Wednesday, September 30, 2020

ගැලිලියෝ ගැලිලි නාට්‍යය - මගේ අලුත්ම පොතෙන් කොටසක්

 


ගැලීලියෝ වැනිස් ජන රජය වෙත නව නිපැයුමක් ප්‍රදානය කරයි.


නැත්තේය සෑම අතින්ම අවංක මිනිසුන්

ශ්‍රේෂ්ඨ ගැලීලියෝ කැමතිය සැප පහසුකම් වලට 

මෙම දුරේක්ෂය පිළිබඳ සත්‍ය කතාව ඇසූ විට

ඔබ ඔහු ගැන අහිතක් නොසිතන බව අපි දන්නෙමු


වැනීසියෙ වරාය අසල එහි හමුදාවේ ප්‍රධාන ආයුධ ගබඩාව,

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ අනෙකුත් සෙනෙට් සභිකයින් එක් පැත්තකත්, ගැලීලියෝගේ මිතුරු සර්ගේඩෝ, ගැලීලියෝගේ දියණිය වන 15 හැවිරිදි වර්ජිනියා, වෙල්වට් රෙද්දක තැබූ අඩි දෙකක් පමණ දිග දුරේක්ෂය අතින් ගෙන වේදිකාවේ පැත්තක සිටි.
වේදිකාව මැද ගැලීලියෝ සිටින අතර, ඔහුට පිටුපසින් දුරෙක්ෂ සඳහා මේසයද, පැත්තකින් කාච සාදන ඔහුගේ මිතුරු ෆෙඩර්සෝනිද සිටියි.

ගැලීලියෝ :- අතිගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා, ගෞරවණීය අමුත්තනි, ඔබගේ විශ්ව විද්‍යාලෙ ඇදුරෙකු විදිහට සහ ඔබගේ ආයුධ ගබඩාවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතරම, මේ ජන රජය වෙත නොයෙකුත් නව නිපයුම් මගින් යම් ප්‍රයෝජන ලබා දීමට මම නිතරම උත්සාහ කරන බව ඔබ හොඳින් දන්නවා. මම අද ඉතාමත් සතුටින් ඒ වගේම බොහෝ යටහත් පහත්ව එවැනි තවත් නව නිපයුමක් ඉදිරිපත් කිරීමට කැමතියි. එය මෙම ලෝක පූජිත ආයුධ ගබඩාවේම, අතිශය විද්‍යාත්මක සහ ආගමික නීති වලට අනුව, බොහෝ පරීක්ෂණ වලින් පසුව, නිපදවන ලද දුර බැලිය හැකි කණ්ණාඩියක්. මෙය ඔබගේ කීකරු සේවකයාගේ අවුරුදු 17 ක පරීක්ෂණ වල ප්‍රතිඵලයක්.

ගැලීලියෝ :- වේදිකාවෙන් බැස තම මිතුරා වන සෙග්‍රෙඩෝ අසලින් හිටගනී.

අත්පොළසන් හඬ පැතිරෙයි. ගැලීලියෝ ඉදිරියට නැමී එය පිළිගනී.

ගැලීලියෝ :- සෙග්‍රෙඩෝට මුමුණයි - නිකන් කාලය නාස්ති කිරීමක්.

සෙග්‍රෙඩෝ :- ඒ වුනාට ලොක්කා, ඔබට ඔබේ මස් කාරයාගේ බිල ගෙවන්න පුළුවන් වෙයි.

ගැලීලියෝ :- ඔව් මේ උපකරණයෙන් මුදල් ලැබෙයි, - ඔහු නැවත ඉදිරියට නැමී ආචාර කරයි -

උපකුලපති :- වේදිකාවට පැමිණෙයි - අතිගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා ඇතුළු විශේෂ අමුත්තන් ගෙන් අවසරයි, නැවත වාරයක් අද වෙනිසියානු[1] චරිතය ගැන විශේෂ කාරණයක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුනා. - තරමක අත්පොළසන් නාදයක් - ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු විසින් ඔබට කැමති ආකාරයකට නිපදවා විකුණා ගත හැකි උපකරණයක්, අද මෙතනදී ඉදිරිපත් කරනු ලැබුවා, - පෙරට වඩා වැඩි අත්පොළසන් නාදයක් - මෙම උපකරණය මගින් අනාගතයේ ඇතිවන සාගර යුද්ධයකදී සතුරාගේ නැව්‍වල ප්‍රමාණය සහ ඒවායේ වර්ග, ඔවුන්ට අපේ යුධ නැව් දකින්නට පැය දෙකකට කලින් දැක ගන්නට පුළුවන්, එම දැනුමෙන් අපිට පුලුවන් අප සතුරාට මුහුණ දිය යුතුද, එසේත් නැත්නම් එතනින් පලා යා යුතුද යන්න තීරණය කිරීමට. - තද අත්පොළසන් නාදයක් -

මහත්වරුනී, දැන් ගැලීලියෝ මහත්මයා ඔබෙන් ඉල්ලා සිටිනවා, අප ආයතනයට මහත් ගෞරවයක් වන මෙම උපකරණය ඔහුගේ දියණියගේ අතින් පිළිගන්න කියා.


