Tuesday, October 1, 2019

2 මගේ දඹදිව සංචාරය 2 ; ත්‍රාසය බිඳක් එකතුකිරිම


https://lakshmanillangakoon.blogspot.com/2019/09/1.html

සිට
එම මුදලද ගෙවීමෙන් පසු අපට ඉන්දියාවට ඔන්ලයින් වීසා සෑදීම සඳහා 2ෆොටෝ දෙකක් රැගෙන ඊමේල් කරන ලෙසටද, ඒවායේ hardcopy දෙකක් ගමන යාමට එන විට නේපාල වීසා සඳහා රැගෙන ලෙසද දන්වන ලදී.
අනෙක් දෙදෙනා මහනුවර ලක්ෂ්මන් ස්ටුඩියෝ එකට ගොස් ෆොටෝ අරගෙන ස්ටුඩියෝ එකෙන් මා වෙත ඊමේල් කරවන ලද අතර, මට ෆොටෝ ගැනීම සඳහා පමණක් මහනුවරට යාමට කම්මැලි සිතුනි.
ඒ සඳහා මීට පෙර ගත් ෆොටෝ එකක් කොහේ හෝ computer එකේ තිබේදැයි සොයා බැලූ නමුත් නොමැති නිසා, මේ සඳහාම නගරයට යන්නට සිදුවන බව සිතෙන විට කම්මැලියාට දිවැස් තිබෙන බවට අප කුඩා කල අසා ඇති කතාව මට පිහිටට පැමිණියේය.
අපේ ගෙදර සුදුපාට බිත්තියක් ඇති තැනක් හොයාගෙන, මම මුලින්ම බිරිඳ එම පසුබිමේ තබා ගෙන දුරකථනයෙන් ෆොටෝ එකක් ගත්තෙමි. ඇයට කියා මගේ එකක්ද ගත්තෙමි.
පාස්පෝට් ෆොටෝ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන, free trial එකකින් මෙම පොටෝ මනරම් ලෙස දාගෙන lakshman studio එකේ ෆොටෝ දෙකක් සමග සසඳා බැලු වෙමි. ලොකු වෙනසක් පෙනෙන්නට නොමැත.
මේ හතර වහාම ආයතනය වෙත ඊමේල් කර යැව්වෙමි. නුවර වැඩ කරන මගේ මිතුරෙකු lakshman ස්ටුඩියෝ එකට යවා ඔවුනට කතා කර, අපි බිත්තියට හේත්තු වී ගත් ඡායාරූප ඔවුනට මේල් කර hardcopy දෙක බැගිනුත් ලබා ගත්තෙමු. රුපියල් පන්සියයක පමණ ඉතිරියකි.
අපට යාමට තිබුණේ අඟහරුවාදා දිනයකය.
ඊට කලින් සතියේ බ්‍රහස්පතින්දා උදේ වරුවේ මට සංචාරක සමාගමෙන් දුරකථන පණිවුඩයක් ලැබුණි. එයින් කියවුනේ මගේ online වීසා එකේ application එක ප්‍රතික්ෂේප වී ඇති බවයි. මට එම ඔන්ලයින් වීසා එකේ online visa application එකේ පිටපතක්ද එවා තිබුණු අතර, මම එයත් රැගෙන ලක්ෂ්මන් studio එකට ගොස්, මා කලින් ඊමේල් කළ ඡායාරූප පිටපත් දෙකද රැගෙන මහනුවර ඉන්දියානු විසා කාර්යාලයට ගියෙමි. ගොපල්ලව මාවතේ පිහිටි එම කාර්යයට මා යන විට දවල් 12.30 වූ අතර, ඔවුන් වීසා අයදුම්පත් භාර ගන්නේ 13.00 වෙන තුරු පමණි.
එම වීසා කාරයාලය පුද්ගලික එකක් වන අතර, එහි ශාලාවේම පිටුපස කොම්පියුටර් එකකුත් තබාගෙන සිටින තරුණයෙකු ගෙන් මා මේ පිළිබඳව ඇසූ විට, ඔහු මා පහල තට්ටුවට රැගෙන ගොස් තවත් තරුණියන් හතර පස් දෙනෙකු වැඩ කරන කුඩා කාර්යාලයකට රැගෙන ගියේය. එහිදී මගේ ප්‍රතික්ෂේප වුණු ඇප්ලිකේෂන් එකේ විස්තර බලා ගෙන, අලුතෙන් download කරගත් ඇප්ලිකේෂන් එකක් තරුණියක විසින් පුරවන ලද අතර, ඒ සඳහා මගෙන් රූපයත් රුපියල් 350 ක මුදලක් අය කරන ලද්දේය.
මම එයත් රැගෙන ආපසු වීසා කාර්යාලට දිවයන විට යන්තම් එක පසුවී තිබුණද, එම කාර්යාලයේ නිලධාරීන් සිනහමුසු මුහුණින් මගේ අයදුම්පත භාර ගත්තහ. වීසා ගාස්තුව සහ කුරිය කිරීමේ ගාස්තුව ලෙස මට රුපියල් 5800 ගෙවන්නට සිදු විය. මගෙ විසා එක අඟහරුවාදා උදේ එනම් ගමන යාමට තිබෙන දින නිවසටම ලැබෙන බව ඔවුන් කියා සිටියහ.
මා ආපසු ගෙදර පැමිණි විට අප සමග යන්නට සිටින අනෙක් ජෝඩුවේ පිරිමියාගේ අයදුම්පතද, මගේ එක ලෙසටම ප්‍රතික්ෂේප වී ඇති බව මට දුරකථනයෙන් දැන ගන්නට ලැබිණ. පසු දින සිකුරාදා පොහොය දිනයක් වූ අතර, ඊට පසුව පැමිණෙන්නේද සතිඅන්තයයි.
අප සියලු දෙනාම තිගැස්සීමකට ලක් වූවෙමු. වාසනාවකට තානාපති කාර්යාල නිවාඩු ගන්නේ, ඔවුන් වාසය කරන රටේ කැලැන්ඩරයට අනුව නොව  ඔවුන්ගේ මුල් රටේ කැලැන්ඩරේට අනුවය.

