Friday, September 11, 2020

බුදුන්ගේ පාත්‍රය

 

1900 පමණ ලංකාවට පැමිණි සංචාරකයෙකුගේ විස්තරයක්, 

මෙහි බුදුන්ගේ පාත්‍රය ගැන කියවෙන අපුරු විස්තරය නිසා පළකරන්නට සිතුනි.


ඔවුන් ඊළඟට යන්නේ දළදා මලිගවටය. මෙම අගනා දළදාව හාමුදුරුවරුන් ගේ ආරක්ෂාව යටතේ මෙම විහාරයේ තැන්පත් කර තිබේ. ඒ මෙම විහාරය මධ්‍යයයේ වර්ග අඩි 12 ක පමණ ජනෙල් කිසිවක් නොමැති කුඩා කාමරයකය. එම කාමරයට ඇත්තේ කුඩා පටු දොරක් පමණි. මෙහි ඇතුලත වාතාශ්‍රය නොමැති නිසාත් පුජාවට රැගෙන ආ ඔලු නෙලුම් වැනි මල් වර්ග නිසාත් එය ඇතුලත උණුසුම්ය, අර්දතාවයෙන් අධිකය.අමුත්තන් පැමිණෙන විට භික්ෂුන් ද කාමරයට එකතුවෙති.

ඉංග්‍රීසි කතාකල හැකි භික්ෂුවක් ඔවුන්ගේ මාර්ගෝපදේශක ලෙස කටයුතු කළේය. ඔහු වෙනත් භික්ෂූවක යවා කරඬුව සඳහා යතුර ගෙන්වා ගත්තේය. මෙම කරඬුව සීනුවක හැඩය ගත්තේය.එය තබා තිබුනේ හරියටම කාමරය මැද ,රිදී මේසයක් මතය.

කරඬුව ඇතුලත තවත් කරඬුවක් තිබුණි. මෙලෙස එකක් ඇතුලත් එකක් ලෙස කරඬු කිහිපයක් විවෘත කල පසු රන්මුවා නෙලුම් මලක් මත දන්ත ධාතුව තබා තිබුණි. එතැන රැස්ව සිටි භික්ෂුන් මෙයට මහත් ගෞරවයක් දැක්වුහ. ඔවුන් මෙතනට අමුත්තන් පැමිණීමට මහත් කැමැත්තක් දක්වන්නේ ඔවුනටද එවැනි අවස්ථාවල මෙයට ගෞරව දැක්වීමට හැකියාවක් ලැබෙන නිසාය.


“ බුදුන් පිණ්ඩපාතය සඳහා පාවිච්චි කල පාත්‍රයද කලක් මෙලෙස ලංකාවේ ප්‍රදර්ශනය කරමින් තිබී ඇත. සියලුම පිණ්ඩපාතේ යන භික්ෂුන් මෙවැනි පාත්‍රයක් රැගෙන යයි. මෙලෙස ලංකාවේ තිබු පාත්‍රයේ පුදුම සහගත බලයක් තිබුණු බව කියනු ලැබේ. දුප්පත් මිනිසෙකුට එය මල් කිහිපයකින් පුරවන්නට පුළුවන් වුවත් පොහොසත් මිනිසෙකුට එය මල් දස දහසක් දැම්මත් පුරවන්නට බැරිය. එය ජලයෙන්  පුරවා හමුදාවක් පානය කලත් එහි වතුර අවසන් කරන්නට බැරිය. මුස්ලිම් ආගමිකයන් මෙය ආදම් ලංකාවේ ජීවත්වූ කල ඔහුට අයත් වූ එකක් බව කීවහ . මෙය ඉන්දියාව, පර්සියාව,චීනය සහ ටිබෙට් යන රටවල වරින්වර මතුවී දැන් කොහි තිබෙන්නේදැයි සොයාගැනීමට නොහැකි බව කියති.

ඔහු ඔවුනට උදව් කල භික්ෂුනට මුදල් ආධාරයක් දී මාලිගාවෙන් පිටවුහ.

.පසුදින උදෑසන ඔවුහු නුවරඑලිය බලා පිටත්වූහ. ගම්පොළට කෝච්චියේ ගිය ඔවුහු එතැන්සිට අශ්ව කරත්තයකට ගොඩ වුහ. ඔවුහු කුඹුරු, කෝපි වතු සහ පොල් අතු වහල සහිත නිවාස වලින් සමන්විත දේශීය ගම්බිම් පසුකළහ. දේශීය දරුවන් නිර්වස්තරව නමුත් ඉතා සතුටින් මිදුලුවල සෙල්ලම් කරනු ඔවුන් දුටහ. තවත් ටිකක් ඉහලට යනවිට කෝපි වගාව අවසන් වී, තේ වගාව පටන් ගැනුනී.

කෝපි වැවෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 1800 – 4000 දක්වා වන අතර තේ වැවෙන්නේ 4000 සිට 6000 දක්වා උසිනි. තවම ලංකාවේ තේ වැවීම පටන්ගත් අවධියේ වන අතර තවමත් තේ වගාව සාර්ථක වී නැත. වැවීම පටන්ගත් වැවිලි කරුවන්ට එය එතරම් ලාබදායි වගාවක් නොවුනද, ජාවා හි තේ වගාව සාර්ථක වී ඇති නිසා ලංකාවේද දේශගුණය සහ භූ ලක්ෂණ සමාන නිසා තේ මෙහි සාර්ථක විය යුතු යැයි ඔවුන් කියති.

1 comment:

  1. සංචාරකයාට බුදුන්ගේ යැයි පැවසෙන දත පෙන්වන විට එතැනට භික්ෂූන් රැස් න්නේවෙ දක්නට ගෞරව දැක්වීමේ අවස්ථාව ලබා ගැනීමට මෙන්ම සංචාරකයා විසින් දෙන මුදල් ආධාරයෙන් කොටසක් ලබා ගැනීමට ද විය හැකියි නේද?

    ReplyDelete

ගැලිලියෝ ගැලිලි නාට්‍යය - මගේ අලුත්ම පොතෙන් කොටසක්

  ගැලීලියෝ වැනිස් ජන රජය වෙත නව නිපැයුමක් ප්‍රදානය කරයි. නැත්තේය සෑම අතින්ම අවංක මිනිසුන් ශ්‍රේෂ්ඨ ගැලීලියෝ කැමතිය සැප පහසුකම්...