සංගීතය පැතිරෙයි: ඉදිරියට පැමිණ නැමී ආචාර කර, දුරේක්ෂය උපකුලපතිවරයාට පිළිගන්වයි. ඔහු එය ෆෙඩර්සෝනි වෙත ලබා දෙයි. ෆෙඩර්සෝනි එය රැගෙන ආධාරක මත සවි කරයි. මහෙස්ත්‍රාත්තුමා සහ සෙනෙට් සභිකයන් පැමිණ එය තුලින් පිටත නිරීක්ෂණය කරති.

ගැලීලියෝ :- හෙමින් කතා කරයි - මට මේ කානිවල් එක අවසන් වෙන තෙක් මෙහි ඉන්නට ප්‍රමාණවත් තරම් ඉවසීමක් තිබේ කියලා මම හිතනවා, මේ මිනිසුන් හිතනවා මේක ලාභ ලැබිය හැකි සෙල්ලම් බඩුවක් කියලා, නමුත් එය තුල ඊට වඩා බොහෝ යමක් තිබෙනවා. මම මේක ඊයේ රෑ හඳ වෙතට යොමුකලා.

සර්ගේඩෝ :- මොනවද ඔබ දුටුවේ.

ගැලීලියෝ :- හඳේ කිසිම ආලෝකයක් නිපදවෙන්නේ නැති බව.

සග්‍රෙඩෝ :- මොනවා.

සෙනෙට් සභිකයෙකු :- ගැලීලියෝ මහත්මයා මම මේකෙන් දැක්කා සැන්ටා රොසිටා බල කොටුව, එහි පිටත පාවෙන බෝට්ටුවක මිනිස්සු දවල්ට කෑම කනවා, බැඳපු මාළු, මගේ කටට කෙළත් ඉනුවා.

ගැලීලියෝ :- මට කියන්නට පුළුවන් තාරකා විද්‍යාව අවුරුදු දහසක් පමණ මේ විදිහට එකතැන පල්වුනේ මේ වගේ දුරේක්ෂයක් නැති නිසා කියලා.

සෙනෙට් සභික :- ගැලීලියෝ මහත්මයා!

සග්‍රෙඩෝ :- ඔවුන් ඔබට කතා කරනවා.

සෙනෙට් සභිකයෙක් :- මේකෙන් දුර පෙනෙනවා හොඳටම වැඩියි, මම මගේ ගෙදර ඉන්න කාන්තාවන්ට කියන්න ඕන, ආයෙ වහලය උඩ ස්නානය කරන්න එපා කියලා.

ගැලීලියෝ :- ඔබ දන්නවද මිල්කි වේ එක හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා.

සග්‍රෙඩෝ :- නැහැ.

 

සෙනෙට් සභිකයෙකු :- මේ උපකරණ ලේසියෙන්ම ස්කූඩි[2] 10 කට විකුණන්න පුළුවන් ගැලීලි මහත්මයා.

ගැලීලියෝ :- ඉදිරියට නැමී ආචාර කරයි.

වර්ජිනියා :- ගැලීලියෝ හමුවට ලුඩොවිකෝ රැගෙන එයි. ඔහුට ඔබට සුභ පතන්නට ඕනෑලු.

ලුඩොවිකෝ :- ලැජ්ජාවෙන් මෙන් මම ඔබට සුභ පතනවා මහත්මයා.

ගැලීලියෝ :- මම ඒක තරමක් දියුණු කළා.

ලුඩොවිකෝ :- ඇත්තෙන්ම මාත් එය දැක්කා ඔබ එහි කවර රතුපාටින් සාදා තිබෙනවා, ඕලන්දයේ කවරෙ කොළ පාටයි.

ගැලීලියෝ :- සග්‍රෙඩෝ ඒ දෙසට හැරෙමින්. මම මේ කල්පනා කලේ මේ උපකරණය යොදා ගෙන මට යම් න්‍යායක් ඔප්පු කරන්න පුළුවන්ද කියලා.

 

සග්‍රෙඩෝ :- කරන දෙයක් ප්‍රවේශමෙන්.

උපකුලපති :- ඔබ ඉල්ලූ ස්කූඩි 500 නම් හරි වගේ, ගැලීලියෝ මහත්මයා, ගැලීලියෝ ඔහු ගණන් නොගෙන, ඇත්තටම මම කල්තියාම උපකල්පන කිරීමට කැමති නැහැ.