ඒ නිසා පසුදින පොහොය දිනයක් වුවත්, මෙම කාර්යාලය වැඩ කරන බව දැනගන්නට ලැබිණ. ඔහු සිකුරාදා එම කාර්යාලයට ගොස් අයදුම් පත් භාර දුන් අතර, ඔහුට අඟහරුවාදා ඒ කියන්නේ අප ගුවන්ගත වීමට සිටින දිනයේම, හවස පහට පැමිණ ඔහුගේ ගමන් බලපත්‍රය ලබාගන්නා ලෙස දන්වනු ලැබිණි. අපට නුවරින් පිටත් වෙන්නට තිබින්නේ හවස හතටය. වීසා එක ලැබෙන්නේ
හවස පහටය. ඒකත් හරියටම ලැබෙයි දැයි විශ්වාසයක් නැත. ගමනකට ත්‍රාසය එකතු කරන්නේ මේ ආකාරයටය.  
ඊළඟ බ්ලොග් එක 
https://lakshmanillangakoon.blogspot.com/2019/10/3-3.html

5 comments:

  1. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුනේ ඇයි?

    ReplyDelete
  2. තානාපති කාර්යාල වලට ඔවුන්ටම විශේෂිත නිවාඩු කැලැන්ඩරයක් ඇත. එය ඔවුන්ගේ මුල් රටේ සහ වාසය කරන රටේ යන දෙකෙහිම නිවාඩුවලින් කොටස් ඇතුළත්ය. ලබා ගත හැකි ප්‍රසිද්ධ නිවාඩු උපරිම ගණන බොහෝ විට 14 ක් වුවද රටින් රටට එය වෙනස් වේ. එබැවින් පොහොය නිවාඩුවලට කාර්යාලය වැසීමේ හැකියාවක් නොමැත.

    ReplyDelete
  3. තනියම ගිහින් පොදු ප්‍රවාහනය යොදාගන ඇවිදින එක බයානකද?

    ReplyDelete
    Replies
    1. ඉතාමත් දුෂ්කර වෙයි, විශේෂයෙන් ඉන්දියානු පොදු ප්‍රවාහන පද්ධතිය බොහොම දුර්වලයි, අනික බෞද්ධ සිද්ධස්ථාන තිබෙන්න ප්‍රධාන නගර වලින් ඉවත්ව සහ ඉතාමත් නොදියුණු ප්‍රදේශවල නිසා

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...