Friday, December 13, 2019

ලෙමන් ගෙඩියට කල අසාධාරණය





මේ ලඟකදී මම ලෙමන් ගසක් පිළිබඳව යම් පොස්ට් එකක් දැමුවෙමි. එයට ලැබුණු කමෙන්ට් අතර මගේ මිත්‍ර එශාන්ත සිල්වා, එක්දාස් නවසිය  හැටගනන්වල  ‘පීටර් පෝල් සහ මේරි’ ගයන මෙම ගීතයේ ලින්ක් ඒක දමා තිබුණි. එය එතරම්ම ලස්සන නිසා එම ගීතය පරිවර්තනය කර පලකරන්නට  සිතුන මුත් මෑතක් වනතුරු ලෙමන් ගෙඩියට සිදුවී ඇති අසාධාරණය දැක ලෙමන්  වවන්නෙක් ලෙස බොහෝ කම්පාවට පත්වුනෙමි.
එකල ලෙමන් කොතරම් පහත ආකාරයෙන් සලකා තිබේදැයි මෙම ගීතයෙන් පෙනේ. සමහරවිට ඒ දොඩම් හා සසඳන කල ඒවායේ ඇති ඇඹුල් රසය නිසා විය යුතුය. ලෙමන් පහත තත්වයෙන් සැලකීම කොතරම් තදින් සිදුවීද යත් යම් වැඩකට නැති කෙනෙකුට හෝ දෙයකට ‘ලෙමන්’ යනුවෙන් කීමට ද ඇමෙරිකානුවන් පුරුදු විය.
නමුත් දැන් තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. දැන් මිනිස්සු ලෙමන් හොයා හොයා පානය කරති. ඒ ඒවායේ ඇති බව සැලකෙන  ශරීර සෞඛ්‍යට හොඳ යම් ලක්ෂණ නිසාය.


මට අවුරුදු දහයක් පමණ කාලයේ
කිවේය වරෙක  මගේ පියා  මට
"
එන්න මේ ලස්සන ලෙමන් ගස ළඟට,
ඉගෙන ගන්න එයින් පාඩමක්"
"
එපා කිසිදාක ආදරය විස්වාස කරන්න මගේ පුතා”
කීවේය මගේ පියා මට
"
ඔබට දවසක තේරෙයි ආදරයත් ලෙමන්  ගසක් වගේ කියා"


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය හැඩයි ඊටත් වැඩිය
නමුත් පල, ඒ දුප්පත් ගසේ,
තබන්නටවත්,  බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ,
තබන්නට බැරිය කටේ කිසි ලෙස


දවසක ඒ ලෙමන් ගස සෙවනේ
වැතිරී සිටියෙමු මමත් මගේ ආදරවන්තියත්
ඇය කොතරම් ලස්සනද කීවොත්
තරු පිපෙයි සිනාසෙන විට ඈ.
ඒ වසන්තය ගෙවූවෙමු අපි
මුසපත් වී ආදරයෙන්, ඒ ලෙමන් ගස යට
සංගීතයෙන් ඇගේ සිනහවේ, යටපත්විය පියා දුන්  උපදෙස


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස


අඳුරෙහි හෙලා මා දවසක
ඇය ගියාය නොකියාම මට
තේරුම් ගත්තෙමි ඒ අඳුරේ සිටම
ඇය නොකියා ම ගියේ ඇයි කියා.
ගොස් ඇත ඇය වෙනත් තරුණයෙකු සමගින්.
මෙය බොහෝ තැන ඇසුනත්  කතාවකි එය සත්‍ය
සොවින් තැවෙන නමුත් දැනුමෙන් වැඩි කෙනෙකු ලෙස
මම දැන්  ගයන්නෙමි මේ ගීතය


හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

හරිම ලස්සනයි නේද ලෙමන් ගස
එහි පුෂ්පය ඊටත් වඩා හැඩයි
නමුත් පල ඒ දුප්පත් ගසේ
තබන්නට බැරිය කටේ කිසි ලෙස

No comments:

Post a Comment

My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...