විදේශිකයන්ට අවි පුහුණුව ලබා දීම

 පසුගිය දිනක හිටපු අමාත්‍යවරයෙකු මෙයට අවුරුදු 7 කට පමණ පෙර ඇවන්ගාඩ් සමාගමෙන් කරන ලද්දාවූ අන්තර්ජාතික sea marshals පුහුණු කිරීමේ වැඩසටහන නිර්දය ලෙස විවේචනය කළේය . එසේ කරන ලද්දේ පාර්ලිමේන්තුව තුළ ය .


මෙහිදී ඔහු සැක පහළ කළේ ඇවන්ගාඩ් සමාගම මේ වැඩසටහන හරහා ත්‍රස්තවාදීන් පුහුණු කරන්නට ඉඩ තිබුණ බවය .


එකල මම ද මෙම වැඩසටහන මෙහෙය වූ කීප දෙනාගෙන් එක් අයෙකු නිසා මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය යැයි සිතුනි .


ඇවන්ගාඩ් සමාගම විසින් ගාල්ලේ මුහුදු ආරක්ෂකයින්ගේ ආයුධ ගබඩාකරණ මේ ව්‍යාපාරය කරන්නට පටන් ගත් අවධියේ මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු විධානයේ ආඥාපති වරයා වූයෙමි . මේ සමාගම මේ ව්‍යාපාරය කරන්නට පෙර මෙය කරන ලද්දේ නාවික හමුදාවෙන් වන අතර ඒ කාලයේ එම ක්‍රියාන්විතය මගේ අධීක්ෂණය යටතේ සිදුවිය . 


මේ ව්‍යාපාරය නාවික හමුදාවෙන් කරන කාලයේ  ආයුධ ආරක්ෂාවට තබන ආයතනයකින් යම් ඉල්ලීමක් මා වෙත ඉදිරිපත් කළේය . ඒ ඔවුන් විසින් පාවිච්චි කරන ආයුධ ඉලක්කයක් වෙත වෙඩි තබා ඒවා පරික්ෂා කර සහතික කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති බවයි . දැනටමත් අපි ඔවුන්ගෙන් මුදල් ගාස්තුවක් අයකරගෙන සේවාවක් ලබා දෙන නිසා මෙවැනි අවශ්‍යතාවයක් සඳහාද  පහසුකම් සැලසුව හොත් මෙයින් රටට තවත් ආදායම වැඩි කර ගත හැකි බව මට පෙනුණි . එහෙත් ප්‍රශ්නය වූයේ අප විධානයේ ගාල්ල ප්‍රදේශයේ එම ආයුධ වෙඩිතබා පරික්ෂා කළ හැකි වෙඩි පිටියක් නොතිබීමය . එහෙත් මේ වන විට මම පේටන් බලපත්‍රයක් ද හිමි නව නිපැයුම්කරුවෙකු වූයෙමි. එහෙයින් මේ  සඳහා ද විසඳුමක් සොයා ගැනීමට හැකි බව මට විශ්වාසයක් තිබුණි .


 අපගේ කඳවුරට ඉදිරිපස පාරෙන් එහා පැත්තේ අපගේ සැපයුම් අංශයේ ගබඩාවක් තිබුනී. මෙම ඉඩමේ  ඉඩපහසුකම් තරමක් තිබුණ නිසා මම මේ ගබඩාවේ පාරවල් සෑදීමට යොදාගන්නා බෝක්කු පේලියක් අඩි සීයක් පමණ දුරට පෙළට සිටුවා එහි එක් පැත්තක ඉලක්කයක් සවිකර අනික් පැත්තේ සිට බිම දිගා දිගාවී එම ඉලක්කයට වෙඩි තබන්නට arrangement එකක් තැනුවෙමි  .  මම නාවික හමුදා මූලස්ථානයට මේ පිළිබඳව ලිපියක් යවා පැහැදිලි කර මූලස්ථානය අනුමැතිය ලබාගෙන  මෙම arrangement එක යොදාගෙන එක් පැත්තක සිට අනෙක් පැත්තේ ඉලක්කයට වෙඩි තබා ආයුධ පරීක්ෂාකරන්නට පහසුකම් සැලසූ වෙමි .

මුහුදු ආරක්ෂා කරන සමාගම් අතර මෙය ඉතාමත් ජනප්‍රිය වූ අතර එක් ආයුධයක් පරික්ෂා කිරීම සඳහා මට සාධාරණ අයකිරීමක් යයි සිතුනු  ඩොලර් තිහක් අයකිරීමට කටයුතු යෙදුවෙමි.

ඇත්තෙන්ම මේ සඳහා අපට ඩොලර් සියයක් වත් අය කරන්නට කරන්ට හැකියාව තිබුණු බව මට දැන් කල්පනාවේ . මක්නිසාද ඔවුන්ට මෙසේ ආයුධ පරීක්ෂා කර ගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබුණ නිසාය . එහෙත් අප ව්‍යාපාරිකයන් නොවුන නිසා අපගේ ආයෝජන ඉතාමත්ම සුළු වූ නිසා මේ මුදල ප්‍රමාණවත් බව එකල සිතන්නට ඇත . 

අනෙක ලද දෙයින් සතුටු වන්නට අපේ ආගම නිතරම අපට කියා දී ඇති  නිසා සමහර විට අප ඒ ගාස්තුව ප්‍රමාණවත් යැයි සිතන්නට ඇත .


ඊළඟ කොටස හෙටhttps://www.blogger.com/blog/post/edit/5060024932032172786/4259641550090905218

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...