තරබාරු සිරුරක් සහිත කරුණාවන්ත පෙනුමක් ඇති, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගැලීලියෝ වෙතට පැමිණේ. මවාගත් ප්‍රෞඪ කමකින් ගැලීලියෝට කතා කරන්නට උත්සාහ කරයි.

උප කුලපති :- ගැලීලි මහත්මයා, අති ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා, ගැලීලියෝ මහෙස්ත්‍රාත්තුමාට අත දෙයි.

ගැලීලියෝ :- ඔබ තුමා සෑහීමකට පත් උනාද?

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා :- අපේ නගරයේ ප්‍රධාන පුරවැසියන්ට අපගේ විද්‍යාඥයන්ට ගැලපෙන වැටුපක් ගෙවීමට එකඟ වීමට හේතුවකුත් අවශ්‍යවීම අවාසනාවට කාරණයක්.

උපකුලපති :- ඇත්තෙන්ම ඔබට මහන්සි වී වැඩ කිරීමට පොළඹ වීමට තවත් හේතු තිබිය හැකිද, ගැලීලි මහත්මයා.

මහෙස්ත්‍රාත්තුමා :- සිනහ වෙමින්, අපිට එයට පිටතින් පෙනෙන ලෙසට හේතුවක් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා සහ උප උපකුලපතිවරයා ගැලීලියෝව සෙනෙට් සභිකයින් වෙතට කැඳවාගෙන යයි. වර්ජිනියා සහ ලුඩොවික් එතැනින් ඉවතට යයි.

වර්ජිනියා :- මා එතනදී හැසිරුණ විදිය හොඳයිද?

ලුඩොවික් :- මට පෙනුන විදියට නම් වරදක් නැහැ

වර්ජිනියා :- එහෙනම් මොකද මූණ නරක් කරගෙන ඉන්නේ,

ලුඩොවික් :- විශේෂ දෙයක් නෙමේ, හැබැයි දුරේක්ෂය කවරේ කොළ පාටට තිබ්බ නම් හොඳයි කියලා හිතෙනවා.

වර්ජිනියා :- මට හිතෙනවා ඔවුන් සියලු දෙනාම මගේ පියා ගැන සතුටු වුනා කියලා.

ලුඩොවික් :- මට හිතෙනවා මම දැන් විද්‍යාව ගැන ටිකෙන් ටික තේරුම් ගන්නවා කියලා.

 

 

 

 

 



 

 

ගැලීලියෝ :- ඔබ තුමා සෑහීමකට පත් උනාද?


ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා :- අවාසනාවන්ත විදිහට අපේ නගරයේ ප්‍රධාන පුරවැසියන්ට, අපගේ විද්‍යාඥයන්ට වැටුප් වැඩිකිරීමට එකඟ වීමට පිටතින් පෙනෙන හේතුවකුත් අවශ්‍ය වෙනවා.

උපකුලපති :- ඇත්තෙන්ම ඔබට මහන්සි වී වැඩ කිරීමට පොළඹවන වෙනත් හේතු තිබිය හැකිද, ගැලීලි මහත්මයා.

මහෙස්ත්‍රාත්තුමා :- සිනහ වෙමින්, අපිට එයට පිටතින් පෙනෙන ලෙසට හේතුවක් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත් තුමා සහ උප උපකුලපතිවරයා ගැලීලියෝව සෙනෙට් සභිකයින් වෙතට කැඳවාගෙන යයි. වර්ජිනියා සහ ලුඩොවික් එතැනින් ඉවතට යයි.

වර්ජිනියා :- මා එතනදී හැසිරුණ විදිය හොඳයිද?

ලුඩොවික් :- මට පෙනුන විදියට නම් හොඳයි,

වර්ජිනියා :- එහෙනම් මොකද මූණ නරක් කරගෙන ඉන්නේ.

ලුඩොවික් :- විශේෂ දෙයක් නෙමේ, හැබැයි දුරේක්ෂයේ බටේ කොළ පාටට තිබූනනම් හොඳයි කියලා හිතෙනවා.

වර්ජිනියා :- මට හිතෙනවා ඔවුන් සියලු දෙනාම මගේ පියා ගැන සතුටු වුනා කියලා.

ලුඩොවික් :- මට හිතෙනවා මම දැන් විද්‍යාව ගැන ටිකෙන් ටික තේරුම් ගන්නවා කියලා.

 

 

 



[1] ඉතාලියේ වැනිස් නගරහි පුරවැසියන්

[2] එකල ඉටාලියේ මුදල් ඒකකයක්

2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...